රාවය

නරක ක‍්‍රමයක් තුළින් හොඳ අපේක්ෂකයන් බිහිකරගැනීම

නරක ක‍්‍රමයක් තුළින් හොඳ අපේක්ෂකයන් බිහිකරගැනීම

 

එහෙ මෙහෙ වැනෙමින් තිබුණු ශ‍්‍රී ලංකාවේ හත්වන පාර්ලිමේන්තුව අවසානයේදී විසුරුවා හැරිණ. ඊළඟට ඇරඹෙන්නේ නාමයෝජනා සමයයි. 1980 ගණන්වල සිට ක‍්‍රියාත්මක වූ මැතිවරණ ක‍්‍රමයට අනුකූලවම ලබන මහ මැතිවරණය සඳහා ද නාමයෝජනා කැඳවේ. යහපාලනය වෙත යන මාවතේ කිසියම් ප‍්‍රගතියක් අත්කරගෙන ඇතිදැ’යි දැනගන්නට හොඳම අවස්ථාව නාමයෝජනා හරහා එළැඹෙනු ඇත.

කවුරු කෙසේ කීවත් පවතින මැතිවරණ ක‍්‍රමය පිළිබඳව රටේ පවතින්නේ ප‍්‍රසාදයක් නොවේ. විශේෂයෙන් වැරදි පුද්ගලයන්ට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් පවතින අප‍්‍රසාදය වඩාත් උග‍්‍රය. මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම පිණිස 1996 වර්ෂයේ සිටම විවිධ කණ්ඩායම් විසින් නොයෙකුත් ප‍්‍රයත්නයන් දරන ලද්දේ මෙනිසාය. 2015 ජනාධිපතිවරණ සමයේදී ප‍්‍රධාන අපේක්ෂකයන් දෙපළ විසින්ම ලබාදුන් පොරොන්දු මාලාවන්හි ඇතුළත් වූ මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම උදෙසා ජනාධිපති සිරිසේන මහතා විසින් දැඩි උත්සාහයක් දරන ලද්දේ වුවත් එම කාර්යය සාක්ෂාත් කරගැනීමට හත්වන පාර්ලි මේන්තුව අපොහොසත් විය.

වර්තමාන මැතිවරණ ක‍්‍රමය සම්බන්ධයෙන් පවතින ප‍්‍රධාන මතවාද දෙකකි. මෙයින් පළමුවන සහ බොහෝ දෙනෙකු විසින් දරන මතවාදය නම් මැතිවරණ ක‍්‍රමයේ නෛසර්ගික වරදක් නැති නමුත් දේශපාලන පක්ෂ නිසි අයුරින් ක‍්‍රියා නොකිරීම නිසා එම ක‍්‍රමය තුළින් නරක මන්ත‍්‍රීවරුන් බිහිවන බවයි. එනම්, වඩා හොඳ අපේක්ෂකයන් ඉදිරිපත් කරන්නට දේශපාලන පක්ෂ වගබලා ගන්නේ නම් ඡුන්දදායකයන් වන අපට හොඳ අපේක්ෂකයන්ට මනාපය ලබා දිය හැකි වන අතර එවිට තේරී පත්වන මන්ත‍්‍රීවරුන් ගුණාත්මක බවින් ඉහළ හොඳ අය වනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ඇති දෙවන මතවාදයට අනුව මැතිවරණ ක‍්‍රමයේ ව්‍යුහාත්මක වැරදි පවතින අතර නරක අපේක්ෂකයන් බිහිවන්නේ මේ ව්‍යුහාත්මක වැරදි හේතුවෙනි. යහපත් අපේක්ෂකයන් ඇති කරගන්නට නම් මැතිවරණ ක‍්‍රමයේ ව්‍යුහය වෙනස් කළයුතුය. මා ද, මෙම මතවාදය දරන්නකු වන අතර 20 වන සංශෝධනය සම්මත කරවා ගැනීමේ කාර්යය සඳහා දරන ලද දැඩි ප‍්‍රයත්නවලට දායකත්වය ලබාදීමේ හේතුව එයයි.

