ඉන්දු චීන සබඳතා නව මඟකට

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ චීන චාරිකාව පසුගිය 15 නිමාව දුටුවේ ය. ඒ ගැන ලොව ප‍්‍රධාන මාධ්‍ය සියල්ලේ ම අවධානය යොමු වී තිබෙනු මේ සතිය පුරා ම දැකිය හැකිවිය.

පසුගිය සැප්තැම්බර් 17 සිට 19 දක්වා චීන ජනාධිපති ක්‍ෂි ජිං පිං ඉන්දියාවේ සංචාරයේ යෙදුණේ ය. ඔහු සිය සංචාරය ආරම්භ කළේ මෝදිගේ ජන්ම ප‍්‍රන්තය වන ගුජරාටි හි අහමදාබාද් නගරයෙනි. එයට සරිලන පරිද්දෙන් මෝදි සිය චීන සංචාරය ඇරඹූයේ ක්‍ෂි උපත ලද ක්‍ෂියේ පළාතේ ශන්ක්‍ෂි අගනුවරිනි. පැරණි සේද මාවතේ ආරම්භක ස්ථානය ලෙස සැලකෙන්නේ ද මේ ශන්ක්‍ෂි ය.

මෝදි ගැන වූ වර්ණනා මාධ්‍ය වාර්තාවල කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ ය. විශේෂයෙන් ම ඔහුගේ ඇඳුමේ ක‍්‍රමවත්බව පිළිබඳ විස්තර.
මෝදිගේ චීන සංචාරයේ දී දෙරට අතර ඇඩො බිලියන 22ක ව්‍යාපාරික ගනුදෙනු එකගතාවලට එළැඹිණි. ඒ ක්‍ෂිගේ ඉන්දීය චාරිකාවේ දී අත්සන් තබන ලද ඇඩොබි 20ක ගනුදෙනුවලට අමතර වහයෙනි.

ඉන්දු- චීන දේශ සීමාව කිමී 3,500 දිග ය. මේ නිසා අතීතයේ දෙරට අතර ආරවුල් පැවැති අතර 1962 ඔක්තෝබර් 20 සිට දින 30ක් පුරා සටන් පැවැතිණි. මේ විරසකය තවත් හේතු ද නිසා දිග්ගැසුණු අතර 1952 අග‍්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරුගේ චීන සංචාරයෙන් පසුව 1988 වසරේ ඔහුගේ මුණුබුරු රජිව් ගාන්ධි චීන සංචාරයක නිරත වන තෙක් කිසිදු ඉන්දීය අගමැතිවරයකු චීනයේ සංචාරයක නිරත වූයේ නැත.

වත්මන් ඉන්දු- චීන සබඳතාවල ආරම්භය එය ලෙස ගතහොත් වැරදි නොවේ. ඉන්පසු සෑම ඉන්දීය අගමැතිවරයකු ම චීන සංචාරයක නිරත වී ඇති අතර ආචාර්ය මන්මෝහන් සිං තුන් වරක් චීනයට නිල ගමන් ගොස් ඇත.

එහෙත් විචාරකයන් පෙන්වා දෙන පරිදි අග‍්‍රාමාත්‍ය මෝදිගේ චීන සංචාරය සහ ජනාධිපති ක්‍ෂිගේ ඉන්දියා සංචාරය අලූත් වාතාවරණයක් ඇති කරමින් පවතියි. ‘ඉන්දියාව සහ චීනය යනු එක් ආත්මයක් පමණක් ඇති දේහයන් දෙකක්’ යන මෝදිගේ කියමන ක්‍ෂිගේ මහත් ප‍්‍රශංසාවට බඳුන් ව තිබේ. ‘ලෝකයේ විශාලතම කම්හල සහ විශාලතම පිටුපස කාර්යාලයය (back office) අප දෙරටයි’ යනු ප‍්‍රශංසාවට බඳුන් වූ තවත් මෝදිගේ කියමනකි.

