ජීවිතය අන් තැනෙක…….

 

නොනගතය උදාවී හෝරාවක්වත් ගත වූයේ නැත. නාද වෙන ජංගම දුරකතනය මේ අවුරුදු උදාවේ පළමු ඇමතුමයි. නොදන්නා අංකයකි. මම කොළපාට බොත්තම ඔබා සවනත වැකෙන හඩ හදුනාගැනීමට උත්සාහ කළෙමි.

හඩ මීට වසර දෙකකට හෝ තුනකට ප‍්‍රථම හදිසියේ අන්තරස්දාන වූ සගයෙකුගේ ය. වරින් වර ඔහු පිළිබ`ද නොයෙකුත් ආරංචි පැතිර ආව ද අප අතර හමුවීමක් හෝ කතා බහක් නොවුණි. අප අවසන් වරට හමුවූයේ කුරුණෑගල මූලික රෝහලේ හදිසි අනතුරු අංශයේ දී ය. ඔහු මුහුණ දුන් අනතුරක් හේතුවෙන් නේවාසිකව සිටිය දී ය.
දුරකතන ඇමතුමෙන් පසුව අපි සිංහල හා හින්දු අලූත් අවුරුදු උදාවේ දී හමුවීමට ගිවිස ගතිමු. ඒ ඔහු පදිංචි ප‍්‍රදේශයට ආසන්න ප‍්‍රදේශයක දීය. තැන හෝ නම, ගම නොලියැවෙන්නේ ඔහු තව දුරටත් වසංව තැබිය යුතු පුද්ගලයෙක් සේ මට හැගුන නිසාත් ඔහු ද තවත් මාසයක දෙකක කාලයක් වසංව සිටීමට බලාපොරොත්තු වන නිසාත් ය.

ඔහු වයඹ පළාතේ ය. වයස අවුරුදු 43කි. සිහින්, තරමක් උස ඔහු මේ වනවිට කිහිළිකරුවක වාරුවෙන් ඔබ මොබ ගමන් කරති. ඒ යාචකයෙක් ලෙස ය. බස්නාහිර, වයඹ, මධ්‍යම සහ සබරගමු යන පළාත් ඔහුගේ සැරිසරූ ස්ථාන වන්නේ ය.

අද දවසේ යාචකයෙක් වීමේ ඛේදවාචකය විමසීමට ප‍්‍රථම ඔහුගේ වතගොත දැන සිටිමු. ඔහු ජීවිතය හරි හැටි ගැටගසා ගැනීමට සැරසෙන්නේ ශ‍්‍රී ලංකාවේ නම ගිය ව්‍යාපාර ජාලයකට සම්බන්ධ වෙමිනි. ඒ මීට දශක දෙක-තුනකට ප‍්‍රථම, එකී ජාලයේ ජනමාධ්‍ය හා සම්බන්ධ ආයතනයේ ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ලෙස ය. අනතුරුව එම ආයතනයේ විවිධ ඉසව් සොයා ගිය ඔහු අවසානයේ නතර වන්නේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් ලෙස ය.

