Untitled-1

Untitled-1

දත්තවලට මිසක් විප්ලවයට තැනක් දෙන්න මට බැහැ | මහාචාර්ය රොහාන් සමරජීව


samarajeewa

 

ඔබ ආර්ථිකය, නීතිය ප‍්‍රතිසංස්කරණයල මැතිවරණ ක‍්‍රමය වැනි තරමක් සංකීර්ණ විෂයයන් සමග වැඩ කරන කෙනෙක්. ඒවා අතරිනුත් ජීවිතේ සුන්දරත්වය දකින විදියක් තිබෙනවද?

ඔව්ග මම විවාද කණ්ඩායම්වල ඉන්න කොටත් කතා කළේ දෙවැනියටග පළමුවැන්නා වැඬේ ඕපන් කරනවාග කරුණු සාධක දත්ත එක්ක කතා කරන මිනිහා මම. ඉතිං මම දත්තවලට කැමතියිග මම ඉරිදටත් මගෙ ඔෆීස් එකේ ඉන්නවා. මට වැඩයි විවේකයයි හෝ විනෝදාංශයයි කියලා ඒ දෙක අතර කළු සුදු වගේ වෙනසක් නැහැ. මම මගේ වැඩවලින් විශාල විනෝදයක් ලබනවාග තරගයෙන් මම ආශ්වාදයක් ලබනවාග මැතිවරණ ක‍්‍රමය සොයා බලන්න අතගහන කොට යාළුවො කිව්වෙ ඕක හරි සංකීර්ණ වැඩක් කියලයිග මම කිව්වෙ මචං අමාරු දේ අතඇරලා යන එක සුදුසු නැහැනෙ, අමාරුම දේට දෙමු ගේමක් කියලයි. මොකටද අවුරුදු හැටත් පැනලා ලේසි ඒවා කරන්නෙග මගේ විනෝදය ඒ පොර බැදීමයි. ජීවිතේ සුන්දරත්වය දකින්නෙත් එතන.

දත්ත හැරුණාම වෙන උනන්දු වෙන්නෙ මොනවා ගැනද?

ඇයි නවකතා කියවන්න. මම මේ දවස්වල අමිතාබ් ගෝෂ්ගෙ ලිවීම් ගැන උනන්දුයි. ඔහු පර්යේෂණ මගින් කරුණු රැස් කරලා, දත්ත මත ලියන කෙනෙක්. මට ඒක ඇල්ලූවාග මගේ මානසිකත්වයට ඒක ෆිට්. ගෝෂ් ඈඳුතු නවකතා තුනක් ලිව්වා. ඉන්දියානුවන් මුළු ලෝකයේම විසිරී සිටීම ගැන. ගයනාවෙත් ඉන්දියානුවො ඉන්නවා. ෆීජි රටේ 50‍්‍රක් ඉන්දියානුවො. මොරිෂස්වල 90‍්‍රක් විතර. දකුණු අපි‍්‍රකාවෙත් ඉන්නවා. මේ පොත් තුනේම පිටු සංඛ්‍යාව දෙදාහකට වැඩියි. මම විචාරයක් ලියන්න කැමතියි. ඒත් මේ මිනිහා හැම එකම ලියනවා කියලා ප‍්‍රශ්නයක් මතුවෙයිද දන්නෑ. දැන් අපේ වික‍්‍රමසිංහ මහත්තයා නම් නවකතා ලියන අතරෙ විද්‍යාව ගැන ලිව්වා. බුදුදහම ගැනත් ලිව්වා. වෙන වැඩක් කරන ගමන් ඊට ටිකක් වෙනස් දේකුත් කරන්න අපි ඉඩ දුන්නෙ වික‍්‍රමසිංහට විතරයිනෙ.

ජීවිතය පිළිබඳ ඔබේ අතීත සිතුවිල්ලට වඩා වර්තමාන සිතුවිල්ල වෙනස්ද?

