විරල සාක්‍ෂියක්


afganistan

 

ඇෆ්නිස්තානයේ පිටිසරබද ගමක තවමත් මුල් විසි ගණන්වල තරුණියක සිය පියා විසින්  දූෂණය කරමින් අපහරණයට ලක් කිරීම පිළිබඳ ව එරට අධිකරණයක් විසින් අපූර්ව නඩු තින්දුවක් දී තිබේ. මේ එරට ජනයා මෙවැන්නක් ඇසුවා ම ය.

මේ කියන තරුණිය සිය පියා විසින් අපහරණයට ලක් කරන්ට පටන්ගෙන ඇත්තේ ඇගේ වයස අවුරුදු 12 සිට ය. ඇයට වසර හතර සපිරෙද්දී ඉරානයේ රැුකියාවකට ගිය පියා වසර අටකට පසුව ආපසු නිවෙසට පැමිණීමෙන් වඩාත් ම උද්දාමයට පත්ව ඇත්තේ ඇයයි. ඒ ඇගේ මිතුරියන්ට සිය පියවරුන් විසින් ආදරය පාන ආකාරය දැක පුරුදු ඇය සිය පියාගෙන් ද එබඳු ආකාරයේ ආදරයක් බලාපොරොත්තු වූ හෙයිනි. කෙසේවෙතත් සිය පියාගේ සිපීම්, වැළඳීම් සහ පැහැසීම් තරමක් ගාණට වැඩි බව ඇයට කෙමෙන් වැටහෙන්නට වු අතර ඇය ඉන් අපහසුතාවට පත් ව තිබේ. මේ නිසා ඇය ඒ කාරණය ගැන සිය අත්තම්මා සමග පවසා ඇත. එවිට ඇයට සැර කළ අත්තම්මා ‘තාත්තලා ඔහොම තමා’ යි පවසා ඇත.

එක් රැයෙක ඒ තාත්තා මුල් වතාවට ඇය දූෂණය කළේ ය. ඇය ඉන් ගැබ් ගත්තා ය. දරු ප‍්‍රසූතියක් සිදු වු අතර ඇය දරුවා දුටුවේ එක් වරක් පමණි. අඩු තරමින් ගැහැනු පිරිමි බව පවා දන්නේ නැත. තාත්තා ඌ ගෙන ගියා ගියාම ය.

පසුව මේ පියා සිය පවුල ද කැටුව වෙනත් පෙදෙසක පදිංචියට ගියේ ය. නොකඩවාම ඇය සිය පියාගේ අඹුකමට පත් වුණා ය. ඇය කිහිප වතාවතක් ම ගැබ්ගත් අතර ඒ සැම විටෙකම ගබ්සා කරනු ලැබී ය. එහෙත් අවසානයේ ඇය එක් දියණියක රැක ගන්නට සමත් වූවා ය.

ගිය අවුරුද්දේ ඊද් උළෙලට පෙරදා ඔහු මව බැහැර යවා යහන්ගත වන්නට එන ලෙස බල කරමින් ඇයට පහර දෙන්නට විය. ඒ වනවිට ඇය නැවත ගැබිනියක ව සිටියා ය. පසුදා ඊද් උළෙලේ දී ඇයත් අම්මාත් මේ කාරණා මුල්ලාවරුන්ට පැවසූ අතර ඔවුහු ඒ ගැන වැඩිහිටි සභාවටත් පසුව පොලිසියටත් පැමිණි කළහ. පොලිසිය නඩු පැවරී ය. ඇයට දරුවන් ලැබෙන්නේ තමාගෙන් නොව අයථා සම්බන්ධයක් මගින් බව නීතිඥයා මගින් ඔහු අධිකරණය ඉදිරියේ පැවසී ය.

එවිට විනිසුරු ඞීඑන්ඒ පරීක්‍ෂාවක් සඳහා නියෝග කොට නඩුව කල් තැබී ය. මෙහි දී කාන්තා සංවිධාන ඉදිරිපත් වී ඇෆ්ගනිස්ථානයේ කි‍්‍රයාත්මක අමෙරිකානු සමාගමක් ලවා එම පරීක්‍ෂාව නොමිලයේ කරවා ගන්නා ලදි.

තරුණිියගේ දරුවන්ගේ පියා ඇගේ ම පියා බව මේ පරීක්‍ෂාවෙන් තහවුරු විය. ඒ අනුව අධිකරණය ඔහුට උපරිම ද`ඩුවම නියම කළේ ය.
මේ මෙබඳු එකම සිද්ධිය නොවේ. එහෙත් අනෙක් ඒවා නීතිය ඉදිරියට පැමිණෙන්නේ නැත. පැමිණිියත් සිදුවන්නේ සදාචාරය කඩකිරීමේ චෝදනාවට වින්දිතයා ම වරදකරුවීමයි.