රාවය

අහස හා පොළොව ජයගැනීමේ ගෝලීය අපේක්ෂා

අහස හා පොළොව ජයගැනීමේ ගෝලීය අපේක්ෂා

ප‍්‍රභාෂ්වර

1990 දශකයේදී විශ්ව විද්‍යාලවලට පමණක් සීමාවී තිබුණු අන්තර්ජාල සබඳතා, ඉන්පසු කලෙක සාමාන්‍ය ජනයා අතට පත්වීමත් සමගම අන්තර්ජාල භාවිතයේ වර්ධනය ශීඝ‍්‍රයෙන් ඉහළ ගියේය. 1997දී අන්තර්ජලය හා සම්බන්ධ වී සිටියේ ලෝක ජනගහනයෙන් 02%ක් පමණි. 2014 වන විට එය 39% දක්වා වර්ධනය විය. එනම් 2014දී අන්තර්ජාලය සමග ගනුදෙනු කරමින් සිටි ලෝවාසීන්ගේ සංඛ්‍යාව බිලියන 03කි. එහෙත් මින් පෙනීයන්නේ ලොව වෙසෙන ඉතිරි බිලියන 04 තවමත් නව තාක්ෂණය සමග අත්වැල් බැඳගෙන නොමැති බවයි. සංවර්ධනයවෙමින් පවතින රටවල ජනයාගෙන් 32%කට අන්තර්ජාල අත්දැකීම තිබෙන අතර ධනවත් රටවල මෙම ප‍්‍රතිශතය 78%කි. 2014 වන විට අන්තර්ජාල සබඳතා පැවැත්වූ අප‍්‍රිකානුවන්ගේ ප‍්‍රතිශතය 19%ක් විය. අනෙක් යටිතල පහසුකම්වලට මෙන්ම අන්තර් ජාලයටද ලෙහෙසියෙන් ප‍්‍රවේශ වියහැක්කේ ඔබ නගරබදව වාසය කරන අයකු නම් පමණි. ධනවත් රටක් තුළදී වුව එහි දුරබැහැර වෙසෙන (ග‍්‍රාමීය) ජනතාවට, නව තාක්ෂණය වෙත අවතීර්ණවීමේ අවස්ථා සුලබව හිමි නොවේ. නව තාක්ෂණයට මෙතෙක් හුරුපුරුදු නොවූ ග‍්‍රාමීය ජනයා ඊට නොපමාව සම්බන්ධ කරගැනීමේ අදහසින්, ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම ඇමරිකානු බහුජාතික සමාගම් හතරක් වත්මනෙහි පෙරට පැමිණ සිටී. ඔවුන්ගේ අරමුණවන්නේ නගරවලට පමණක් සීමාවූ අධිවේගී සහ සුපිරි ගණයේ අන්තර්ජාල සේවාවන්, නාගරික, ග‍්‍රාමීය භේදයකින් තොරව හැම ලෝවැසියකුටම වෙනසක් නොකොට පිරිනැමීමයි.

