දින සියය ඉවරයි

වත්මන් ආණ්ඩුවේ දින සියය පසුගියදා නිමා විය. මාධ්‍ය වාර්තා දක්වන පරිදි දින සියයේ පොරොන්දු පත‍්‍රයේ 85%ක් වත්මන් රජය විසින් නිමා කර ඇත. ඔවුන්ට කරන්න ඇත්තේ තවත් 15%ක වැඩ කොටසකි. වත්මන් ආණ්ඩුවේ මේ දින සියයේ වැඩපිළිවෙළට ක‍්‍රීඩාව ගෑවී තිබුණේ නැත. කොටින් ම වත්මන් ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය පත් කිරීමේ දී ම ක‍්‍රීඩාව අමතක කර තිබුණි. අමතක වූ ක‍්‍රීඩාව මතක් වෙන්නේ දින ගණනාවක් ගතවීමෙන් අනතුරුව ය.

අමාත්‍ය නවීන් දිසානායක සංචාරක විෂයට අමතරව ක‍්‍රීඩා කරළියට ද පිවිසෙන්නේ ඒ ආකාරයට ය. ඔහු පැමිණි විගස කළේ දින සියයට අමතකව තිබූ මෙම විෂය ඊට ඈ`දා ගැනීම ය. එහෙත් ක‍්‍රීඩාව දින සියය තරම් වේගවත් වූ බවක් අපට පෙනුණේ නැත. දැනුණේ ද නැත. එසේ වන්නේ අපට පෙනෙන සහ දැනෙන පරිදි නම් ක‍්‍රීඩාව තවමත් දුවන්නේ පරණ පීල්ලේ ම වන බැවිනි.

දීර්ඝකාලීන පීඩාකාරී දූෂණ පාලනයකින් අනතුරුව මතුව එන පාලනයක ප‍්‍රතිසංස්කරණ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමේදී යම් පසුබැසීමක් දැකිය හැකි ය. මේ මතුව ඇත්තේ එවන් තත්ත්වයකියි සිතේ. මහජනතාව තවදුරටත් වෙනසක් දැකීමේ අභිප‍්‍රායෙන් පෙළ ගැසී සිටිති. සංදර්ශන තරමට ම එහි හරයන් ද මහජනතාවට වටී. අනෙකුත් විෂයන් සේ ම ක‍්‍රීඩාව අරබයා ද එහි වෙනසක් නැත. මේ තත්ත්වයේ පවතින මන්දගාමීත්වය තරමක නොසන්සුන් බවක් මතුකරයි.
දින සියයකින් ක‍්‍රීඩාවේ අටඅනූවක් ව්‍යාධි සුවපත් කළ නොහැකි බැව් සැබැවි. අප එවැන්නක් බලාපොරොත්තු නුවූවෙමු. එහෙත් ක‍්‍රීඩාව සංක‍්‍රාන්තියකට පත් නොකරන තත්ත්වයකට මේ කාලය උපයෝගී කර ගත හැකිව තිබිණැයි අපේ මතයයි.

ගත වූ දින සියය කොටස් කරගන්නේ නම් ක‍්‍රීඩා අමාත්‍යවරයා මේ දින සියයෙන් වැඩිම දින ගණනක් ගතකර ඇත්තේ ක‍්‍රිකට් වෙනුවෙන් ය. ගත්තා වූ යම් තීරණයක් වේ නම් ඒ ද ක‍්‍රිකට් ඈ`දා ගනිමින් ය. මේ රටේ ක‍්‍රීඩාව යනු ක‍්‍රිකට් ම පමණකි යන තාලයෙන් ය ඔහු කටයුතු කළේ.

