නැති වුණොත් මට විතරයි රැකගත්තොත් මුළු ලංකාවටමයි

ජී. පේ‍්‍රමින්

ලෝකයේ සෑම රටකම, තම රටට, ජාතියට, ආවේණිකව විවිධ සංස්කෘතියක් ඇත. අපටද එවන් සංස්කෘතියක් ඇති අතර එය වසර දෙදහසක් ඉක්ම ගිය ප්‍රෞඪ සංස්කෘතියකි. මෙම සංස්කෘතියේ කලාවට හිමිවන්නේ ඉතාම උසස් ස්ථානයකි.
ඕනෑම කලාවකට වේවා එසේත් නොමැති නම් වෙන මොනයම් ශිල්පයකට ශාස්ත‍්‍රයකට වේවා ඉතිහාසයක් පුරාවෘත්තයක් රූකඩ නාට්‍ය කලාව සම්බන්ධයෙන්ද ඇත. විශ්වීය කලාවන් අතර අංශු මාත‍්‍රයක් ලෙස රූකඩ නාට්‍ය කලාව, හඳුනාගෙන ඇති අතර නූල් රූකඩ කලාව හෙවත් අපේ රූකඩ නාට්‍ය කලාව ඉන් එක ප‍්‍රභේදයකි.
රූ-ක-ඩ යන්නට බොහෝ විද්වතුන් විවිධ අර්ථකථන දී ඇත. එහෙත් මම මගේ බාසාවෙන් කියන්නේ ශිල්පියා සැඟව ශිල්පය ඉදිරිපත් කිරීමේ කලාව රූකඩ නාට්‍ය කලාව බවයි.

රූකඩ නාට්‍ය කලාව ගත් කල ඊට ශිල්පයේ දායකත්වය අඩකි. අනික් අඩ සම්පූර්ණ කරන්නේ ශිල්පියා හෙවත් රූකඩ රඟදක්වන්නා විසිනි. රූපයකින් අඩක් (කඩක්* රූ -කඩක්ය අරුතින් රූකඩ වී ඇති මෙම අජීවී වස්තුව ප‍්‍රධාන වශයෙන් කදුරු දැවයෙන් කොටස් වශයෙන් කපා එකිනෙකට යාකොට, සායම් ආලේප කර රංග වස්ත‍්‍රාදියෙන් හැඩකොට අවශ්‍ය පරිදි නූල්ගෙන සකස් කරගන්නා ලද සත්ව හා මිනිස් ඉරියව් ඉදිරිපත් කිරීම් සඳහා සජීවීකරණය කිරීමක් වශයෙන් රූකඩ රංගන හඳුනාගන ඇත. ලෝකයේ රටවල් සියයකට ආසන්න ප‍්‍රමාණයක විවිධ ආකාරයෙන් රූකඩ නාට්‍ය කලාව පවතින අතර ඒ ඒ රටවල භාවිත වන භාෂාව අනුව රූකඩ සඳහාද විවිධ නම් භාවිත කෙරේ.

ලංකාවේ විවිධ පළාත් විවිධ දේට ප‍්‍රසිද්ධය. අම්බලන්ගොඩ ප‍්‍රසිද්ධව ඇත්තේ රූකඩ කලාව සඳහාය. ඒ නිසාම එය අම්බලන්ගොඩ රූකඩ ලෙස නම් දරා ඇත. ජන කවිය එය මෙසේ කවියට නංවා ඇත.
හම්බන්තොටින් සපයයි ලක්දිවට ලූණු
කොස්ගොඩගමේ අඹරයි කොහුවලින් ලණු
අකුරල ගමින් සපයයි ලක්දිවට හුනු
රූකඩ අම්බලන්ගොඩ දැක සිනහ සෙනු
කරුණු කාරණා එසේ වුවද මේ වනවිට රූකඩ කලාවේ නිරත සියලූ කලාකරුවන් මැතිවරණ කොට්ඨාස වශයෙන් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වශයෙන් බලපිටියට අයත්වීමද සැලකිල්ලට ගතයුතු තවත් කරුණකි.

