එකැස් වීරයෙක් නොපතන රංග දිවියක කල්බැලීම – රංගන ශිල්පී අජිත් ලොකුගේ

අජිත් ලොකුගේ වසර 33ක් පුරා රංග කලාවෙහි නියැලූණු ප‍්‍රවීණ නිර්මාණ වේදියෙකි. ඔහුගේ එකැස් වීරයා නාට්‍යය අපේ‍්‍රල් 25 ප.ව. 3.30/6.30 බොරැුල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී වේදිකාගතවීමට නියමිතය. සම්පත්, රත්නා, වසන්ත, සුදර්ශන හා කැලූම් ගම්ලත් රංගනයෙන් දායක වන මෙම නාට්‍යය කේ.බී. හේරත්ගේ රචනයකි. සංගීතය රෝහණ වීරසිංහගෙනි. නිෂ්පාදන දායකත්වය ලක්මාල් ගුණවර්ධන වෙතිනි.
අජිත් සමග කළ මෙම සංවාදයට රංගනය, මාධ්‍ය මෙන්ම තවත් ආනුෂාංගික විෂය කිහිපයක් පාදක වෙයි.

රග කලාව පිළිබඳ තිස් වසරකට අධික ඉතිහාසයක් ඇති ශිල්පියකු ලෙස නිරූපණ කලාව නම් වූ විෂය සම්බන්ධයෙන් ඔබ දරන අදහස කුමක්ද?

න්‍යායාත්මක හැදෑරීමක් මේ සඳහා අවශ්‍ය බව ඇත්ත. හැබැයි මොනතරම් හැදෑරුවත් ඒවා ඔළුවෙ තියාගෙන ගිහින් නෙමෙයි අපි වේදිකාවෙ රඟපාන්නෙ. කැමරාව ඉදිරිපිට රඟපාන්නෙ. මේකට දියුණු කරගත් දක්ෂතාවක් වගේම තමන් ගෙනාපු හැකියාවත් තියෙන්න ඕනෙ කියන එකයි මගේ හැඟීම. අපිව කලාකරුවො කියලා හැඳින්වූවාට මම විශ්වාස කරන්නෙ නැහැ අපි කලාකරුවො කියලා. අපි කලා ශිල්පීන්. කලාකරුවන් කියන්නේ මහගමසේකරලා, සරච්චන්ද්‍රලා වගේ වෙනම ශාස්ත‍්‍රීය පසුබිමක ඉන්න අය. ඉතිං, කලාකරුවන් වෙන්නත් හැමෝටම බැහැ. හැබැයි ශිල්පීයත්වය දියුණු කරගන්න බහුතරයකට පුළුවන්. උදාහරණයක් වශයෙන් මම ලයනල් වෙන්ඞ්ට් රංග ශිල්ප ශාලිකාවේ රංගනය ගැන හැදෑරුවා. සෝවියට් මිත‍්‍රත්ව සංගමයේ ඩග්ලස් සිරිවර්ධන මහතා මෙහෙයවූ නාට්‍ය වැඩමුලූවලට සහභාගි වුණා. පරාක‍්‍රම නිරිඇල්ල මහතා යටතේ රූපවාහිනී පාඨමාලාවක් කළා. මේ හැම තැනකදීම අපිත් එක්ක අතිවිශාල පිරිසක් සිටියා. හැබැයි ඔවුන් අතිබහුතරය මේ ක්ෂේත‍්‍රයේ රැුඳුණේ නැහැ. රැුඳෙන්නෙ මේක ඇෙඟ් තියෙන අය. මේ වැඬේට උනන්දු අය. ඒ වගේ රඟපෑමත් කොටුකරලා පෙන්වන්න බැහැ. ඒක එක් එක් මට්ටමේ කැපවීම් කළ අයගේ දැනුම හා සවිඥානික බව මත ගොඩ නැගෙන දෙයක්. එකම චරිතය දෙදෙනෙක් කළොත් කරන්නෙ දෙවිදියකට. සිරිපාල හා රන්මැණිකා කතාවෙ සිරිපාලගේ චරිතය විජයත් කළා. රවීන්ද්‍රත් කළා. දෙකම වැරදියි කියන්න අපිට බැහැ. සමහරවිට දෙන්නගෙන් එක්කෙනෙක් වඩා හොඳට කළ බව කවුරුහරි කියන්න පුළුවන්. නළුවා චරිතය අල්ල ගත්තු ප‍්‍රමාණය අනුව ඒක වෙන්නෙ. සතර අභිනය කියලා එකක් අපි රංගනයේදී ඉගෙන ගන්නවා. ඒක ඔළුවෙ තියාගෙන ගිහිල්ලත් රඟපාන්න බැහැ. හැබැයි පස්වැනි අභිනය කියලා එකක් තියනවා නම් මම කියන්නෙ ඒ බුද්ධිය. මම මෙතනදි බුද්ධිය කියලා කියන්නේ සමාජයේ ප‍්‍රායෝගිකව මිනිස්සු ජීවත් වන ආකාරය පිළිබඳව ගවේෂණය කරගන්නා දැනුමට.

