රාවය

ඇතුගල්පුර විදුලිය

ඇතුගල්පුර විදුලිය

 

පසුගිය දා නිමා වූ ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා උළෙලේ දී මීටර් 100 සහ 200 ඉසව්වේ නව වාර්තාවන් බිහිකිරීමට කෑගලූ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ රුමේෂිකා රත්නායක සමත් වූවා ය. මීට වසර 18කට ප‍්‍රථම දමයන්ති දර්ශා විසින් තබා තිබූ මෙම වාර්තාවන් ය.

‘මට අවශ්‍ය වුණේ මගේ හො`දම කාලය වාර්තා කරන්න. ඒ ටාගට් එකට තමයි මම පුහුණුවීම් කළේ. ඒක හරි වෙහෙසකර කාලයක්. මගේ පුහුණුකාරීනී නන්ද මිස් මටත් වඩා මේ වෙනුවෙන් කැප වුණා. වසර ගණනාවක සිට ම මිස් කීවෙ අපි හො`දම කාලය වාර්තා කරමින් එතැනින් ගමන ආරම්භ කරමු කියලා. ඇත්තට ම මටත් හිතෙනවා දැන් තමයි මේ ගමනේ ආරම්භය පටන් ගත්තෙ කියලා…’ නව වාර්තාවේ හිමිකාරිනී රුමේෂිකා පැවැසුවා ය.
ඇයගේ පුහුණුකාරිනී ඒ.ඞී. නන්දාවතී ය. ඇයට රුමේෂිකා හමුවෙන්නේ වයස අවුරුදු 9 දී ය. එතැන් සිට ඇය ක‍්‍රම ක‍්‍රමයෙන් නන්දාවතීගේ ම`ග යන්නී කෙළිබිම තමන්ට හිමි තෝතැන්නක් බැව් අනෙකුන්ට පසක් කරමිනි.

නිමා වූ ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා උළෙලේ දී රුමේෂිකා මීටර් 100 තත්පර 11.81කින් නිමා කරමින් ද මීටර් 200 තත්පර 24.12කින් නිමා කරමින් ද වාර්තා පොත අලූත් කරන්නී දමයන්ති දර්ශා විසින් මීට වසර 18කට ප‍්‍රථම තබා තිබූ වාර්තාවන් අබිබවා යමිනි. දර්ශා සතුව තිබුණේ මීටර් 100 තත්පර 12.00ක් ද සහ මීටර් 200 24.40ක් ද ලෙස ය. රුමේෂිකා මීටර් 100 වාර්තාව මූලික වටයේ දී ද සහ මීටර් 200 ඉසව්වේ මූලික වටයේ දී තත්පර 24.27කින් පළමු වරට එම වාර්තාව බි`ද හෙළන අතර අවසන් තරගයේ දී ඇයගේ දක්ෂතා තවත් වැඩි කරමින් වාර්තාගත කාලය වාර්තා කරන්නීය.

රුමේෂිකාගේ මෙම දක්ෂතාව දැක්වීමට ප‍්‍රථම ඇය මෙම සටහන තැබෙන දිනට පසුදින ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියට සහභාගි වීම සදහා චීනය බලා පිටත් වීමට නියමිතව සිටියා ය.

‘මට රුමේෂිකා හමුවෙද්දී ඇයගේ යම් දක්ෂතාවක් මම දුටුවා. මම හිතනවා ඒ ආභාසය ඇයට එන්න ඇත්තෙ ඇයගෙ පියා නිසා. පියා තමයි මේ දරුවා මට ගෙනත් බාර දෙන්නේ. මේ දරුවා එදා සිට අද දක්වා ම එක වගේ මහන්සිවෙනවා. ඒ මහන්සියේ ප‍්‍රතිඵල දැන් ලැබිලා තියෙනවා. මම හිතනවා රුමේෂිකාව ප‍්‍රතික්ෂේප කළ බොහෝ දෙනෙක්ට ඇය තමන්ගේ දක්ෂතාවලින් පිළිතුරු දීලා තිබෙනවා. දැන් හැමෝම එකතුවෙලා ඇයව රැුක ගත යුතුයි…’
නන්දාවතී පවසන්නේ දිගු කතාවක ආරම්භයකට මග විවර කරමිනි. රුමේෂිකාගේ ජයග‍්‍රහණයේ උත්තේජනය වන්නේ ද එම කතාව ම විය හැකිය. එනිසා අප ජයග‍්‍රාහී උණුසුමත් සමග ඒ කතාව ද දැන ගනිමු.

ආසියානු මලල ක‍්‍රිඩා ශූරතාවලිය සදහා සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් පිරිස තෝරා ගැනීම සදහා පැවැති තේරීම් තරගාවලියේ දී රුමේෂිකා මීටර් 100 තත්පර 11.80කින් නිමා කරන්නීය. එහෙත් එකී කණ්ඩායමට රුමේෂිකා සුදුසුකම් ලබන්නේ නැත. මේ සම්බන්ධයෙන් වන සොයා බැලීමක දී සිදුව ඇත්තේ තේරීම් තරග පැවැත්වීමට ප‍්‍රථම තේරීම් කමිටුව විසින් සංචාරක කණ්ඩායම නම් කර තිබීම බව පැවැසේ.