විපාක සහ ඒවායේ ප‍්‍රත්‍ය

වැරදි විපාක ගෙන එන මූලිකතම හේතුව නම් මැතිවරණ ව්‍යාපාරයන් වෙනුවෙන් වැය කරනු ලබන අරමුදල් සඳහා පාලනයක් නොමැති වීමයි.
පවතින මැතිවරණ ක‍්‍රමය යටතේ මැතිවරණ ප‍්‍රචාරණය උදෙසා අධික වැයක් දැරීමට සිදුවේ. පරිමාණයෙන් වර්ග කිලෝමීටර 6,664ක් වන අනුරාධපුර දිස්ත‍්‍රික්කය සිසාරා මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයක් ගෙනයෑම හෝ ගම්පහ දිස්ත‍්‍රික්කයේ 1,6,37,537ක් වන ඡුන්දදායක සංඛ්‍යාවක් වෙත මැතිවරණ ප‍්‍රචාරක පණිවිඩයක් ගෙනයෑම සම්බන්ධයෙන් කල්පනා කර බැලූ විට මේ සම්බන්ධ දළ අදහසක් ලබා ගතහැකිය. 2010 මහ මැතිවරණයේ දී සිය මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා මිලියන 80 ක මුදලක් වැයකළ බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම විසින් ප‍්‍රකාශ කරන ලද අවස්ථාව වාර්තාගතව තිබේ. ඔහු නියෝජනය කරන කළුතර දිස්ත‍්‍රික්කය පරිමාණාත්මකව අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් හතරෙන් එකකටත් වඩා කුඩා අතර එහි සිටින ඡුන්දදායක සංඛ්‍යාව ගම්පහ දිස්ත‍්‍රික්කයේ එම සංඛ්‍යාවෙන් අඩක් පමණකි.

විරුද්ධ පක්ෂවලින් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයන් වඩා වැඩි මුදල් ප‍්‍රමාණයක් වැය කිරීමේ මූල්‍ය ශක්තියකින් යුත් අපේක්ෂකයන්ට නාමයෝජනා ලබාදීම කරා දේශපාලන පක්ෂ මෙහෙයවනු ලබන්නේ මෙම මූල්‍ය අවශ්‍යතාව විසිනි. යොදන මුදල්වලින් ප‍්‍රතිලාභයක් ලැබීමේ අපේක්ෂාවෙන් තොරව සිය මුදල් වැයකිරීමට සූදානම් අපේක්ෂකයන් ස්වල්ප දෙනෙකු සිටිය හැක. එහෙත්, මැතිවරණ ව්‍යාපාරය සඳහා යෙදවීමට සිදුවන දැවැන්ත මුදල් සම්භාරය සලකන විට බොහෝ දෙනෙකුට එය ප‍්‍රතිලාභ සහිතව නැවත උපයා ගත යුතු ආයෝජනයකි. මෙම තත්ත්වය විසින් ඇමතිකම් සඳහා පවතින අසීමිත ගිජුකමට සහ දූෂණයට පොළඹවන වාතාවරණය නිර්මාණය කරයි.

මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයන් සඳහා අවශ්‍ය වන මුදල් ප‍්‍රමාණය ඉහළයමින් පැවතීම, එපමණ මුදලක් වැයකිරීමේ වත්කමක් නොමැති පුද්ගලයන්ට සහ එම මුදල් උපයාගැනීම පිණිස සිය සදාචාරාත්මක වටිනාකම් උගසට තැබීමට නොකැමති පුද්ගලයන්ට දේශපාලන ක්ෂේත‍්‍රයට පිවිසීමෙහිලා බාධාවක්ව පවතී. අනෙක් අතට, අයථා ක‍්‍රමවලින් මුදල් උපයාගෙන ඇති පුද්ගලයන්ට නාමයෝජනා ලැබීමෙහි සහ එමගින් ඔවුන් පාර්ලිමේන්තුවට පත්වීමෙහි වැඩි ඉඩකඩක් සලසන්නේ ද අතිවිශාල මැතිවරණ ප‍්‍රචාරක වියදම් විසිනි.

මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට යොදන මුදල් සීමාවට විශේෂ වැදගත්කමක් දෙමින් මැතිවරණ නීති තදින් ක‍්‍රියාවෙහි යෙදවීම මේ ප‍්‍රශ්නයට දිය හැකි විසඳුමකි. උදාහරණයක් ලෙස, පෝස්ටර් සහ කටවුට් සම්බන්ධයෙන් පවතින මැතිවරණ නීති නිසි පරිදි ක‍්‍රියාත්මක කළහොත් සිය ප‍්‍රතිවාදියාගේ මැතිවරණ ප‍්‍රචාරණය අහෝසි කිරීමට සිදුකරන මෙහෙයුම්වල යෙදීමට සෑම අපේක්ෂක යකුට බලකෙරෙන පරිසරය පාලනය වීමට ඉඩ තිබේ.

හරි දේ කිරීමට උත්සාහ කරන නිලධාරීන් මැතිවරණ නීති ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සිය උපරිම උත්සාහයෙන් කටයුතු කරන නමුදු අතීත අත්දැකීම් අපට පැහැදිලි කරන්නේ එම උපරිම උත්සාහය ප‍්‍රමාණවත් නොවන බවයි. නිසි පරිදි බලගන්වන ලද මැතිවරණ කොමිෂන් සභාව (තවම සක‍්‍රිය කර නැත.) සේම පාර්ලිමේන්තු මැතිවරණ පනත සංශෝධනය කිරීම ද මෙහි ලා අත්‍යවශ්‍ය වන නමුදු ඒවා පමණක් මේ ගැටලූව විසඳීම පිණිස ප‍්‍රමාණවත් නැත.
පවතින මැතිවරණ ක‍්‍රමය විසින් සමස්ත දිස්ත‍්‍රික්කය පුරා ප‍්‍රචාරක කටයුතු සිදුකර හැකි තරම් මනාප ඡන්ද එකතු කරගැනීමට ඡුන්ද අපේක්ෂකයාට බල කරනු ලැබේ.එමෙන්ම 1978ට පෙර පැවති කේවල ඡුන්ද ක‍්‍රමය තුළ පැවති ඡුන්ද පෙත්සම් හරහා යෙදවී තිබූ පාලනය ද වර්තමාන ක‍්‍රමය තුළ අහෝසි වී තිබේ. එබැවින්, නීති බලාත්මක කිරීම පමණක් පවතින අවිචාරවත් බලවේගයන්ට මුහුණුදීමට ප‍්‍රමාණවත් නැත.

අතීතයේ පැවති කේවල මැතිවරණ ක‍්‍රමය යටතේ මැතිවරණ පෙත්සම් ඉදිරිපත් කිරීම බහුලව සිදුකරනු ලැබුණකි. ඞීඑස් සේනානායක මහතාගේ පළමුවන අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය තනතුරු දැරූ ජෝර්ජ් ඊ ද සිල්වා සහ ආර්එස්එස් ගුණවර්ධන යන මහතුන් දෙපළටම ඡුන්ද පෙත්සම් හේතුවෙන් ආසන අහිමි විය. ඒ හැරුණ විට, අනිල් මුණසිංහ මහතාට නැවත මැතිවරණයක් සඳහා තරගකිරීමේ අයිතිවාසිකම අහිමි කළ අවස්ථාව වැනි තවත් ප‍්‍රසිද්ධ මැතිවරණ පෙත්සම් ගණනාවක් වාර්තාගතව ඇත. මැතිවරණ පෙත්සමකට භාජනය වී අසුන අහිමි වීමේ බිය නිසා ප‍්‍රචාරක කටයුතුවලදී අපේක්ෂකයන් ස්වේච්ඡුා වෙන්ම නීති රැකීමක් කරා මෙහෙයවනු ලැබිණ. මැතිවරණ නීති කඩකළ බවට වාර්තා කර අසාධාරණයෙන් ජයග‍්‍රහණය කළේයැ’යි සැලකෙන අපේක්ෂකයාට විරුද්ධව නීතිමය පියවර ගැනීම සඳහා මුදල් වැයකිරීමට පරාජිත අපේක්ෂකයා දිරිගන්වන කරුණක් ද විය. ඒ, පසුව පවත්වනු ලබන අතුරු මැතිවරණයේදී අදාළ ආසනය දිනාගැනීමේ ශක්‍යතාව ඔහුට තිබීමයි.