ගූගල් ආයතනයේ සැලැස්ම

ටෙලිකොම් උපකරණ, පරිගණක මෘදුකාංග හා අන්තර්ජාල සේවා සපයන, ඇමරිකානු ඩොලර් බිලියන 66ක වාර්ෂික ආදායමකට හිමිකම් කියන, කැලිෆෝර්නියාවේ පිහිටි ගූගල් සමාගම මේ අරමුණ (අන්තර්ජාල සබඳතා සුලබ කිරීම) සාක්ෂාත් කරගැනීමට උත්සාහ කරන්නේ හීලියම් පිරවූ බැලූන් සමූහයක් ගුවන් ගතකිරීම හරහාය. මේ හැම බැලූමක් තුළම වයර් රහිත, සූර්ය තාප බලශක්තියෙන් ක‍්‍රියාකරන සම්පේ‍්‍රෂකයන් සවි කෙරෙනු ඇත. ස්මාර්ට් ජංගම දුරකතන බලාත්මක කරනු ලබන සිග්නල් කණු හෝ වයිෆයි කලාප මෙන් නොව මෙම හීලියම් බැලූන්, අහසේ පාවෙන සංඥා මධ්‍යස්ථාන සේ ක‍්‍රියාකිරීමට අපේක්ෂිතය. හීලියම් බැලූන්වලට පොළොවේ ඇති ස්මාර්ට් ජංගම දුරකතන හා අනෙකුත් පරිගණක මෙවලම් සමග ඍජු සබඳතා පැවැත්වීමේ හැකියාව තිබේ. බැලූමේ උන්නතාංශය (මුහුදු මට්ටමේ සිට ඇති උස* වාතය ගමන් කරන පැත්තට හෙවත් සුළං අතට අනුකූලව වෙනස් කිරීමේ හැකියාව ගූගල් සමාගම සතුව තිබෙන නිසා හැම බැලූමක්ම ස්ථානගතව ඇත්තේ කොහිද යන්න නිශ්චිතවම කිව හැකිය. මුහුදු, මුඩුබිම් හා වනාන්තර වැනි ජනශූන්‍ය පෙදෙස්වල රැුඳී තිබෙන බැලූන් නැවත ජනාකීර්ණ පෙදෙස් දක්වා සුළං මගින් ගමන් කරවීමටද ගූගල් සමාගම නව තාක්ෂණය ඔස්සේ ක‍්‍රියාකරනු ඇත. සම්පේ‍්‍රෂණ කුලූනු නොමැති ග‍්‍රාමීය පෙදෙස්වල අහසේ මේවා සුලබව පාවීමට සැලැස්වීම මගින් ගම්බද ජනයාට අන්තර්ජල සබඳතා අඛණ්ඩව පිරිනැමීමට ගූගල් සමාගම බලාපොරොත්තු වෙයි. ටෙලිකොම් කුලූනු ගොඩනැගීමට හැකියාවක් නැති අන්ත නොදියුණු ගම්බිම් පවා හීලියම් බැලූන් මගින් ආවරණය කළ හැකියැ’යි ගූගල් තාක්ෂණ විශේෂඥයෝ පවසති. ගූගල් සමාගමේ බැලූන් ව්‍යාපෘතිය භාර ප‍්‍රධානියා වන මයික් කැසිඞ් එහි අනාගතය ගැන සිය අදහස් දක්වන්නේ මෙසේය. ‘ලෝක ගෝලය අවට ඇති සුළෙඟ් ස්වභාවය හා අදාළ දත්ත, අවුරුදු 30ක් තිස්සේ අප විසින් එක්රැුස් කොට තිබෙනවා. සුළං වේගය ස්වයංක‍්‍රීයව මැනිය හැකි විද්‍යුත් උපකරණයක් බැලූම තුළ සවිකොට ඇති අතර ඊට අනුකූලව දුරස්ත පාලකයක් මගින් බැලූමේ ගමන් මග මෙහෙයවිය හැකි තාක්ෂණ ක‍්‍රමවේදයක් අප සතුව පවතිනවා. බැලූන් ව්‍යාපෘතිය ආරම්භයේදී විවේචකයන් මාව හැඳින්වූයේ .ඛදදබ. හෙවත් පිස්සා යන නාමයෙනි. එහෙයින් මෙය ගූගල් .ඛදදබ. ව්‍යාපෘතිය ලෙස නිල වශයෙන්ම හඳුන්වාදීමට අප තීරණය කළා.’