‘මේ තරගාවලියට නම් කරන කණ්ඩායම තුළ සිටි හො`දම තරග නිමි කාලය වාර්තා කළේ රුමේෂිකා. නමුත් ඇය කණ්ඩායමේ නැහැ. මේ අසාධාරණය සම්බන්ධයෙන් අපි කියන්න තියෙන හැමෝටම කිවුවා. නමුත් මේ දරුවාට සාධාරණයක් වෙන තත්ත්වයක් තිබුණේ නැහැ. අපි අවසන් වශයෙන් ක‍්‍රීඩා අමාත්‍යතුමාට කිවුවා. එතුමා මේ ප‍්‍රශ්නය ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ට පවරලා තිබුණා…’

ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් යනු ක‍්‍රීඩා පිටියක තරග නරඹන්නට යන කෙනෙකු නොවන බැව් සහසුද්ධයකි. ක‍්‍රීඩා අමාත්‍යවරයා විශ්වාසය තබන්නේ එම පුද්ගලයා කෙරෙහි ය. එහි වරදක් නැත. ඔහුට ද ක‍්‍රීඩා පිටි අස්සේ ගොස් දක්ෂයන් තෝරා ගැනීම්වලට සහභාගි විය නොහැකි ය.
එහෙත් දක්ෂයා ඉහළට පැමිණිය යුතුය.

‘මේ සම්බන්ධයෙන් වන සාකච්ඡුාවේ දී අපට කියන්නේ මේ දරුවගේ දක්ෂතා මදි කියලායි. නමුත් එයා ඒ වෙද්දීත් උපරිම දක්ෂතා දක්වලා තිබුණා. ඊට පෙර වසරේ දී මේ ඉසව්ව ස`දහා යොමුකරන්නේ තත්පර 11.91කට තරගය නිමා කරන කෙනෙක්. මේ දරුවාට අවුරුදු 18යි. ජවසම්පන්න කාලේ. මෙච්චර දක්ෂතා දක්වන ඇයට ඇයි අවස්ථාව දෙන්නේ නැත්තේ. අපිට තිබුණ ප‍්‍රශ්නය ඒකයි…’’

මේ ශ‍්‍රී ලංකාවේ පැවැති සම්ප‍්‍රදාය ය. යහපාලනය බලාපොරොත්තු වූ අයට ද දැන් සිදුව ඇත්තේ ආශ්චර්යමත් පාලනයේ සෙවණැලි තුළ සැගව සිටීමට ය. බොහෝ මාතෘකාවන්හි තව දුරටත් ක‍්‍රියාත්මක වෙමින් පවතින්නේ ආශ්චර්යමත් පාලනයේ තීරණයන් ය.
‘අපි මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට අගමැතිතුමාට කිවුවා. ක‍්‍රීඩා ඇමැතිතුමා කිවුවේ සිලෙක්ෂන් කමිටුව ගත් තීරණය සම්බන්ධයෙන් තමන්ට එරෙහි විය නොහැකියි කියලයි. එතැනින් පස්සේත් අපේ ෆයිට් එක තවත් ටෆ් වුණා…’

දක්ෂතාවෙන් යුක්තිය ඉල්ලන මිනිසුන්ට වාචාල කතා වැඩක් නැත. ඔවුන් ඉල්ලන්ගේ සැබෑ දක්ෂතාවට වටිනාකමක් ය. විෂය භාර අමාත්‍යවරයා ද පුටු රත්කරන නිලධාරීන් මතයේ ම සිටින්නේ නම් කුමන සෙතක් ද? අදාළ කාලයන්හි දක්ෂතා දක්වන දරුවන්ට ‘තැන’ දීම කාගේ්ත් වගකීමය.
යල් පැන ගිය නිලධාරීන් තව දුරටත් තමන්ගේ පැවැත්ම සරි කර ගන්නේ ඔවුන්ගේ අතීත දක්ෂතා ඉදිරිපත් කරමිනි. නවක ක‍්‍රීඩකයෙකු හෝ ක‍්‍රීඩිකාවක ඉදිරියට පැමිණීම ඔවුන්ට රුස්සන්නේ නැත. එවිට ඔවුන්ගේ රැුස් නිවී යයි. එනිසා ඔවුන් සෑම විටක ම උත්සාහ දරන්නේ තමන්ට පාලනය කළ හැකි පුද්ගලයන් තනතුරුවලට පත් කිරීමය.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා අතීතය විශ්ලේෂණය වන්නේ එක්තරා පුද්ගලයන් කිහිපදෙනෙකුගේ මතිමතාන්තර අනුව ය. වාසනාවකට හෝ අවාසනාවකට අප මාධ්‍ය කණ්ඩායම් ද සෑම ජයග‍්‍රහණයක දී ම කරලියට ගෙන එන්නේ ඔවුන් ය. වැඩි දෙයක් අවශ්‍ය නැත. රුමේෂිකා අදටත් පුහණුවීම්හි නිරත වන්නේ වරුවකට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 500-600ක් අතර ප‍්‍රමාණයක් ගැවැසෙන ක‍්‍රීඩාංගණයකය. එකී ක‍්‍රීඩාංගණයේ දී නොකෙරෙන ක‍්‍රීඩාවක් නොමැති. ඒ අවුඅස්සේය රුමේෂිකා ද පුහුණූවීම් ලබන්නේ.
’මීට අවස්ථා කිහිපයකදීම මගේ දරුවන් කිහිප දෙනෙක් ම දක්ෂතා දැක්වූ අවස්ථාවන්වල දී මගෙන් බොහෝ දෙනෙක් විමසුවා ඒ ජයග‍්‍රහණයන් සමග කුමක්ද සිදුවිය යුත්තේ කියලා. මම ඒ හැමට ම කියුවේ මේ ක‍්‍රීඩාංගණය සුදුසු ආකාරයට සකසා දෙන ලෙස. කොතෙක් දෙනෙක්ට කියූවත් අදටත් මේ ක‍්‍රීඩාංගණයේ කිසිදු වෙනස් වීමක් වුණේ නැහැ. නමුත් අපේ දරුවන්ගේ දක්ෂතා මේ විදිහට හරි මතු වෙනවා. එතකොට ඒ අය ලකුණු දාගන්නවා. නමුත් ක‍්‍රීඩාංගණය තවමත් ඒ ආකාරයෙන්මයි…’ ක‍්‍රීඩාංගණය සම්බන්ධයෙන් වඩාත් දන්නා පූහුණුකාරිනී නන්දාවතී පවසන්නේ ය. දශක දෙකකට ආසන්න කාලයක් පැවැති වාර්තාවක් බි`ද දමන්නේ ද එවැනි වටපිටාවක වීම වගවිභාග විය යුතු කාරණයන් ය.