දිස්ත‍්‍රික් පදනමකින් පැවැත්වෙන සමානුපාත නියෝජන ක‍්‍රමයක දී ජයග‍්‍රාහක අපේක්ෂකයා විසින් කෙතරම් බරපතල අයුරින් නීති උල්ලංඝනය කරන ලද්දේ වුව ද ඉහත කී ආකාරයෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා පරාජිත අපේක්ෂකයාට දිරිගැන්වීමක් නැත. පෙත්සමක් ඉදිරිපත් කර එය ඔප්පු කිරීමට සමත්වුවත් අතුරු මැතිවරණ නැති හේතුවෙන් විරුද්ධ පක්ෂයකට අයත් පරාජිත අපේක්ෂකයකුට ඉන් වාසියක් නොලැබෙන හෙයින් මහ මැතිවරණයට සම්බන්ධව මැතිවරණ පෙත්සම් ඉදිරිපත් කිරීම අභාවිතයට පත්විය.

මේ සියලූ කරුණු සලකා බලන විට මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම හදිසි අවශ්‍යතාවකි. පවතින මැතිවරණ ක‍්‍රමයේ ඇති ඉහත දක්වන ලද ආකාරයේ ව්‍යුහාත්මක අඩුපාඩු නිවැරදි කරමින් මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමට අදාළ වන 20වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට අටවන පාර්ලිමේන්තුව විසින් ඉහළම ප‍්‍රමුඛතාවක් දිය යුතුය.

එතෙක් කුමක් කරමු ද?

අද සහ නාමයෝජනා ලබාදීම අවසන් කරන ජූලි 13 වැනිදා අතර කාලය තුළදී, විශේෂයෙන්ම ප‍්‍රධාන පක්ෂවලින්, නාමයෝජනා ලබාදෙන්නේ කවර ආකාර පුද්ගලයනට ද යන්න සම්බන්ධයෙන් සිවිල් සංවිධාන සහ ඡුන්දදායකයන් අවධාන යෙන් සිටිය යුතුය. පැෆරල් සංවිධානය, සර්වෝදය සහ තවත් සංවිධාන විසින් අරඹන ලදඵීමාර්තු 12ඵීව්‍යාපාරය මේ සඳහා මූලික පෙරාදීමක් සිදුකිරීමට සමත්වනු ඇත. නාමයෝජනා ලබාදීමේදී මෙම මූලික නිර්ණායකයන් උල්ලංඝනය කරන ලද්දේ නම් ඒ සම්බන්ධයෙන් බරපතළ විරෝධතාවන් දැක්විය යුතුය.

දේශපාලන සහ අනෙකුත් නායකයන්ගේ එකඟතාව ද සහිත සහ මේ අවස්ථාව වන විටත් එයට සහයෝගය සඳහා අත්සන් මිලියනයක් එකතුකිරීමේ ව්‍යාපාරයක් පවතින මාර්තු 12 ප‍්‍රකාශනයේ ප‍්‍රධාන ප‍්‍රතිපත්ති අට මගින් දක්වා ඇති අයුරින් කිසිදු දේශපාලන පක්ෂයක් විසින් අපරාධකරුවන්ට අපේක් ෂක නාමයෝජනා ලබා නොදිය යුතුය. නාමයෝජිතයන් අල්ලස්, දූෂණ හෝ සමාජ විරෝධී ව්‍යාපාරයන්ට සම්බන්ධ නොවූ පුද්ගලයන් විය යුතුය. ඔවුන් පරිසර හිතකාමීන් විය යුතු අතර අධිකාරි බලය අයුතු ලෙස යොදාගැනීමට හෝ නුසුදුසු මූල්‍ය කටයුතුවලට සම්බන්ධ නොවූවන් විය යුතුය. ඔවුන්, සිය ඡුන්දදායකයනට සමීපවූවන් විය යුතුය. කාන්තාවන්ට සහ තරුණ පරපුරට ප‍්‍රමාණවත් තරමේ අවස්ථාවන් ලබාදීමට දේශපාලන පක්ෂ ක‍්‍රියාකළ යුතුය. මේ සම්බන්ධ වැඩි විස්තරhttps://www.change.org/p/ calling- allpolitical-parties -in-srilanka-for- clean -politicsand-a-clean-parliament. ඔස්සේ ලබා ගතහැක.