Method Acting ඉගෙන නොගෙන Method එක උපයා ගතහැකි මග මොකක්ද?

ජෝ අබේවික‍්‍රම එක උදාහරණයක්. ඔහු ඉගෙන ගත් පාඨමාලා නැහැ. හැබැයි ජෝ මහත්තයා අපිට ඉගෙන ගන්න විශ්වවිද්‍යාලයක්. Method ඉගෙන නොගත්තට ඔහුගේ රංගනය Methodගෙනාපු හැකියාවකුත් ඔහු තුළ ඇති. මට ඔහු සමග වැඩ කරන්න අවස්ථාව ලැබුණා, රංසිරිගෙ සංග‍්‍රාමය කරන කොට. මම මනෝගෙ සහාය අධ්‍යක්ෂ. මම පිටපත අරන් ජෝ මහත්තයා ළඟට ගියාම, උඹ ඕක අරන් පලයං කොල්ලො කිව්වා. ඊට පස්සෙ මම දින ටික දුන්නා, ඩයරියෙ දාගන්න. ඒකත් ප‍්‍රතික්ෂේප කළා. හැබැයි ෂූටිං පටන් ගත්තු දා ඉඳලා උදේ හතට ජෝ මහත්තයා ලෑස්තියි. ඒ මිනිස්සුන්ගෙ පැවැත්ම තිබුණෙ එතැන. අද නළුවො කොච්චර ඩයරි පාවිච්චි කළත් වැඩිපුර තියන්නෙ පොලූ. ජෝ කවදාවත් දිනය හෝ වෙලාව වරද්දලා නැහැ. පිටපත එපා කිව්වාට ඒකෙ නැති දේවල් කියන්නෙත් නැහැ. සමහරවිට ලියපු දේටත් වඩා උචිත බසකින් ඔහු පිටපත සංවර්ධනය කර දෙනවා. අධ්‍යක්ෂවරයා සමග තරමක් දීර්ඝව සාකච්ඡුා කරමින් පිටපතත් චරිතයත් තමන්ගේ කරගන්න එක ජෝ අපූරුවට කරනවා. තිස්ස අබේසේකර මහත්තයා දවසක් රායි ගැන මෙහෙම කිව්වා. රායිගේ ෆිල්ම්වල තරු නැහැ. රායිට යම් කෙනකුගෙ මූණ හරියනවා කියලා දැනුණොත් ඔහු ගන්නවා. ඒ අය ලොකේෂන් එකේදි අහනවා සර් අපි මොකක්ද කරන්න ඕනෑ කියලා. ඇයි ඉතිං මේ අය නළුවො නෙවෙයිනෙ. රායි කියනවා මොකුත් කරන්න එපා අවබෝධ කරගන්න කියලා.

ස්ටැනිස්ලවුස්කිට අනුව රංගනය යනු කායික හා මානසික ප‍්‍රවේශයක්ය කියන කාරණය අජිත්ගෙ භාවිතාව ඇතුළෙ දැනෙන විදිය මොකක්ද?

මට චරිතයක් ලැබෙනවා. මම මේක අවබෝධ කරගත යුතුයි. මගේ ඔළුවෙ මැවෙන දේ ශරීර අභ්‍යන්තරයෙන්ම මතුකර ගන්නේ කොහොමද යන්න අභියෝගාත්මක කාරණයක්. ඒ අභියෝගය ජයගත හැකි නම්, එනම් ඇතුළාන්තයෙන්ම චරිතය පිළිබඳ අදහස මතු කරගත හැකි නම් අමුතුවෙන් කරන්න දෙයක් නැතිවෙනවා. මම දකින කායික හා මානසික ප‍්‍රවේශය එයයි. එතකොට චරිතය පිළිබඳ අවදි සිහියෙන් හිටගෙන හිටියත් විශේෂයෙන් ඔහුව පේනවා. ඒ සඳහා විනයක් තිබිය යුතුයි. හදාරලා තියෙන්නත් ඕනෑ. එයා දැන් ලොකු ළමයෙක් චිත‍්‍රපටයේ මාලිනිගෙ චරිතය ගන්න. වැඩිවිය පැමිණුනු ළමයෙක්ගෙ චරිතයක් ඒක. මාලිනී ඒ චරිතය කරන විට වයස 29-30ක්වත් ඇති. ඒත් ඇය අවුරුදු 13-14ක ගෑනු ළමයකුගෙ චරිතයක් කළේ. අදටත් මගේ නම් මතකයේ තිබෙන්නේ ඇය වැඩිවිය පැමිණීමෙන් ඉක්බිතිව දොරට වඩින අවස්ථාවයි. මාලිනී මහ ලොකු දෙයක් කළේ නැතිවෙන්න පුළුවන්. හැබැයි ඇය ඒ අවස්ථාව තුළ අවබෝධයෙන් ජීවත් වුණා.

අජිත් දායක වූ නිර්මාණ ඇසුරින් මේ කාරණයටම ප‍්‍රවිශ්ට විය හැකිද?

සඳ අමාවකයි ටෙලි නාට්‍යයේ මම මනෝ සමග කරපු චරිතය එහෙම දැනුණු එකක්. ඒවා අපේ ඇඟ ඇතුළෙ තිබුණු දේවල්. අධ්‍යක්ෂ හැටියට ප‍්‍රසන්න ජයකොඩි ඒවා තව පිරිමැදලා එළියට ගත්තා. නෑදෑයෝ නාට්‍යයේ මම කරපු හොරාගෙ චරිතයත් එහෙම එකක්. මම හොරෙක් නෙවෙයිනෙ. ඒ කාලෙ එක දවසක් මම අම්මත් එක්ක බෙහෙත් ගන්න මහ ඉස්පිරිතාලෙට ගියා. එතන ඉන්න කොට අපි වාඩිවෙලා හිටපු තැන උන්නු ගෑනු කෙනෙක් මං දිහා බලලා බංකුව උඩ තිබුණු එයාගෙ පර්ස් එක අතට ගත්තා මං උස්සයි කියලා. එහෙම වෙන්නෙ ඇයි? මම එතනදි ඇගේ විඥානය තුළ ඇත්ත හොරෙක් බවට පත්වුණා. පස්සෙ ඇය මට සොරි කියලා පර්ස් එක මම හොරකම් කරයි කියලා හිතුවා කියලත් කිව්වා. ඉතිං මිනිස්සුන්ට දැනෙන්න රඟපාපු එක ගැන මට සතුටක් ඇතිවුණා. ඒක Method එක ඔළුවෙ තියාගෙන කරපු වැඩක් නෙවෙයි. අවබෝධයෙන් කරපු වැඩක්.

අජිත් ලූහුබඳින පරමාදර්ශී නළුවෙක් ඉන්නවද?

නැහැ. ආශා කරන නළුවා හිටියාට ෆලෝ කරන්නෙ නැහැ. හැදෑරීම් වෙනුවෙන් ජෝ, ටෝනි, සිරිල් වික‍්‍රමගේ, ගාමිණී වගේ අය දිහා බලනවා. පිටරට නළුවන්ගෙන් ඇන්තනි ක්වීන් සහ නිකලස් කේජ්.

අපි අජිත්ගේ නවතම නාට්‍ය නිර්මාණය වන එකැස් වීරයාට එමු. එකැස් වීරයා කියන්නෙ කවුද?

මේක තාක්ෂණය සහ සෞන්දර්යය අතර ද්වන්ද්ව තත්ත්වයක් පිළිබිඹු කරන්නක්. මේ විෂයයන් දෙක අතරින් එකකින් පමණක් මිනිහෙක් පරිපූර්ණ වෙනවයි කියලා අපිට කියන්න බැහැනෙ. මේ දෙක සමබර කරගැනීමයි වැදගත්. එක ඇසකින් මේ ප‍්‍රශ්නය දෙස නොබැලිය යුතුයි යන්න තමයි එකැස් වීරයා තේමාව වෙන්නෙ.

