ඉන්දියා බංගලාදේශ මායිම්වලින් පිට අනාථයන්ට පිළිසරණක්


India

පසුගිය 8දා ඉන්දීිය විදේශාමාත්‍ය ෂුස්මා ස්වරාජ් සහ බංග්ලාදේශ විදේශාමාත්‍ය අබුල් හසන් මහ්මුද් අලි දෙරටේ අග‍්‍රාමාත්‍යවරුන් වන නරේන්ද්‍ර මෝදි සහ ෂෙයික් හසීනා ඉදිරියේ බංග්ලාදේශ ධකා අගනුවර දී ඓතිහාසික ලියැවිල්ලකට අත්සන් තැබූහ. ඒ ඉන්දීය බංග්ලාදේශ ගොඩබිම් සීමා නිරවුල් කිරීමේ එක`ගතාව නමින් හැඳින්වෙයි.
ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශ සීමාවේ අර්බුද හටගැනීිම පටන් ගැනුණේ ඉංගී‍්‍රසීන් සිය පාලනය නිමවා නික්ම යාමත් එක්ක ම වාගේ ය. 1947 බි‍්‍රතාන්‍ය කිරීටය විසින් පත් කරන ලද රෙඞ්ක්ලිෆ් සිමා නිර්ණය කොමිසමේ නිර්දේශය වූයේ බි‍්‍රතාන්‍ය ඉන්දියාව මුස්ලිම් සහ හින්දු වශයෙන් කොටස් දෙකකට වෙන් කළ යුතු බවය. ඒ අනුව ඉන්දියාව සහ පාකිස්තානය වෙන් කරන ලදි. පාකිස්තානයේ ද නැගෙනහිර සහ බටහිර වශයෙන් කොටස් දෙකක් තිබිණි. පසුව නැගෙනහිර පාකිස්තානුවන් වෙනම රාජ්‍යයක් උදෙසා අරගල කළ අතර 1971 දී බංග්ලාදේශය නමැති අලූත් රට බිහිවූයේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි.

එහෙත් ඉතිහාස ඥයන්ගේ මතය වන්නේ මේවා මුහුණට මුහුණ ලා පිහිටි සුළු රාජධානි දෙකක් පවත්වාගෙන ගිය කූච් බෙහාර් සහ රංග්පූර් නම් අතීත මහාරාජා දෙදෙනෙකුගේ නින්දගම් වූ බව ය. ඔවුන් අතර නිතර සටන් ඇවිළිණි. ඒ වන තෙක් ගම් අයිතිව සිටි රාජා පැරදුණහොත් ජයග‍්‍රාහකයා ඉල්ලා සිටින දාසයන් සහ ඔවුන්ගේ නිවාස ඔහුට හිමිවනු ඇත. ඒවා පවරා දී ඇත්තේ කඩදාසි කැබැල්ලක යොදන ලද සටහන් මගිනි. මේවාට ‘චිට් මහල්’ යන නම යෙදෙන්නේ ඒ අනුව ය. ඇතැම්විට කඩදාසි මන්දිර කියා ද ව්‍යවහාර කෙරේ.

1947 වසරේ රෙඞ්ක්ලිෆ් කමිටුවේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමේ දීි හින්දු මුස්ලිම් ජාතිවාදී කෝලාහල නිර්මාණය වූ අතර 500,000 ඉක්මවන මිනිසුන් සංඛ්‍යාවක් ඝාතනය වී අනර්ඝ වටිනාකමකින් යුත් දේපළ ගිනිබත් කෙරිණි. මෙම ඉන්දියා – බංග්ලාදේශී පරිවෘත ද එම කමිටුව විසින් නිර්මාණය කරන ලද ගැටලූවලින් එකකි.
ඉන්දියාව සහ පාකිස්තානය වෙන්වන විට කූච් බෙහාර් ඉන්දියාවටත් රංග්පූර් නැගෙනහිර පාකිස්තානයටත් (වර්තමාන බංග්ලාදේශය) ගියෝ ය. ඔවුන්ගේ නින්දගම් ද ඒ සමගම දෙරටේ පරිවෘතබවට පත්විය. මේ මිනිසුන් දාසයන් වූ හෙයින් දෙරටේ ම ඔවුන්ට පිළිගැනීමක් නොලැබුණි.

