රාවය

චයිනමන් හි ප‍්‍රදීප් මැතිව් මට එන්නේ පේ‍්‍රමකීර්ති ද අල්විස්ගෙන් | දිලීප අබේසේකර

චයිනමන් හි ප‍්‍රදීප් මැතිව් මට එන්නේ පේ‍්‍රමකීර්ති ද අල්විස්ගෙන් | දිලීප අබේසේකර

96 ලෝක කුසලාන අවසන් හයේ පාර බලද්දී සතුටට මං බදාගත්තෙ මූණෙ දැලිපිහි පාරක් තියුණු ත‍්‍රීවිල් කාරයෙක්ව (චයිනමන්) ඉංග‍්‍රීසි බසින් ලියන ලාංකික ලේඛකයකු වන ශෙහාන් කරුණාතිලකගේ චයිනමන් කෘතියට ඉකුත් සමයේ ජාත්‍යන්තර සම්මාන රැසක් ලැබුණි. චයිනමයින් ලංකාවේ ක‍්‍රිකට් පුරාණය හා වර්තමාන තත්ත්වය පිළිබිඹු කරන කෘතියකි. ප‍්‍රදීප් මැතිව් නමැති අති දක්ෂ ක‍්‍රීඩකයකු කේන්ද්‍ර කරගෙන දිවෙන මෙම කතාව ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව පිළිබඳ එක්තරා ප‍්‍රවාදයක් ලෙසද ලේඛක ශෙහාන් කරුණාතිලක හඳුන්වා දෙයි. චයිනමන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ බොහෝ අංශවල සැඟවුණූ කඩුළු කරා ඇදී ගිය පන්දුවක් ලෙසද හැඳින්විය හැකිය. මෙම කෘතිය දිලීප අබේසේකර විසින් සිංහල බසට නැඟූ අතර මෙහි සාකච්ඡුා කෙරෙනුයේ මෙම ක‍්‍රිකට් ප‍්‍රවාදය සිංහල පාඨකයන් වෙතට ගෙන ඒමේදී ඔහු ගත් මග පිළිබඳවයි.

චයිනමන් යනු ක‍්‍රිකට් විචිත‍්‍රත්වයද?

චයිනමයින් කියන්නේ බොහොම විරල, බලාගෙන ඉන්න ලස්සන පන්දු යැවීමේ ඉරියව්වක්. ඒකේ එක්තරා උත්ප‍්‍රාසයකුත් තිබෙනවා. මොකද චීන්නු ක‍්‍රිකට් ගහන්නේ නැහැනේ. ඔය නම හැදිච්ච ආකාරය ගැන කතාවක් තිබෙනවා. චීන සම්භවයක් තිබෙන ක‍්‍රීඩකයෙක් නිසා තමයි චයිනමන් නම එන්නේ. හැබැයි නම දාන්නේ සුද්දෝ. මේ නම ඇතුළේ විචිත‍්‍රත්වයක් මෙන්ම උත්ප‍්‍රාසයක් තිබෙනවා. අපේ සමාජය ඇතුළේ කොණ්ඩෙ බැඳපු චීනා කියලා උපහාසාත්මක හැඳින්වීමක් තියෙනවානේ. ඒ සංකල්පයම දැන් වෙනස්නේ. අපට අන්දන්න පුළුවන් කෙනෙක් කියන අදහස එතන තිබුණට මේ වෙනකොට චීනා අපව අන්දන ගාණට ඇවිත්. ශෙහාන් කරුණාතිලක මුල් කෘතිය ඇතුළේ මේ කතාව කියනවා. උත්ප‍්‍රාසය සහ විචිත‍්‍රත්වය තමයි මේකේ තියෙන අපූර්වත්වය කියලා මට හිතෙන්නේ.

මේක නිශ්චිත ආකෘතියක් නැති පොතක් වගේ දැනෙන්නේ. ඒක හරිද?