වීරයා කියලා අදහස් කරන්නේ කවර තත්ත්වයක්ද?

හැමෝම හිතනවානෙ තමන් වීරයෙක් කියලා. එක කෝණයකින් පමණක් බැලීම නිසයි එහෙම වෙන්නෙ. එක ඇසකින් විතරක් බැලීම නිසයි එහෙම වෙන්නෙ. ඇස් දෙකෙන්ම ලෝකය දෙස බැලූ විට පුළුල්ව පෙනෙයි කියන අදහසයි එකැස් වීරයාගෙන් ප‍්‍රතීයමාන කෙරෙන්නෙ. තරග කරපං. අනෙකා පරාජය කරපං. දුක වේදනාව හා ආදරයට හැඟීම්බර නොවී තාක්ෂණයෙන් ලොව ජයගත හැකිය කියන මානසිකත්වය ඉස්මත්තට ආ සමාජයකටයි අපි කියන්නෙ එක ඇසකින් බලන්න එපා කියලා. තාක්ෂණයෙන් විශ්වයම ජයගත්තත් මිනිස්සුන්ගෙ හැඟීම් දැනීම්වල වෙනසක් තිබිය නොහැකියි කියන එක තේරුම් ගන්න තමන් ඛේදයකට මුහුණ දිය යුතුමද?

සෞන්දර්ය ලෝකයකට ඇතුළු වූ අය භෞතිකව තෘප්තිමත් විය හැකි ලෝකය සීමාකර ගන්නවා. ඒක ලංකාව වගේ රටවල සමාජීය ප‍්‍රශ්නයක් බවට පත්වෙනවා. මේ ගැන අජිත් හිතන්නේ කොහොමද?

භෞතිකව තෘප්තිමත් විය හැකි ලෝකය තුළ සාරධර්ම අඩුවෙලා තියෙනවා. එහි කෙළවර දියුණුවකුත් නැහැ. තෘප්තිමත් විය හැකි ලෝකයකුත් නැහැ. දරුවන්ගේ සහ මාපියන්ගේ ලෝකය ගෞරවයෙන් ආදරයෙන් පිරෙන එක නෙවෙයිද දියුණුව. ඒක අහිමි වුණොත් අපිට මොකද වෙන්නෙ. දරුවන්, මාපියන් අතර සහ සම්බන්ධය ඉරිතලායමින් තිබෙන යුගයක් මේක. අනෙකා පිළිබඳ හැඟීම අහෝසි වූ යුගයක් මේක. ඒක එසේ නොවිය යුතුය කියන අදහස පෙරදැරිවයි මම එකැස් වීරයා තේමාව ගොඩ නගන්නෙ.

මේක දේශපාලනික කාරණයක් ලෙස ඔබ තේරුම් ගන්නෙ කොහොමද?

විවෘත ආර්ථිකයෙන් පසු අපි සමාජයක් හැටියට බරපතළ අර්බුදයකට මුහුණ දුන් බව මගේ හැඟීමයි. විවෘත ආර්ථිකය නරකයි කියලා නෙවෙයි මම කියන්නේ. එහි භයානකම අන්තවලට අපි ගියා. ඒක භාවිතාවේ වැරැුද්දක්. වැරැුද්ද දිගටම සිදුවුණා. සාහිත්‍ය කලාව, නාට්‍ය, දේශපාලනය, රූපවාහිනිය ආදී හැම එකම කිසියම් යහපත් තැනක ඉඳලා අවර තත්ත්වයක් දක්වා පසුබැස ගිය ආකාරයකුයි මේ කාලය තුළ අපි දැක්කෙ. අපිට මේවායේ වඩා හොඳ තැනකට යන්න ඕනෙ නම් අලූත් තැනකට නොයා පළමු පියවර ලෙස හිටපු තැනට ගියත් ඇති. එතැන් සිට දියුණු කරගන්න පුළුවන්. අපි නිදසුනකට රූපවාහිනියම ගනිමු. 80 දශකයේ මුල ගුණාත්මක තත්ත්වයක් එම මාධ්‍යයේ පැවතුණා. ධම්ම ජාගොඩ වැනි අය හරහා උසස් රූපවාහිනී නාට්‍ය කලාවක රසය පේ‍්‍රක්ෂක සමාජය අත්වින්දා. පස්සෙ මොකද වුණේ. තනිකරම වාණිජකරණය වුණා.