අද දවසේ දක්ෂතා දැක්වූ රුමේෂිකා හෙට උදෑසන තමන්ට ජාත්‍යන්තරයට මුුහුණ දීමට සුදුසු පරිසරයක පුහුණුවීම් සදහා කොළඹ පැමිණිය යුතුය. ඒ කෑගල්ල පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු ලෙස කටයුතු කරන පියා වන අබේරත්න මහතාගේ පොකැට්ටුවෙන් ලැබෙන මුදලකින් ය. මව වන රසිකා කුමාරි ගෘහණියක ලෙස රුමේෂිකාට සියලූ දේ සපයද්දී තම මලනුවන් ද තම ක‍්‍රීඩා දිවියට ආශිර්වාරද කරන්නන් අතර වෙන බැව් රුමේෂිකා පවසයි. ඔවුන් සමග තමන්ගේ දෙවැනි මවුන් ලෙස කටයුතු කරන නන්දාවතී ගුරු මෑණියන්ට ඇය දක්වන්නේ අප‍්‍රමාණ වූ භක්තියකි. ඇයගේ දක්ෂතාවන්හි අයිතිකාරිය ඇය බැව් රුමේෂිකාගේ මතය ය. ඒ හා සමානව විද්‍යාලයීය විදුහල්පතිනී මල්ලිකා රණසිංහ මහත්මිය ඇතු`ඵ ගුරු භවතුන්ට ද සහෝදර සිසු දැරියන්ටද ඇය ස්තූති කරන්නී මේ ජයග‍්‍රහණයේ ඔවුන් ද කොටස් කරුවන් කර ගනිමිනි.

රුමේෂිකා ලද ජයග‍්‍රණය සහසුද්දෙන් ම ස්ථාවර ය. ඒ ඒ සම්බන්ධයෙන් වන සාක්ෂි ඕනෑවටත් වඩා ඇති බැවිනි. එහෙත් රුමේෂිකාට හිමි තැන ලබා ගැනීමට කළ අරගලයේ දී ඇයට මුහණ දීමට සිදුවූයේ අල්ප වූ පිරිසක් සමග ය. මෙය දක්ෂතාවට තරම් නොවේ.

රුමේෂිකාගේ කතාවේ දී අපට හැෙ`ගන්නේ මෙවැන්නකි. යහපාලනයක් රටේ ස්ථාපිත කිරීමට උත්සාහ කළ ද තව දුරටත් මේ රටේ පවතින්නේ තමවුන් රැුක ගැනීමේ න්‍යායන් මුදුන් පමුණුවා ගැනීමේ තියරියන් ය. එනිසා සෑම ක්ෂේත‍්‍රයන් ම මේ වන විට පැතිර ඇත්තේතම අවශ්‍යතාවන් මුදුන් පමුණුවා ගැනීමේ නිලධාරීවාදය ය. අප ඊට මුහුණ දිය කෙසේ ද යන්න කතිකාවක් පැවැතිය යුත්තේ අප අතරමය. අපි රුමේෂිකාගෙන් ඉගෙන ගෙන මේ ගමන යා යුතු යැයි අපගේ අදහසයි. ක‍්‍රීඩා අමාත්‍යවරයා ද කළ යුත්තේ එය ම යැයි අපගේ අදහසයි.