ෆේස් බුක්හි වැඩපිළිවෙළ

රොබෝ තාක්ෂණයෙන් සහ සූර්ය තාප බලශක්තියෙන් ක‍්‍රියාකරන ඩ්‍රෝන හෙවත් කුඩා ගුවන්යානා අහසේ රඳවා තබමින් ලොව නොදියුණු ග‍්‍රාමීය පෙදෙස්ලට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීමට ෆේස්බුක් ආයතනය වර්තමානයෙහි සැලසුම් යොදමින් සිටී. තුන්වෙනි හා හතරවෙනි පරම්පරාවේ තාක්ෂණය ලෙස හැඳින්වෙන 3ඨ හා 4ඨ අධිවේගී අන්තර්ජාල සබඳතා, ස්මාර්ට් ජංගම දුරකතන හා අනෙකුත් පරිගණක මෙවලම් වෙත, ඒවා පරිහරණය කරන්නා ලොව කොතැන සිටියත්, බාධාවකින් තොරව ලබාදීමට ඩ්‍රෝන යානා ඔස්සේ හැකිවෙතැ’යි ෆේස්බුක් සමාගම අවධාරණය කරයි. කේබල් අදිමින් ටෙලිකොම් කුලූනු ගොඩනැගීම හරහා ග‍්‍රාමීය ජනතාව අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට අතිවිශාල ධනස්කන්ධයක් වැයවෙයි. ජංගම දුරකතන හා අදාළ සංඥා කුලූනු සඳහා එවැනි කේබල් අවශ්‍ය නොවෙතත්, අධිසංවේදී අන්තර්ජාල සබඳතා ඒ හරහා පවත්වාගෙන යෑම බොහෝ දුෂ්කරය. වෙළෙඳ ගුවන් සේවා විසින් භාවිත කරනු ලබන උසට වැඩි උසක් වන කිලෝමීටර් 20ක් දුර අහසේ සිය ඩ්‍රෝන යානා පියාසර කරවීමට ෆේස්බුක් ආයතනය අපේක්ෂා කරයි. මෙම ඩ්‍රෝන යානාවලට ලේසර් කිරණ මගින් එකිනෙක සමග දත්ත හුවමාරු කරගැනීමටද පිළිවන. එවැනි අන්තර් සන්නිවේදනයක් මගින් පොළොවේ පිහිටුවා ඇති පරිගණක මධ්‍යස්ථාන වෙත, කිසිදු බාධාවකින් තොරව අධිවේගී අන්තර්ජාල පහසුකම් පිරිනැමීමට මෙම ඩ්‍රෝන යානා කටයුතු කරනු ඇත. පෙරහුරු පියාසර කිරීම් ගණනාවක් එංගලන්තය තුළදී ඉතා සාර්ථක ලෙස සිදුකිරීමට ෆේස්බුක් ආයතනය සමත් වූ අතර ඩ්‍රෝන යානා නිර්මාණය කරන ලද්දේද, ෆේස්බුක් විසින් 2014දී ඩොලර් මිලියන 20ක් ගෙවා අත්පත් කරගත් ‘ඇසෙන්ටා’ සමාගම විසිිනි. සූර්ය තාප බලයෙන් ක‍්‍රියාකරන නිසා මෙම ඩ්‍රෝන යානාවලට මාස ගණනාවක් පුරා අහසේ පියාසර කළ හැකිය. අලූත්වැඩියා සහ නඩත්තු කටයුතු වෙනුවෙන් පමණක් ඒවා යළි පොළොවට ගෙන්වා ගැනීමට නියමිතය. උසස් තාක්ෂණයෙන් නැවත ඒවා සන්නාහ සන්නද්ධ කොට, තාක්ෂණික පහසුකම් නොමැති ලොව ඈත ගම්බිම්වලට ඉහළ අහසේ පියාසර කරවීම ෆේස්බුක්හි බලාපොරොත්තුවයි. චන්ද්‍රිකාවක් ගුවන්ගත කරනවාට වඩා අඩු පිරිවැයකින් ඩ්‍රෝන යානා මෙහෙයවිය හැකි බව මෙම ව්‍යාපෘතියෙහි ප‍්‍රධානී යේල් මැග්වයර් පවසයි.

ස්පේස් එක්ස් සහ වන් වෙබ්

ඉහළ අහසේ ස්ථාන ගතකොට තිබෙන චන්ද්‍රිකාවකට පෘථිවියේ ඇති බොහෝ පෙදෙස් හොඳින් දක්නට ලැබෙන නිසා මිනිසුන් මිලියන ගණනක් සඳහා වුව දත්ත සැපයීමේ හැකියාව එය සතුය. චන්ද්‍රිකා මගින් සැපයෙන අධිවේගී අන්තර්ජාල සේවාවන් අද ලොව තුළ බහුලව දක්නට ඇතත්, ඒ වෙනුවෙන් අය කෙරෙන අධික මිල සාමාන්‍ය පාරිභෝගිකයකුට දරාගත නොහැකිය. පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 36000ක උඩින් රඳවා තිබෙන මෙවැනි චන්ද්‍රිකා මගින් නිකුත් කෙරෙන සංඥා සාර්ථකව අවශෝෂණය කරගැනීම පිණිස, අධි බලැති සන්නිවේදන කට්ටල අවශ්‍ය වීම මෙම මිල ඉහළයෑමට හේතුවයි. විදුලි මෝටර් රථ නිපදවන ‘ටෙස්ලා’හි සහ ස්පේස් එක්ස් නමැති රොකට් සාදන සමාගමේ අධිපති වන එලන් මස්ක් පවසන්නේ, පොළොවේ සිට කිලෝමීටර් 1200ක් පමණ දුරින් සිය චන්ද්‍රිකා ස්ථාපිත කිරීම මගින් සහන මිලකට අධිවේගී අන්තර්ජාල පහසුකම් පොදු ජනයාට සැපයිය හැකි බවයි. ෆයිබර් ඔප්ටික් කේබලයක් හරහා දිවෙන වේගය මෙන් 40%ක වැඩි වේගයකින් අභ්‍යවකාශය තුළ ආලෝකය ගමන් කරන හෙයින් ඇමරිකන් ඩොලර් බිලියන 10ක් වැයවෙන මෙම සැටලයිට් ඉන්ටර්නෙට් ව්‍යාපෘතිය මතුදා සාර්ථක වනු ඇතැ’යි හෙතෙම විශ්වාස කරයි. වන් වෙබ් ආයතනයේ නිර්මාතෘ ග්‍රෙග් වයිලර්ට අනුව, කුඩා සහ ඉතා සංකීර්ණ නොවන චන්ද්‍රිකා 648ක් ගුවන්ගත කිරීම මගින් ලෝක ගෝලයේ විශාල භූමි ප‍්‍රදේශයකට අන්තර්ජාල පහසුකම් ලබාදීම පහසුවෙන් සිදුකළ හැකිය. මෙවැනි එක් චන්ද්‍රිකාවක් වෙනුවෙන් ඔහු වැයකිරීමට අපේක්ෂා කරන මුදල් ප‍්‍රමාණය, ඇමරිකන් ඩොලර් 350,000කි.

