දෙවොන්දරා සං කෙනෙක් මා තුළත් සිටියා | කරුණාරත්න අමරසිංහ


karunarathna

ජීවිත පැවැත්ම හා සංස්කෘතිය එකිනෙකට අනුයන බව කිව හැකියි. පැවැත්ම සහ සංස්කෘතිය ගැන ඔබේ සිතුවිල්ල මොකක්ද?

ෂෙලර් කියන ජර්මන් කවියාගේ අදහසක් මැක්සිම් ගෝර්කි මෙසේ උපුටනවා. ලෝකය ගමන් කරවන බලවේග දෙකක් තියනවා. එකක් ආදරය. අනෙක බඩගින්න. ගෝර්කි කියනවා සංස්කෘතිය බිහිවන මූලය වූයේ ආදරය කියලා. ශිෂ්ටාචාරය ඇතිවෙන්නෙ බඩගින්නෙන්. බඩගිනි සමාජයක් නම් ඒක අශිෂ්ටයි. මේක සනාථන සත්‍යයක්. ඉතිං මිනිසා ඒ අදහස අනුව ගමන් කරවන සමාජ ක‍්‍රමයක් ඕනෙ. රූසෝ කියනවා ප්බ සි ඉදරබ රෙැැග ඊමඑ ැඩැරහ අයැරු සි සබ ජය්බැග මිනිසා නිදහසේ ඉපදුණත් ඊට පසු ඔහු හැම තැනකදීම විලංගුවලට අහුවෙනවා. මිනිස් පැවැත්ම තිබෙන්නේ ඒ රාමුව තුළ.

ඔබට ඔබ මුණ ගැසුණු විදිය මොකක්ද?

මගේ ගම කළුබෝවිල. 1939දී මං ඉපදෙන කොට කළුබෝවිල අන්ධකාර පාළු, යක්ෂ පේ‍්‍රත බැල්ම වැටුණු හැමදාම තොවිල් පවිල් තිබුණු ?ට නරි හූ කියපු ගමක්. අද කළුබෝවිලට ගියාම මටත් නිච්චි නැතිවෙනවා. ඒක තමයි සංස්කෘතිය. එහේ තව කතාවක් තිබුණා කළුබෝවිල නපුරු රටයි එක ඌරට කකුල් අටයි කියලා කළුබෝවිල ඌරො මැරිල්ලත් තිබුණා. මගේ සෞන්දර්යය විඥානයට ගමෙහි ඒ අතීතය තමයි බලපෑවෙ. විශේෂයෙන්ම තොවිල් පවිල්. අපේ ගෙදරත් හත්අඩිය කපලා තියනවා. ඒක නාට්‍යමය ජවනිකාවක් සහිත ශාන්ති කර්මයක්. සිද්ධාර්ථ කුමාරයා ඉපදිලා පියුම් හතේ වැඩිය කතන්දරේ කට්ටඩියා කවි කියමින් රඟ දක්වනවා. ඒවා කර්ණ රසායනයි. මම මුලින්ම ගියේ බුද්ධඝෝෂ විද්‍යාලයට. ඒකෙ සාහිත්‍ය ගුරුවරු අපිට සාහිත්‍ය ඉගැන්නුවෙ උත්සවාකාරයෙන්. ඔවුන් සාහිත්‍ය උගන්වන්න අභිනය සතරම පාවිච්චි කළා. ගුරුවරයා පන්තියෙ හැම ළමයකුගෙම මූණට එබිලා කතා කරනවා. කාටවත් ඒකෙන් බැහැර වෙන්න බැහැ. ලයනල් රංවල හෝඩියෙ ඉඳලා මාත් එක්ක ඉගෙන ගත්තේ. මහාචාර්ය මැන්දිස් රෝහණධීරත් අපිට ටික කාලයක් බුද්ධඝෝෂෙ ඉගැන්නුවා. ඊට පස්සෙ මම නුගේගොඩ සෙන්ට් ජොන්ස් ගියා. අජන්තා රණසිංහ, තිලකරත්න කුරුවිට බණ්ඩාර හිටියෙ මගේ පන්තියෙමයි. අපිට සිංහල ඉගැන්නුවෙ බිම්ගෙයි සිරකරුවා ලියපු අක්මීමන කේ.ජී. කරුණාතිලක.

විශ්වවිද්‍යාල ජීවිතේ කොහොමද?