එතකොට කවුද අවිචාරවත් වුණේ?

අපි රූපවාහිනියම ගනිමු. එම්.ජේ. පෙරේරා රූපවාහිනියේ සභාපති වෙලා ඉන්න කාලෙ ඔහු කිව්වෙ රාත‍්‍රී 8.30 කියන්නෙ සල්ලි හම්බ කරන වෙලාවක් නෙමෙයි කියලයි. දරුවන්ට අනාගත පරපුරට, මිනිස්සුන්ට උසස් රසවින්දනයක් දිය හැකි නිර්මාණවලට ඒ වෙලාව වෙන්විය යුතු බවයි ඔහු කිව්වේ. එම්.ජේ. මතවාදී ලෙස හැප්පුණේ ජේ.ආර්. එක්ක. ඒ ප‍්‍රතිපත්තියෙන් හොඳ නිර්මාණ බිහිවුණා. මට මතකයි අපි ‘දූ දරුවෝ’ නාට්‍ය අවසන් කළාට පස්සෙ ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් අපිට එන්න කිව්වා. සෝමවීර සේනානායක මහත්තයා නාලන් මෙන්ඩිස් ඇතුළු පිරිසක් ගියා. ඔවුන් අපෙන් ඉල්ලීමක් කළා අපිටත් මේ වගේ හොඳ නාට්‍යයක් කරලා දෙන්න කියලා. දූ දරුවෝ එකට ඇටෑක් කරන්න නෙමෙයි ඔවුන් කිව්වෙ, ඒ වගේ තවත් හොඳ නාට්‍යයක් කරලා දෙන්න කියලයි. ඒ කාලෙ යූනියන් බෑන්ක් එකෙන් හොඳ නාට්‍යයක් කරන කොට සෙලාන් එකෙනුත් ඊටත් වඩා හොඳ එකක් කරන්න උත්සාහ කරනවා. දැන් එහෙම නෙවෙයිනෙ. රූපවාහිනියෙන්මනෙ අනුග‍්‍රාහකයා සොයා ගන්නෙ. දූ දරුවෝ ්සර එසපැ එක බුක් කළේ සෙලින්කෝ එකෙන්. අපේ වැඬේ නිර්මාණය කරන එක පමණයි. එතකොට නිර්මාණයට පූර්ණ අවධානය යොමු කරන්නත් අපිට ඉඩ ලැබෙනවා. එතකොට ්සර ඔසපැ එකේ මිල විතරයි රූපවාහිනියට ගෙවන්නෙ. නාට්‍යයට ගෙව්වෙ සෙලින්කෝ එකෙන්. ඊට පස්සෙ අධික ලාභ ලබාගන්න රූපවාහිනිය විසින්ම ටෙලිනාට්‍ය ගත්තා. රසාස්වාදය පැත්තකට දැම්මා. කමර්ෂල් ගහන්න ගත්තා. තුට්ටු දෙකේ ටෙලිනාට්‍ය ප‍්‍රචාරය වෙන්න ගත්තා. වැඬේ බිංදුවට වැටුණා.

මේ ප‍්‍රශ්නෙට උත්තරයක් තියෙනවද?