මේ එක චන්ද්‍රිකාවකට ගම්මාන 12කටත් වැඩි සංඛ්‍යාවක් වෙත අධිවේගී අන්තර්ජාල පහසුකම් පිරිනැමිය හැකිය. චන්ද්‍රිකාව සමග ඍජුව සම්බන්ධ විය හැකි කුඩා සන්නිවේදන කුලූනු ගම්මානවල හා පාසල් තුළ ඉතා අඩු පිරිවැයකින් ඉදිකළ හැකි වන ග්‍රෙග් වයිලර් පවසයි. ලෝකයේ ජනශූන්‍ය පෙදෙස්වල පිහිටා ඇති තෙල් ආකරවලට හා ඈත මුහුදේ ගමන් කරන විශාල නෞකාවලට චන්ද්‍රිකා-අන්තර්ජාල පහසුකම් දැනටමත් නොමඳව සපයමින් සිටින තම ආයතනයට, මෙවැනි ව්‍යාපෘතීන් දියත් කිරීම එතරම් අමාරු කාර්යයක් නොවන බව හෙතෙම අවධාරණය කරයි.

නව තාක්ෂණයෙන් දුගී බව දුරලීම

ඉහත කී ආයතන හතර, බැලූන්, ඩ්‍රෝන යානා සහ චන්ද්‍රිකා වැනි විවිධ මෙවලම් යොදවා ලොව දුෂ්කර ප‍්‍රදේශවලට නුදුරු අනාගතයේදී අධිවේගී අන්තර්ජාල පහසුකම් සපයා දුනහොත්, ඒවා ඵලදායී ලෙස යොදවමින් ග‍්‍රාමීය දුප්පත්කමට එරෙහිව සටන් කිරීමේ හැකියාව, ප‍්‍රගතිශීලී සමාජ ක‍්‍රියාකාරීන්ට ලැබෙනු නිසැකය. තමා ජීවත් වන ස්ථානය කෙතරම් දුෂ්කර වුවද, එතැන හොඳ අන්තර්ජාල පහසුකම් තිබේ නම් ලොව හොඳම ගුරුවරුන් වෙතින් ඕනෑම විෂයයක් උගෙනීමේ පහසුකම කවරෙකුට වුව හිමිවේ. ආබාධිතයන්ට හා අවවරප‍්‍රසාදිත පුද්ගලයන්ට වුවද මෙම අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගත හැකිවේ. විශේෂයෙන්ම ග‍්‍රාමීය කාන්තාවන්ට අන්තර්ජාල අධ්‍යාපනය පිරිනැමීම ඔස්සේ උපත් පාලන උපකරණ භාවිතයද, දරුවන් අතර පරතරයක් තබාගැනීම, බිලිඳු මරණ අවම කිරීම, ළමා මන්දපෝෂණය තුරන් කිරීම සහ දරුවන් අධ්‍යාපනයට යොමු කිරීම වැනි යහපත් වෙනස්වීම් සමුදායක් සමාජය තුළ අනිවාර්යයෙන්ම ඇතිවන බව යුනෙස්කෝ සංවිධානය පවසයි. මනා අධ්‍යාපනයක් ලැබූ ග‍්‍රාමීය කාන්තාවට හොඳ රැුකියාවක් මෙන්ම සමාජ ආරක්ෂාවක්ද නිතැතින්ම හිමිවේ. පාඨශාලාවක පිහිටුවා ඇති සාමාන්‍ය පන්ති කාමරයක් මගින් පිරිනමන අධ්‍යාපනයට වඩා 60%ක අඩු පිරිවැයකින් යුතු, ජාත්‍යන්තර මට්ටමේ විද්‍යුත් පාඨමාලාවක් ශිෂ්‍යයා/ ශිෂ්‍යාව වෙත අන්තර්ජාලය මගින් ලබාදිය හැකි බැව් දැන් අනාවරණය වී තිබේ. සංවර්ධනයවෙමින් පවතින රටවල් තුළදී අතිවිශිෂ්ට ගුරුභවතුන් අපට හමුවන්නේ බොහෝවිට ඒවායේ නගර තුළදී පමණය. ගම්මානවල වෙසෙන බහුතරයක් ගුරුවරු නුපුහුණු අය වේ. සුපිරි ගුරුවරුන්ගේ සජීවී දේශන වීඩියෝ සම්මන්ත‍්‍රණ පහසුකම හරහා ගැමි දරු දැරියන්ට ලබාදීම මගින් මෙම අඩුපාඩුව මගහරවා ගත හැකිය. මයික්‍රොසොෆ්ට් ශ‍්‍රී ලංකා ආයතනය, රැුකියාභිමුඛ අධ්‍යාපන පාඨමාලා, අන්තර්ජාලය හරහා ශ‍්‍රී ලංකාවේ සිසු පරපුරට ලබාදීමේ නව වැඩපිළිවෙළක් මේ වනවිට දියත් කොට තිබේ. ඇමතුම් මධ්‍යස්ථාන, සංචාරක කර්මාන්තය, කෘෂි තාක්ෂණය හා තොරතුරු සන්නිවේදනය ආශ‍්‍රිත රැුකියා සඳහා පාසල් දරු දැරියන් ඔවුන්ගේ විශේෂඥයන් හරහා පුරුදු පුහුණු කිරීම මයික්‍රොසොෆ්ට්හි පරිචයයි. මේ ලියුම්කරු සිය සේවා ස්ථානය සමග එක්ව මයික්‍රොසොෆ්ට් රැුකියාභිමුඛ අධ්‍යාපනය නුදුරු අනාගතයේදී ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය දූ දරුවන් වෙත ලබාදීමට අපේක්ෂා කරයි. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දැනටමත් අප විසින් සම්පාදනය කොට අවසන්ය. බැලූන්, චන්ද්‍රිකා හා ඩ්‍රෝන යානා ඔස්සේ අධිවේගී අන්තර්ජාල සබඳතා අප වෙත මතුදා හිමිවුවහොත්, මෙරට අධ්‍යාපනය විප්ලවකාරී වෙනසකට බඳුන් කිරීමේ සද්කාර්යයට අපි නොපැකිළව මුල පුරන්නෙමු. 1776දී ආර්ථික විද්‍යාඥ ඇඩම් ස්මිත් පැවසූ වදන් පෙළක් මේ මොහොතේ මගේ සිිහියට නැගේ. ‘රටක බුද්ධිමත් හා උගත් අතළොස්ස, එහි මෝඩ හා නූගත් බහුතරයට වඩා බෙහෙවින්ම ඉදිරියෙන් සිටියි. ඇවතුම් පැවතුම් හා ගති සිරිත්වලින් ඔවුහු නූගතුන්ට වඩා මනා හික්මීමක් හා දූරදර්ශීභාවයක් පෙන්නුම් කරති. එවැනි උගත්, ශිෂ්ට පුද්ගලයන්ගේ නායකත්වය හිමිවන ජාතියක්, කුල, ආගම් හා ගෝත‍්‍ර භේද පසෙකලා තම මව්බිම ලොව තුළ බැබලවීම සඳහා ඇප කැපවෙයි.’

ගෝත‍්‍රවාදයෙන්, ජාති වාදයෙන් හා ආගම්වාදයෙන් මත්වී, රටේ ජාතික කොඩියෙන් පවා සුළු ජාතිකයන් අකා මකා දැමීමට තැත් කරන අශීලාචාර ගෝත‍්‍රික කණ්ඩායම් කල එළි බසින වර්තමානයේදී, ශිෂ්ට හා උසස් අධ්‍යාපනයක් මතු පරපුරට නව තාක්ෂණය මගින් තිළිණ කිරීම, යුගයේ අවශ්‍යතාවක් බැව් සඳහන් කරමින් මේ සටහන නිමාකරනු කැමැත්තෙමි.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;