දෙරට වර්තමාන ජනගහන ඉන්දියාවේ සහ චීනයේ පිළිවෙළින් බිලියන 1.23 සහ 1.41 වේ. 2035 දී මේවා පිළිවෙළින් 1.53 සහ 1.45 වනු ඇති අතර 2050 දී 1.57 සහ 1.46 වනු ඇතැයි අනාවැකි පළ වී තිබේ. මේ නිසා චීනයට කෙසේවෙතත් ඉන්දියාවට තවත් අවුරුදු 35කින් බරපතළ ගැටලූවලට මුහුණ දෙන්නට සිදු වනු ඇති අතර ඒවාට දැන් සිට ම සූදානම් වීම යෝග්‍ය බව දෙරටේ ම මතයයි.

ඒ අනුව මේ දෙරට එක්ව ගතහොත් වර්තමාන ජනගහනය බිලියන 2.64කි. එය සමස්ත ලෝක ජනගහනයෙන් 37% පමණය. ඒ අනුව එය හොඳ වෙළෙඳපොළක් බව පැහැදිලි ය. සන්නිවේදන තාක්‍ෂණ උපාංග සහ සේවා මෙන්ම ඖෂධ නිෂ්පාදනයේ ‘කම්හල සහ පසුපස කාර්යාලය’ සංකල්පය කි‍්‍රයාත්මක කරවීම සුදුසු බව ක්‍ෂිගේ අදහසයි. මෝදි ඊට එකහෙලා එක`ගත්වය පළකරයි.

සීඑන්එන් වාර්තාවට අනුව මෙලෙස හමු වන අවස්ථාව වන විට තමන් දෙදෙනා 2025 දී ලොව ප‍්‍රමුඛ ආර්ථික අතර දෙවන සහ තුන්වන තැන් ගන්නා බව දැන සිට ඇත. මේ වනවිට ලොව දළ දේශීය නිෂ්පාදනය අවරෝහණ පිළිවෙළට සැකසූ රටවල් ලැයිස්තුවේ අමෙරිකා එක්සත් ජනපදය පළමුවන ස්ථානයේ පසුවන අතර චීනය හා ඉන්දියාව පිළිවෙලින් 2 හා 9 ස්ථානවල සිටිති. තවත් වර 12ක් වනවිට ඒ තැනට පත්වන්නට නම් ඒ කාලය තුළ ඉන්දියාව ජපානය, ජර්මනිය, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, බ‍්‍රසීලය සහ ඉතාලිය අභිභවනය කළ යුතු වෙයි. එම වාර්තාව පෙන්වා දෙන්නේ මේ නායකයන් දෙදෙනා අති ප‍්‍රබල බවත් ඉදිරි වසර 10 තුළ ඔවුන් බලයේ සිටිනු ඇති බවත් ය.
ඉන්දියාවේ යටිතල පහසුකම් පිළිබඳ දුබලතා මෝදි හඳුනයි. ඔහු ගුජරාටයේ මහ ඇමති ව සිටි දසාවුරුද්ද පුරා ඒවාට පිළියම් යොදා සාර්ථක ප‍්‍රතිඵල අත් කැර ගත්තේ ය. දැන් මු`ඵ රටේ ම එබඳු දෑට පිළිියම් යෙදිය යුතු ය. අනෙක් පැත්තෙන් චීනයේ ඒවාට විශේෂඥ සමාගම් තිබේ. එබන්දක් සඳහා තමන්ට ආරාධනා ලැබෙන තෙක් ඔවුහු නොඉවසිල්ලේ හිඳිති.

ඉන්දියාවේ උතුරු මායිමේ ලඩාක් සිට දකුණේ් පෝක් සමුද්‍ර සන්ධිය දක්වා යා කෙරෙන තනි දුම්රිය මාර්ගයක් සඳහා චීනය ආයෝජනය කරනු ඇත. ඒ සඳහා වන මූලික අවබෝධතාව අත්සන් තැබුණේ පසුගිය සැප්තැම්බරයේ ක්‍ෂි ඉන්දියාවට ආ වෙලේ ය. තවමත් එහි මූලික සැලසුම් අවසන් නැත. ඒ අවසන් වූ වහා ම එය අරඹනු ඇති බව පැවසේ. මෙය කි‍්‍රයාත්මක වුවහොත් ඊළ`ග පියවර වනු ඇත්තේ මේ දෙක යා කෙරෙමින් චීනය තුළ ඉදිවන තවත් දුම්රිය මගකි.