ඒක හරි. ආකෘතිය එන්නේ පුද්ගලයෙක් බීමතින් කියන සටහන් පෙළක එකතුවක් ලෙසයි. ඩබ්.ජී.කරුණසේන වළපයයි ගොඩපයයි තියාගෙන ඉන්න ලේඛකයෙක්. අවසාන මොහොතෙදි තමන් යම් වැදගත් දෙයක් කළ යුතුයි කියලා ඔහු හිතනවා. ඔහු වඩා උනන්දු දේ ක‍්‍රිකට් නිසා ඒ ගැන ලියන්න පෙළඹෙනවා. පවුලේ ප‍්‍රශ්නයි අසනීපයි ඒ සේරටමත් වඩා ක‍්‍රිකට්වලට සිදුවෙමින් තිබෙන දේයි ගැන ඔහුට කනස්සල්ලක් තිබෙනවා. ගෙදර ප‍්‍රශ්නවලටත් වඩා ඔහුට ක‍්‍රිකට්වල ප‍්‍රශ්න ලොකුයි. ඒ හැඟීම තමයි ඔහු එළියට දාන්නේ. ඒක පැති ගණනාවකට යනවා. අන්තිමට ක‍්‍රිකට් අපි දකින්නේ ඔහුගේ දැක්මෙන්.

ක‍්‍රිකට් ක‍්‍රීඩාව සමග ඩබ්.ජී. මුලකුරු සහිත ප‍්‍රකට නම් තිබෙනවා. කරුණාසේනගෙත් මුලකුරු ඩබ්.ජී. මොකක්ද එයින් අදහස් කෙරෙන්නේ.

එයාගේ නම් දෙක විජය ගාමිණී. එක්කෝ විජය එක්කෝ ගාමිණීනෙ අපේ සිනමාවේ වීරයෝ දෙන්නා. මේ පොතේ වීරයත් විජය ගාමිණී. සාමාන්‍යයෙන් සිංහලෙන් ඔය නම් දෙකම එක්කෙනකුට යෙදෙන අවස්ථාවක් මම අහලා නැහැ. මේ චරිතය ඇතුළේ ඒ කාරණයක් උත්ප‍්‍රාසාත් මකව යෙදෙනවා. සමාජය ගැන උත්ප‍්‍රාසය තමයි ඇත්තටම මේ කෘතිය තුළ වැඞී.

චයිනමන් අරා නැඟී සිටින ප‍්‍රදීප් මැතිව් වැඩි දෙනෙක් නොදන්නා එහෙත් අතිදක්ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක්. ඔබ හඳුනාගත් විදිහට ඔහු කවුද?

මේ පොත කියවන කාටත් මුලින්ම ඇතිවන ප‍්‍රශ්නය තමයි කවුද ප‍්‍රදීප් මැතිව් කියන්නේ කියන එක. පොතේ මුලත් අගත් කවුද මැතිව් කියලයි විමසන්නේ. ශෙහාන් කරුණාතිලක මේ ප‍්‍රශ්නයට දෙන උත්තරය තමයි ප‍්‍රදීප් මැතිව් පිළිබඳ සියලූම තොරතුර සත්‍යයි. ඔහුගේ නම ඇරෙන්න කියලා. අපට ඒක පිිළිගන්න වෙනවා. ඔහු නමක් දෙකක් කිව්වා තමන්ට මේ චරිත කතාව ගොඩනැඟීමේදී. වැඩිපුර බලපෑවා කියලා. මම මේක පරිවර්තනය කිරීමේදී මට ආපු අදහස කියන්නම්. ක‍්‍රිකටර්ස්ලා අතර විතරක් නෙවෙයි. විවිධ ක්ෂේත‍්‍ර වල මේ වගේ හුඟක් අය ඉන්නවා. කැලෑ හඳ වගේ අය. නළුවො ගායකයො එහෙම ඉන්නවා. නෙවිල් ප‍්‍රනාන්දු වගේ ගායකයෙක් හිටියා නම් කොහොම වෙයිද කියලා අපි හිතනවා. රචකයෝ ඉන්නවා එහෙම අය. ඇමරිකාවේ අය හිතනවා කෙනඩි හිිටියා නම් කියලා. ඒත් අපි දේශපාලනඥයෝ ගැන එහෙම හිතන්නේ නැහැ. නළු නිළියෝ, ක‍්‍රීඩකයෝ ගායකයෝ ඊටත් වඩා ආදරෙන් අපේ මතක ගබඩාවල තියාගෙන ඉන්නවා. මට මේක අහුවුණේ එතැනින්.

