ජපානය විදේශවල යුද කරන්නට සැරසෙයි


japan

 

සිය රට හමුදාවලට විදේශයන්හි සටන් කිරීමට හැකිවන අයුරින් නීති සම්පාදනය කළ යුතු බව අග‍්‍රාමාත්‍ය ෂිින්සො අබෙ ප‍්‍රකාශයට පත් කිරීම නිසා ජපානයේ මේ වනවිට දේශපාලන වශයෙන් බලවත් නොසන්සුන් බවක් උද්ගතව පවතින්නේයැ’යි වාර්තාවෙයි. අග‍්‍රාමාත්‍යවරයාගේ මේ අදහස හදිසියේ ඉස්මතු වූවක් නොවන අතර කලක සිට ඔහු මේ අදහස ඉදිරිපත් කරයි. එහෙත් දැන් නීති කෙටුම්පත් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට ඔහු උත්සාහ දරමින් සිටින බැවින් විරෝධයක් නැග එමින් පවතී.

දෙවන ලෝක මහා යුද්ධයේ දී නාසි පාර්ශ්වය ගත් බැවින් ජපානයට බොහෝ හානි සිදුවිය. 1945 සිට ම ජපානයට එරෙහිව ලොවම නැගී සිටියේ ය. ඒ වනවිට ජපානය දැවැන්ත අධිරාජ්‍යයක් ව පැවැති අතර කොරියාව, චීනය, පිලිපීිනය, තායිවානය වැනි නැගෙනහිර ආසියාතික රටවල ජපාන රජයට, එහි පුරවැසියන්ට සහ සමාගම්වලට අයත්ව තිබූ වත්කම් ප‍්‍රමාණය ඇඩො බිලියන 45 ඉක්මවන බව සඳහන් ය.

1951 සැප්තැම්බර් මුල සැන්ෆ‍්‍රැන්සිස්කෝ නුවර දී හමු වූ ලෝක නායකයෝ ජපානයෙන් ලොවට කරන ලද හානිය වෙනුවෙන් වන්දි ඉල්ලිය යුතු බවට තීරණය කළහ. එම තීරණය වැළැකී ගියේ ලංකාව නියෝජනය කළ එවක මුදල් අමාත්‍ය ජේ.ආර්.ජයවර්ධන එරටට සමාව දිය යුතුයැ’යි කළ යෝජනාව නිසාවෙනි. එහෙත් විදේශයන්හි තිබූ එරට සතු වත්කම් නම් ආපසු නොලැබිණි.

1945 දී එවකට ජපානයේ කි‍්‍රයාත්මක මෙයිජි අධිරාජ්‍ය ව්‍යවස්ථාව වෙනස් කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදීි පාලනයක් සහිත නව ලිබරල් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරනු සඳහා ජපාන නීති විශාරදයකු වූ ජෝජි මැට්සුමෝටෝගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබී ය. එම කමිටුව විසින් දිගු කලක් ගෙන ඉදිරිපත් කළ කෙටුම්පත ගැන සෑහීමට නොපත් එක්සත් ජාතීන්ගේ අනුදැනුම පිට අමෙරිකා එක්සත් ජනපදයේ ජනරාල් ඩග්ලස් මැක්ආතර්ගේ මූලිකත්වයෙන් යුත් කමිටුවක් විසින් ජපානය සඳහා තවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර දෙන ලදි. ඒ කෙටුම්පත ද ප‍්‍රතික්‍ෂේප වූ අතර කණ්ඩායම් දෙක ඒකාබද්ධ ව කෙටුම්පත් කරන ලද ව්‍යවස්ථාව 1946 අග භාගයේ සම්මත විය. ඇතැම් මාධ්‍යයක සඳහන් වන්නේ එය තනිකරම අමෙරිකානු නීති විශාරදයන්ගේ කෙටුම්පතක් බවයි. ජපානයේ අදත් සංශෝධන විරහිතව කි‍්‍රයාත්මක වන්නේ ඒ ව්‍යවස්ථාව ම ය. ඒ අනුව එහි ජනපි‍්‍රයබව සහ රටට ගැළපෙන බව කොතෙක් දැයි සිතා ගත හැකි ය.

