සැප්තැම්බරයට පෙරවදනක්


kusal

 

ජාත්‍යන්තර පරීක්ෂණ කෙරුණයි කිව්වාට තවම දෙමළ ජනතාවගේ මානුෂීය ප‍්‍රශ්න සඳහා සාධාරණ කිසිවක් කෙරිලා නැහැ. යුද්ධයේ අවසන් දින කිහිපයේ මානව හිමිකම් උල්ලංඝන ගැන මම යුධ අපරාධ පිළිබඳ පරීක්ෂණයකදී සාක්ෂි ඉදිරිපත් කරන්න සූදානම්. ඒ සම්බන්ධ ඇත්ත තොරතුරු ප‍්‍රමාණයක් මා ළ`ග තියෙනවා.’’ : දෙමළ ජාතික සන්ධාන අම්පාර දිස්ති‍්‍රක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්ද්‍රනේරු චන්ද්‍රකාන්තන්. මීට තෙසතියකට පමණ ඉහතින් දෙමළ රූපවාහිනි නාලිකාවකට කළ ප‍්‍රකාශයකින් උපුටා ගැනුණකි.

වත්මන් ආණ්ඩුව සමග අලූත් හිතවත්කමක් ඇතිව කටයුතු කිරීමට බටහිර බලවත්හු පොරොන්දු වූහ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මාර්තු සැසියට ඉදිරිපත් කරන්නට තිබූ ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණයේ මුල් වාර්තාව, මහ කොමසාරිස් සෙයිද් රාඞ් අල් හුසේන් විසින් ලබන සැප්තැම්බර සැසිය දක්වා කල් තැබුවේය. යුද්ධයේ අවසාන කාලවකවානුවේ සිදුවූ අපරාධ වෙතොත් ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සඳහා දේශීය පරීක්ෂණ කොමිසමක් පත් කිරීමට ආණ්ඩුව පොරොන්දු විය. ලබන ජූලියේදී කොමිසම ආරම්භ කරන බව ජනාධිපති පැවසුවේය. සියලූ පාර්ශ්වයන් සමගින් සාකච්ඡුා කිරීමෙන් හැර ඒ සම්බන්ධව පියවර නොගන්නේයැයිද ආණ්ඩුව කිසිදු ජාත්‍යන්තර ආයතනයකට කාලවකවානු පිළිබඳ පොරොන්දු දී නැතැයිද විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප‍්‍රකාශිකා කොලොන්නේ මහත්මිය පසුගිය සතිඅන්ත පුවත්පතකට කියා තිබිණ. ඉන් කියැවුණු කතාව වන්නේ ලබන සැප්තැම්බරයේදී මානව හිමිකම් මහ කොමසාරිස් විසින් ශී‍්‍ර ලංකාව ගැන ඉදිරිපත් කරන වාර්තාව සඳහා උත්තර දීමට ආණ්ඩුවට සිදුවන බවය.
එවැනි විටෙක, ජාත්‍යන්තර පරීක්ෂකයන් අත ඇති තොරතුරු අතර වන ‘සුදු කොඩි ඝාතන’ ලෙසින් ප‍්‍රසිද්ධියට පත් වූ සිද්ධිය සම්බන්ධයෙන් උත්තර දීමටත් සිදුවනු ඇත. එවක හමුදාපති වූ ජනරාල් සරත් ෆොන්සේකා ඒ සිද්ධිය පිළිබඳව 2010 ජනාධිපතිවරණ සමයේ සන්ඬේ ලීඩර් පුවත්පතට කළ ප‍්‍රකාශයක් ඉමහත් ආන්දෝලනයකට ලක් විය. සිරියානු ප‍්‍රහාරයන්ට ගොදුරුව තිබූ හොම් නගරයේ ඛේදවාචකය වාර්තා කිරීමට එහි ගොසින් සිටියදී 2012 පෙබරවාරි 12 වන දින සිරියානු හමුදා බෝම්බ ප‍්‍රහාරයකින් මියගිය ලෝප‍්‍රකට යුද වාර්තාකාරිනියක වූ මාරි කොල්වින් මෙරට යුද්ධය අවසන් වී දින 5කට පසු 2009 මැයි 24 වන දින සිද්ධියට තිබූ තම පෞද්ගලික සම්බන්ධයද සටහන් කරමින් ඇය සේවය කළ බි‍්‍රතාන්‍යයේ සන්ඬේ ටයිම්ස් පුවත් පතෙහි සවිස්තරාත්මක වාර්තාවක් පළකළා ය.