කිමි 4,096 ක් දිග ඉන්දියා – බංග්ලාදේශ දේශ සීමාව ලොව දේශ සීමා අතර පස්වැනි තැන ගන්නා එක ය. එය ඉන්දියාව පැත්තෙන් ඇසෑම්, ති‍්‍රපුර්, මිසෝරාම්, බෙංගාලය සහ බටහිර බෙංගාලය යන ප‍්‍රාන්ත මායිම් කොට සිටියි. බංග්ලාදේශය පැත්තෙන් ධකා, කුල්නා, රාජ්ශානි. රංග්පූර්, සිල්නට් සහ චිතගොං යන සිවිල් පරිපාලන ඒකක එම දේශ සීමාවේ පිහිටා තිබේ. මේ අතර එක් රටකට අයත් ජනයා එහෙත් තවත් රටක දේශ සීමාව තුළ තමන්ගේ අනන්‍යතාවට වෙනස් අනන්‍යතාවලින් යුත් ජනයාට මැදිව සිටින ‘පරිවෘත’ (enclaves) නමින් හැඳින්වෙන ඒකක ඉන්දීිය භූමියේ 106ක් සහ බග්ලාදේශ්් භූමියේ 92ක් වශයෙන් 198ක් දෙපැත්තේ පිහිටා තිබේ. බංග්ලාදේශයේ තිබෙන ඉන්දීය පරිවෘතවල 37,334ක් දෙනකු සහ ඉන්දීය සීමාව තුළ පිහිටි බංග්ලා පරිවෘතවල 14,215 දෙනෙකු ද වෙසෙන බව 2010 වසරේ පැවැත් වූ ඒකාබද්ධ සංගණනයක දී ගණන් බලා තිබිණි. ජනයාට සෙත සදන මෙම ගිවිසුම පිළිබඳ සංකල්පයට ගැටලූවට තරම් ම ඉතිහාසයක් තිබේ. 1974 වසරේ එවකට ඉන්දියාවේ අග‍්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි බංග්ලාදේශ් අග‍්‍රාමාත්‍ය සික් මුජිබර් රහමන් සමග මේ හා සමාන ගිවිසුමක් සකස් කරන ලදි. බංග්ලාදේශ පාර්ශ්වයෙන් ගිවිසුමට අනුමැතිය දෙන ලද නමුත් ඉන්දියාව ඊට අපොහොසත් විය. නැවත මේ කාරණය දෙරටේම අවධානයට ලක් වූ අතර 1997 දී දේශ සීමා නැවත සමීක්ෂණය කරන ලදි. 2001 වසරේ ඒකාබද්ධ කණ්ඩායමක් සඳහා දෙරට ම නියෝජිතයන් පත් කරන ලද අතර දෙරට විසින් ඒ ඒ රටවලට අයත් විය යුතු සේ සැලකෙන භූමි ප‍්‍රමාණ ඒ අනුව නිර්ණය කරන ලදි. ඒ අනුව ඉන්දියාවට අක්කර 7,110ක් බංග්ලාදේශ භූමියෙන් ද බංග්ලාදේශයට අක්කර 17,160ක් ඉන්දීිය භූමියෙන් ද ලබා දෙන්නට සහ ඉන්දියාව සහ බංග්ලාදේශය විසින් ප‍්‍රතිකූල භුක්තිය අනුව පරිහරණය කරන ලද අක්කර පිළිවෙළින් 2,568ක් සහ 2,777ක්ආපසු පවරා දෙන්නට ද නිර්දේශ ඇතුළත් අවසාන වාර්තාව 2011 වසරේ එළිදක්වන ලද අතර දෙරට ම මේ සඳහා සිය ව්‍යවස්ථාදායකවලින් අනුමැතිය ගත යුතු විය.