ඒ හැරුණු විට,තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ උදවියගේ ආධාරද ඇතිව, ඉන්දියාවේ myneta.info වැනි ව්‍යාපාරයක් දියත් කරන්නට ශ‍්‍රී ලංකාවේ සිවිල් සමාජයට හැකියාව තිබේ. මෙහිදී, දේශපාලන පක්ෂ විසින් මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට ලබාදෙන තොරතුරු පුරවැසියන්ට සහ මාධ්‍යවේදීන්ට පහසුවෙන් ලබාගැනීමේ අවස්ථාව සලසා දියයුතුය. මේ තොරතුරු ජංගම සන්නිවේදන උපකරණ ද ඇතුළු ක‍්‍රමවේදයන් හරහා ලබාගැනීමේ හැකියාව ඇති කළයුතුය. නාමයෝජිතයන්ට අදාළ වෘත්තීය සහ අනෙක් සුදුසුකම් (විශේෂයෙන්ම ජාතික ලැයිස්තුවට අදාළ) පිළිබඳ තොරතුරු සොයා ප‍්‍රසිද්ධ කළ හැකිය.

අපේක්ෂකයන්ගේ යෝග්‍යතාව පිළිබඳ තොරතුරු එකතුකිරීම උදෙසා සාමාන්‍ය සමාජයේ පුද්ගලයන්ට අවස්ථාව ලබාදීම (crowdsourcing) සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වී තිබේ. කෙසේවෙතත්, මෙම ක‍්‍රමය සෑහෙන අවදානමක් සහිත එකක් වනු ඇත්තේ අපේක්ෂකයනට එරෙහිව පදනම් රහිත චෝදනා ඉදිරිපත් කර ඔවුන් අපකීර්තියට පත්කිරීමේ හැකියාවක් ද මේ හරහා විවෘත වනු ඇති හෙයිනි. මේ ආකාරයෙන් තොරතුරු ප‍්‍රසිද්ධ කිරීම සම්බන්ධව වගකීම දරන පුද්ගලයා කවුරුන් හෝ වේවා එසේ ඉදිරිපත් කරන අසත්‍ය තොරතුරුවලට එරෙහිව අපහාස නීතිය යටතේ නඩු පැවරීමේ හෝ ඊටත් ඔබ්බට ගිය ක‍්‍රියාමාර්ගවලට එළැඹීමට ඉඩකඩ තිබේ. කෙසේ වෙතත්, පවතින තොරතුරු තුලනාත්මකව සලකා බලා සාක්ෂි සහිතව සිය නිගමනයන් ඉදිරිපත් කරන අව්‍යාජ මාධ්‍යකරුවන්ට සහ අදහස් ඉදිරිපත් කරන්නන්ට මෙම අනතුරු ඇඟවීම අදාළ නොවේ.

මෙය ඡන්දදායකයන් විසින් දේශපාලන පක්ෂ සිය ක‍්‍රියාකාරකම් පිළිබඳව වගවන තත්ත්වයට ගෙන ඒමකි. තමන් විසින් ඡන්දය භාවිත කළයුතු වන පුද්ගලයන්ගේ ගුණාත්මක භාවය පිළිබඳව තොරතුරු ඡන්දදායකයා විසින් සොයා බැලිය යුතුය. කිසියම් දේශපාලන පක්ෂයක් සිය නාමයෝජනා ලබාදීම හරහා බුද්ධිමත් ඡන්දදායකයන්ගේ සාරධර්ම නොතකා හරින්නේ නම් එවන් දේශපාලන පක්ෂයක් ඡන්දය ලබාගැනීමට තරම් නොවටින්නකි. මැතිවරණ ක‍්‍රමයේ සංශෝධනයක් කෙරෙන තුරු අපට කළ හැක්කේ මෙපමණකි.