මෙතෙක් මෙම වාර්තාව පූර්ණ වශයෙන් අපේ මාධ්‍යයන්හි ඉංගී‍්‍රසියෙන් හෝ පළව නැත. එනිසා මෙතෙක් කිසිවකු විසින් අභියෝග නොකළ හා ප‍්‍රතික්ෂේප නොකළ එහි ඇති තොරතුරු සමූහය අපේ රටෙ අතිබහුතරයක් පුරවැසියනට දැනගැනීමට නොහැකි විය. සංස්කරණය නොකළ එකී වර්තාවෙහි මෙම සිංහල පරිවර්තනය ඒ වෙනුවෙනි.
‘යටත්වන්න උදව් කරන්නැයි කොටි මගෙන් අයැද සිටියා’: මාරි කොල්වින්

ශී‍්‍ර ලංකා හමුදාව ආසන්නයටම පැමිණි පසු සමූලඝාතනයෙන් වළකාලන මෙන් කැරළිකරුවෝ, සන්ඬේ ටයිම්ස් වාර්තාකාරිනියට බැගෑපත් ඉල්ලීමක් කළහ.

එය අන්ත අසරණවූවෙකුගේ අන්තිම දුරකතන ඇමතුම විය. එනමුත් එය තවත් පැය කිහිපයකින් මියයන්නට සිටි මිනිසකුගේ හ`ඩ නොවීය. දෙමළ කොටි සංවිධානයේ දේශපාලන නායක බාලසිංහම් නඬේසන්ට හැරෙන්නට වෙනත් අතක් නොතිබුණ සෙයකි.
‘‘අපි අපේ ආයුධ බිම තියනවා’’ ඔහු පසුගිය ඉරිදා මධ්‍යම රාති‍්‍රය ආසන්නයේ චන්ද්‍රිකා දුරතකනයකින් මට කතාකර කීවේය. ඔහු සිටියේ ශී‍්‍ර ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ උතුරට වන්නට ඔවුන් අවසාන වරට කොටුවී සිටි කුඩා වනාන්තරයක් සහිත බිම්කඩෙක ය.
කිසි කලබලයකින් තොරව ඔහු ඉතා සන්සුන්ව කතා කරන විට, මැෂින් තුවක්කු හ`ඩ මට පසුබිමෙන් ඇසිණ. ‘‘අපි ඔබාමා පාලනයෙන් හා බි‍්‍රතාන්‍ය ආණ්ඩුවෙන් ආරක්ෂාව පිළිබඳ සහතිකයක් බලාපොරොත්තු වෙනවා. එහෙම සහතිකයක් තියේවිද?’’
වසර 26ක දෙමළ කොටි සහ බහුතර සිංහලයන් අතරවූ යුද්ධයේ ඉතාම භයානක අවස්ථාව විය හැක්කේ ජයග‍්‍රාහී ශී‍්‍ර ලංකා හමුදාවට බාර වීම බව ඔහු හොඳින් දැනසිටියේ ය.

වසර 8කට පෙර කොටි ප‍්‍රදේශයට රහසෙන් ඇතුළු වූ මම, නඬේසන් සහ කොටි සාම ලේකම් කාර්යාලයේ ප‍්‍රධානියා වූ සීවරත්නම් පුලිතේවන් දැනහැඳින සිටියෙමි.