දිලීපට බලපෑ පුද්ගලයා කවුද?

මම හිතනවා මම මැතිව්ගේ චරිතය ඉස්මතු කරගන්න පේ‍්‍රමකීර්ති ද අල්විස් බලපෑවා කියලා. පේ‍්‍රම කීර්ති එහෙම නාහෙට නාහන චරිතයක්නේ. මැතිව්ගේ තියෙන ප‍්‍රශ්නය තමයි නාහෙට නාහන ගතිය. කැප්ටන් එක්ක ලෙඩ ඇද ගන්නවා. පොඩි අයගේ පැත්ත ගන්නවා. ටීම් එකට යන්න අපේක්ෂා කරන ක‍්‍රීඩකයකුගේ ලක්ෂණ නෙවෙයි ඒවා. ඉස්කෝලේ යන කාලෙත් මැතිව් කැප්ටන්ට අභියෝග කරලා ගහන්න බැරිවෙන්න බෝල් කරනවා. පේ‍්‍රමකීර්තිගෙත් ඒ වගේ ලක්ෂණ තිබුණා. මම දන්න පුද්ගලයා හැටියට මෙහිදී ඔහු මට බලපාන්න ඇති කියලා හිතෙනවා. මැතිව්ගේ චරිතය විස්තර කරගන්න.

වෙනත් සමාජීය ප‍්‍රශ්නයකුත් ප‍්‍රදීප් මැතිව් හරහා මතුවෙන බවක් පේනවා. එකක් ඔහු දෙමළ වීම නිසා. අනෙක විජාතික කුමන්ත‍්‍රණ ප‍්‍රවාදයකුත් මීට සම්බන්ධ කෙරෙනවා.

ඔය දෙකම අපට ලේසියෙන් හොයාගෙන තඩිබාන්න පුළුවන් මුවහම් දෙකක්. ඔය මිනිහා අසිංහලනේ. ඒ නිසා තමයි එයා කැපුනෙ කියනවා. නැත්නම් ඒ නිසා තමයි එයා මෙහෙම දෙයක් කළේ කියනවා. විජාතික කුමන්ත‍්‍රණ කතාවක් ඕනෑම එකකට හේතුවක් ලෙස කිව හැකියිනේ. ලංකාවේ ක‍්‍රිකට් පවා විදේශීය කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක්ද කියලා මම ලිව්වා. ශෙහාන් ඒක ඒ විදිහටම ලියලා නැහැ. එක තැනක ශෙහාන් මේක රසවත් කරන්න ලියනවා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ කාමරවල හා විකට්වල මයික්ස් හයි කරලා තොරතුරු හෙව්වා කියලා. ඇත්තටම එහෙම වෙලා නැතත් ඒ වගේ දෙයක් වුණත් කරන්න බැරිකමක් නැහැ. එක විටෙක කියවෙනවා ප‍්‍රසිද්ධ ක‍්‍රීඩාගාරයක් යට බංකරයක් තියෙනවා කියලා. ඒවා සම්බන්ධ වෙන්නේ කුමන්ත‍්‍රණ ගොඩට. තව තැනක තියෙනවා එක්තරා විද්‍යාල දෙකක් අතර තරගයකදී අහවල් පාසල දිනුවේ කොහොමද ප‍්‍රදීප් මැතිව් කියන ක‍්‍රීඩකයා වෙස් වලාගෙන ගිහින් අනිත් සියලූම පන්දු යවන්නන්ගේ ඇක්ෂන් කොපි කරගෙන ආපු නිසා කියලා කියවෙනවා. ඒ වගේ වෙනත් කුමන්ත‍්‍රණ පැත්තකුත් මේකේ තියෙනවා.

ක‍්‍රීඩාව, සාහිත්‍ය, කලාව, දේශපාලනය ආදී ක්ෂේත‍්‍ර කිහිපයක් අතරින් ප‍්‍රදීප් මැතිව් සහ ක‍්‍රිකට් ප‍්‍රවාදය අල්ලගන්න ඔබත් ගොස් තිබෙන බව පේනවා. ඒ තනි ඉර සොයා ගත්තේ කොතැනින්ද?