ඉන්දියාව ඒ අනුව ගිවිසුම සකසා 2013 දෙසැම්බර් 18දා ලෝක් සභාවට අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලද අතර ලෝක් සභාව එය පාර්ලිමේන්තු අනුකමිටුවකට යොමු කරන ලදි. එම අනුකමිටුවේ නිර්දේශ අනුව සකසන ලද පනත 119 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස උභය මන්තී‍්‍ර මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලදි. ඉන්පසු ජනාධිපතිවරියගේ අත්සන යෙදීමෙන් අදාළ ව්‍යවස්ථාපිත කටයුතු පසුගිය 07දා අවසන් වූ අතර ඉන්දීිය අග‍්‍රාමාත්‍යවරයා ධකා වෙත පැමිණියේ එයට අත්සන් තැබීමේ සියලූ සූදානම සහිතව ය.

පරිවෘතවාසී ජනයාට ඒ ඒ රටවල පුරවැසියන් ලෙස නෛතික පිළිගැනීමක් නොමැති නිසා නොයෙකුත් ගැටලූවලට මුහුණ දෙන්නට සිදුවේ. රජයකින් ලැබිය යුතු මූලික සේවා කිසිවක් මේ පරිවෘතවාසීන්ට ලැබෙන්නේ නැත. ඒ නිසා ඔවුන් පත් ව සිටින්නේ මහත් අසරණ තත්ත්වයකට ය. පසුගිය අවුරුදු හැත්තෑවක් ම ගෙවී ගියේ ගමන් කිරීමේ නිදහස පවා අහිමි ව, අධ්‍යාපනය හා සෞඛ්‍යය පිළිබඳව කිසිදු හිමිකමක් නොමැතිව ය. එසේ ම ඔවුන්ට දේපළ අයිති කරගන්නට අවසර නොමැති අතර ඡුන්ද බලය ද අහිමි ය.

ඔවුන්ගේ සෞඛ්‍ය ගැටලූ වඩාත් ඛේදජනක ය. බෝවෙන රෝග පැතිරෙන අවස්ථාවල දෙරටේ ම සෞඛ්‍යායතන ඔවුන්ට ප‍්‍රතිකාර කිරීම ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා අකාලයේ මියැදුණෝ බොහෝ ය. ඇස් ලෙඩ වැනි බහුල බෝවෙන රෝග සෑදුණු කල ඒවා දුස්සාධ්‍ය බවට පත් වී පෙනුම අහිමි කරගත් මිනිස්සු ද මේ පරිවෘතවාසීන් අතර වෙති. සැබැවින් ම ඔවුන් සිටින්නේ දෙවැනි පෙළ පුරවැසියන්ටත් පහළ මට්ටමක ය. තමන් පුරවැසියන් බව ඔප්පු කරන්නට ඔවුන් සතු ව කිසිදු ලේඛනයක් නොමැති හෙයින් ඔවුන් මුහුණ පා සිටියේ සැබැවින් ම මරණයට ය යන්න අතිශයෝක්තියක් නොවේ.

නව එක`ගතාව අනුව ඔවුන්ගේ ඒ ගැටලූ විසඳෙනු ඇතැ’යි අපේක්‍ෂා කෙරේ. මෙයින් ඔවුන්ට ලැබෙන අනෙක් සහනය නම් තමන්ට කැමති දේශයක් තෝරා ගන්නට ලැබෙන ඉඩ ප‍්‍රස්තාව ය. ඒ අනුව දැනට ඉන්දීය පරිවෘතයක සිටිනා පුද්ගලයන්් බංග්ලාදේශයට යන්නට කැමැත්තේ නම් ඔවුන්ට ඊට අවසරය ලැබෙනු ඇති අතර නෛතික පිළිගැනීම ද ලැබේ. විලෝමය ද එසේ ය. මේ වනාහි පරිවෘතවාසීන්ගේ අරගලයේ කූඨප‍්‍රාප්තියයැ’යි දීප්තිමන් සෙන්ගුප්තා නම් පරිවෘතවාසියකු තමන් හා පැවසීයැ’යි අල්-ජසීරා වාර්තා කළේ ය. ‘මේ හුවමාරුව දෙරට අතර සහයෝගිතාව පැතිරෙන නව යුගයක් උදා කරයි.’