මම දකින එක පිළියමක් තමයි ආයෙ රේඩියෝ රූපවාහිනී ලයිසන් කිරීම. ලයිසන් එක අයින් කරපු දවසේ ඉඳලා ඒවා ජනතාවට වගකියන ආයතන කියන ධාරාවෙන් බැහැර වුණා. මහජනයාට වග නොකියන ආයතනයකට ඕනෑ දෙයක් කළ හැකියි. මේකෙ දාන ඕනෙ දෙයක් අපිට බලන්න වෙලා තියෙන්නෙ ඒ නිසයි. අපි මිලක් ගෙවා ලයිසන් ගන්න විට අපිට ඔවුන්ට බලපෑමක් කළ හැකියි, උඹලා මහජනතාවගේ රසඥතාව මොට කරන ඒවා ප‍්‍රචාරය කරන්න එපා කියලා. ඉස්සර ගුවන්විදුලියේ ගීතයක් ප‍්‍රතිවාදනය වුණත් ඔවුන් ශ‍්‍රාවකයාගෙන් සමාව ගන්නවා. දැන් ඒක නැහැ. උඹලට ඕනෑ නම් අහපල්ලා, නැත්නම් නිකම් හිටපල්ලා කියන එකයි අද ප‍්‍රතිපත්තිය. ඒ කාලෙ මට මතකයි ඔහොම ගුවන් විදුලි වැඩසටහනක් සම්බන්ධ යෙන් ශ‍්‍රාවකයෙක් නඩුවක් දැම්මා. ඒ විතරක් නෙමෙයි ඔහු නඩුව දිනුවා. මම පසුගිය රජයටත් ඔය ලයිසන් යෝජනාව ගෙනාවා. ඒක අමතර බරක් කියලා මිනිස්සුත් විරුද්ධ වෙයි. ඒත් ඒකෙන් මහජන සේවා ජනමාධ්‍ය කියන එකට අත්වෙන සේවය අතිවිශාලයි. මේක මිනිස්සුන්ගෙ යහපතට කරන වැඩක් කියලා ජනතාවට තේරුම් ගියොත් ඔවුන් ඒකට විරුද්ධ වෙන්නෙ නැහැ. දැන් ඔය උදේට පත්තරේ කියනවනෙ ටීවීවල. මොකටද ඒ. පත්තරය මිනිස්සු අරගෙන කියවිය යුතු එකක්නෙ. සතියේ දවස්වල හැම නාලිකාවෙම උදේට කොච්චර පච ප‍්‍රචාරය කරනවද? කෙනෙක් ඇවිත් උදේට වාලම්පුරි ගැන කතා කරනවා. වාලම්පුරි ඔච්චර මුහුදෙ තියෙනවද? ඉන්දියාවෙ පාරවල් අයිනෙ වාලම්පුරි වක් කරනවා. ඉතිං වාලම්පුරි ගැන මිනිහා ඒ පැත්තෙන් කතා කරන කොට තව එකක ජ්‍යොතිෂය ගැන පට්ට බොරු කෙළිනවා. මම චැනල් එකේ අපේ නහිතවතුන්ගෙන් ඇහුවා මොකක්ද බං ඔය වැඬේ තේරුම කියලා. උන් කිව්වා මේකනෙ අජිත් අයියෙ වැඬේ ඒගොල්ලො සල්ලි දීලා ඒ කාලය වෙන් කරගෙන තියෙන්නෙ කියලා. ඒක ලොකු ඇඞ් එකක්. යට දැවැන්ත බිස්නස් එකක්. මහජනයාට වග කියන මාධ්‍යයක් මේ වැඬේට කොහොමද ඉඩ දෙන්නෙ. පේ‍්‍රමකීර්තිලා වගේ අදීන මිනිස්සු මාධ්‍ය ආයතනවල තව එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවා. ඒ අයට ඉඩක් දෙන්නෙ නැහැ. ටෙලිනාට්‍යයක් හදලා ඒක දාගන්න ඇමතිට පගාව දෙන්න වෙනවා නම් හොඳ නිර්මාණකාරයො ටෙලි නාට්‍යය කරයිද? නැහැ. පැත්තකට වෙනවා. ඒක තමයි පසුගිය කාලෙ වුණේ.

ඔබේ එකැස් වීරයා එක් අතකින් උඩුගං බලා පිහිනීමක්ද වෙනවා. තාක්ෂණයෙන් ආතුර වූ සමාජයක් ඒකෙ අනිත් පැත්ත ගැන කරන සාකච්ඡුාවකට කොපමණ දුරට ප‍්‍රතිචාර දක්වයිද?