ඒක මං හිතන්නේ ඇඞ්වටයිසින්වල වැඩ කිරීමෙන් එන පුරුද්දක්. සිද්ධවෙන හැම සංසිද්ධියක් ගානෙම එකම වෙලාවකදී ආවදානය යොමු කරන්න අපට සිදුවෙනවා. අපට යමක් එළියට දාන්න වෙන්නේ සන්දර්ශන, ක‍්‍රිකට් මැච් දේශපාලන රැස්වීම් අස්සේ. එතකොට ඒ තැන්වල මොනවද වෙන්නේ කියන එක ගැන සවිඤානික වීම වැදගත්. Lattrel Thinking කියලා සාහිත්‍යයේදී පාවිච්චි කරන ක‍්‍රමයක් තියෙනවනෙ. මීට සමාන්තරව යන දේවල් මොනවද කියලා විමසිල්ලෙන් ඉන්නකොට කාලයකදී ඒක ඉබේම වෙනවා.

ප‍්‍රදීප් මැතිව් කියන ක‍්‍රීඩකයා යටපත් කරන දේශපාලනයක් මේක ඇතුළේ තියෙනවා නේද?

ඔහු දෙමළ වීම ඉන් එකක් විය හැකියි. ඒක ලංකාවේ සිද්ධ වෙච්ච දෙයක්නේ. එක තැනකදි ඔහු නම වෙනස් කර ගන්නවා. ඊළඟට ඔහුට ක‍්‍රිකට් පරිපාලනය සමග ගැටෙන්න වෙනවා. සමහර විට අවුරුදු ගාණක් කැප්ටන් එක්ක කතා කරලා නෑ. අතිරේක ක‍්‍රීඩකයොත් එක්ක තමයි මිතුරු. රිසව්ලා අතර මිනිහා වීරයෙක් වෙනවා. කැප්ටන්ට පෙන්නන්න බෑ. ඒත් දක්ෂයෙක් නිසා කපන්න බැහැ. ඔහු පෙනී සිටින්නේ පීඩිත පන්තියේ් ක‍්‍රීඩකයන් වෙනුවෙන්. ඒ හරහා ඔහුත් දේශපාලනයක් හදාගන්නවා. මුල් කාලේ අපේ අයට ක‍්‍රීඩකයො අක්‍රෝෂපරිභව කරනකොට කැඩිච්ච ඉංග‍්‍රීසියෙන් හරි උන්ට උත්තර දීපල්ලා කියන්නේ මොහු. කොඳු කඩා ගන්න එපා කියන එක හරහාත් ඔහු වෙතට දේශපාලනයක් ගේනවා. ඔහු එක වෙලාවකදී කියනවා මට ඕන ටීම් එකේ නිත්‍ය දෙමළ ක‍්‍රීඩකයා වෙන්න කියලා. ඔය මුරලි සෙල්ලම් කරන්න පෙර කාලේ. මැතිව් හිතනවා දෙමළ කට්ටිය මේකෙන් හැලෙනවා කියලා. ඔහුට බාහිරින් එන සහ ඔහු තුළින් මතුවෙන දේශපාලනයක් තිබෙනවා. ප‍්‍රදීප් ගැටුම හදාගෙන ගැටුම සමග යන කෙනෙක්. ගැටුම සමග යන්න ලස්සන මාවතක් තෝරනවා. ඒක පේ‍්‍රමකීර්ති තමන්ගේ ප‍්‍රශ්නය ලස්සන සිංදුවක් ලියන්න පාදක කර ගන්නවා වගේ වැඩක්. සියලූම බෝලිං ඇක්ෂන් ඔහු කොපි කරනවා. ඒ ඕනම කෙනකුට විකල්පයක් වන අදහසින්. එක තැනකදී අලූත් කෝචර් කෙනෙක් මෙයාගෙන් අහනවා ඔයා ලෙෆ්ට් ආම්ද රයිට් ආම්ද බෝල් කරන්නේ කියලා. මෙයා අහන්නේ මොන ආම් එකෙන්ද ඕන කියලයි. මිනිහට අත්දෙකෙන්ම බෝල් කරන්න පුළුවන්. සෝබර්ස් මැතිව්ට කෝච් කළා කියලත් මේ කතාවේ ජනප‍්‍රවාද වල තියෙනවා. ඒත් සෝබර්ස්ගෙන් ඇහුුවාම කියනවා මට එහෙම කෙනෙක් මතක නැහැ කියලා.
කෘතියෙහි පසු පිටෙහි දැක්වෙන පරිදි මයිකල් ඔන්ඩච්චිගේ අදහස චයිනමන් මගින් උමතු රසයක් අත්කර දෙන බවයි. ඒත් අපි ක‍්‍රිකට්වලින් උමතු වුුණේ නැහැ.

