Untitled-1

Untitled-1

අපට දැන් ඇතිවෙලා


nandalal;

දේශපාලන පවුල්වල සාමාජිකයන් ජනාධිපතිවරණවලට ඉදිරිපත් වීම අසන්නට ලැබීමෙන් තමන් විඩාවට පත්ව සිටින බව අමෙරිකානු තරුණ ජනයා පවසන්නේයැ’යි පසුගිය දා අමෙරිකානු වෙබ් අඩවියක සඳහන් වී තිබිණි. ‘ක්ලින්ටන්ලා බුෂ්ලා ගැන අහලා ම දැන් තිත්ත වෙලා.’
2016 පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයේ දී ඩිමොක‍්‍රැටික් පක්ෂයෙන් හිලරි ක්ලින්ටන් ද කන්සවේටිව් පක්ෂයෙන් ජෙබ් බුෂ් ද අපේක්‍ෂකත්වය ඉල්ලා සිටින බව පසුගිය සතියේ ප‍්‍රකාශයට පත් විය.

හිලරි ක්ලින්ටන් ගැන අප බොහෝ දෑ දන්නා නමුත් ජෙබ් බුෂ් ගැන එතරම් දන්නේ නැත. එහෙත් බුෂ් කී සැණින් හිටපු අමෙරිකානු ජනාධිපතිවරුන් දෙදෙනකු සිහිපත් වේ. ඔවුන් නම් 1988 සිට 1992 දක්වා ජනාධිපතිවරයා වූ ජෝර්ජ් හර්බට් වෝකර් බුෂ් සහ ඔහුගේ පුත‍්‍රයා වන 2000 සිට 2008 දක්වා ජනාධිපතිවරයා ව සිටි ජෝර්ජ් වෝකර් බුෂ් ය. ජෙබ් හෙවත් ජෝන් එලිස් බුෂ් යනු මුලින් සඳහන් අයගේ පුත‍්‍රයා ද දෙවනුව සඳහන් අයගේ සහෝදරයා ද වේ.

මේ ප‍්‍රධාන පක්‍ෂ දෙකේ නාමයෝජනා ලැබෙන්නේ ‘නාමයෝජනා තරග දිවුමෙන්’ ජය ගන්නා අයට ය. ‘තරග දිවුම’ යනු අමෙරිකා එක්සත් ජනපදය පුරා සියලූ ප‍්‍රාන්තවල ඒ වනවිට සිටින අදාළ පක්‍ෂයේ මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගැනීමේ තරගයයි. 2008 ජනාධිපතිවරණයට පෙර ඩිමොක‍්‍රැටික් පක්‍ෂයේ තරග දිවුමට බරක් ඔබාමා සහ හිලරි ක්ලින්ටන් සහභාගි වූ අයුරු අපට තවම මතක ය.

ජනාධිපතිවරණයට තරග වදින්නට තමන් අපේක්‍ෂා කරන බව මේ වනවිට ප‍්‍රකාශයට පත්කොට ඇත්තේ ඩිමොක‍්‍රැටික් පක්ෂයෙන් හිලරි ක්ලින්ටන් සහ කන්සර්වේටිව් පක්‍ෂයෙන් ජෙබ් බුෂ් පමණක් නොවේ. වත්මන් උප ජනාධිපති ජෝ බයිඩන් ඩිමොක‍්‍රැටික් පක්‍ෂයේ ඉදිරිපෙළ තරගකරුවෙකි. බයිඩන්ගේ අපේක්‍ෂකත්වය නිසා සමහරවිට ගියවර තරග දිවුමේ දී මෙන් මෙවර ද හිලරි ක්ලින්ටන් පරාජයට පත් වන්නටත් ඉඩ තිබේ. එහෙත් ජෙබ් බුෂ්ට එවැනි ප‍්‍රතිවාදියකු ඇති බවක් නොපෙනේ.
ක්ලින්ටන්, බයිඩන් දෙදෙනා ඇතු`ඵ ප‍්‍රමුඛ දේශපාලනඥයන් හයදෙනෙකු ඩිමොක‍්‍රැටික් අපේක්‍ෂකත්වය අපේක්‍ෂා කරන අතර බුෂ් ඇතු`ඵ විසි දෙනකු කන්සර්වේටිව් අපේක්‍ෂකත්වය ඉල්ලා සිටිති. ඔවුන් අතර ආචාර්ය බෙන් කාර්සන් නමැති කෘතහස්ත ශල්‍ය වෛද්‍ය විශේෂඥයා ද සිටියි. ඊළ`ග ජනාධිපතිවරයා කන්සර්වේටිව් පක්ෂයෙන් එනු ඇතැ’යි බොහෝ දෙනාගේ විශ්වාසය වේ.

අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා තෝරා ගැනෙන්නේ එරටට ම ආවේණිික ක‍්‍රමයකට ය. ජනාධිපතිවරණ දිනයේ දී තෝරා ගනු ලබන්නේ සැබැවින් ම ජනාධිපතිවරයා නොව ඔහු තෝරා ගන්නට බලය ඇති ඉලෙක්ටරල් කොලෙජ් නම් ව්‍යවස්ථානුකූල සභාවයි. ‘ඉලෙක්ටර්ස්’ යනුවෙන් හැඳින්වෙන එම කණ්ඩායම දෙසැම්බර් මාසයේ දිනක ඔවුන්ගේ ඡුන්දයෙන් ජනාධිපතිවරයා පත් කර ගනිති.

තරුණ අමෙරිකානුවන් දැන් කියා සිටින්නේ වංශානුගත ව ජනාධිපතිවරයා තෝරා ගැනීම මින් ඉදිරියට නොකළ යුතු බවයි. එවැනි අයට පක්ෂ විසින් නාමයෝජනා නොදිය යුතු බව සමහරෙකු පෙන්වා දෙන අතර තවත් සමහරකු පෙන්වා දෙන්නේ ‘වංශයක සාමාජිකයකුට’ අපේක්‍ෂකත්වය ලබාගත නොහැකි පරිද්දෙන් ව්‍යවස්ථාව සංශෝධනය විය යුතු බවයි.