ශ‍්‍රී ලංකාවේ සියලූ කලා ශිල්ප ගත් කල උඩරට, පහතරට සබරගමුවේවා මුළු තුන් හෙළයේ සියලූ කලා ශිල්ප ගත් කල ඒ සඳහා වෙන් වෙන් වශයෙන් ගුරුකුල ඇතත් රූකඩ නාට්‍ය කලාව සඳහා ඇත්තේ එකම එක ගුරු කුලයකි. ඒ අම්බලන්ගොඩ. (රන්දොඹේ) කන්දෙගොඩ ගම්වාසී පොඩි සිරිනා ගුරුපරපුරයි. පියමුතු පරපුරෙන් එතෙක් රැුකගන ආ රූකඩ කලාව නව ආරකට ගෙනඑමින් මහා යුග මෙහෙවරක් කිරීම නිසා බොහෝ විද්වතුන්ගේ අදහස රූකඩ නාට්‍ය කලාවේ වත්මන් පුරෝගාමියා පොඩි සිරිනා බවයි. තරුණ පොඩිසිනාගේ කාලය වනවිට රූකඩ කලාව පැවත ඇත්තේ පහතරට බෙර- තාලම්පට භාණ්ඩ වශයෙන් භාවිත කොට කවි නාඩගම් වශයෙනි. මෙම ක‍්‍රමය වෙනස් කරමින් කවි නාඩගම වෙනුවට ගී සින්දු ඇතුළත් නාඩගම් කලාවක් නිර්මාණය කළේය.

නාඩගම් කලාව අපට ලැබෙන්නේ උතුරු ඉන්දියාවෙනි. දෙමළ බෙර (මද්දල) යුගලය තාලම්පට, මෙහි සංගීත භාණ්ඩ විය. ශ‍්‍රැති භාණ්ඩ කිසිවක් මෙහි නොවූ අතර අපේ හොරණෑව මීට ඇතුළත් කොට එය දේශීය ආරකට හැරවීය. මෙමගින් විවිධ නාඩගම් රූකඩ මගින් ඉදිරිපත් කළ අතර දේශීය නාඩගම් කලාවේ නිර්මාතෘවරයා ලෙස විරුදාවලිය ලත් පිලිප්පු-සිංඤො ගුරුතුමා විසින් රචනා කොට, මුද්‍රණය කරන ලද විවිධ නාඩගම් මෙමගින් ඉදිරිපත් කොට ඇත. මෙතුමා විසින් රචනා කොට මුද්‍රණය කරන ලද ඇහැළේපොළ නාඩගමේ වසර 100-ඉක්මවා ගිය පොඩිසිරිනාගෙ භාවිතයේ තිබූ පිටපතක් තවමත් මා සන්තකයේ තිබේ. ඒ සමගම තිබූ එම නාඩගම්මෙ තවත් කොටසක් මවිසින් කොග්ගල පිහිටි මාර්ටින් වික‍්‍රමසිංහ ජන කලා කෞතුකාගාරයට පරිත්‍යාග කළෙමි.

