රාවය

ගී‍්‍රක ණය බර ලොවට ම බරක්

ගී‍්‍රක ණය බර ලොවට ම බරක්

 

ග්‍රීසිය විසින් ලබා ගන්නා ලද රාජ්‍ය ණය ආපසු ගෙවීම පැහැර හැරීම නිසා උද්ගතව ඇති තත්ත්වය ලොවටම බලපාන්නක් බවට පත් ව තිබේ. මේ වනවිට ආසියානු මිල දර්ශක පවා පසුබෑමක් පෙන්වයි.

28 සිට සතියක් එරට බැංකු වසා තැබිය යුතුයැ’යි ගී‍්‍රක රජය නියම කළේ ය. මේ නිසා ස්වයංක‍්‍රිය මුදල් යන්ත‍්‍ර අසල දිගු පෝලිම් විය. ඒවායින් මුදල් ලබාගැනීම යුරෝ 60ක උපරිමයකට යටත් විය. මෙයින් කාඞ් භාවිත නොකරන විශ‍්‍රාමිකයන් වැනි අය අපහසුතාවට පත්වූ හෙයින් එවැන්නන්ගේ පහසුව සඳහා දිනකට සීමාසහිත කාලයක් කවුන්ටර් විවෘත කරන්නට පසුව තීරණය කරන ලදි.

2008 වසරේ ඇරඹි ආර්ථික අවපාතය සමග ලොව බොහෝ රටවල ආර්ථික කඩා වැටිණි. මෙලෙස සිදු වූ රටවල් අතරින් බහුතරය යුරෝපීය නිසා මේ සංසිද්ධියට යුරෝපා අවපාතය යන නම යෙදේ. වසර කිහිපයකින් බොහෝ රටවල් යථා තත්ත්වයට පත්වන්නට සමත් වූ නමුත් ගී‍්‍රසියට තවමත් එසේ නොහැකි විය.

ගී‍්‍රසියේ ආර්ථික අවපාතය ඇරඹී ඇත්තේ පොදු වශයෙන් යුරෝපා ආර්ථික අවපාතය ඇරඹෙන්නට පෙර ය. ප‍්‍රචලිත මතය නම් යුරෝපා ආර්ථික අවපාතයේ පෙර ගමන්කරු වූයේ ගී‍්‍රසිය බවයි. අදියර තුනකින් සිදුවූ එහි පළමුවැන්න 2007 අගභාගයේ සිදුවිය. දෙවැන්න 2008 දෙවැනි කාර්තුවේ සිට 2009 මුල් කාර්තුව දක්වා මාස දොළහක් පැවැති අතර තුන්වැන්න 2009 තුන්වන කාර්තුවේ ඇරඹී මේ දක්වා පවතියි.

මුල් වකවානුවේ ගී‍්‍රසියේ තත්ත්වය සමනය කරන්නට (වර්තමානයේ ගී‍්‍රක ණයට අදාළව තුන්කට්ටුව ලෙස හැඳින්වෙන) යුරෝපා කොමිසම, යුරෝපා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහායට ඉදිරිපත් විය. ඒ අනුව සහන පොලියට ආර්ථික සහාය ණය (bailout loans) මුදා හරිනු ලැබිණි. මේ ණය ප‍්‍රමාණය මුලදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 109%ක් වූ අතර පසුව එය 146% දක්වා ඉහළ නැංගේ ය. මේ වනවිට ගී‍්‍රක රාජ්‍ය ණය යුරෝ බිලියන 323ක් බව සඳහන් ය. මේ වනවිට පොලිය ද සමග එය යුරෝ බිලියන 400 ඉක්මවතැ’යි පැවසේ. ණයවලින්් 60%ක් ලබාගෙන ඇත්තේ යුරෝපා කොමිසමෙනි. 10%ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ද 6%කි යුරෝපා මහ බැංකුවෙන් ද ලබාගෙන ඇති අතර ඉතිරිය දේශීය හා විදේශීය බැංකු හා මූල්‍යායතනවලිනි.
මෙහි ප‍්‍රතිඵලය වී ඇත්තේ අයවැය හි`ගය දිගින් දිගටම ඉහළයෑමයි. ප‍්‍රමාණන (රේටිං) ආයතන විසින් ගී‍්‍රසිය පහළට දමනු ලැබූ අතර අවසානයේ සිදුව ඇත්තේ ආයෝජකයන් විසින් එරට ප‍්‍රතික්‍ෂේප කරනු ලැබීමයි. මෙය චක‍්‍රාකාරයෙන් සිදුවෙයි.