එමෙන් ම දින සියය වැඩසටහනේ සුපර් ස්ටාර් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පවා ක‍්‍රිකට්වලට බර තබා කටයුතු කළ ආකාරයක් දක්නට ලැබුණි. ක‍්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීමේ දැඩි ඕනෑකමක් ඔහුට වී යැයි සිතේ. ඒ වෙනුවෙන් අදහස් දැක්වීමේ දී ඔහු නොපැකිළව බහුතර මතය ම තම මතය ද කරගෙන තිබුණි. එහෙත් තොවිලය, නව අතුරු පාලක කමිටුවක් පත් කිරීමෙන් නතර කෙරුණි.

හිටපු ක‍්‍රිකට් පාලක මණ්ඩල සාමාජිකයන්ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හ`දුන්නෙත්ති විසින් අල්ලස් කොමිසට බාර දෙනු ලැබූ ¥ෂණ චෝදනා මේ වන තෙක් විමර්ශනය කෙරුණු බවක් හෝ එකී චෝදනා විමර්ශනය කිරීමේ තත්ත්වයන් සලකා බැලීමක් අග‍්‍රාමාත්‍යවරයා හෝ විෂය භාර අමාත්‍යවරයා කර ඇති බවක් අපට දැනගන්නට නැත. අතුරු පාලක කමිටුවක් පත්කිරීමට තිබූ හදිස්සිය මේ වෙනුවෙන් නැති බවක් ද හැෙ`ග්. ඒ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සියලූ ප‍්‍රශ්න අතුරු කමිටුව පත් කිරීමත් සමග නිරාකරණය වූ නිසා ද? මේ යහපාලනය බලාපොරොත්තු වූ මහජනතාවගේ සිතුවිලි ය.

ක‍්‍රිකට් සම්බන්ධයෙන් කවුරුන් කතා කළ ද පැවැසෙන්නේ එක ම දේ බැව් අමුතුවෙන් කිව යුතු නැත. එනිසා වත්මන් ආණ්ඩුව ද ඒ ජනප‍්‍රිය මාතෘකාව ම කරළියට ගෙන ඊට තමන්ට කළ හැකි දේ කළේ ය. එය පිළිතුරක් නොවන්නේ ය යන්න මේ කිසිවෙකුත් දකින්නේ නැත. නැත්නම් දැන සිටිය ද නොදන්නාක් මෙන් සිටිති.
මෙරට ක‍්‍රිකට් ජාත්‍යන්තරයෙන් ආරක්ෂා වීමට නම් ක‍්‍රීඩා අමාත්‍යවරයාට ගතයුතු ඉක්මන් තීරණ කිහිපයක් ම තිබුණි. ඒ සියල්ල නිමා වූ දින සියයේ වැඩ සටහනට ද ඇතුළත් කරගත හැකිව තිබුණි. එහෙත් අවාසනාවකට එම අවස්ථාව ඔහු විසින් ලබා ගත්තේ නැත. විශේෂයෙන් ම මෙරට ක‍්‍රිකට් ආරක්ෂා වීමට නම් ජාත්‍යන්තරය ආරක්ෂා කිරීම පළමු කාරණය වන්නේ ය. එය කිරීමට නම් ක‍්‍රීඩා අමාත්‍යවරයාට තිබුණේ දූෂණ චෝදනා කඩිනම් කරන ලෙසට ඉල්ලා දූෂිතයන් ක්ෂේත‍්‍රයෙන් ඉවත් කර හැකි ඉක්මනින් ක‍්‍රිකට් නිලවරණයකට යෑම ය. අතුරු කමිටුවක් පත් කිරීමේ උන්මාදයෙන් සියල්ල යටපත් වූවේ ය.

නිමා වූ දින සියයේ දී ක‍්‍රීඩාව යනු ක‍්‍රිකට් පමණකැයි යනුවෙන් කටයුතු කළ ක‍්‍රීඩා අමාත්‍යවරයා ශ‍්‍රී ලංකාව යනු නුවරඑළිය පමණකැයි සිතාද කටයුතු කළ අයුරක් ද අපි දුටුවෙමු. ඒ ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ දේශ පාලන ආසනය වන නුවරඑළිය කරා ක‍්‍රීඩාව ගෙන යෑමට ගනු ලැබූ උත්සාහයක් නිසා ය. ක‍්‍රීඩා දින සැමරුම් ද නුවරඑළියට ගාල්වෙද්දී නව ක‍්‍රීඩාංගණයක අවශ්‍යතාව ද ඔහුට දැනෙන්නේ ය.

