රාවය

චීනයේ දූෂණයට වැට

චීනයේ දූෂණයට වැට

වත්මන් චීන ජනාධිපති ක්ෂි ජිංපිං 2012 වසරේ බලයට පත්වීමෙන් පසු ඔහුගේ න්‍යාය පත‍්‍රයේ ප‍්‍රමුඛ විෂයයක් වූයේ චීන මහජන සමූහාණ්ඩුවේ වංචා හා දූෂණ පිටුදැකීමයි. මේ නිසා සංවර්ධනය යන විෂයයෙන් නොව දූෂණ විරෝධී ව්‍යාපාරයේ පෙරමුණ ගත් චීන නායකයා ලෙස ඔහුගේ නම ඉතිහාස ගතවනු ඇතැ’යි කානගී ආයතනයේ ආසියාව පිළිබඳ විශේෂඥ ආචාර්ය යුකොන් හුඈං, වෝල් සිටී‍්‍රට් ජර්නල් වෙත ලියන ඔහුගේ කොලමේ සඳහන් කරයි.

සවුත්චයිනා මෝනිං පෝස්ට් පෙන්වා දෙන්නේ ජනාධිපති වරයාගේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ පෙර නොවූ විරූවක් බවයි. දේශපාලන ස්ථාවර කමිටුවේ සාමාජික වෑන් ක්විශාන් මෙම වැඩ පිළිවෙළේ ප‍්‍රධානියා ය.

