ශීලාචාර රටක් වෙනුවෙන් ඔලූගෙඩි හතළිස්හයක අත් එසවේවිද?

මහාචාර්ය සරත් විජේසූරිය

බලය, ධනය සහ රාජ්‍ය සම්පත් අවභාවිත කරමින් පවත්වන ලද මැතිවරණයක දී මේ රටේ පුරවැසියන් සතු පරමාධිපත්‍යය 2015 ජනවාරි 08 වැනි දා මැනැවින් විදහා දැක්විණි. රටේ බහුතරයකගේ පරමාභිලාෂය වූයේ විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කර ගැනීම සහ රාජ්‍ය පාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන්ට පරිවර්තනය කර ගැනීම බව විස්තර කළ යුතු නැත. මේ රටේ මහජනතාවගේ ඉල්ලීමක් හෝ බලාපොරොත්තුවක් නොවූ විධායක ජනාධිපති ක‍්‍රමය රටට උරුම වන්නේ ජනතා පරමාධිපත්‍යය සාපරාධී අන්දමට පරිහරණය කරමිනි. 1978 දී රටට උරුම කරන ව්‍යවස්ථාව රටේ යහපත පිණිස නොව පාලකයෙකුගේ යහපත උදෙසා නිර්මාණය කරන ලද්දකි. අද වන විට පරම්පරා ගණනාවක් විධායක ජනාධිපති ක‍්‍රමයෙන් අපමණ වද වේදනා විඳ ඇත. අභාග්‍යය වන්නේ ව්‍යවස්ථාවේ අන්තර්ගත විසකුරු වගන්ති නිසා ජනතා පරමාධිපත්‍යයෙන් රටට උරුම නොකළ ව්‍යවස්ථාව ජනතා පරමාධිපත්‍යයෙන් අහෝසි කර ගැනීමට නොහැකි වී තිබීමය. සැබවින්ම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට බලවත් උවමනාවක් තිබෙන මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාට ජනතා අභිලාෂය මුදුන් පත් කිරීමට අද පවතින බාධකය කුමක් ද?
මේ වන විට රටම හොඳින් දන්නා කාරණාවක් වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම වෙනුවට ව්‍යවස්ථා සංශෝධනයකට පමණක් අවකාශය නිර්මාණය වී තිබීමයි. එ් අනුව පුරවැසියන්ට අත්වන වැදගත් මෙන්ම සාධනීය ප‍්‍රතිලාභ ගණනාවකි. එ් ප‍්‍රතිලාභ පුරවැසියන්ට උරුම කර ගැනීමට තිබෙන ස්වර්ණමය අවස්ථාව හිටපු ජනාධිපතිවරයා වළකන තත්වයක් පැහැදිලිව දක්නට තිබේ. ඔහු එය කරන්නේ බල අරගලයක නිමග්නව පාර්ලිමේන්තුවේ සිටින තමන්ට හිතෛෂී මහජන නියෝජිතයන් කුලප්පු කරමින් බව විද්‍යාමාන වේ. ඊට තුඩු දී තිබෙන සාධක කවරේ ද? මහජන ඡුන්දයෙන් පරාජය වූ දේශපාලනඥයෙකු ලෙස ඔහු ජනතා තීන්දුට හිස නැමිය යුතුය. ධන බලයෙන් කෘති‍්‍රම ජන බලයක් විදහාපෑම ශිෂ්ට සම්පන්න නොවේ. රාජපක්ෂ මහතා සන්ධානය සමඟ වහෙන් ඔරෝ වැඩකට කුරුමානම් අල්ලන්නේ මන් ද?

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ විට මහින්ද රාජපක්ෂට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට කිසිදු නෛතික පසුබිමක් නැත. එය පැහැදිලිය. එබැවින් දීර්ඝ කාලයක් තමන්ට සහ තම පවුලට අභිමත අන්දමින් බලය සන්තක කර ගත් මහින්ද රාජපක්ෂ ව්‍යවස්ථා සංශෝධනය කඩාකප්පල් කිරීමට හැකි හැම දෙයක්ම සිදු කරන බව පෙනේ. ඔහු තිරය පිටුපස සිට කරන කටයුතුවලින් ගම්‍ය වන වැදගත් කාරණාවක් ඇත. එය නම්, මෙවරත් ඔහු සිය මැතිවරණ ප‍්‍රකාශනයේ ඇතුළත් කර තිබෙන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට දී තිබෙන පොරොන්දුව මහජනතාව මුළා කිරීමට දී ඇති බොරු පොරොන්දුවක්ය යන්න ඔප්පු වීමයි.