එය මේ වකවානුවේ අත්‍යවශ්‍යම අංගයක් ද යන්න ඔහුට නැවත වරක් සිතා බැලීමට තිබුණි. එසේ නොවුණ තැන කඩිමුඩියේ එවැන්නක වැඩකටයුතු ඇරඹෙන්නේ ය. එය තම හැන්දෙන් තමන්ට ම බෙදා ගැනීමක්, නොමැතිනම් එය තමන්ගේ ආසනය බේරාගැනීමට දින සියය උපයෝගී කර ගැනීමක් සේ කෙනෙක්ට අර්ථ දැක්විය හැකිය. සැබැවින් ම එය එසේ ම වන්නේ යැයි අපේ ද මතයයි.

තරගකාරී දින සියය තුළ තම ආසනයේ ක‍්‍රීඩාංගණයක් ඉදිකිරීමට තීරණය කළ හැකි ඇමැතිවරයාට ක‍්‍රීඩාවේ පවතින සියලූ දොස් කෙසේ වෙතත් ක‍්‍රීඩාව විනාශ කරන්නා වූ තත්ත්වයන් අකා-මකා දැමීමට නොහැකියාවක් පැවැතිය නොහැක. ඇමැතිවරයාට එවැනි දැඩි අවශ්‍යතාවක් පවතින බවක් ද නොපෙනේ. ඒ ඇතැම් ක‍්‍රීඩා සංගම් මේ වනවිට ක‍්‍රීඩා නීතිය පසෙකට ඇද දමා තම හිතුවක්කාරී ක‍්‍රියාවන්ට මුල්තැන දෙමින් කටයුතු කරන බවට වන වාර්තා ය. මේ චෝදනාලත් බොහෝ සංගම් අඩු-වැඩි වශයෙන් දේශපාලනඥයන් සමග සම්බන්ධතා පවත්වන ඒවා ය. එබැවින් එම සංගම් කෙරෙහි අමාත්‍යවරයා නිහ`ඩ පිළිවෙතක් අනුගමනය කරන්නේ ද යන්න ද සැක සිතේ.

එකී මාතෘකාවේ දී නිහ`ඩබවක් ආරක්ෂා කළ ද ඇතැම් මාතෘකා කෙරෙහි දැඩි පිළිවෙතක් අනුගමනය කිරීමට අමාත්‍යවරයා පෙළැඹී සිටීම ද අගේ කළ යුතු ය. විශේෂයෙන් ම තමන් ක‍්‍රීඩා සංගම්හි ‘සිව් වසරක නීතිය’ මත ක‍්‍රියා කරන්නේ ය යන්න පැවැසීමෙන් නොනැවතී ඊට අනුගතව කටයුතු කරන බවට ශපථ කිරීම ද පැසසිය යුතු ය. මේ තීරණය තරමක ආන්දෝලනාත්මක තත්ත්වයක් ද නිර්මාණය කර ඇත. එසේ වී ඇත්තේ ඇතැම් සංගම්වල ක‍්‍රියාවන් කෙරෙහි නිහ`ඩ වතක් අනුගමනය කළ ද ඉහත කී නීතියේ දී ඇමැතිවරයා සිටිනු ලබන ස්ථාවරයේ වෙනසක් නොවේ නම් මේ රටේ නව ක‍්‍රීඩා සංස්කෘතියක් බිහිවීම නොවැළැක්විය හැකි නිසා ය. එය වත්මන් ආණ්ඩුවේ දින සියයේ දී ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් ක‍්‍රීඩාව වෙනුවෙන් ගත් නිවැරදි ම තීන්දුව ලෙස ඉතිහාසගත වන්නේ ය.