මුල දී ඉන්දියානු භූමිය තුළ චීන ආයෝජනය ඇඩොබි 1 පමණක් වනු ඇති නමුත් තව අවුරදු හත අටක් යන විට එය ඇඩොබි 50 දක්වා ඉහළ නගිනු ඇත.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි චීනයට පැමිණෙන්නේ සිය සත්කාරකයා ආසියාවේ ආර්ථික සිතියම අලූතින් ඇඳීමේ අභිලාෂාත්මක සැලසුමට ශක්තිය රැුස් කරමින් සිටින අවස්ථාවේ ය’යි බීබීසී කියයි.

චීනයේ මේ අභිලාෂය අතීතයේ ‘තිරිහන් වීමේ සිහිනය’ විය. ජනාධිපති ක්‍ෂි එය ‘ආසියා ශාන්තිකර සිහිනය‘ ලෙස විස්තාරණය කළේ ය. වර්තමාන චීන විදේශ ඇමති වෑං යි එය ‘චීන සුළි කුණාටුව’ ලෙස හඳුන්වයි. මෝදි මේ කුණාටුවට අභීත ව මුහුණ දෙයි.

බෙයිජිං පාලනය මෙය කෙටියෙන් හඳුන්වන්නේ ‘විස්තීර්ණ සබැඳුම’ ලෙසිනි. එයින් අදහස් කෙරෙන්නේ ආයෝජන, වාණිජ්‍යය, සහ මූල්‍ය ප‍්‍රයෝජනයට ගනිමින් ආසියාවේ ආයතනවල සහ අධෝ ව්‍යුහයේ චීනය කේන්ද්‍ර කොට ගත් ජාලයක් කි‍්‍රයාත්මක කිරීම සහ සෑම ප‍්‍රතිපත්තියක් ම එකකට වඩා ඊළ`ග එක උසස් කරමින් චීන ආලිංගනයට ඇතුළත් වීමට ය.

ආලිංගනය යනු වෙනත් ආකාරයකින් කියන්නේ නම් ග‍්‍රහණයයි. ඒ අනුව මෙහි සරල අරුත නම් චීනයේ අභිලාෂය වන්නේ සමස්ත ආසියා පැසිෆික් කලාපය ම සිය ග‍්‍රහණයට ගැනීමයි. නතු කැර ගැනීිමයි.

ක්‍ෂි කියන්නේ චීනය සාමකාමී මිත‍්‍රශීලී සහ ශිෂ්ටාචාරවත් සිංහයකු බවයි. එහෙත් ඒ කෙසේවෙතත් සිංහයකු හමුවට ශරීරාවරණයක් නොමැතිව යන කෙනෙකු මෝඩයකු විය යුතු ය. මේ සාමකාමී සිංහයාගේ මානසික ස්වභාවය වෙනස් වුවහොත් ඌ වියරුහුණු මෘගයකු බවට පත් වන්නට වැඩි වේලා ගත නොවනු ඇත. මෙහි දී මෝදි මුහුණ දෙන්නේ චීනයේ බොහෝ අසල්වැසියන් මුහුණ දෙන එම ප‍්‍රශ්නයට ය.

මාධ්‍ය පෙන්වා දෙන්නේ මෝදිගේ ඉන්දියාව මෙයට මුහුණ දෙන්නේ නතුවීමෙන් නොවන බව ය. සිය විසල් ජනගහනය එනම් දැවැන්ත වෙළෙඳපොළත් ආර්ථික ශක්තියත් එයට තිබේ. ඒ අනුව චීනය සමග සම අසුන් ගන්නට ඊට හැකිවෙයි.

මෝදිගේ සංවර්ධන ක‍්‍රමෝපාය මෙතෙක් ඉන්දියාව පාලනය කළ නේරු පරපුරේ ඇත්තන්ගේ ඒවාට වඩා වෙනස් ය. ඔහු අනාගතය දෙස බලන්නේ අනාගතයේ සිට ය.
අතීතයේ දෙරට අතර බොහෝ ගැටුම් තිබුණු බව සැබෑ ය. එහෙත් අද දවසේ එබඳු ගැටුම් පවත්වා ගැනීම අහිතකර බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් ගැති චීම ද නොකළ යුත්තකි. අග‍්‍රාමාත්‍ය මෝදි මේවා පැහැදිලිව වටහා ගෙන සිටින සෙයක් ඔහු මේ සමයේ චීනය සමග ගනුදෙනු කරන ආකාරයෙන් පැහැදිලි වෙයි.