ගී‍්‍රසියේ මෑත ඉතිහාසය අනුව එය යහපත් ආර්ථිකයක් පවත්වා ගෙන ගිය රටකි. 2004 වසරේ ඔලිම්පික් තරග පැවැත්වුණේ ඇතන්ස් නුවරය. ඇතැම් විශ්ලේෂකයකුට අනුව ගී‍්‍රසියේ පරිහානිය ඇරඹුණේ ඔලිම්පික් උළෙලත් සමග ය. මන්දයත් එයින් දැවැන්ත පාඩුවක් එරටට වූ හෙයිනි.
වාර්තාවල දැක්වෙන පරිදි 1974ට පෙර ගී‍්‍රසියේ අයවැය හි`ගයක් තිබී නැත. එය ඇරඹෙන්නේ 1974 වසරේ මිලිටරි පාලනයෙන් මිදුණු ගී‍්‍රසිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට පිවිසීමත් සමග ය. 74 සිට 80 දක්වා අයවැය හි`ගය දළ දේශීය නිෂ්පාදිතයෙන් 3%කට අඩු ප‍්‍රශස්ත මට්ටමක පැවැති ඇති අතර 1980න් පසු එය මහා කෝණිකව වර්ධනය වී තිබේ. මීට හේතුව ලෙස පෙන්වා දෙනු ලැබ ඇත්තේ පොදු සුබසාධන කටයුතු සඳහා වැඩිපුර වියදම් දැරීමයි. රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය වැඩිකිරීම, විශ‍්‍රාම වැටුප් ද ඇතුළත් සුබසාධන ක‍්‍රම කි‍්‍රයාත්මක කිරීම සහ අධික හමුදා වැය රාජ්‍ය වැය ශීර්ෂ ඉහළ නංවන්නට හේතු කාරක විය. නැටෝ රටවල හමුදා වැයෙන් එරට දෙවැනි වන්නේ අමෙරිකා එක්සත් ජනපදයට පමණි.

මේ සමග අත්වැල් බැඳගත් ඉහවහා ගිය දූෂණය මෙන් ම නාස්තිය ද එරට අයවැය හි`ගයටත් එනයින් ආර්ථිකයේ පරිහානියටත් හේතු වී ඇත.
කෙසේවෙතත් වසර 2000 සිට එරටට විදෙස් ආයෝජන විශාල වශයෙන් ගලා ආ බව ප‍්‍රකට ය. මේ තත්ත්වය 2007 දක්වා පැවැතිණි. කාලය තුළ ආර්ථික වර්ධන වේගය 4.2%ක මට්ටමේ පැවැතිණි. පසුව මෙය කෙමෙන් පිරිහී ගිය අතර අවපාතයට එය මෙන් ම එයට අවපාතය ද හේතුකාරක වී ඇත.
මේ වනවිට ණය වාරික ගෙවාගත නොහැකි තත්ත්වයක සිටින නිසා ගී‍්‍රක රජය යුරෝ බිලියන 500ක ආර්ථික සහාය ණයක් යුරෝපා ස්ථායිතා යාන්ත‍්‍රණයෙන් ඉල්ලා ඇත. ඉහත සඳහන් ‘තුන්කට්ටුව’ ද එම ආයතනයේ මුල් පුටු හොබවන නිසා එම ඉල්ලීම වහා ප‍්‍රතික්‍ෂේප විය. ජුනි 30දා වනවිට ණය වාරික ගෙවන්නට නොහැකි බව ප‍්‍රකාශයට පත්කිරීමත්, ඊට ප‍්‍රතිචාර වශයෙන් ඉල්ලා ඇති ආර්ථික සහාය ණය ප‍්‍රතික්‍ෂේප වීමත් යන කරුණු ගී‍්‍රසියට මතු නොව ආසියාවේ මූල්‍ය ක්‍ෂෙත‍්‍රයට පවා බලපෑමක් ඇති කළ බව මාධ්‍ය වාර්තා කොට තිබිණි. මූල්‍ය වෙළෙඳපොළ සියලූම දර්ශකවල අගයයන් 2.0 සිට 2.5 දක්වා අගයවලින් පහළ වැටිණි.