ඒ වන විට, රටෙන් තුනෙන් පංගුවක් කොටි පාලනයට නතුව තිබිණ. දැන් මේ දෙදෙන ඉතිරිව ඉන්නා සටන්කරුවන් 300 සහ ඔවුන්ගේ පවුල්වල අයගේ ජීවිත බේරා ගැනීමේ උත්සාහයක යෙදුණාහ. ඔවුන්ගෙන් බොහෝ දෙන තුවාලකරුවෝ වූහ. දෑතින් හාරා ගත් කාණුවල නිරන්තර බෝම්බ ප‍්‍රහාරවලින් බේරීමට උත්සාහ කරන දෙමළ සිවිල්වැසියෝ දසදහස් ගණනක්ද ඔවුන් සමග එහි කොටුවී සිටියහ.
කැරලිකාරිත්වය පරාජය කිරීමේ අවසන් ජයග‍්‍රාහී ප‍්‍රහාරය සඳහා හමුදාව කුඩා බිම්කඩ වෙත කඩා වැදුණු අවසන් දින කිහිපයේ දී කොටි නායකත්වය හා එක්සත් ජාතීන් අතර පණිවිඩකරු වූයේ මා ය.

එක්සත් ජාතීන් වෙත කරුණු 3ක් ඉදිරිපත් කරන්නට නඬේසන් මට කීවේය. ඔවුන් ඔවුනගේ ආයුධ බිම තියනු ඇත. ඇමෙරිකානුවන්ගෙන් හෝ බි‍්‍රතාන්‍යයන්ගෙන් ඔවුන්ට ආරක්ෂාව පිළිබඳ සහතිකයක් අවශ්‍ය වන්නේය. සුළුතර දෙමළ අයිතීන් තහවුරු කෙරෙන දේශපාලන කි‍්‍රයාදාමයක් පිළිබඳ සහතිකයක් ශී‍්‍ර ලංකා ආණ්ඩුවෙන් ලැබිය යුතු ය.

ඇමෙරිකානු හා බි‍්‍රතාන්‍ය පාලනයේ ඉතා ඉහළ නිලධාරීන් හරහා මම ඒ වන විට කොළඹ සිටි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බන්කි මූන්ගේ විශේෂ නියෝජිත හා ප‍්‍රධාන කාර්ය නිලධාරී විජය නම්බියාර් සමග සම්බන්ධය තහවුරුකර ගත්තෙමි. බාරවීම සඳහා කොටින්ගේ කොන්දේසි මම ඔහුට ඉදිරිපත් කළෙමි. ඔහු ඒවා ශී‍්‍ර ලංකා ආණ්ඩුව වෙත ඉදිරිපත් කරන බව මා සමග කීවේය.

අවසානයේ ගැටුම සාමකාමී කෙළවරකට එනු ඇතැයි සිතිණ. උපැස් යුවලක් පැළඳි විනෝදකාමී පුද්ගලයෙකු වූ පුලිතේවන් බන්කරයක ඉන්නා ඔහුගේ සිනාමුසු ඡුායාරූපයක් මගේ ජංගම දුරකතනයට යොමු කළේය.
එහෙත් හමුදාව තව තවත් ආසන්නයට පැමිණි පසුගිය ඉරිදා රාති‍්‍රයේ කොටින්ගෙන් නැවත ඉල්ලීම් නොවුණි. ඡුායාරූපද නොලැබිණ. නඬේසන් මට කතා කළ විට ‘යටත්වීම’ යන වචනය භාවිත කිරීම ඔහු ප‍්‍රතික්ෂේප කළේ ය. එහෙත් ඔහු කරන්නට බලාපොරොත්තු වූයේ එය ය. කොටින්ගේ ආරක්ෂාව සහතික කිරීමට නම්බියාර් සිටිය යුතුයැයි ඔහු කීවේය.

