සුදු කතක් සහ මධුවිතක්

ඩෝසන් ප‍්‍රීති

ලංකාවේ මිනිස්සු පොදුවේ ආසියාතිකයෝ වෙති. අපගේ සමේ පැහැය පොදුවේ ගත් කල සුදු නොවේ. එතරම් විශාල විග‍්‍රහ අනවශ්‍ය මුත් කෙටියෙන් අපි කළු මිනිසුන් කොටසකි යැයි කීම එතරම් විවාදාත්මක නොවේ. එසේ බැවින් ‘සුදු කතක්’ යන්න අපට ගෙනෙන්නේ වික්ටෝරියානු සදාචාරාත්මක වඩා වෙනස් හාත්පසින් ආසියානු වටිනාකම්වලට විරුද්ධ හැඟවුමකි. එනම් වඩා හොඳ හෝ දියුණු හෝ සරාගික හෝ වෙනත් මොනයම් හෝ බටහිර දෘෂ්ටියෙන් සංවිධානාත්මක හැඟවුමකි. එයම ලංකාවේ පශ්චාත් කොලනිකරණයේ ශේෂ වූ ප‍්‍රතිඵලයක් ලෙසද අරුත් ගැන්විය හැකිය. මින් මා කියන්නට උත්සාහ කරන්නේ නිරාෂ ගුණසේකරගේ නිර්මාණ සංග‍්‍රහය ඉතා සියුම් ලෙස ලාංකික සංකේත ලෝකයෙන් ඛණ්ඩනය වීමක් මෙම ‘සුදු කතක් හා මධුවිතත්’ යන නාමකරණය ඔස්සේ සිදුව ඇති බැව් පෙන්වන්නටය.
‘මධු විතක්’ යන්නෙහි හැඟවුම්කාරක බලපෑම දෙවිදියකි. ලංකාවේ සාමාන්‍ය කාන්තාවෝ මධුවිතෙහි නොඇලෙන්නාහ. එසේ හෙයින් ‘සුදු කතක් හා මධූවිතක්’ යන්න එකට ගත්විට මධුවිතක් අත ඇති සුදු කතක් ලෙස හෝ සුදු කත වෙනම ද වෙනත් අතක මධු විත ඇතැයි කියා ද ගතහැකි බැවින් ඒ මධුවිතෙන් සිදුවන ඛණ්ඩනය එක්කෝ ලංකික සංකේත ලෝකයෙන් දුරස්ථකරණය පිළිබඳ මගේ ප‍්‍රවාදයට උදව් කරයි. නැතහොත් මඳක් එහි බර අඩු කරයි. කෙසේ වුවද මේ සංඥාර්ථ යුගල එකට ගත්විට මේ කෘතියේ ඉදිරි ගමන්මග අප තුළ සළකුණු කරන්නට නියමිත සන්ධිස්ථාන පිළිබඳ සිතියමක් සකස් කරගන්නට මඟක් පෑදේ.

සුදු කතක් හා මධුවිතක්
පුටු කකුල් අතරින් රිංගා
යට සායවල් අස්සෙන් එබෙමින
සුදු කකුල්වල තැවරී
හීන් හිරිගඩු නංවන
දඟකාර මඳ සුළඟ…

වෙන වැඩක් නැත්නම්
පිසදානවාද අප අවට
මේපල් පතින් හැඩවුණ
මෑ කැමති නෑ ඕවට….

ඉස්තරම් රතු වයින් පමණද
තොල් තෙමාලන්නට නියමිත
සිහින් දිගු වීදුරු ගැටෙන හඬ
අතරතුරදිත්
නුඹේ පා මුදු සරය ඇසුණේ
යන්තමින් මට
මගේ ගීයට තාල ඇල්ලූව…
ඔලිව් ගෙඩියක පුංචි කහටක
දිව කොනිත්තන මිහිරියාවක
අතීතෙ එක්තරා දවසක
වෙරළු ගස් යට සුසුදු මල් මත
ඇගේ අතගෙන ඇවිද ගිය හැටි
හිතේ රාසේ ඉපිද මිය යයි….

මගේ ඇස්වල කවි හොයනකොට
උහුලන්න බැරි එකම දේ මට
දැනී නොදැනී මාව රිදවන
ලැවන්දර මල්් සුවඳ පමණය….!