ශ‍්‍රී ලංකාවේ රූකඩ නාට්‍ය කලාව සම්බන්ධයෙන් විමසීමේදී සිංහලෙන් රූකඩ යන පදය ඉංග‍්‍රීසියෙන් ඡුමචචැඑ යන වචනය සම්බන්ධ කර අර්ථ නිරූපණය කර තිබෙනු 1830 ලියූ පොතපත මගින් පැහැදිලිව හඳුනාගත හැකි නිසාත් එකල ඉංග‍්‍රීසි පුවත්පත්වල රූකඩ කලාව පිළිබඳ විග‍්‍රහ කර තිබූ නිසාත් එවකට රූකඩ නාට්‍ය කලාව ජනප‍්‍රියත්වයක් හිමිකරගෙන තිබූ බවත් පැහැදිලිය. මෙසේ පැවති රූකඩ නාඩගම් කලාවට නවීන අංගෝපාංග එකතු කරමින් එය සප‍්‍රාණික කරන ලද්දේ අම්බලන්ගොඩ පොඩි සිරිනා ගුරුන්නාන්සේගේ ප‍්‍රධානත්වයෙන් යුත් දක්ෂිණ ලංකා රූකඩ කණ්ඩායමෙන් පසුව බව කිව යුතුය. (උපුටා දැක්වීම මහාචාර්ය තිස්ස කාරියවසම් රෑ 10 වැඩසටහන ජාතික රූපවාහිනිය 2006-06-25)

පොඩිසිරිනාගේ ප‍්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායම දයනේරිස් ඕදිරිස් මානිස් වෛද්‍ය සර්නේලිස් සිම්චෝරිස් ගුණසිංහ චාර්ලිස් පුතුන් දෙදෙනා වන ඩැනියෙල්-ජේමිස් ඇතුළුව සංදර්ශනය අදාළ විවිධ කටයුතු සඳහා දක්ෂ ශිල්පී කණ්ඩායමක් විය. එකල අද මෙන් සංදර්ශන ඉදිරිපත් කිරීම සඳහා ශාලා රඟහල් නොවීය. උණ ගස් පුවක් ගස් ආධාර කොට පොල්අතු ආවරණ කොට, මෙම තාවකාලික රඟහල් තනාගත් අතර විදුලිය ශබ්දවාහිනියද නොවීය. එහෙත් මේ කිසිවක අඩුපාඩුවක් අතීතයේ ශිල්පීන්ට මෙන්ම පේ‍්‍රක්ෂකයන්ටද නොවීය. අතිවිශාල පේ‍්‍රක්ෂක එකතුවක් සහිත විශාල රඟමඩල අභිමුවෙහි බොහෝ ඈතකට ඇසෙන සේ දෙබස් කීමට හා ගී ගැයීමට අපූරු හැකියාවක් දස්කමක් එකල මෙහි නිරත කලාකරුවන් සතුව තිබිණි.