මම 63දී තමයි කැලණියට යන්නෙ. විශ්වවිද්‍යාලයට යන්න කලින් මම කෙරමිණියේ ජිනානන්ද හාමුදුරුවන්ගෙන් පාලි, සංස්කෘත ඉගෙන ගෙන තිබුණා. යක්කඩුවේ ප‍්‍රඥාරාම හිමි, කොටහේනේ පඤාකිත්ති හිමි, බඹරැුන්දේ සිරිසීවලී හිමි, මොරවක සිද්ධාර්ථ හිමි, කෝදාගොඩ ඥානාලෝක හිමි වගේ පරිපූර්ණ උගත් භාෂාන්තර සමයාන්තර දන්න හිමිවරු අපිට ඉගැන්නුවෙ. ඒවයින් තමයි එම පෝෂණය ලැබුවෙ. විශ්වවිද්‍යාලයට යන්න පෙර සිට මම සමසමාජෙ. අපේ මන්ත‍්‍රීතුමා කොල්වින් ආර්. ද සිල්වා. අපේ තාත්තයි ආතයි නම් උග‍්‍ර යූඑන්පී.

ගුරු සේවයට සම්බන්ධ වෙන්නෙ කොයි කාලෙද?

66 අවුට් වුණාට රස්සාවක් නැතුව ඉංග‍්‍රීසි උගන්වමින් හිටියනෙ. එහෙම අපේ යාළුවො සෙට් එකක්ම හිටියා. සුනන්ද මහේන්ද්‍ර, ස්වර්ණ ශ‍්‍රී බණ්ඩාර, අජන්තා රණසිංහ, අශෝක කොළඹගේ, දයරත්න රණතුංග වගේ අය ඔවුන් පොතපත කියවන කට්ටිය. එන්.එම්. පෙරේරා මේ කාලෙ ජන දින, ජන සතිය කරනවා. මම ජනදිනේ ප‍්‍රවෘත්ති කර්තෘ හැටියටත් වැඩ කළා. විශේෂාංග කර්තෘ හැටියටත් හිටියා. එන්.එම්ගෙ පරිවර්තකයා හැටියටත් මම වැඩ කළා. 70දී ටීචීන් හම්බ වුණා. ඌව පරණගමට. ඒ ඉස්කෝලෙ ඒ ලෙවල් පටන් ගත්තෙ මං ගියාමයි. අවුරුදු 20ක් ගුරු සේවයේ හිටියා. ඊට පස්සෙ මම අධ්‍යාපන ග‍්‍රන්ථ ප‍්‍රකාශන උපදේශක ලෙසත් වැඩ කළා.

ගුවන්විදුලියට සම්බන්ධ වුණේ කොහොමද?

ළමා පිටියෙ ඉඳලම හිටියා. එතකොට මට වයස 15යි. හේවුඞ් එකේ මියුසික් ඉගෙන ගන්නත් ගියා ඔය කාලෙ. තබ්ලාවත් කළා මං. ගුවන්විදුලියේදී නාට්‍යවල විචිත‍්‍රාංගවල රඟපානවට සල්ලිත් ලැබුණා. මම ගෙදරින් ගත්තෙ බෝඩිං ගාස්තු විතරයි.

කලා ජීවිතය ඇතුළෙදි ඔබට සුවිශේෂ මිතුරන් පිරිසක් හමුවෙනවා. ඒ අත්දැකීම කොහොමද?

සේකරගෙ පළමු නවකතාව කියවපු දෙන්නයි ඉන්නෙ. කවුරුත් කියන්නෙ එයාගෙ පළමු නවකතාව තුං මං හන්දිය කියලනෙ. ඒත් එයාගෙ පළමු නවකතාව පබ්ලිෂ් කළේ නෑ. එයාම විනාශ කළා. එක දවසක් රැුයක් පුරා ඒපොත සුනන්ද මහේන්ද්‍රටයි මටයි සේකර කියෙව්වා. පොතේ නම ගඟට දැමූ ඔරු. ප‍්‍රසිද්ධ කාන්තාවක් සමග ඔහුගේ තිබුුණු පුද්ගලික සම්බන්ධය තමයි ඒ පොතේ නවකතාවක් ලෙස ලියා තිබුණෙ. සේකරලගෙ ගෙදර කුප්පි ලාම්පු එළියෙන් අපි ඒ කතාව අහගෙන හිටපු හැටි තාම මතකයි. මිනිහා හරි සෙන්සෙටිව්. කොහොමහරි ඒක දරාගන්න බැරිව වෙන්න ඇති පොත අපිටත් නොකියා විනාශ කරලා තිබුණේ. සුගත් තමයි අපි අතර වැඩිහිටියා සහ දැනුමැත්තා. ඒත් මම ‘අපේ කට්ටියට’ බැඳුණෙ නැහැ.