හාල්මැස්සන් පමණක් නොව තෝරුන් සහ මෝරුන් පවා අල්ලා ගත යුතු බව ජනාධිපති ක්ෂිගේ අදහස වී තිබේ. ඒ අනුව තරාතිරම නොතකා සියලූම මට්ටම්වල නිලධාරීන්ට සම්බන්ධව පරීක්‍ෂණ පැවැත්වෙනු ඇත. සියය ඉක්මවන ඉහළ නිලධාරීන් සංඛ්‍යාවකට මේ වනවිට ද`ඩුවම් පමුණුවා අවසන් අතර තවත් දීර්ඝ ලැයිස්තුවක් තිබේ. දැනට රටින් පලා ගොස් අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය ඇතුළු සමහර යුරෝපීය රටවල් සහ ඕස්ටෙ‍්‍රලියාවේ සුවපහසු ජීවිත ගත කරන ¥ෂණවලට සම්බන්ධ චීනුන් අල්ලා ගන්නට ‘නරි දඩයම’ නම් කි‍්‍රයාන්විතයක් පසුගිය වසරේ කි‍්‍රයාත්මක වූ අතර එය වඩාත් පුළුල් කොට මේ වසරේ ‘අහස් දැල’ කි‍්‍රයාන්විතය දියත් කොට ඇත. කමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ‘පලායිතයන් සියරට ගෙන්වා ගැනීමේ සහ වත්කම් පවරා ගැනීම් කමිටුව’ මේ කර්තව්‍යය සඳහා අලූතින් ම නිර්මාණය කොට ඇත. විශුද්ධිකරණයට ලක් කළ මුදල් ආපසු කැඳවා ගැනීම සඳහා විදේශීය බැංකුවල සහාය ලබාගැනීම මෙමගින් අපේක්‍ෂා කෙරේ.
මීට දෙසතියකට පෙර චීන ජනතා දේශපාලන උපදේශන කමිටුව සිය වාර්ෂික ලියැංහුයි රැුස්වීම් වාරය පැවැත්වී ය. ලියැංහුයි යන්නෙ අරුත දළ වශයෙන් ‘රැුස්වීම් දෙක’ ලෙස ගැනේ. එසේ කියන්නේ එම කමිටුව සහ ජාතික ජනතා කොංග‍්‍රසය එක්ව රැුස්වන හෙයිනි. එක්ව රැුස්වුවත් එතැන රැුස්වීම් දෙකකි. මෙහි දී සාකච්ඡුා වන කරුණු අතර ¥ෂණ හා වංචා ගැන කෙරෙන අනාවරණ හා ඉදිරි කි‍්‍රයාමාර්ග ගැන ගන්නා තීරණ ඉතා වැදගත් ය. පසුගිය දා චීන කමියුනිස්ට් පක්‍ෂයේ විනය පරීක්‍ෂණ පිළිබඳ මධ්‍යම කොමිසම රාජ්‍ය ආයතනවල ඉහළ නිල හොබවන ප‍්‍රධාන පෙළේ කමියුනිස්ට් පක්‍ෂ නිලධාරීන් විශාල සංඛ්‍යාවකට එරෙහිව අලූතින් පරීක්‍ෂණ ඇරඹූ බව සවුත්චයිනා මෝනිංපෝස්ට් වාර්තාවේ දැක්වේ. මේ අතර චීන රජයට අයත් ලෝක ප‍්‍රකට එෆ්ඒඩබ්ලියු මෝටර් රථ සමාගමේ සභාපතිවරයා වූ ෂු ජියැන්යි, වයඹ දිග යුනැන් පළාතේ නියෝජ්‍ය කමියුනිස්ට් පක්‍ෂ ප‍්‍රධානී ක්යු හෙ, ඔහුගේ දෙවැනියා වූසු සින්සොං, චීන ජාතික ඛනිජතෙල් සංස්ථාවේ ප‍්‍රධාන කළමනාකරු ලියාඔ යොයුආන්, සහකාර සාමාන්‍යාධිකාරීන් වෙනුආ, බාහිර ක්‍ෂෙත‍්‍ර ප‍්‍රධාන ගණකාධිකාරී ජි ආ ඩිඔං, රජයට අයත් බා ඕ ස්ටීල් සමාගමේ කුයි ජිඈන් ඒ අතරින් කිහිප දෙනෙකි.
එෆ්ඒඩබ්ලියු යනු නිෂ්පාදන ධාරිතාව අතින් චීනයේ විශාලතම මෝටර් රථ සමාගම් හතරෙන් එකකි. 1958 අරඹා ඇති එය මේ වනවිට ජර්මානු වොක්ස්වැගන්, අමෙරිකානු ජෙනරල් මෝටර්ස් සහ ජපාන ටොයෝටා යන සමාගම් හා ව්‍යාපාරික සබඳතා පවත්වාගෙන යයි. ෂු එහි සභාපතිධුරය දරන සමයේ සිය තනතුරු උපයෝගී කරගනිමින් අතිවිශාල මුදල් සම්භාරයක් උපයා ගෙන ඇති බවට අනාවරණය වී ඇතැ’යි පැවසේ. ඔහුට එරෙහි පරීක්‍ෂණ පසුගිය 15දා ඇරඹුණු බව පැවසෙතත් පසුගිය වසරකට අධික කාලයක් පුරාවට ප‍්‍රදේශීය විනය කමිටු ඇහැ ගසා ගෙන සිට ඇත. එෆ්ඒඩබ්ලියු සමාගමේ ප‍්‍රධාන නිලධාරීන් කිහිප දෙනෙකුට ම පසුගිය සමයේ වරින්වර චෝදනා එල්ල කොට ද`ඩුවම් නියම කරන ලදි.

යුනැන් පළාතේ නියෝජ්‍ය කමියුනිස්ට් පක්‍ෂ ප‍්‍රධානී ක්යු හෙට එරෙහි චෝදනා වන්නේ බලය අයුතු ලෙස භාවිත කරමින් පෞද්ගලික ධනය රැුස්කිරීම ය. චීනය පාලනය කරන්නේ කමියුනිස්ට් පක්‍ෂය කමියුනිස්ට් ක‍්‍රමයට ය. ඒ අනුව එහි පාලකයෝ පක්‍ෂයේ ඉහළ හෝ මධ්‍යම මට්ටමේ නිලධාරීහු වෙති. ක්යු හෙ පක්ෂයේ ඉහළ ස්ථරයට ඇතුළත් වන්නට ආසන්නව සිටි නිලධාරියෙකි. සාමාන්‍ය ක‍්‍රමයෙන් බැහැර වූ දරද`ඩු පාලනය ගැන ඔහු ප‍්‍රසිද්ධ ය. මේ නිසා ඔහුගේ යටත් නිලධාරීන්ගෙන් ඔහුට එරෙහි පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී තිබිණි. සිය කාර්ය මණ්ඩලය අවංක විය යුතුයැ’යි ඇදහූ ඔහු ඔවුන්ගෙන් දැඩි විනයක් අපේක්‍ෂා කළේ ය. අවසානයේ මීට සති තුනකට පෙර ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පක්‍ෂ ව්‍යවස්ථාව දැඩි සේ උල්ලංඝනය කළැයි චෝදනා නගමිනි.