කීන්ස් කියන සුප‍්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයාගෙන් දවසක් කෙනෙක් එබඳු ප‍්‍රශ්නයක් අහනවා. කරුණු සංසිද්ධීන් වෙනස් වනවිට මගේ මතයද මම වෙනස් කරමි. ඔබ එහෙම කරන්නේ නැද්ද කියලා මිනිහා ප‍්‍රශ්නයක් අහනවා. මේක හොඳ පොයින්ට් එකක්ග මං ගැනත් කවුරුහරි කියන්න පුළුවන් මේ මිනිහා ඉස්සර කිව්ව දේට වඩා වෙනස් දේවල්නෙ දැන් කියන්නෙ කියලා. මම එදා විප්ලවය විශ්වාස කළා. අද කියනවා විප්ලවය වැරදියි කියලා. ඒක කළු සුදු වෙනසක්. මගේ ජීවිතයේ අර්ථය තමයි වසර ගාණක් තිස්සේ සාක්ෂිවලට කරුණුවලට දත්තවලට අවධානයක් දීලා ඒවායින් පුළුවන් තරම් ඉගෙන ගන්න උත්සාහ කිරීම. ඒ ඉගෙන ගැනීම් තුළින් මගේ නිගමනයන්ද වෙනස් කරන්න සිද්ධ වෙලා තියනවා. මම අද සාක්ෂිවලටල දත්තවලට මිස විප්ලවයට තැනක් දීපු පුද්ගලයක් නෙවෙයි. ඒ දවස්වල මා ළඟ තිබුණු සාක්ෂි ප‍්‍රමාණය අනුව මම හිතුවෙ විප්ලවයක් අවශ්‍යයි කියලයි. අද මම යමක් ගැන තීරණයක් ගන්නෙ දත්ත හා සාක්ෂි මත පමණයි.

ප්‍රොෆෙසර්ගෙ ළමාවියේදී තාත්තව බලපාපු විදියක් තිබුණද?

මම උපන්නෙ මහනුවර. මගේ පියා කිංස්වුඞ් විද්‍යාලයේ ඉගැන්නුවා. හැබැයි ඒගොල්ලො ගාල්ලල මාතර පැත්තෙ අය. තාත්තට අම්මා හම්බවෙන්නෙ කිංස්වුඞ් එකේදි. ඇය හඟුරන්කෙත. ඉන්පස්සෙ අපේ තාත්තා යනවා කටුනායක මෙතෝදිස්ත උසස් පාසලේ ප‍්‍රධානාචාර්ය විදියට. ඒ ගෙදරදි අපි වැඩ කළේ ප‍්‍රැටො මැක්ස් එකෙන් සහ ඇලඩින් ලාම්පුවෙන්. බකට් කක්කුස්සිය තිබුණේ. තාත්තා කිංස්වුඞ් එකේදි ටයිකෝට් ඇන්දට කටුනායක ගිය ගමන් ජාතික ඇඳුමට බැස්සා. අත්සන පවා සිංහලෙන් ගැහුවා. ඒක වුණේ බණ්ඩාරනායක මහත්ත යගෙ ආභාසයෙන්. 63දී විතර තාත්තට අධ්‍යාපන අමාත්‍යාංශයේ රස්සාවක් ලැබිලා කොළඹට එනවා. අපිත් එනවා. තාත්තා අපිව යැව්වේ ආණ්ඩුවේ පාසල්වලට. මම ගියේ ක‍්‍රිස්තියන් විද්‍යාලයට. පහේ ශිෂ්‍යත්වය හොඳටම පාස්වුණා. තාත්තගෙ පළමු තේරීම වුණේ ආනන්දෙ. ඒත් පියාගෙ ක‍්‍රිස්තියානිකම නිසා මාව ආනන්දෙට ගත්තෙ නැහැ. ඒ ක‍්‍රියාදාමය ඇතුළෙ වයස 13දී මම ක‍්‍රිස්තියානි ආගම අත්හරිනවා. අන්තිමට මම ගියේ තර්ස්ටන් එකට. රෝයල් එකෙන් මාව ප‍්‍රතික්ෂේප වුණානෙ වයස අඩුයි කියලා. තාත්තා අධ්‍යාපන නිලධාරියෙක් වුණාට මේවා වෙනස් කරන්න ගියේ නැහැ. ඔහුගේ ඒ ප‍්‍රතිපත්තිවලට මම කැමැත්තක් දැක්වූවා.