බි‍්‍රතාන්‍ය පාලනය පැවති 1922 වසරේදී ශ‍්‍රී ලංකාවට පැමිණි බි‍්‍රතාන්‍ය රජ පවුලේ වේල්ස් කුමරු ඇතුළු දූත පිරිස සඳහා කොළඹ බගතලේ වලව්වේදී පොඩිසිරිනා ප‍්‍රමුඛ කණ්ඩායම ඉදිරිපත් කළ රූකඩ සංදර්ශනය නරඹා ඉමහත් සතුටට පත් වේල්ස් කුමරු රන් පදක්කමක් හා රුපියල් 500/-ක මුදල් ත්‍යාග පොඩි සිරිනා වෙත ප‍්‍රදාන කොට ඇත. රුපියල් 500/- යනු එකල ලොකු මුදලකි. මෙම සිද්ධියෙන් පසු ගැමි රඟමඬලට පමණක් සීමාව රූකඩ කලාව ගමින් නගරයටත් දේශීය මෙන්ම විදේශීය ප‍්‍රභූවරුන්ටද දැක බලාගන්නට අවස්ථාව උදාවිය. එපමණක් නොව රූකඩ නාට්‍ය කලාවද මෙම සිද්ධිය නිසා වෙනසකට පත්විය. රූකඩ කලාව සඳහා ලද ප‍්‍රථම සම්මානය රන් පදක්කමක්වීමත්, එය ශ‍්‍රී ලංකාව පාලනය කරන බි‍්‍රතාන්‍ය රජ පවුලේ කුමරකු අතින් ලැබීමත් එපමණක් නොව එම රංගනය මුල සිට අග දක්වාම, සිංහලෙන් ඉදිරිපත් කළ සිංහල කලාවක්වීමත් යන මෙම සිද්ධීන් නිසා පොඩිසිරිනා කලාකරුවා දේශීය රූකඩ නාට්‍ය කලාවේ පුරෝගාමියා විය. රන් පදක්කම දිනාගැන්මෙන් අතිශය කීර්තියට පත් මෙම රූකඩ නාට්‍ය කලාව 1922 පටන් අඛණ්ඩව පුරා වසර 16ක් මහනුවර ඇසළ පෙරහැර සමයේ රඟදක්වා ඇත.
යුගයෙන් යුගයට පරපුරෙන් පරපුරට වෙනස්වෙමින් ඉදිරියට ආ රූකඩ කලාව අදවන විට නාට්‍ය කලාවක් බවට පරිවර්තනයව ඇත. සජීවී ශිල්පීන් වේදිකාවේ ඉදිරිපත් කරන නාට්‍ය එකතැන එක් දිනක දර්ශන වාර දෙකක් හෝ තුනක් පමණක් ඉදිරිපත් කරන අතර රූකඩ නාට්‍ය එක් දින දර්ශන වාර කීපයක් බැගින් දින කීපයක් නොව සති කීපයක් එකම තැන එකම වේදිකාවේ ඉදිරිපත් කොට ඇත. මෙමගින් ජාතක කතා, ආගමික කතා, ඓතිහාසික මෙන්ම ජනකතා ද වේ. මේ අතර විවිධ කටයුතු සඳහා ආධාර ලබාගැනීමට රූකඩ නාට්‍ය කලාව කර ඇති කාර්යභාරය අතිවිශාලය. ඇතැම් නාට්‍ය ප‍්‍රසංග 50 වැනි 100 වැනි වාර සම්පූර්ණ කර එය සැමරීමට විශාල ලෙස උත්සව පවත්වන අතර වසර ගණනාවක් තිස්සේ ගැන නිමකර ගන්නට බැරිතරම් දර්ශන ඉදිරිපත් කළ රූකඩ නාට්‍ය කිසිදිනක එවැන්නක් පවත්වා නැත.
1995 වසරේ එවකට සංස්කෘතික අමාත්‍ය ගරු ලක්ෂ්මන් ජයකොඩි ඇමතිතුමා විසින් දේශීය රූකඩ නාට්‍ය කලාව රැුකගැන්ම සඳහා කලා මණ්ඩලය යටතේ රූකඩ නාට්‍ය අනුමණ්ඩලය පිහිටුවනු ලැබීය. එතෙක් කිසිදු රාජ්‍ය අනුග‍්‍රහයක් නොලද රූකඩ නාට්‍ය කලාව යහපත් කාලයක් උදාවනු ඇතැ’යි රූකඩ කලාකරුවන් මහත් බලාපොරොත්තු ඇති කර ගත්තද එය දිගු කලක් පවත්වාගෙන යෑමට අවස්ථාව නොවීය. පැවති රජය වෙනස්ව පත්වූ රජයේ කලා මණ්ඩලයට පත්ව ආ මහාචාර්යවරයා විසින් දහසයක්වූ අනුමණ්ඩල කපා කොටා හතරට බැස්සවීය. රූකඩ නාට්‍ය අනුමණ්ඩලය සහමුලින්ම කප්පාදු විය. ඒ නිසා රූකඩ නාට්‍ය කලාව සඳහා සුළු වශයෙන් හෝ යමක් කිරීමට තිබුණු රාජ්‍ය අනුග‍්‍රහය නැත්තටම නැතිවිය. රූකඩ නාට්‍ය කලාව සඳහා අනුමණ්ඩලයක් නොමැති කාලයේ මෙන්ම අනුමණ්ඩලය ලැබීමෙන් පසුත් නැවත එය අහෝසිවීමෙන් පසුත් ඒ ගැන කම්පා නොවී රූකඩ කලාවේ නිරත හැමදෙනා තම තමන්ගේ ශක්ති පමණින් රූකඩ කලාව අත්නොහැර පවත්වාගෙන ඒම ගැන ඒ සැමට මගේ ගෞරව ප‍්‍රශංසාව පුද කරමි.