එරට පාලක කමියුනිස්ට් පක්‍ෂයේ විධායක සභාව වන පොලිට් බියුරෝ සාමාජිකයකුට එරෙහිවත් දූෂණ චෝදනා එල්ල විය. ෂඋ යොකෑං නම් ඔහුගේ සගයන් කිහිප දෙනෙකු ම ඊට පෙර තනතුරුවලින් පහ කැරිණි. ඒ අතර පොදු ආක්‍ෂාව පිළිබඳ උප ඇමති ලී චොං සෙං ද වෙයි. ෂඋ යොකෑංගේ පවුලේ අය විසින් අයථා ක‍්‍රම මගින් උපයා ගන්නා ලදැයි හඳුනා ගැනුණු ඇඩො බිලියන 14.5 ඉක්මවන වත්කම් රජයට පවරා ගන්නා ලදි. යොකෑං අත්අඩංගුවට ගන්නා ලද අතර පරීක්‍ෂණ පැවැත්වෙයි. පොලිට් බියුරෝ සභිකයකුට චෝදනා එල්ල වූ ප‍්‍රථම අවස්ථාව මේ ය.

මේ අලූතින්ම ලැයිස්ගත වූ ප‍්‍රධාන පෙළේ නිලධාරීන් සම්බන්ධ උදාහරණ කිහිපයක් පමණි. මීට අමතරව පහළ මට්ටම්වල නිලධාරීන් 4,000 ඉක්මවන සංඛ්‍යාවක් සේවයෙන් පහකිරීම්, අත්අඩංගුවට ගැනීම්, ද`ඩුවම් නියමකිරීම් යනාදියට බඳුන් කරනු ලැබ ඇත.

තවත් වාර්තාවක දැක්වෙන පරිදි පසුගියදා ආන්දෝලනයට තුඩුදුන් ග්ලැක්සෝස්මිත්්ලයින් සමාගම සමග රහසිගත ඖෂධ මාෆියාවක් කි‍්‍රයාත්මක කළ එරට සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියකුට 16 වසරක සිරද`ඩුවමක් පනවා ඇත

චීනයෙන් පළා අවුත් මේ වනවිට අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබා සුව පහසු ජීවිත ගත කරන හිටපු රාජ්‍ය නිලධාරී චෞරයන් 150ක පමණ දෙනාගේ ලැයිස්තුවක් අමෙරිකානු රජය වෙත භාර දෙන ලදැයි චීන නඩු අධ්‍යක්‍ෂවරයාගේ කාර්යාලයයේ ප‍්‍රකාශකයකු චෛනා ඬේලි වෙත පවසා ඇත. මේ අනුව කරුණු අධ්‍යයනය කරන්නට අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව එක`ග වී ඇති අතර පරීක්‍ෂණ පවත්වා ඒ සම්බන්ධයෙන් සාකච්ඡුා පැවැත්වීම අගෝස්තු මාසයේ දී සිදු කෙරෙනු ඇත. මේ 150 දෙනා විසින් කොල්ල කන ලද රාජ්‍ය පොදු දේපළ ටි‍්‍රලියනයක් පමණ විය හැකි බව ගණන් බලා තිබේ.

මේ අතර දූෂිතයන් වන්නේ චීන රාජ්‍ය නිලධාරීන් පමණක් නොවන බවත් ඇතැම් සමාගම් ද අතිදූෂිත බවත් පෙන්වා දෙනු ලැබ තිබේ. ශී‍්‍ර ලංකාවේ කොළඹ වරාය නගර ව්‍යාපෘතියට ආයෝජනය කරන චයිනා කමියුනිකේෂන්ස් කන්ස්ට‍්‍රක්ෂන්ස් කම්පනි, වංචනික කි‍්‍රයා නිසා ලෝක බැංකුව මගින් 2017 ජනවාරි දක්වා අත්හිටුවා ඇති සමාගමක් බව ලෝක බැංකු වෙබ් අඩවියේ දැක්වේ.