ඔබ කළ චරිත නිරූපණ අතරින් ගජමුතු ගුවන්විදුලි නාට්‍යයේ මොරපාතොට ගුණවත් චරිතයක්. එහි කුලහීන සිරිමල් හැමවිටම දුර්ගුණවලින් යුතුයි. මේ නාට්‍යයේ කුල පීඩිතයන් පිළිබඳ ඒකමානී අදහසක් නේද තිබුණෙ.

මේ නාට්‍යයේ රචකයා ධර්ම ශ‍්‍රී මුණසිංහ. මුතු කියන්නෙ නැකැති කෙල්ලක්. අප්පො සහ මුතු අතර මතුවෙන සමාජීය ප‍්‍රශ්නය තමයි ධර්ම ශ‍්‍රී ගොඩනැගුවෙ. හැබැයි කුලහීනයන්ට නිග‍්‍රහ කරන අදහසක් එතන තිබුණෙ නැහැ. මොරපා තොට අප්පො නැටුම් දන්න මේ කෙල්ලව අගය කරනවා. කුලභේදවලින් තොර මානව පේ‍්‍රමයක් තමයි මොරපා තොට සොයාගෙන ගියේ. සමාජයේ පන්ති ප‍්‍රශ්නය කුල ප‍්‍රශ්නය ඔවුන්ට බලපානවා. ඒ ගැටුම තමයි ඉන් විවරණය වුණේ. සිරිමල්ගෙ දුර්ගුණ පුද්ගලිකයි. ඒක පොදු කාරණයක් නෙමෙයි.

මොරපාතොට කියන්නෙ පේ‍්‍රමය වෙනුවෙන් දුක් විඳින, පණ වුණත් දෙන මිනිහෙක්. මේ විෂයෙදි ඔබ පුද්ගලිකව කොහොම කෙනෙක්ද?

මමත් එහෙම තමයි. බුද්ධඝෝෂෙ ඉන්න කොට පහේ පන්තියේදිත් මට ලව් එකක් ස්පාක් වුණානෙ. මම සාන්ත ජෝන් එකට ආවට පස්සෙ ඒක අමතක වුණා. දැනුවත් කාලෙ මට වඩා අවුරුදු අටකින් වැඩිමහල් ගෑනු ළමයෙක් සෙට් වෙලා හිටියා ගෙවල් ළඟ. මට 20යි. එයාට 28යි. විවාහය අත්ඇරිච්ච කෙනෙක්. එයා ඉතිං මගේ ටේ‍්‍රනින් ස්කූල් එක වගේ වුණා. ඒක මාර ලව් එකක්. වැඬේ පත්තු වෙලා ගියා. අපේ තාත්තයි ආතයි ඒක දිහා බොහොම පරිණත විදියට බැලූවෙ. ඒත් අම්මා හෙණ යුද්ධයක් පටන් ගත්තා. අවංකව කියනවා නම් කිරි රසක් වගේ තාමත් ඒක මතකයි. මළගිය ඇත්තෝ එකේ නොරිකො කියන්නෙ දෙවොන්දරාසං. ඔබේ සිරුරේ සුවඳයි, ඇඳුම්වල සුවඳයි තියායන්න කියලා. මේවා ඒ වගේ සියුම් දේවල් ඉතිං. මං බැඳලා ආයෙත් අවුරුදු ගාණකට පස්සෙ එයා හමුවුණා. එතකොට ඇගේ ඇෙඟ් හම රැුලි වැටිලා. මම ඇයට කතා කළා නැවත එකතුවෙමු කියලා. මොකක්හරි හේතුවක් නිසා මට ඒ වෙලාවෙ එහෙම වුවමනාවකුත් තිබුණා. ඒත් එයා බෑම කිව්වා. මොකද දන්නවද? ඇගේ සිරුර ගැන පැරණි මතකයේ මම දිගටම ඉන්නවා දැකීමයි ඇය අපේක්ෂා කළේ. අපේ නෝනත් මේ ගැන දැනගෙන හිටියා. ඒත් එයා ඒක තේරුම් ගත්තා.

හඬ නළුවේ චරිත නිරූපණයේදී ඔබ භාවිත කළ ක‍්‍රමවේදයක් තිබෙනවද?