නැවතත් එක්සත් ජාතීන්ගේ නිව්යෝක් නුවර 24 පැය පාලන මැදිරිය නම්බියාර් සමග මා සම්බන්ධ කළේ ය. ඒ වන විට කොළඹ වෙලාව සඳුදා පාන්දර 5.30 විය. මම ඔහු නින්දෙන් අවදි කළෙමි. කොටි ආයුද බිම තබා ඇතැ’යි මම ඔහුට කීවෙමි. නඬේසන් හා පුලිතේවන් යටත්වූ විට ඔවුනට ආරක්ෂාව ඇතැයි ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ තමාට සහතික වූ බව ඔහු කීවේය. ඔවුන් කළ යුත්තේ ‘සුදු කොඩියක් ඉහළට එසවීමයැ’යි කීවේය.
යටත්වීම බැලීමට ඔහු යා යුතු නොවේදැ’යි මම නම්බියාර්ගෙන් ඇසුවෙමි. අවශ්‍ය නැතැ’යි කී ඔහු ජනාධිපතිගේ සහතිකය ප‍්‍රමාණවත්යැ’යි කීවේය.
ඒ වනවිටත් ලන්ඩනයේ තවමත් ඉරිදා මධ්‍යම රාති‍්‍රය පසුවූවා පමණය. මම නඬේසන්ගේ චන්ද්‍රිකා දුරකතනයට කතා කරන්නට උත්සාහ කළෙමි. එහෙත් ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. එනිසා මම දකුණු අපි‍්‍රකාවේ කොටි සම්බන්ධතාවකට කතා කර ‘සුදු කොඩියක් ඉහළට එසවිය යුතුය’ යන නම්බියාර්ගේ පණිඩිඩය දුන්නෙමි.

පාන්දර 5ට මා අවදි වූයේ ගිනිකොණ ආසියාවේ තවත් කොටි සම්බන්ධතාවක් විසින් මට දුරකතනයෙන් කතා කළ විටය. ඔහුට දුරකතනයෙන් නඬේසන් සම්බන්ධ කර ගැනීමට නොහැකිව ඇත. ‘මම හිතන්නේ දැන් සේරම ඉවරයි’ ඔහු කීවේය. ‘ඔවුන් සියලූ දෙනම දැන් මැරිලා.’
ශී‍්‍ර ලංකා හමුදාව එදින සවස කොටින්ගේ මළමිනී ප‍්‍රදර්ශනය කළේ ය. යටත්වීම වැරදුණේ කෙසේ ද? ඒ ගැන නොපමාව සෙවිය යුතු විය.
එම ඉරිදා රාති‍්‍රයේ ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වූ රෝහන් චන්ද්‍රනේරුටද නඬේසන් කතා කර ඇතැයි මම දැන ගතිමි. ඔහු වහා රාජපක්ෂට කතා කර ඇත.

ඒ මන්තී‍්‍රවරයා ඊළග පැය කිහිපයේ සිදුවීම් විස්තර කළේ ය. ‘නඬේසන්ට සහ ඔහුගේ පවුලේ උදවියට පූර්ණ ආරක්ෂාව ලබා දෙනවායැයි ජනාධිපති පුද්ගලිකවම මට කිව්වා. නඬේසන් මට කිව්වා ඔහු සමග 300ක් ඉන්නවා කියලා. සමහරුන් තුවාලකරුවන්.’
‘මම ජනාධිපතිට කිව්වා, මම ගිහින් ඔවුන්ගේ යටත්වීම බාර ගන්නම්’ කියලා.
‘රාජපක්ෂ කිව්වා, නැහැ ඔබ යුද කලාපයට යෑමේ අවශ්‍යතාවක් නැහැ. ඔබේ ජීවිතය අනතුරට ලක් කරන්න අවශ්‍ය නැහැ. අපේ හමුදාව හරි විනයගරුකයි පරාර්ථකාමියි කියලා.’