‘අපිට හො`ද ස්ථාවරත්වයක් ලැබුණා. නමුත් ආයතන මට්ටමින් අනවශ්‍ය වියදම් අධිකයි. ඔෆිස් රෙන්ට් එක ලක්ෂ දෙකහමාරක් විතර. ප‍්‍රධාන කර්තෘගෙ මාසික පඩිය ලක්ෂ ගණනින්, වාහන, ඒවට තෙල් නොමිලේ. මේ දේවල් ගෲප් එකේ ප‍්‍රධානියා දැන සිටියෙ නැහැ කියන එකයි මගේ දැනීම. කොහොම නමුත් ආයතනය තුළ කර්තෘට එරෙහිව කැරැුල්ලක් ඇති වෙනවා. ඔහු එයින් බේරෙන්න කරන්නේ ආයතනය විසිරුවා හැරීම. සමහරුන්ට ගෲප් එකේ වෙනත් ආයතනවල ජොබ් ලැබෙනවා. මමත් එයින් කෙනෙක්. නමුත් ඒකත් ටික දවසක් යනකොට රටතුළ විශාල කැලඹිල්ලක් ඇති කරමින් වැසී යනවා. අපිට කිසිදු වන්දියක් නැතිව අයින් වෙන්න සිදු වෙනවා…’
කාලය ඉබි ගමනින් යද්දී ඔහුගේ කෙඩි‍්‍රට් කාඞ් ණය, බැංකු ණය පැටව් ගසන්නේ ය. සීට්ටු මුදල් ද ණය ම වන්නේ ය. ඉන් ගැලවීමේ මගක් ද අපැහැදිලි ය. බිරි`ද, දියණියන් දෙදෙනා සහ පුතාගේ බඩකට පිරවීමේ අභියෝගය ද වේ. අන් දෙයක් කළ නොහැකි තැන ඔහු සු`ඵ ව්‍යාපාරයක් සේ සබන් නිෂ්පාදනයට පිවිසෙන්නේ ය. දැන් ඔහුගේ වෘත්තිය මේ සබන් ගෙන් ගෙට ගොස් අලෙවි කිරීම ය.

එය ද අසාර්ථක වූ අවස්ථා බොහෝ ය. කිසිවක් කළ නොහැකි අවස්ථා දෙකක දී ඔහු ජීවිතයෙන් පළා යෑමට එල්ලී මිය යෑමට උත්සාහ දරන්නේ ය. එම අවස්ථා දෙකේ දී ම ඔහුගේ උත්සාහය අසාර්ථක වන අතර කබලෙන් ලිපට වැටුණා සේ ඔහුට සිදු වන්නේ සෑම සති අන්තයක ම පොලිස් පොතේ අත්සන් තැබීමට ය.
‘සැපක් යැයි කියන මරණයවත් මාව පිළිගත්තේ නැහැ. ඔය කාලයෙ තමයි ත‍්‍රීරෝද රථය පෙරළිලා මේ අනතුර සිද්ධ වෙන්නෙ. ඒත් සිංහල අලූත් අවුරුදු උදාවක…’
මෙම අනතුරෙන් ඔහු රෝහල් ගත ව සිටි කාලය වරින් වර වසර දෙකහමාරක පමණ කාලයකි.

‘ඇක්සිඩන්ට් එක නිසා මගේ දකුණු කකුල අ`ගල් දෙකක් පමණ කොට වුණා. එකට අඩිය ගහපු යාඵවො විතරක් නෙවේ, බිරිද නෑයන් පවා මගෙන් දුරස් වුණා. ඒ වෙද්දි බාල වයස්කාරියක් වූ මගේ වැඩිමල් දූ ගාල්ල පැත්තෙ හමුදා සෙබළෙක් එක්ක පැනල යනවා. බිරිදගෙ අදහස වෙන්නෙ ඒක මගේ වරද කියලා. ඒ වගේ ගොඩක් දේවල්වලට මම වැරදිකාරයා වුණා. තව දුරටත් ගෙදර ඉන්න බැරි තත්ත්වයක් උදා වෙනවා…’

ඔහු ගෙදරින් එළියට බසින්නේ ජීවිත ජයගෙන මිස නැවත ගෙදරට පය නොතබන්නේ ය යන අධිෂ්ඨානයෙන් යුතුවය. කළ හැකි එක ම දේ ලෙස ඔහු දකින්නේ සිගමන් යැදීම ය.