සුනන්ද මහේන්ද්‍ර ලිව්වා ගැලීලියෝ නාට්‍ය ඇසුරින් ගැලීලියෝගේ දියණිය කියල නාට්‍යයක්. ගැලීලියෝ අන්ධයි. දාර්ශනිකයෙක්. මම ගැලීලියෝ චරිතය නිරූපණයට මම දන්න දෙදෙනකුගේ ඇවතුම් පැවතුම් භාවිත කළා. දාර්ශනික නිරූපණයට ඊ.ඩබ්ලිව්. අදිකාරම්ගෙ කතා රිද්මය යොදා ගත්තා. අන්ධ බව ගත්තෙ මහාචාර්ය පරණවිතානගෙන්. පරණවිතානගෙ ඇස් පෙනුණා. ඒත් ඔහු ඉන්නෙ ඇස් පිහාටු කඩා වැටිලා. එයා කතා කරන ගමන් ඇස් පිහාටු අතින් උස්සනවා මං දැකලා තියනවා. සීගිරි ග‍්‍රැෆිට් කියෙව්වාම ඇස් පිහාටු කඩා වැටෙන්න පුළුවන්නෙ. මගේ ඒ චරිත නිරූපණ ක‍්‍රමය සාර්ථක වුණා.

ඔබ මාර්ටින් වික‍්‍රමසිංහගෙ පරපුරෙන් ඇසුර ලද කෙනෙක් හැටියට ඔවුන්ගෙන් ලද දායාදය මොකක්ද?

අනුකාරකවාදී නොවීම. ඔහුගේ පුරුද්ද තමයි යමක් ගැන පළමුව තම අදහස පවසා සිටීම. ඊළඟට ලෝක සාහිත්‍ය කියවීම, විචාර බුද්ධිය අවදි කරගැනීම වගේ දේවල් මම ඔහුගෙන් ලද දායාද බව කිව හැකියි. ඔහු නිවහල් මතයක් දැරුවා වගේම අප තුළත් ඒක ඇති කරන්න මහන්සි ගත්තා. ස්වාධීන ඉංග‍්‍රීසියකුත් ඔහු භාවිත කළා. සෝල්බරි සාමි වරක් කියා තිබෙනවා වික‍්‍රමසිංහගේ ඉංග‍්‍රීසියට ඔහු හරියට ඇලූම් කරන බව. මට බොන එක ගැන ඉගැන්නුවෙත් වික‍්‍රමසිංහනෙ. මම තරුණ කාලෙ සෝඩා නොදා ගැහුවෙ. අපි හවසට වික‍්‍රමසිංහගෙ ගෙදර ගියාම එයා ඩි‍්‍රන්ක් එකක් ඔෆර් කරනවා. වික‍්‍රමසිංහ ගැහුවෙ ඩබල් ඩිස්ටිලර්. පළමු වටය පොඞ්ඩ පොඞ්ඩ දාන්නෙ එයා. දෙවැනි තුන්වැනි වතාවෙ අපි කපලා එකක් දාගන්නවා. දවසක් ඒක බලන් ඉඳලා මට එයා කියනවා කරුණාරත්න එය්එ සි බදඑ එයැ අ්හ එද ාරසබනල ෂ අසකක ියදඅ හදමර යදඅ එද ාරසබන කියලා. ඊට පස්සෙ එයාගෙ වීදුරුව අරන් පොඞ්ඩක් දාගෙන සෝඩා පිරෙන්න දැම්මා. ඇයි මම මෙහෙම බොන්නෙ කියලත් ප‍්‍රශ්නයක් ඇහුවා. හාට් පේෂන්ට්ලගෙ දිව යට පෙත්ත තියාගන්න විද්‍යාත්මක හේතුවත් කියලා සැන්ඩි නොකර බිව්වාම ඉක්මනින් ඇල්කොහොල් ලේවලට එකතුවෙනවා කියලත් කිව්වා. ඊට පස්සෙ කිව්වා කරුණාරත්න වැඩි කාලයක් බොන්න ඕනෙ නම් මං බොන විදියට බොන්න පුරුදු වෙන්න කියලා.

දැන් වික‍්‍රමසිංහ කියපු විදියටම බොනවද?

අවස්ථාව අනුව. ඒක ටිකක් එහා මෙහා වෙනවා. හැබැයි නිතරම ඔහු කියපු එක මතකයට නැගෙනවා.