මම දැනට දර්ශන දෙකක් පෙන්නුවා. ඒක බලන්න ආවෙත් හිනාවෙලා යන්න වෙන්න ඇති. මගේ නාට්‍ය දුවන්නෙ නැති වෙන්න පුළුවන්. ඒක එහෙමයි කියලා ඇත්ත වහලා දාලා ඉන්න අපිට පුළුවන්ද? මම කියන්නෙ හොඳ කමඩියකුත් අපිට කරන්න පුළුවන්. අල්ලපු ගෙදර මතකද? ඒකට ගහන්න කමඩි චිත‍්‍රපටයක් තවත් තියනවද? තාමත් ටයි මහත්තයාගෙ චණ්්ඩියට ගහන්න චණ්ඩියා වර්ගයේ චිත‍්‍රපටයක් නැහැ. හඳයාට ගහන්න ළමා චිත‍්‍රපටියකුත් නැහැ. අපිට බැරි ඇයි එතනට යන්න. දක්ෂ මිනිස්සුන්ගෙ අඩුවක් නැහැ. ඒත් අනුකාරකයන්ට තමයි වැඩි ඉඩක් හැදිලා තියෙන්නෙ. එකෙක් ඉතිහාස චිත‍්‍රපටයක් කළොත් සේරම ඒ වැඬේ කරනවා. සිනමාවේ මූලධර්මවත් නොදන්න අධ්‍යක්ෂවරු පිටපතත් අරගෙන ගිහින් ප‍්‍රඩියුසර් කෙනෙක් හොයලා දෙන්න කියලා හිටපු ජනාධිපතිතුමා ළඟ අඬා වැටෙනවා. එතකොට එහෙම කෙනෙක් හොයලා දෙනවා. ඉතිං සල්ලි අපරාදෙ. ඒ සල්ලි ලෙස්ටර් ජේම්ස් පීරිස්ට දුන්නා නම් කොහොම චිත‍්‍රපටයක් කරයිද? මං කියන්නෙ සිනමාව දන්න මිනිහෙකුට දුන්නා නම් ඒක කලාවට කරන කොච්චර ලොකු සේවයක්ද?

අද වෙනකොට කෘතිය සහ රසිකයා අතර තිබෙන සම්බන්ධය කෙබඳු මට්ටමේ එකක් බවට පත්වෙලාද?

රසවින්දනය තමයි අද බිංදුවටම ගිහිල්ලා තියෙන්නෙ. අපි හදන්න මහන්සි ගන්න ඕනෙ හොඳ රසවින්දනාත්මක පරපුරක්. ඒකට මැදිහත්වෙන්න කැමති පිරිස් ඕනතරම් ඉන්නවා. මේ සඳහා රටේ මිනිස්සුන්ගෙ ආකල්පමය වෙනසක් වෙන්න ඕනෑ. චින්තන විප්ලවයක් සිදුවෙන්න ඕනෑ. ඒක දේශපාලනඥයන්ට කරන්න බැහැ. ඒක කළ හැක්කේ කලාකරුවන්ට පමණයි. ඒක කිරීමට අවශ්‍ය වපසරිය හදලා දෙන එක දේශපාලනඥයාගේ වගකීමක්. ඒක ඔවුන් කරන්නේ නැහැ. පසුබිම හදලා සමාජය සංස්කෘතික වුණොත් දේශපාලනඥයාට පැවැත්මක් නැතිවෙනවනෙ. ඒක හරියට වතුකරේ අධ්‍යාපනය වගේ. ජනයාට අධ්‍යාපනය දුන්නොත් වතුකරේ දේශපාල නඥයන්ගේ තැන ඉවර වෙනවා. හැබැයි ලංකාවෙ මිනිස්සුන්ට යමක් කරන්න බැරි නැහැ. මම හිටපු ජනපති ළඟ වැඩ කරපු කෙනෙක්. අපි ජීවිතේට හිතුවෙ නැහැ මහින්ද පරදියි කියලා. ඒත් ජනතාව ඔහුව පැරැුද්දුවා. සමහරු කියනවා ඒක ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් කියලා. ඒ වුණාට කතිරෙ ගැහුවෙ පිටරටින් ආපු අය නෙවෙයි, අපේම එවුන්නෙ. ඇයි මිනිස්සු එහෙම හිතුවෙ. මම කියන්නෙ ඔවුන් වෙනසක් ප‍්‍රාර්ථනා කළා නම් ඒ වෙනුවෙන් මැදිහත් වෙලා ඒක කරපු එක හොඳයි. මම කියන්නෙ අපි රටේ සෑම දේකදිම විශේෂයෙන් සංස්කෘතික කටයුතුවලදීත් ඒ විදියටම වැඩ කරමු. ඒක තමයි අපේ යුතුකම හා වගකීම වෙන්නෙ.