ඔබේ විශ්වවිද්‍යාලෙ අත්දැකීම කොහොමද?

මම පේරාදෙණියට යන්නෙ 71 කැරැල්ලෙන් පස්සෙ. ඉංජිනේරු පීඨයට තේරුණාට ඒක මම ප‍්‍රතික්ෂේප කළා. ඒ වෙනකොට ආර්ථිකයල දේශපාලනය වගේ දේවල් තමයි මගේ විෂයයන්. ඒත් මම විද්‍යා පීඨයට ගියාග වැඩිපුර ආශ‍්‍රය කළේ කලා පීඨයේ අයවග අපි ඉතිං චිත‍්‍රපටි බලනවා. වැඩි හරියක් කාලය ගත කළේ මහා පුස්තකාලෙ. පේරාදෙණියෙන් මම ඉගෙන ගත්තෙ මට ඕනෙ දේවල්. මම ලෙක්චර්ස්වලට ගියෙත් නැහැ. ඒ නිසා මට විභාගයට වාඩිවෙන්න දෙන්න බැහැ කිව්වා.

විශ්වවිද්‍යාලෙ කාලෙ තරුණයො එක්කෝ දේශපාලනය කරනවා. නැත්නම් පේ‍්‍රම කරනවා. ප්‍රොෆෙසර් බර වුණේ කොයි පැත්තටද?

දෙපැත්තටම. මට මගේ බිරිඳ සුජාතා හම්බවුණෙත් එහෙදි. ඉතිං අපි රට පුරා ඇවිද්දා. කැලෑවල ගියා. අනික් පැත්තෙන් මුඩුබිම් පනත මම මුළුමනින් කියෙව්වා. කෝල්බෲක්ල කැමරන් වාර්තා කියෙව්වා. ඒ ගැන වැඩිය කතා නොකළට මම ඉතිහාසයට හරි කැමතියි. මම ස්වාධීනව ඡන්දෙත් ඉල්ලූවා. අපේ හතරදෙනෙක් දිනුවා. සුජාතා දිනපු කෙනෙක්ග මම පැරදුණා. අපි වතාවක් පේරාදෙණියේ ජිම් එක පිරෙන්න සංගීත සංදර්ශනයක් කළා. වික්ටර්ගෙිස’ ගෙනාවා 1975දී. පසුව අමාත්‍යාංශ ලේකම්වරයකු බවට පත්වූ අශෝක පීරිස් ඒ වැඬේදි අපිත් එක්ක සිටි මිතුරෙක්. ඉතිං ෂෝ එකෙන් කොච්චර ලාභ වුණාද කිව්වොත් අපි සියලූදෙනාම බස්වල දාගෙන යාපනේ ටි‍්‍රප් එකක් අරන් ගියා. යාහැකි දුරම තැනට ගියේ සල්ලි ඕනෙ තරම් තිබුණු නිසයි. හැබැයි ඉතිං අන්තිමට මම විශ්වවිද්‍යාලයෙන් ගියේ උපාධියකුත් නැතිව.

නීති විද්‍යාලයට ආවෙ ඊට පස්සෙද?

ඔව්. එතැනදි මම බැජ් එකේ පළමුවැනියා වුණා. ඒ වෙනකොට මම හොඳට පාඩම් ඉගෙන ගෙන තිබුණේ. ශිෂ්‍ය සංගමයෙත් ලේකම් වුණා. මම පරණ අදහස් අත්හැරලා පෙරමුණුවාදී දේශපාලනයේ කප්පිත්තෙක් හැටියට තමයි නීති විද්‍යාලයේ දේශපාලනය කළේ. සභාපති වුණේ හිටපු නීතිපති පාලිත ප‍්‍රනාන්දු. ඔය 1978දී. ඒක හරියට ජාතික ආණ්ඩුවක් වගේ.සඟරාවක් ගැහුවා. ජේ.ආර්, පේ‍්‍රමදාස, නීලන්, අමිර්තලිංගම්, වීරමන්ත‍්‍රී, ලලිත්, ගාමිණී වගේ ලොකු පිරිසක් අපි නීති විද්‍යාලයට කැඳෙව්වා. පේරාදෙණියෙදි සම සමාජ එක්කත් වැඩ කරන්න බැහැ කියලා කෑගහපු මම මෙතනට එනකොට ඕනෙ එකෙක් එක්ක වැඩ කරන්න ලෑස්තියි. ඒ වෙනසත් දත්ත හා සාක්ෂි මත වෙච්ච එකක්.