මෙම ව්‍යවස්ථාව හැඳින්වෙනුයේ ජපාන සාමකාමී ව්‍යවස්ථාව නමිනි. ඊට හේතුව එහි 9වන ව්‍යවස්ථාව අනුව ජපානයට යුද්ධයකට සම්බන්ධ වන්නට ඉඩ අවුරා තිබීම ය. ජපාන හමුදාවට විදේශයකදී සටන් කළ නොහැකි බවට විධිවිධාන පැනැවී ඇත්තේ එයිනි. ව්‍යවස්ථා අංක 9 අනුගමනය කරමින් සාමය රකින ජපාන ජනයාට 2014 වසරේ නොබල් සාම ත්‍යාගය පිරිනැමෙන්නට ඉඩ ඇති බවට මාධ්‍ය මගින් විශාල ප‍්‍රචාරයක් දී තිබිණිි.

දැන් ෂින්සො අබෙට වුවමනා වී ඇත්තේ එවන් විශාල පසුබිම් කතන්දරයක් සහිත ජපන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නට ය. ඊටත් වඩා පුදුමය වන්නේ විදේශයක දී ජපාන හමුදාවට යුද්ධ කරන්නට නොහැකිවන සේ තහංචි පැනවූ ව්‍යවස්ථාව නිර්මාණය කරන්නට දායක වූ අමෙරිකාවට ම එය වෙනස් කරන්නට ද ඇවැසි වීම ය.

ජපානය යනු පැසිෆික් සාගරයේ පිහිටි ධනවත් දූපත් රාජ්‍යයකි. 1946 නව ව්‍යවස්ථාවෙන් ස්ථාපිත එරට හමුදාව හැඳින්වෙනුයේ ‘ජපාන ස්වාරක්‍ෂක හමුදාව’ යන නමිනි. එය යුද්ධවලට සම්බන්ධ වී නොමැත. එහෙත් අමෙරිකා එක්සත් ජනපදයේ ඉල්ලීිම පරිදි එය ඉරාකයේ සාමසාධක කටයුතුවල නිරත විය. එසේ ම ජපානයට අයත් ඔකිනාවා දූපතේ අමෙරිකානු හමුදා කඳවුරු 32ක් පිහිටා ඇති අතර ඒවාට ජපාන හමුදාවේ සම්බන්ධයක් නොමැත.

සාමකාමී ජපානය දෙවන ලෝක මහා යුද්ධයෙන් පසුව කිසිදු රටක් සමග ඇවිලගෙන නොමැත. මෙම පිළිවෙත නිසා එරට සමග ඇවිලෙන්නට කිසිවකු ආයේ ද නැති. 2012 තරම් මෑතක ජපානය සෙන්කාකු යනුවෙන් හඳුන්වන සහ චීනය දියාඔයු නමින් හඳුන්වන නිර්වාසී දූපත් සමුහය නිසා චීනය සමග ආරෝවක් ඇති වුව ද එය ගැටුමක් දක්වා දුර දිග ගියේ නැත. එහෙත් ඒ අවස්ථාවේ ජපාන හමුදාවට සිය රටෙන් පිට යුද කළ නොහැකි තත්ත්වය ඒ රටේ ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි බව අමෙරිකා එක්සත් ජනපදය විසින් පෙන්වා දෙනු ලැබී ය. එහෙත් ඒ අවස්ථාවේ අබෙ කියා සිටියේ සිය භූමියේ ආරක්‍ෂාවට තර්ජනයක් වන්නේ නම් ජපාන හමුදාව බැරැුක්කවලින් එළියට එනු ඇති බවයි.

හමුදාවේ වෙනස්කමක් ඇති කළ යුතුයැ’යි අබෙට සිතන්නට තුඩුදෙන සිදුවීමක් වූයේ පසුගිය ජනවාරි අවසානයේ ඉසිස් ත‍්‍රස්තයන් විසින් ජපාන ජාතිකයන් දෙදෙනෙකු ගෙල සිඳ ඝාතනය කරනු ලැබීමයි. ප‍්‍රකට ජපාන මාධ්‍යවේදියකු වූ කෙන්ජි ගොටෝ සහ ව්‍යාපාරිකයකු වූ හරුණා යුකාවා එසේ ඝාතනයට ලක්වූ දෙදෙනා ය. එක් අයකු සඳහා ඇඩො මිලියන 200 බැගින් කප්පම් ඉල්ලා සිටිනු ලැබූ අතර එය නොගෙවන බව ජපාන රජය නිවේදනය කළේ ය. ‘මේක ජපානෙට නරක හීනයක් වේවි. මේ ඇරඹුමයි’ යුකාවා ඝාතනය කරන්නට පෙර ඝාතකයා කියනු ඔවුන් විසින් නිකුත් කරන ලද වීඩියෝ පටයේ දැක්වේ.