රාජපක්ෂ පාලනය තුළ විධායක හස්තයට හිරවී නිවටයන් බවට පත්ව රහසින් හඬා වැටෙමින් හා රාජපක්ෂ පවුල විවේචනය කරමින් සිටි මහජන නියෝජිතයන් පිරිසක් ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට පොරොන්දු දෙමින් අවිනීත ලෙස එ් පොරොන්දු කඩ කරන්නේ මන් ද? මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා අබිමුව එකඟතා ඇති කර ගෙන පිටව යන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයන් රැයක් පහන් වන විට එකඟතා පැත්තකට දමා වහසි බස් ෙදාඩන්නේ මන් ද? සිය පක්ෂයේ නායකයා සමඟ ඇති කර ගත් එකඟතාව බිඳ දමන්නේ මන් ද? එතැන පැහැදිලිව කුමන්ත‍්‍රණයක් පවතින බව නොවැටහෙන්නේ අත දරුවන්ට පමණක් යයි සිතමි.
විධායක හස්තයට හිරවී නිවටයන් බවට පත්ව සිටි මහජන නියෝජිතයන් සාධනීය ප‍්‍රතිසංස්කරණවලට එරෙහි වන්නේ මන් දැයි මේ අවස්ථාවේ අප සලකා බැලිය යුතුය.

මහින්ද රාජපක්ෂට යළි බලය ලබා දීමට පිරිසක් දර දිය අදින්නේ මන් ද? මේ දරදිය අදින මහජන නියෝජිතයන් අඩුවැඩි වශයෙන් දූෂිතය. එය පැහැදිලි සත්‍යයකි. ඔවුන් මහජන නියෝජිතයන් බවට පත්ව සිටින්නේ සාවi ලෙස උපයා ගත් ධනය භාවිත කරමිනි. රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිකම් දරමින් ඔවුන් හැකි හැම අවකාශයකින්ම ස්වකීය අභිමතාර්ථ සාධනය කර ගත් බව ද සත්‍යයකි. එබැවින් ඔවුන්ට මොන විදිහකින්වත්, ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් සභාවක් ඇති වීමට ඉඩ දිය නොහැකිය. ස්වාධීන පොලිස් කොමිෂන් සභාවක් ඇති වීමට ඉඩ දිය නොහැකිය. ස්වාධීන අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවක් ඇති වීමට ඉඩ දිය නොහැකිය. රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් ඇති වීමට ඉඩ දිය නොහැකිය. කොටින් කියතොත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය යාන්ත‍්‍රණයකට ඔවුන්ට ඉඩ දිය නොහැකිය. එ් හේතුවෙන් රාජපක්ෂ පාලනය තුළ නිවටයන් වූ මහජන නියෝජිතයන්, දූෂිත මහජන නියෝජිතයන්, රාජපක්ෂගේ බල අරගලයට පිට පොට ගසා ගෙන දර දිය අඳින බව රටවැසියන් වටහා ගත යුතු වේ. මොවුන් මතු දිනෙක කෙලෙස හෝ දේශපාලන භූමියෙන් දුරින් දුරු කළ යුතු වේ.