පසුගිය සතිය පුරාම ගී‍්‍රක රජය යුරෝපා කොමිසම, යුරෝපා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවත්වීයැ’යි යුරෝපා මහ බැංකුවේ වෙබ් අඩවියේ දැක්වේ. ඊට පෙර ජුනි 08, 14 සහ 22 යන දිනවල ද සාකච්ඡුා පැවැත්වී ඇති අතර ඒවා දේශපාලනික මෙන් ම තාක්ෂණික හා උපාය මාර්ගික ද වූ බව සඳහන්ය. ණය වාරික නොගෙවීම සම්බන්ධයෙන් ගී‍්‍රසිය ඉදිරිපත් කරන කරුණු පිළිගන්නට තුන්කට්ටුව නොඑක`ග වන අතර තුන්කට්ටුවේ යෝජනා පිළිිගන්නට ගී‍්‍රක රජය කැමැති නැත.

ගී‍්‍රක රජය යෝජනා කරන්නේ වළක් වසන්නට තවත් වළක් කපන්නට යෑම වැනි වැඩකි. අලූතින් කපන වළ සැමවිට ම විශාලතර එකකි. ඒ අනුව මෙය කොතැනින් කෙළවර වන්නේ ද කියා කිව නොහැකි ය. තුන්කට්ටුව යෝජනා කරන්නේ ගී‍්‍රක රජය සිය වියදම් කපා හළ යුතු බවයි. දැඩි දුක් දෙන අත්තකිලමථයක් (austerity measures) රජය සහ ජනතාව පවත්වාගෙන යා යුතු බව මූල්‍යායතනවල අදහසයි. බදු ඉහළ නැංවීම. රජයේ රැුකියා කප්පාදුව, අත්‍යවශ්‍ය නොවන ආනයන අත්හිටුවීම හෝ සීමා කිරීම, මිලිටරි වැය අඩු කිරීම ඒ යෝජනා අතර ප‍්‍රමුඛ ය. මෙම යෝජනාව ගී‍්‍රක රජය වෙත ඉදිරිපත් වූ ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ. අන්තෝනිස් සමරාස් (2012 – 2015), ලූකාස් පපඩමෝස් (2011 – 2012) සහ ජෝර්ජස් පපන්ඩි‍්‍රයෝස් ((2007 – 2011) යන පෙර අගමැතිවරුන්ට ද මේ යෝජනා ඉදිරිපත් වූ අතර ඔවුන් විසින් යම් යම් කි‍්‍රයාමාර්ග ගන්නා ලද බව ඒ දිනවල මාධ්‍යයේ පළවී තිබිණිි.

සිරිසා ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේ හැඳින්වෙන අග‍්‍රාමාත්‍ය පසුගිය ජනවාරියේ බලයට පත් 41 හැවිරිදි ඇලෙක්සිස් සිප්රාස්ගේ සන්ධාන ආණ්ඩුව අත්ථකිලමථ යෝජනා සලකා බලන්නටවත් කැමති නැත. එහෙත් ඊට පක්‍ෂව මහජන ව්‍යාපාර දියත්ව පැවැති අයුරු මාධ්‍යවල දැක්වේ. මේ සඳහා ජනමත විචාරණයකට යායුතු බව ආණ්ඩුවේ නිගමනය වී ඇති අතර ඒ අනුව හදිසි ජනමත විචාරණයක් පැවැත්විණි. ඒ සමගම සිප්රාස් පවසා ඇත්තේ ජනමත විචාරණයේ දී ගී‍්‍රක ජනතාව ඊට කැමැත්ත පළ කළහොත් තමා සහ සිරිසා පාලනයෙන් ඉවත් වනු ඇති බවයි. එයින් සිදුවිය හැක්කේ රට තවත් අස්ථාවර වීම පමණකි. මේ අතර ආර්ථිකඥයන් පෙන්වා දෙන්නේ ගී‍්‍රසියේ පවතින අස්ථාවරභාවය යුරෝපයේ සහ ආසියා ශාන්තිකර කලාපයේ රටවලට අහිතකර බලපෑමක් ඇති කරවන බැවින් නායකකාරකාදීන් වහා විසඳුමකට යා යුතු බවයි.