ලෝක රූකඩ නාට්‍ය දිනය

ලෝකයේ සැමරිය යුතු විවිධ කටයුතු සඳහා දිනයන් ඇත. රූකඩ නාට්‍ය කලාව සඳහාද එවන් දිනයක් ඇත. ඒ සෑම වසරකම මාර්තු 21 වැනි දිනට යෙදී තිබුණද එය සුනාමි ව්‍යසනයෙන් මුහුදුබත්වූ ලංකාවේ ප‍්‍රථම රූකඩ කලා කෞතුකාගාරය 2004දී අම්බලන්ගොඩ පිහිටුවා ගන්නා තෙක්ම ශ‍්‍රී ලංකාවේ කිසිවකුත් දැන සිටියේ නැත. වෙබ් අඩවිය හරහා ලෝක රූකඩ නාට්‍ය දිනය සොයා ගනිමින් ශ‍්‍රී ලංකාවේදී ප‍්‍රථමවරට ලෝක රූකඩ නාට්‍ය දිනය සැමරීමේ අවස්ථාව මට ලැබුණි. ඒ 2005 වසරේ මාර්තු මස 21දිනදීය. මෙම උත්සවය පැවැත්වීම සඳහා ටවර් රඟහල ඇතුළු සියලූ පහසුකම් ලබාදුන් එවකට සංස්කෘතික අමාත්‍යව සිටි විජිත හේරත් ඇමතිතුමා ඇතුළු එම අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුව, කලා මණ්ඩලය, නර්තන මුද්‍රා හා රූකඩ නාට්‍ය අනුමණ්ඩලය ඇතුළු නන් අයුරින් සහාය දුන් සැම කෘතවේදීව සිහිපත් කරමි.
රූකඩ කලාව යනු හුද කලාවක්ම පමණක් නොව, එය නොයෙකුත් මාධ්‍යයන් හා සම්බන්ධ කරගත හැකි වූවක්ය. ප‍්‍රාථමික අධ්‍යාපනයේ පටන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා විවිධ කටයුතුවලට සම්බන්ධ කරගැන්මට හැක. මානසික ආබාධයන් සහිත ළමුන් මෙන්ම මන්දබුද්ධික ළමයින්ගේ මනසට රූකඩ මගින් විනෝදයක් මෙන්ම සමාජ අවබෝධය සමග අධ්‍යාපනය ලබාදිය හැකි බව මේ පිළිබඳව අධ්‍යයනය කළ උගත් බුද්ධිමතුන් විසින් පසක් කරගන ඇත. දැනුදු පාසල් විෂය මාලාවේ නාට්‍ය හා රංග කලාව යන විෂයයන් සඳහා අනු විෂයක්මය. රූකඩ කලාව සම්බන්ධ කර ඇතත් එම විෂය ඉගැන්වීමට ගුරුවරු නොමැතිවීම කනගාටුවට කරුණකි. ඒ හැරුණු විට සංස්කෘතික වශයෙන් මෙන්ම ජාතික, ආගමික වශයෙන් රූකඩ කලාවෙන් ගතහැකි බොහෝ දේ ඇත. ඇතැම් රටවල ඉහත දක්වා ඇති අයුරින් අධ්‍යාපන කටයුතු සඳහා රූකඩ කලාව යොදාගන ඇති අතර ශ‍්‍රී ලංකාවේ පාසලක සංදර්ශනයක් පැවැත්වීමට අවස්ථාව ලබාගැන්ම සඳහාද මහත් උත්සාහයක් ගත යුතුව ඇත. එය හෙට නොව අදම කළයුත්තකි.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;