මහින්ද රාජපක්ෂගේ පාලනය ගැන, ඔහුගේ එ්කාධිපති සැහැසි පාලන ක‍්‍රමවේද ගැන, වත්මන් පාර්ලිමේන්තුවේ සිටින සියලූ මහජන නියෝජිතයන් සක් සුදක් සේ දන්නා බව සත්‍යයකි. ඔහුගේ පාලනය රටට මොන විදිහකින්වත් හිත කර නොවූ බව විචාරශීලීව අවබෝධ කර ගැනීමට දේශපාලනයේ දීර්ඝ කාලයක් නිමග්නව සිටින දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර යන මහජන නියෝජිතයන්ට සැබවින්ම හැකියාව ඇත, දැනුම ඇත. මේ මහජන නියෝජිතයන් අද හැසිරෙන අන්දම අතිශයින් සෝචනීය වේ. මොවුන් බල අරගලයට උඩ ගෙඩි දෙමින් දර දිය අදින්නේ මන් ද? දේශපාලනයේ දීර්ඝකාලයක් නිමග්නව සිටියත් ඔවුන්ට මේ රටේ මහජන වරම ස්වාධීනව ලබා ගන්නට අවකාශයක් නැති බව ඔවුන් වටහා ගෙන තිබෙන කාරණාවක් බව පැහැදිලිය. සන්ධානගතව හැර, දිනේෂ්ට, වාසුදේවට, වීරවංශට මෙන්ම ගම්මන්පිලට ද පාර්ලිමේන්තුවට යන්නට මහජන වරමක් සත්තකින්ම ලබා ගත නොහැකිය. පවතින දේශපාලන යථාර්ථය තුළ සියලූ සිවිල් සංවිධාන, පුරවැසි සංවිධාන ශක්තිමත් බැවින්, එ් සංවිධාන අද මර බියකින් තොරව මහජනතාව දැනුවත් කිරීමට සැදී පැහැදී සිටින් බැවින්, ප‍්‍රධාන පක්ෂ දෙකට නාම යෝජනා ලබා දීමේ දී යම් යම් නිර්ණායක සලකා බලන ලෙස දැඩි බලපෑම් කිරීමට සැදී පැහැදී සිටින තත්ත්වයක් ඇත්තටම තිබේ. මේ යථාර්ථය තුළ රාජපක්ෂ සාටකයේ එල්ලූණොත් යළි පාර්ලිමේන්තුවට යා හැකිය; මොන විදිහකින්වත් සන්ධානගතව නාම යෝජනා ලබා ගැනීමට නොහැකිය යන කථිකාව දේශපාලනිකව අනාථ වී සිටින මේ උදවිය අතර පවතී. එ් නිසා මොවුන්ට ජනතාවගේ පරමාධිපත්‍යය මොන අන්දමකින්වත් වැදගත් නැත.
දේශපාලන ප‍්‍රතිසංස් කරණවලට පාර්ලිමේන්තුවේ සිටින රාජපක්ෂ හිතවාදීන් දර දිය අදින්නට තුඩු දී තිබෙන තවත් වැදගත් කාරණාවක් ඇත. එය නම් මහින්ද රාජපක්ෂ විසින් නිර්වින්දනයට ලක් කොට තිබූ, අකී‍්‍රය කර තිබූ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව අද වන විට යම් මටට්මකට බලාත්මක වී තිබීමයි. රහස් පොලීසිය නිදහසේ නීතිය කි‍්‍රයාත්මක කිරීමට පියවර ගන්නා තත්ත්වයක් ඇත. මේ පසුබිම තුළ රාජපක්ෂ කල්ලියේ සිටින මහජන නියෝජිතයන් පිරිසක් නිසැකවම නීතියේ රැුහැනට ලක්වන බව ඔවුන් වටහා ගෙන තිබේ. නීතියෙන් ගැළවීමට ඔවුන් මේ දිනවල දිවා? නොබලා වෙහෙස වන බව ද සත්‍යයකි. මේ උදවියගේ තුරුම්පුව වී තිබෙන්නේ, ව්‍යවස්ථා සංශෝධනයට ඡුන්දය ලබා දීමට නම්, අල්ලස් හා දූෂණ විමර්ශන නතර කර දමන්නේය යන පොරොන්දුව මෛතී‍්‍රපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ලබා ගැනීමය. එ් වෙනුවෙන් දරා තිබෙන සියලූ උත්සාහයන් මේ වන විට ව්‍යර්ථ වී තිබේ. ඇතමුන් මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීම ඔස්සේ ද, එ් දූෂණ යට ගැසීමට තමා මැදිහත් නොවන්නේය යන නිවේදනය කාට කාටත් ජනාධිපතිවරයා ලබා දී තිබෙන බව පෙනේ. මේ නිසා වියරු වැටී සිටින උදවිය උත්සුක වන්නෙ කෙසේ හෝ ව්‍යවස්ථා සංශෝධනය අනුමත නොකරන තැනට හැකි සෑම කුමන්ත‍්‍රණයක්ම සිදු කිරීමටය.

මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීම මුල් කර ගෙන රාජපක්ෂ හිතවාදීන් පාර්ලිමේන්තුව තුළ සිදු කළ කලබැගෑනිය විදහා පාන්නේ කුමක් ද? අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය එ් තනතුරෙන් ඉවත් කරන ලෙසට පෙත්සමක් අත්සන් කොට කථානායකවරයාට භාර දීමෙන් ඉල්ලා සිටින්නේ සැබවින්ම කුමක් ද? තවදුරටත් කිසිවෙකුට හෝ එරෙහිව පරීක්ෂණ නොකළ යුතුය යන්නය. 19වන ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ගැනීමට කල් මැන අවස්ථාව ලද මොහොතේ එ් සඳහා පාර්ලිමේන්තුව තුළ සුදුසු පරිසරයක් ඇති නොකිරීමෙන් කුමන්ත‍්‍රණයේ පැහැදිලි චිත‍්‍රයක් විදහා දැක්විණි. මෙහි උත්ප‍්‍රාසය නම්, නිමල් සිරිපාල ද සිල්වා ඉවත් කොට, දිනේෂ් ගුණවර්ධන විපක්ෂනායක බවට පත් කරන ලෙස අත්සන් කළ මහජන නියෝජිතයන් නීතිය කි‍්‍රයාත්මක වන තත්වයන් ගොඩනැඟීමට එරෙහිව හිරිකිතයකින් තොරව එකට එක් වී නිරුවත පෙන්නූ අන්දමයි. මේ මහජන නියෝජිතයන් කිසිදු ප‍්‍රතිපත්තියක පිහිටා කටයුතු නොකරන බව පමණක් නොව, කිසිම සදාචාරයක් නැති බව ද මේ හැසිරීම්වලින් විද්‍යාමාන වේ. කබරගොයා තලගොයා කර ගන්නට සූදානම් මේ පුද්ගලයන් මේ රටේ ශිෂ්ට සම්පන්න රාජ්‍ය පාලනයකට මොන අන්දමකින්වත් නොගැළපෙන බව රටවැසියන් තේරුම් ගත යුතු වන්නේය.

මහින්ද රාජපක්ෂට නීතිය කි‍්‍රයාත්මක නොකරන්නැයි පිරිසක් හඬ නඟන්නේ, ඔහු යුද්ධය අවසන් කළේය යන කාරණාව ගෙනහැර දක්වමිනි. එ් අනුව රාජපක්ෂ ආණ්ඩුවේ කිසිවෙකුට නීතිය කි‍්‍රයාත්මක කළ නොහැකිය. මන්ද? ඔවුන් යුද්ධය අවසන් කිරීම සඳහා රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කළ උදවිය බැවිනි. මේ මොන ඛේදවාචකයක් ද? පුරවැසියන්ට මේ මහජන නියෝජිතයන්ගෙන් අසන්නට ප‍්‍රශ්න කිහිපයක් ඇත.
ජනරාල් සරත් ෆොන්සේකා කනිෂ්ඨ නිලධාරීන් ලවා ඇදගෙන ගොස් හිරගත කොට සාවද්‍ය හා සාපරාධී අන්දමින් නඩු පවරා ඔහු හිරගත කරන විට මේ මහජන නියෝජිතයන් කිසි කෙනෙකුට තමන්ගේ ආණ්ඩුවේ නායකයාට එ් අවිනීත පළිගැනීම නොකරන්නැ’යි කියන්නට පිටකොන්දක් නොතිබුණේ මන් ද?

අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මැතිනිය අශ්ලීල අන්දමට තනතුරෙන් නෙරපා හැරීමට කටයුතු කළ අවස්ථාවේ නීතියේ ආධිපත්‍යය කෙළෙසන්නට එපා යයි කියන්නට, මේ මහජන නියෝජිතයන් කිසිකෙනෙකුට තමන්ගේ ආණ්ඩුවේ නායකයාට එ් අවිනීත පළිගැනීම නොකරන්නැයි කියන්නට, පිටකොන්දක් නොතිබුණේ මන් ද?

බැසිල් රාජපක්ෂ රාජ්‍ය ධනය සම්පූර්ණයෙන්ම තමන්ට අභිමත අන්දමට පරිහරණය කිරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සම්පාදනය කර ගන්නා විට ඊට එරෙහිව පාර්ලිමේන්තුවේ එක වචනයක් හෝ කියන්නට මේ මහජන නියෝජිතයන් කිසිකෙනෙකුට පිටකොන්දක් නොතිබුණේ මන් ද?