ජනාධිපතිගේ මළණුවන් බැසිල් තමාට කතා කළ බව චන්ද්‍රනේරු පැවසුවේ ය. ‘ඔහු කිව්වා ඔවුන්ට ආරක්ෂාව තියෙනවා. ඔවුන් සුදු කොඩියක් ඔසවා එන්න ඕනෑ කියලා. ඔවුන් පැමිණිය යුතු මාර්ගයද ඔහු මට කිව්වා.’
ශී‍්‍ර ලංකාවේ වෙලාවෙන් සඳුදා පාන්දර 6.20ට පමණ මන්තී‍්‍රවරයා නඬේසන්ට කතා කර ඇත. ඇසුණු වෙඩි හ`ඩ වෙන කිසි විටෙකට වඩා වැඩියැ’යි ඔහු කීවේය.

‘අපි සූදානම්. මම ඉස්සරහින් සුදු කොඩියක් ඔසවා ගෙන යනවා.’ නඬේසන් ඔහුට පවසා ඇත.
‘මම කිව්වා, ඉහළට ඔසවන්න සහෝදරයා. ඔවුන්ට පේන්න තියෙන්න ඕනෑ. මම හවසට එන්නම් හමුවන්න.’ චන්ද්‍රනේරු පැවසුවේය.
ඝාතන කලාපයෙන් බේරීමට හැකි වූ කණ්ඩායමක දෙමළ පුද්ගලයෙකු සිදුවූ සියල්ල විස්තර කළේ ය. මෙම පුද්ගලයා ආධාර සැපයූ කි‍්‍රයාධරයකු සමග පසුව කියුවේ නඬේසන් සහ පුලිතේවන් ගැහැනු පිරිමි ඇතුළත් දුසිමක පමණ පිරිසක් සමග සුදු කොඩියක් ඔසවා ගෙන ශී‍්‍ර ලංකා හමුදා පෙරමුණ වෙත ගමන් කළ බව ය. හමුදාව ඔවුන් වෙත මැෂින් තුවක්කු ප‍්‍රහාරයක් එල්ල කළේයැ’යි ඔහු කීවේය.

‘ඔහු යටත්වන්න එන්නේ. නුඹලා ඔහුට වෙඩි තියනවා’ නඬේසන්ගේ බිරිඳ සිංහලෙන් කෑගැසුවාය. ඇය සිංහල කාන්තාවකි. ඇයටද වෙඩි තැබිණ.
කණ්ඩායමේ සියලූ දෙන ඝාතනය කෙරුණැයි මේ පුද්ගලයා කීවේය. ඔහුගේ ජීවිතය ගැන බියෙන් දැන් ඔහු සැ`ගවී සිටින්නේ ය. චන්ද්‍රනේරු මන්තී‍්‍ර කියන ආකාරයට ජනාධිපති සහ එතුමන්ගේ සහෝදරයාගේ තර්ජන හේතුවෙන් ඔහුද රට හැර ගියේය.
පසුගිය දින කිහිපයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා ලෙස නම්බියාර්ගේ මැදිහත්වීම ප‍්‍රශ්න කිරීමට ලක්ව ඇත. ඔහුගේ සහෝදරයා වන සතිශ් 2002 සිට ශී‍්‍ර ලංකා හමුදාවෙන් වැටුප් ලැබූ උපදේශකයෙකු විය. ශී‍්‍ර ලංකා හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ‘ශේ‍්‍රෂ්ඨ හමුදා නායකයෙකුගේ ගතිලක්ෂණ ඇත්තෙක්’ යැයි වරක් සතිශ් ලීවේය.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ඇතුළු ඔවුන්ගේ ත‍්‍රස්තවාදී කි‍්‍රයා නිසා දෙමළ කොටි සංවිධානය ජාත්‍යන්තරව තහනම් කරනු ලැබූ සංවිධානයක් වූවත් නඬේසන් හා පුලිතේවන් දේශපාලන විසඳුමක් සඳහා කැමැත්ත පළකළහ. ජීවත් වූයේ නම් ඔවුන් සුළුතර දෙමළ ජනතාවගේ විශ්වාසය දිනිය හැකි දේශපාලන නායකයන් වන්නට ඉඩ තිබිණ.