‘මුල දි මට ටිකක් මේක අපහසු වුණා. නමුත් මට කරන්න වෙන කිසිම දෙයක් තිබුණෙ නැහැ. මම මගේ ආත්මය ම බිමින් තැබුවා. ඒ වෙද්දි මගේ කකුලෙ ඇන්ටනාවක් පවා දාල තිබුණෙ. ඒකත් පරිස්සම් කරගෙන මම බස් එකෙන් බස් එකට. දුම්රියෙන් දුම්රියට. පොළෙන් පොළට ගියා. දවසක ආදායම රුපියල් දෙදහස පැන්නුවා. කීය හම්බ කළත් උදේට කෑවට පස්සෙ ආයිමත් කෑවේ ?ට. ඒ කීයක් හරි වැඩිපුර ඉතිරි කරගන්න ඕන නිසා. අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධිය අසල, මිහින්තලය වගේ ම නුවර මාලිගාව අසලත් මම සිගමන් යැද්දා. ඔය අතර කාලයේ මම නතරවෙලා හිටියෙ අක්කගෙ ගෙදර. සල්ලි තිබුණ නැහැ කියල අක්ක විතරයි කිසිදු වෙනසක් නැතිව මට වතුර උගුර හරි දුන්නෙ…’

සි`ගමන් යැදීම ද ලෙහෙසි පහසු නැත. අවලාදයන් අපහාසයන් සේ ම බාධකයන් ද බොහෝ ය. ඔහුට පළමු වෙන් ම සටන් වැදීමට සිදුවන්නේ සිගමනෙහි යෙදී සිටින අනෙකුන්ගෙන් ය. එමෙන් ම බස්රථවල සු`ඵ වෙළෙ`දාමේ යෙදෙන්නන්ගෙන් ද වන හිරිහැර නිමක් නැත. වරක් දෙවරක් සිගමන් යැදීමේ වරදට පොලිසි ගානේ රස්තියාදුවන්නට ද සිදුව තිබේ. කප්පම්කරුවන් ඉදිරියේ මුදල් ඉතිරිකර ගැනීමට බැගෑපත් වූ වාර අපමණ ය. බස් නැවතුම්පොළ වේලාසටහන් කරුවන් ද ඇතැම් විට කප්පම්කරුවන්සේ කටයුතු කළ බවක් ද කීවේ ය. වීදි වෛශ්‍යාවන් ද අතමිට සරු යදින්නන් ඉදිරියේ වඩාත් සුකොමළ බැව් ද ඔහු පැවැසුවේ ය.
කෙසේ වෙතත් අග හිගකම් ඉස්සරහ දොරින් ආලින්දයට පිවිසෙද්දී ආදරය පස්ස දොරෙන් පළායන බවත් ඒ පළාගිය ආදරය යහමින් අත දැවටෙන මිල මුදල් ඉදිරියේ නැවත අගුපිලෙන් ම ආලින්දයට ගොඩවන බවත් ඔහුට වැටහෙන්නට වැඩි කාලයක් ගත වන්නේ නැත. අතමිට සරුවෙන විට පළාගිය බොහෝ දෙනෙක් තමන් ව පිළිගන්නා තත්ත්වය පත් ව තිබේ.

‘ළග සිටි බොහෝ දෙනෙක් මාව දැක්ක නොදැක්ක ගානට ගිය කාලයක් තිබුණා. සමහරු මාව අදුරගෙන ළගට ඇවිත් කතා බහ කළා. උදව් කළා. මිතුරන් කවුද කියන එක මම ඉතාම ලෙහෙසියෙන් හදුනාගත්තා. මාව මගහැර ගිය මිතුරන් කවුරුත් එක්කවත් මගේ තරහක් නැහැ. සමහරු මට බැන්නා මේ දේ කරනවට. නමුත් මට වෙන කළ හැකි දෙයක් තිබුණෙ නැහැ. අද මම යම් ස්ථාවර මට්ටමක ඉන්නවා. ඒ මේ රස්සාව නිසා. ඒ වගේ ම මගේ විසිරුණ පවුල් ජීවිතේ දැන් එක වහලක් යටට වුණා. ලොකු දුව කසාදෙන් වෙන්වෙලා අද මා ළ`ග ඉන්නෙ. අනිත් දෙදෙනා ඉතා හො`දින් ඉගෙනීම් කටයුතු කරනවා. තිබුණ ණය සියල්ල ම සතයක් අඩු නැතිව ගෙවල දාන්න මට පු`ඵවන් වුණා. මුල ඉදලම මට උදව් කළ මගේ අක්කටත් සලකන්න මට හැකි වුණා…’