පාර්ලිමේන්තු නියෝජිතයන් තුට්ටුවකට මායිම් නොකරමින් 18 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට රහසේ ඉදිරිපත් කොට රාජපක්ෂ ජනාධිපතිවරයාට මියෙන තුරු බලයේ සිටින්නට ප‍්‍රතිපාදන සලසා ගන්නට කටයුතු කළ අවස්ථාවේ ඊට විරුද්ධව ස්වාධීන මතයක් පළ කිරීමට මේ මහජන නියෝජිතයන් කිසිකෙනෙකුට පිටකොන්දක් නොතිබුණේ මන් ද?

පාර්ලිමේන්තුවේ සිටින මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින සියලූ දෙනා අශීලාචාරය. මහජන නියෝජිතයන් බවට මොන අන්දමකින්වත් මතු කිසි දවසක වරමක් නොලැබිය යුතු පුද්ගලයන්ය. එ් සම්බන්ධ තීන්දු තීරණ ගැනීම නීති ගරුක පුරවැසියන්ගේ පරම වගකීම වන්නේය.
19 වන ව්‍යවස්ථා සංශෝධනය අප‍්‍ර‘යෙල් 27 වැනිදා පාර්ලිමේන්තුව තුළ සාකච්ඡුාවට ලක් කොට අනුමත කරාවි ද? එදිනට කවර කුමන්ත‍්‍රණයක් දියත් වේ ද?

මැතිවරණ ක‍්‍රමයත් සමඟ මේ සංශෝධනය ඉදිරිපත් කළ යුතුය යන කාරණාව දඩමීමා කර ගෙන විපක්ෂය විරුද්ධ වීමට ඉඩ ඇත. එසේ විරුද්ධ වීම සැබවින්ම ශිෂ්ටසම්පන්න නොවේ. ඊට හේතුව මැතිවරණ ක‍්‍රමය සංශෝධනයට අදාළව කෙටුම් පතක්වත් තවම පිළියෙළ වී නැති බැවිනි. දිනේෂ් ගුණවර්ධන වාර්තාවක් ගැන තලූ මැරුවාට ඊට කිසිම දේශපාලන පක්ෂයක අනුමැතිය ලැබී නැත. මැතිවරණ කොමසාරිස්වරයා මේ සඳහා සාධාරණ කාලයක් ඉල්ලා තිබේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායමට මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා පැහැදිලිව පොරොන්දු වී තිබෙන්නේ, 19 වන ව්‍යවස්ථාව සම්මත කිරීමට ඡුන්දය භාවිත කරන ලෙසත්, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත කර ගෙන විනා මොන ලෙසකින්වත් පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවත්ය. මේ ප‍්‍රතිඥාව පැහැදිලිය. එය පිළිගත හැකිය, පිළිගත යුතුය. එබැවින් නිමල් සිරිපාල ද සිල්වා මහතා කල්පනා කළ යුත්තේ, තමාට ඇත්තටම පිටිපස්සෙන් පැමිණ පිහියෙන් අනින්නට සැදීපැහැදී සිටින රාජපක්ෂ හිතවාදී කල්ලිය අවබෝධ කරගෙන බුද්ධිමත් මහජන නියෝජිතයෙකු හැටියට කටයුතු කිරීමට තිබෙන එකම අවස්ථාව, ස්වර්ණමය අවස්ථාව භුක්ති විඳින ලෙසයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔලූගෙඩි දෙසිය විසිපහෙන් ඔලූගෙඩි එකසිය පනහක ඡුන්දය පමණි අවශ්‍යව තිබෙන්නේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත කර ගැනීම සඳහා. එ් වෙනුවෙන් ඡුන්දය භාවිත කිරීමට සූදානම් පිරිසට තව අවශ්‍ය වන්නේ ඔලූගෙඩි හතළිස්හයක් පමණයයි සිතමි. සමහර විට ඊටත් අඩුයයි සිතමි. පුරවැසියන් ලෙස අප බලා සිටින්නේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන්, දේශපාලන සදාචාරය වෙනුවෙන්, ශීලාචාර රටක් වෙනුවෙන් ඔලූගෙඩි හතළිස්හයක අත් එසවේවි ද යන්නයි.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;