ඔවුන්ගේ ව්‍යාපාරය හමුදා යාන්ත‍්‍රණයක් බවට පත්කළේ ඔවුන්ගේම විධායකයා වූ වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ය. ඔහු භීතියෙන් පෙළුණු කුරිරු පුද්ගලයෙකි. ශී‍්‍ර ලංකා හමුදා ප‍්‍රහාර හමුවේ දෙමළ කොටි පසුබසිමින් සිටියද ඔහු හමුදා කි‍්‍රයාකාරිත්වය කෙරෙහි තැබූ විශ්වාසය අතහැරියේ නැත.
පසුගිය සතිය වනවිට ප‍්‍රභාකරන් තවමත් ජීවතුන් අතරයැ’යි කතා පැතිරුණද, සංවිධානය සීසීකඩ වී තිබිණ. බේරී සිටි දෙමළ නායකයන් දේශපාලන පිළිවෙතකට යෑමේ අවශ්‍යතාව ගැන කතා කළ අතර, වඩා සටන්කාමී නියෝජිතයෝ පළිගැනීමේ ප‍්‍රහාර ගැන කතා කළහ.
මාධ්‍යවේදිනියක ලෙස මේ කතාව වාර්තා කිරීමේ අපහසුවක් මට ඇත. මම පළමු වරට ශී‍්‍ර ලංකාවට ගියේ 2001 වසරේදී ය. ඒ ලක්ෂ 5ක් දෙමළ ජනතාවට ආහාර සහ ඖෂධ සැපයුම් ආණ්ඩුව විසින් අවහිර කර ඇතැ’යි වූ තොරතුරු සෙවීමටය. උතුරු දෙමළ ප‍්‍රදේශය වසර 6 ක් පමණ මාධ්‍යවේදීන්ට තහනම් වූ ප‍්‍රදේශයකි.

එහි ජනතාව අපා දුක් විඳිනු මම දුටුවෙමි. වෛද්‍යවරුන් ඖෂධ සඳහා අයදින හැටි දුටිමි. නඬේසන් සහ පුලිතේවන් වැනි නායකයන් මා සමග පැවසුවේ ඔවුන් ස්වාධීන ඊළාම් රාජ්‍යය පිළිබඳ ඉල්ලීම ශී‍්‍ර ලංකාව තුල ස්වපාලනය දක්වා ලිහිල්කර ඇති බවය.
රාති‍්‍රයෙහි මා ඔවුන්ගේ ප‍්‍රදේශයෙන් පිටතට ගෙන ඒමට කළ රහසිගත උත්සාහයේදී ශීී‍්‍ර ලංකා හමුදා කාණ්ඩයක් අපට හදිසි ප‍්‍රහාරයක් එල්ල කළේය. මා ‘‘මාධ්‍යවේදිනියක්. මාධ්‍යවේදිනියක්’’ කියා කෑ ගසනතුරු මට කිසිදු අනතුරක් තුවාලයක් සිදුව නොතිබිණ. ඒ සැණින් ඔවුහු මා වෙත රොකට්ටු ග්‍රෙණේඩයක් එල්ල කළහ. මට ඉන් බරපතළ ලෙස තුවාල සිදුවිය. (ඇයගේ දකුණු ඇස ඇයට අහිමි වූයේ මේ ප‍්‍රහාරයෙනි.)