ප්‍රොෆෙසර්ගෙ වීරයා කවුද?

තාත්තා.

ඔබ වීරයාව හැමවිටම අනුගමනය කරනවාද?

නැහැ. ඔහු අවංක රජයේ සේවකයෙක්. 55න් පැන්ෂන් ගිහින් නීති විද්‍යාලයට යනවා. ඔහු නීති වෘත්තියේ යෙදෙන්නේ මුදල් නොගෙන. මම ඒකට ගරු කරනවා, එකඟ නැහැ. මම එයාට කිව්වෙ මුදල් තියෙන අයගෙන් අය කළාට කමක් නැහැ කියලයි. මම කාට හරි එයා මගේ වීරයා කියන්නෙ ඔහු කරන සියල්ල අනුගමනය කරන එකෙන් නෙවෙයි. මූලධර්ම රැකීමෙන්. තාත්තා දිගටම රාජ්‍ය කේන්ද්‍රීය සංකල්පයේ හිටියා. මම ඒකෙන් බැහැරව හිතන කෙනෙක්. මම ඊට වඩා විමධ්‍යගත ස්වරූපයෙන් හිතනවා. රාජ්‍ය නොවන නිසා රාවය වගේ පත්තරයක් සමාජයේ තිබිය යුතුයි. දිනමිණ, සිළුමිණ විතරක් තිබෙන ලෝකයක් ඉතාමත් දුෂ්කර තැනක් විතරක් නෙවෙයි ඒක වැරදි තැනක්. බලය විමධ්‍යගත වෙන්න ඕනෑ. විමධ්‍යගතභාවය නිසා අවිනිශ්චිත ප‍්‍රතිඵල තමයි ලැබෙන්නෙ. කියුබාවෙ අන්තිමට වෙන්නෙ රජයට ඕන දේ. මගේ පරමාදර්ශී සමාජය කියන්නෙ බලය විමධ්‍ය ගතවුණු අවිනිශ්චිත ප‍්‍රතිඵල තිබෙන තැනක්. අවිනිශ්චිත බවක් නැත්නම් ඒකෙ ඉන්නවා රජෙක්. ප‍්‍රශ්නවලට නිර්මාණාත්මක විසඳුම් ලැබෙන්නෙත් අවිනිශ්චිත පසුබිමක. ඔය ප‍්‍රශ්නෙදි මමයි තාත්තයි ගොඩක් වෙනස්. හැබැයි තාත්තගෙන් විමධ්‍යගත වෙච්ච අදහස් රැසක් තිබුණා. විශේෂයෙන්ම සකලවිධ දේශපාලන රැඳවියන් සම්බන්ධයෙන්.

මාක්ස් ගැන කොහොමද හිතන්නෙ?

මම ඩෙන්ෂියා ඕ පෙං ගැනත් ටිකක් කතා කරන්නද? මම මාක්ස්ගෙ කැපිටල් එකේ වෙළුම් තුනම කියවලා තියනවා. චීනයේ සහ රුසියාවේ විප්ලවවලට පසු මහා විනාශයක් වෙන්නෙ මාක්ස්ගෙ ඓතිහාසික ක්ලාස් එක නිසා කියලයි මම කියන්නෙ. සාගතවලින් මැරුණා. රුසියාවේ කුලැක්වරු ඓතිහාසික පන්තියක් නෙවෙයි කියලා ඔවුන් ඝාතනය කළා. ඔය වැඬේට ශක්තිය ලැබෙන්නෙ මාක්ස්ගෙ හිස්ටොරිකල් ලෝස්වලින්. අනාගතය හිමි පන්තිය අපි නම් අතරමැදි පන්තීන්ට යම් සහනයක් ගෙනදෙන එක අපේ වැඩක්. මරලා දාන්න බැහැ. මේක වැරදියි කියලයි මම කියන්නෙ.