කවියා සිය පරිකල්පනය ආශ‍්‍රයෙන් උපදවන මේ සමස්ත සිතුවමට පිවිසෙන්නේ දඟකාර මඳ සුළඟකිනි. එම මඳ සුළඟට සුදු කත අවට අවන්හල් බිම ඇති මේපල් පත‍්‍ර පිසලන්නේ නම් මැනවැයි කියමින් ඇගේ ඒ පරිසරයේ හැඩි බවට ඇති අකමැත්තක් ප‍්‍රකාශ කරවයි. ඉන්පසු ඉස්තරම් වයින් සහ සිහින් දිගු වීදුරු මවමින් ඇගේ පා මුදු සරය ඔහුගේ ගීතයට තාල ඇල්ලූ බවක් නිරූපණය කරයි. එනමුත්් හදිසියේ ඔහු ඔලිව් ගෙඩියක රස ඔස්සේ අතීතයට හඹා ගොස් වෙරළු ගස් යට වෙනත් ස්ත‍්‍රියක් සමග ඇවිද යයි. මේ රහස් සිතුවිල්ල රහසින්ම සිත තුළ මියයයි. මේ සිතුවිල්ල එසේ මිය ගිය ද අවන්හල නුදුරේ සුදු කතගේ බමන දෑසින් ඔහු ඇස්වල සොයන කවි හැඟුම් නොපෙනෙන්නට පහන් කණුවේ ඇස් වසන්නට ඇණවුම් කරයි. එහෙත් ඔහුට නොඉවසිය හැක්කේ සුදු කත සිරුරෙන් වහනය වන ලැවන්දරා මල් සුවඳ පමණි.
කවියාට හදිසියේ ඇතිවන මේ උහුලනු නොරිසි ලැවන්දරා සුවඳ එසේ උහුලනු නොහැකි වන්නේ කුමක් නිසාද? ඒ අතීතයේ ඇවිද ගිය වෙරළු ගස් යට සුසුදු මල් වැතිරුණු අතීතයේ සිට හමා ආ සුවඳක් නිසාවෙන් ද? මෙයින් කවියා ලාංකීය සංකේත ලෝකයට යළිදු බැඳ තබන රහස් රැුහැණක් මතු නොවන්නේද?
ලැවැන්දරා සුවඳ නියෝජනය කරනු ලබන වත්මන් ඕස්ටේ‍්‍රලියානු යථාර්ථයක් වෙරළු මල් පලස් විසින් ඇණවුම් කරනු ලබන අතීත ලාංකීය ඝණීභවනය වූ යථාර්ථයත් අතර කවියා දෝලනය වන බැව් පෙනේ.

සැබැවින්ම ලංකාවේ ගතකළ කාලය රමණීය සොඳුරු අතීතයක් බවට පත්ව ඇත්තේ වත්මනට සාපේක්ෂව විය යුතුය. මන්ද යත් ලංකාවේ අතීතය හෝ වර්තමානය හෝ කිසිවකු වෙත කිසිදු රමණීයත්වයක් සෞන්දර්යයක් කිසි කලෙකවත්් නොපිදූ හෙයිනි. එනම් මේ මවන්නා වූ ලාංකීය සෞන්දර්ය කවියට උචිත හෝ සීමා වන දෙයක් බැවිනි. යථාර්ථයට නම් එලෙස කිසිවක් හසු නොවන බැවිනි. මින් අනුමාන වන කරුණ නම් විදේශයක නැංගුරම් ලන ලාංකිකයකුට සිය මනෝ ලෝකය උඩුයමිකුරු කර ගන්නවා හැර වෙන විකල්පයක් එහි පැවැත්ම සාදා ගැනීමට පාදා ගත නොහැකි බවයි.

නිරාෂගේ නිර්මාණ පොදුවේ යථාර්ථයේ කටුක බවට හෝ ව්‍යාජ බවට ඌණපූරකයක් ලෙස හෝ එම කටුක ව්‍යාජ සංසිද්ධීන් විසින් බැහැර කරනු ලබන ඉතිරිය හෝ අඩුව පුරවා ලන්නට සමත් කරවන ඖෂධයක් ලෙස හෝ හිස්තැන් පිරවීමට අවැසි පොටියක් මෙන් භාවිතා වන බැව් වඩාත.් සමීපව බලන කල පෙනේ.
තව දුරටත් ඕස්ටේ‍්‍රලියානු යථාර්ථය තුළ නැහැය තෙක් ගිලෙන කවියා සිය පණ ආරක්ෂා කරගන්නා අයුරු පෙන්වන මනරම් කවියක් කියවා බලමු.

උදෑසන කවිය
නැෙඟන දුම් රැුළි කවියකි
අළු බිඳින අතැඟිලි නළුවකි
නා දලූ සදිසි දෙතොලකි
අනන්තය පහුරු ගානා
දිළිසෙන බළල් ඇස් සඟලකි….

යන්තමට තැවරුව සුවඳකි
දෙහි මලක සේ දුරට රිදුමකි
සුරඟනන් අත රැුඳුණ පැහැයකි
එය සොරා ගෙන
දිලෙන කොපුළකි…

පොරොත්තු දුම්රියකි
තනිව ම විඳින ගීයකි
දුරින් රාව දෙන මිතුරු
කට හඬ ගොන්නකි
හැරීවත් නොබලනා
දඩබ්බර ඉටි රුවකි….

කන් දෙකත් මදක් රතුවී
ගේ දොර අඹු දරුන් සිහිවී
දෙනෝදාහක් අතර
ඇසිල්ලේ නිවන් දුටුවෙකි…

එක්තරා උදෑසනකැයි කීවද චක‍්‍රීය ලෙස සිදුවන්නක් බවට ඉංගිත පළ වෙයි. මේ පුද්ගල යථාර්ථය හරහා නිරාෂ කනට ගසන්නේ අතින් නොව කවියකිනි.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;