මේ සිද්ධිය සහ එම ප‍්‍රකාශය සාමකාමී ජපාන වැසියන්ගේ එදිනෙදා ඇවතුම් පැවතුම් කෙරේ තදින් බලපෑමක් ඇති කළ බව මාධ්‍ය වාර්තා කළේ ය. හමුදාව ස්වාරක්ෂාව සඳහා පමණක් ව්‍යවස්ථාපිත කොට තිබීම නිසා රට තුළට ඇතු`ඵ වන ඔත්තුකරුවන්ට රාජ්‍යතන්ත‍්‍රය ම ගොදුරු වී රට අරාජික විය හැකියැ’යි කෙනෙක් පෙන්වා දුන් අතර අනෙකෙකු කීවේ රටින් පිටත වෙසෙන මිලියන එකහමාරකට මඳක් වැඩි ජපනුන්ගේ ජීවිත අනතුරකට මුහුණ පා ඇති බවයි. මේ පසුගිය පෙබරවාරි මාසයේ ජපනුන්ගේ ප‍්‍රතිචාරය ය.

පසුගිය අපේ‍්‍රල් 28දා අග‍්‍රාමාත්‍ය අබෙ ජනාධිපති ඔබාමා සමග සාකච්ඡුා පැවැත්වී ය. ඉන් අනතුරුව ධවල මන්දිරයේ රෝස උද්‍යානයේ පැවැති මාධ්‍ය හමුවකට දෙදෙනා එක්ව සහභාගි වූහ. ජනාධිපති ඔබාමා පවසන පරිදි ඒ අමෙරිකානු ජනාධිපතිවරයකු ජපාන අගමැතිවරයකු හා එක්ව පැවැත් වූ ප‍්‍රථම ඒකාබද්ධ මාධ්‍ය හමුවයි. එහි දී වැඩිපුර බටර් තවරමින් අබෙට සංග‍්‍රහ කරන ඔබාමා ජාත්‍යන්තර යුද්ධවලට සිය රටට සහභාගි විය හැකි පරිදි 9වන ව්‍යවස්ථාව වෙනස් කරන්නට ඔහු එක`ග වූ බව පවසයි.

මුලදී අබෙගේ අදහස වී තිබුණේ 2016 වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී මැතිවරණ ප‍්‍රකාශනයට එය ඇතුළත් කොට ඉන් පසුව සංශෝධනය කර ගැනුමට ය. එහෙත් අමෙරිකා සංචාරයෙන් පසු එය එළැඹෙන අගෝස්තු අවසානයට පෙර කළ යුතු බවට ඔහු පසුගිය 15දා යෝජනා කළේ ය. මුල දී අදහස් කොට තිබුණේ පනතක් මගින් හමුදාවලට විදේශ සටන් සඳහා අවසර දීමට ය. එහෙත් එය ව්‍යවස්ථාවට පටහැනි බව නීති විශාරදයන් විසින් පෙන්වා දෙනු ලැබීම නිසා ව්‍යවස්ථා සංශෝධනයකට යන්නට රජය සූදානම් ය.

ජපනුන්ගෙන් බහුතරයක් යෝජිත සංශෝධනයට විරුද්ධ බව ජනමතවිචාරණවලින් ප‍්‍රකට බව පළවිය. එමතු නොව කැබිනට් මණ්ඩලයේ බහුතරය ද ඊට එක`ග නොවන බව පැවසේ. බොහෝ විශාරදයන් පෙන්වා දී ඇත්තේ විදේශවල යුද්ධයට යාම ධනය නාස්ති කරවන්නක් මෙන් ම අනතුරු කැඳවා ගැනීමක් ද වන බවයි.
ජපානය සාමකාමී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී මානව හිමිකම් අගයන ධනවත් රටකි. විදේශවල යුද්ධ කරන්නට යාමෙන් මේ සියල්ල පරිහානිය කරා යනු ඇති බව බොහෝ ජපන්නු විශ්වාස කරති.