ඩෙන්ෂියා ඕ සම්බන්ධ වෙන්නෙ කොතනින්ද?

අද ලෝකයේ මිනිස්සු දරිද්‍රතාවෙන් මුදවා ගැනීමේ කටයුත්ත කරන්නෙ ඩෙන්ෂියා ඕ පෙං. ඔහු කියන්නේ බළලා මොනපාට වුණත් ප‍්‍රශ්නයක් නැහැ මීයන් අල්ලනවා නම් ඇති කියලයි. එමෙන්ම ගඟක් තරණය කළයුත්තේ අඩිය තියලා බලලයි කියලත් ඔහු කියනවා. මේ තමයි Revolution වෙනුවට Reformism පිළිබඳ හොඳම ප‍්‍රකාශනය. කකුළ තියලා බැලීමෙන් දත්ත සොයනවා. අගාධයක් තියනවද කියලා දැනගන්න ඒකෙන් පුළුවෙන්. විප්ලවේදි හමුදාව පිටින් ගඟට බැස්සුවාම සේරම ඉවරයිනෙ. ඉතිං, මේ වෙනස් අදහස් ගෙනාපු කැපවීම් සහිත කොමියුනිස්ට් නායකයා වන ඩෙන්ෂියා ඕව විටෙක හිරේ දානවා.

ප්‍රොෆෙසර්ගෙ වීරයා තාත්තා නෙමෙයි ඩෙන්ෂියා ඕ පෙං කියල මම කිව්වොත් පිළිගන්නවද?

වෙන්න පුළුවන්. එයා පුදුම චරිතයක්. කොච්චර හිරේ දැම්මත් එයා පක්ෂය අතහැරියෙත් නැහැ. එයා මොනවාහරි දෙයක් කළා.

හැබැයි එයාටත් විශාල වශයෙන් මරන්න වෙනවනෙ?

ටියන් ආන් මෙන් චතුරස‍්‍රයේ මහා ඝාතනයට ඔහු වගකිව යුතු තමයි. ඔහු පාරිශුද්ධ චරිතයක් නෙවෙයි. පෙංගෙ කාලෙ තරුණ ශිෂ්‍යයො පිටරට යැව්වා උගන්වන්න. සංස්කෘතික විප්ලවයෙන් බැටකාපු වැඩිහිටියොත් යැව්වා. එහෙම කෙනෙක් ආවා ඇමරිකාවෙ මං හිටපු විශ්වවිද්‍යාලයට ඉගෙන ගන්න. ඇත්තටම විදේශ අත්දැකීමක් ගන්න ඔවුන් එව්වෙ. ඔහු මාත් එක්ක හිතවත් වුණා. එයා මගේ පන්තිවලට ආවා. ඔය ටියන් ආන් මෙන් සිද්ධිය දිනවල. චීනය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගියොත් හොඳයි කියලා ඔයා හිතන් නැද්ද කියලා මම ඇහුවා. මිනිහා නැහැ කිව්වා. ඔවුන් අරාජික වාදයට බයයි. මේ අය මා ඕගෙ සංස්කෘතික විප්ලවයෙන් බැට කාපු අය. එතකොට මට පෙංව තේරුම් ගන්න පුළුවන් වුණා. මම පෙංගෙ ඝාතනයට එකඟ නැහැ. ඒත් පෙං පිටරට එවලා උගන්නපු ශිෂ්‍යයො අද මහා උගතුන් වෙලා ඉන්නවා. පෙං කොමියුනිස්ට් දේශපාලනයේ වෙන පැත්තක් ප‍්‍රැක්ටිස් කළා.