අසරණකම තවදුරටත් ජීවිතය යදින්නට සුදුසු මෙවලමක් නොවන්නේ ය යන්න ඔහුගේ මතයයි. ඒ අනුව එළැඹෙන පොසොන් පොහොය දිනයේ දී තමන් සිගමන් යැදීමෙන් සමුගන්නා බැව් ඔහු පවසයි. ඒ ඵෙතිහාසික අනුරාධපුර ජයශ‍්‍රී මහා බෝධි වෘක්ෂය අභියස තැබෙන පුජාවක් ද සමගිනි.
‘මට තව දුරටත් මේ රස්සාව කරන්න බැරිකමක් නැහැ. නමුත් මට අවශ්‍ය වූ ඉලක්කයට මම දැන් ඇවිත් ඉන්නෙ. මට දැන් මොකක් හරි කරල ජීවත් වෙන්න පුඵවන්. මට මගේ විසිරුණ ජීවිතය එක්කර ගන්න පු`ඵවන් වුණේ යාචකයෙක් වීමෙන්. මම කවදාවත් මිනිස්සුන්ට බොරු කියල කීයක්වත් කඩා වඩා ගත්තේ නැහැ. මගේ රෝග වාර්තා කිසිවක් වෛද්‍යවරයෙක්ට හැරෙන්නට වෙන කිසිවෙක්ටවත් දීල නැහැ. මට ලැබීමේ වාසනාව තිබුණා. අනිත් එක මට අවශ්‍ය වුණේ මම වැටිච්ච තැනින් නැගිටින්න. මම ඒක කළා. ඒ වෙනුවෙන් වූ ආත්ම විශ්වාසය නොවන්න මට මේ දේවල් කරගන්න බැරි වෙනවා…’ ඔහු පවසන්නේ ය.

වරදින තැන් බොහෝ ය. නිවැරදි කර ගැනීම අපහසු ය. නමුත් ඒ අපහසු දේ කිරීමට උත්සාහ කිරීම ද උතුම් ය. අප කතා නායකයාගේ උත්සාහය ද එවැන්නකි. තම පමණින් ජීවිතය පවත්වාගෙන යෑමට නොදන්නා කළ සිදුවන්නේ වැඩි ප‍්‍රශ්න ප‍්‍රමාණයකට මුහුණ දීමට සිදුවීමට ය. එකී අභාග්‍යයකි අප කතා නායකයා මුහුණ දුන්නේ. දැන් කාලය විසින් සියල්ල නිරාකරණය කර ඇතැයි සිතේ. ඈතින් ඇසෙන කොවුල් නද ද ඊට පිළිවදන් දෙති.

‘රස්සාව නැති වුණාට පස්සෙන් පහු කාලෙදි මට නැතිවෙන්න දෙයක් තිබුණෙ නැහැ. නමුත් දැන් මට නැතිවෙන්න දෙයක් තියෙනවා. ඒ මේ රටේ මිනිස්සු මා ගැන අනුකම්පාවෙන් මට දුන්න දේ. ඒක ආරක්ෂා කර ගැනීමයි මගේ එක ම අපේක්ෂාව. එහෙම නොකළොත් මම ආයිමත් පාරට වැටෙනවා. එහෙම වෙන්න දෙන්න බැහැ. මොකද මිනිහෙක්ට නැගිටින්න දෙන්නෙ එක අවස්ථාවයි. මම ඒ අවස්ථාව ගත්තා…’ ඔහු පවසන්නේ ය.
නොනගතයේ පැමිණි දුරකතන ඇමැතුමෙන් අලූත් අවුරුද්දේ හමුවූ මිතුරා සමුගැනීමට සූදානම් වේ. කොවුල් නද ද කෙමින් කෙමින් වියැකෙමින් පවතී. පරිසරය ද අදුරට ඉඩ දී නිසොල්මන් වූ සේ ය. අපි සමුගතිමු.