ඉන්පසු මම නිරන්තරව දෙමළ නායකයන් හා සම්බන්ධතා පැවැත්වූයෙමි. පසුගිය මාස කිහිපයේ හමුදාවේ අලූත් මෙහෙයවීම් සමග වූ ප‍්‍රහාර හමුවේ දෙමළ කොටි පසුබසින විට නායකයෝ මට දිගින් දිගටම දුරකතනයෙන් ඇමතුහ. එවැනි එක් දුරකතන ඇමතුමකදී ආණ්ඩුව සටන් විරාමයක් කි‍්‍රයාත්මක කරන්නේ නම්, ඔවුන් ඕනෑම ජනමත විචාරණයකට සූදානම් බව නඬේසන් කීවේය. ඔහුගේ ඒ ඉල්ලීම කොළඹ ප‍්‍රතික්ෂේප කළේය.
කොටි පරාජය කළ පසු කොළඹ වීදිවල පී‍්‍රතිඝෝෂා පැවැත්විණ. ජයග‍්‍රහණය පැමිණයේය. ඒ දෙමළ වැසියනට සිතාගත නොහැකි වූ සලිත කෙරෙන අධිමිලක් සමගය. එක්සත් ජාතීන්ගේ ගණන්වලට අනුව අවසාන ප‍්‍රහාරයෙන් අවම 7,000ක් මිය යන්නට ඇත. එහෙත් ඇත්ත සංඛ්‍යාව ඊට බෙහෙවින් වැඩියැ’යි විශ්වාස කෙරේ. යුද්ධයට කොටුවී සිටි 2,80,000ක් කටුකම්බි ගැසූ ‘සුභසාධන’ කඳවුරුවලට ගාල් කර ඇත. ඒවායේ තත්ත්වය වේගයෙන් බිඳ වැටෙන්නේය.

ඊයේ වනවිට එක කූඩාරමක පවුල් 3ක් පමණ ගුලිවී ඉන්නා බවත් වතුර හා ආහාර සඳහා පැය ගණන් පෝලිමේ සිටිය යුතු බවත් ජාත්‍යන්තර ආධාරක සංවිධාන පැවසීය. එක් ආධාරක සේවකයෙකුට අනුව 44,000ක් වූ කඳවුරක සිටින්නේ එක් වෛද්‍යවරයෙකු පමණි.

සන්ඬේ ටයිම්ස් (බි‍්‍රතාන්‍යයේ) පුවත්පත විසින් ආධාරක සංවිධාන හරහා සම්බන්ධ කරගත් අනාථ පිරිස් දැඩි වේදනාවෙන් කතා කළහ. ‘බලන්න අප ඉන්න හැටි’ එක් කඳවුරක සිටි දෙදරු මවක් පැවසුවාය. ‘අපට කිසිම ඉඩක් නැහැ. අව්වට කර වෙනවා. සන්නද්ධ භටයන් හමුවේ අපි කටුකම්බිවලින් කොටු කළ හිරකාරයෝ. දරු දෙන්නෙක් එක්ක මම මොනවා කරාවි කියලාද මේගොල්ලන් හිතන්නේ? ඇයි අපි මෙහේ ඉන්නේ?’ ඇය ඇසුවාය.
සනාථ කර ගැනීමට නොහැකි වූවත් වාර්තාවන අයුරු අතුරු සන්නද්ධ කණ්ඩායම් විසින් කඳවුරුවල ඉන්නා තරුණයන් කොටියැ’යි පවසා රැුගෙන ගොස් රහස් ස්ථානවල රඳවා ඇත.

ජනාධිපති දෙමළ ප‍්‍රජාවට දෑත දිගු කරමින් වසර අවසාන වන්නට කලින් සියයට 80ක් නැවත පදිංචි කිරීමටත් රට එක්සත් කිරීමටත් පොරොන්දු විය.
‘එය යථාර්ථවාදීයැයි මම හිතන්නේ නැහැ’ මානව හිමිකම් සංවිධානයේ ඇනා නීස්ටට් කීවාය. ‘කිසිවකු නිදහස් කරන්නට කිසි පිළිවෙතක් නැහැ.’
දෙමළ කොටි ව්‍යාප්තිය සඳහා ඉඩ සැපයූ දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් විසඳුම් නැතිව ආණ්ඩුව ප‍්‍රකාශයට පත්කළ අභිප‍්‍රායන් කවරක් වූවත් ශී‍්‍ර ලංකාව එක්සත් කළ හැකි අවකාශයක් පේන තෙක් මානයක නැත.

(මෙම වාර්තාව සඳහා අමතර තොරතුරු සැපයීම කොළඹ සිට, හෙද මාක් ගෙනි.)