පරාජයේදී ආවේගශීලී නොවීමෙන් ඒක ඔප්පු වෙනවා නේද?

මේ කතාව පටන් ගන්නේ මගුල් ගෙදරක සිද්ධියකින්. දෙන්නෙක් රණ්ඩු වෙනවා. ඒ මිල මුදලත් බෙදා හදාගන්න බැරුව නෙමෙයි ක‍්‍රිකට් නිසා. එහෙම පොඩි පිස්සුවක් අපිට මේක තුළ පේනවා. ටෙස්ට් ගහන්න කලින් යුගයේ පටන් ලංකාව් ක‍්‍රිකට් ජනප‍්‍රියයි. අනුර රණසිංහ තරුවක් වුණේ ටෙස්ට් ගහන්න පෙර. ඒ අය අපි බලාපොරොත්තු වූ තැන්වලට ගියේ නැහැ. හැලූණා. නැත්නම් කැපුවා. මේ අත්දැකීම් සමග අපි දුටුවා ක‍්‍රිකට් තුළ තිබෙන දේශපාලන යථාර්ථය. අනික් අතට ක‍්‍රිකට් හරි ප‍්‍රජා තන්ත‍්‍රවාදියි. දෙපැත් තෙම එකොළහ ගානේ ඉන්නවා. ඔල්වරසන් නගන්නත් දෙපැත්තටම එක සමානව ඉන්නවා. පාසල් දෙකක් වුණත් ක‍්‍රීඩා කරන්නේ දෙගොල්ලන්ගෙම වාසි අවාසි සමාන තැනක. එකක් දිනලා තමයි ඊළඟ තරගෙට යන්න වෙන්නේ. උඩින් කාටවත් පනින්න බැහැ. දක්ෂකම තමයි ප‍්‍රගුණ කරගෙන යන්න ඕන. එකකුගේ දක්ෂකමින් මුළු ටීම් එකම ගොඩ දාන්න වෙන අවස්ථා තිබෙනවා. මේ දියුණු ලක්ෂණ ලංකාවේ පේ‍්‍රක්ෂකයෝ අල්ලා ගත්තා. ඒ නිසා ක‍්‍රීඩාව නිසා ආවේගශීලී වෙන්නෙ නැහැ. ක‍්‍රිකට්වලින් අපි ඉහළටම ගියා. ඒ නිසා ඒ පිළිබඳ අපේ දැනුමත් සාපේක්ෂව වැඩුණා. එතැනයි අපේ දියුණු සිතීම.
96 ලෝක කුසලානයෙන් පස්සේ මහාචාර්ය නලින්ද සිල්වා දිවයිනට අපූරු ලිපියක් ලිව්වා. ඒක හරි ප‍්‍රගතිශීලී ලිපියක්. ඔහු ලංකාවේ ටීම් එක විශ්ලේෂණය කරනවා. මේකෙ හිටිය අයගේ සමාජ සදාචාර මේ මේ විදිහයි. කුල්ටුර් කාරයෝ එතැන නැහැ. ටේ‍්‍රන් කළේ වට්මෝර්. ඒ ලංකාවේ කෙනෙක් ඕස්ටේ‍්‍රලියාවට ගිහින් ඒකත් ඉගෙනගෙන ආපු අපේ එකෙක්. දන්න කෙනෙක්. මිනිහා තමයි අපිට කියන්නේ මුල ඉඳන් නෙලපන් කියලා. ආනා පුංචිහේවලා පරිපාලනයෙන් දීපු සහාය ආදි ඔය සියල්ල නලින් ද සිල්වාගේ ලිපියේ තිබුණා. ඒ වගේ ලිපියකුත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ හා රසිකයාගේ දියුණුවේ පිළිඹිබුවක් ලෙසයි මම දකින්නේ.