Monday, 21/8/2017 | 3:40 UTC+0
රාවය

රැකියා කප්පාදුවලට එරෙහි ගී‍්‍රක ජනමතය යුරෝපා සංගමය වෙව්ලවයි

 

පසුගිය ඉරිදා අප මේ පිටුවේ සඳහන් කළ ආකාරයට ගී‍්‍රසියේ ජනමත විචාරණයක් පැවැත්විණි. ඉදිරිපත් කැරුණු කාරණය වූයේ ‘ආර්ථිකය කඩාවැටීමෙන් වැළැක්වීමට ණය ලබාදෙන ණයහිමියන් ඉදිරිපත් කරන ප‍්‍රතිසංස්කරණ යෝජනා වලට ගී‍්‍රසිය එකග විය යුතු ද?’ ඔව්/නැත.

ආර්ථිකය කඩා වැටීමෙන් වැළැක්වීමට දෙන ණය (bailout loans)  සඳහා ණය දෙන ආයතන ඉදිරිපත් කරන ප‍්‍රතිසංස්කරණ යෝජනා අත්ථකිලමථය (austerity measures) ලෙස හැඳින්වේ. සිය රටේ දශකයකට අධික කාලයක් පුරාවට පවතින ආර්ථික අවපාතය නිසා පටි තද කරගෙන සිටින ගී‍්‍රක ජනතාවට තවදුරටත් තද කර ගන්නට පටි නොමැති හෙයින් ඔවුන්ගෙන් 61% ඉක්මවන ප‍්‍රමාණයක් එම අදහසට ‘නැත’ යනුවෙන් පිළිතුරු දුන්හ.
මෙය, මීට මාස පහකට පෙර පත් වූ ‘සිරිසා’ පාලනයේ ජයක් ලෙස සැලකේ. සිරිසා යනු උග‍්‍ර සහ මැද වාමාංශික කණ්ඩාමක් එක්ව 2012 පිහිටුවාගත් පසුගිය මහ මැතිවරණයේ දීි ගී‍්‍රක පාර්ලිමේන්තුවේ ආසන 300න් 149ක් දිනා ගත් සන්ධානයේ නාමයයි.

පසුගිය 30 අගහරුවාදා ගී‍්‍රසිය, සිය ණයහිමියන්ගේ නියෝජිතයා වන යුරෝපා මධ්‍යම බැංකුව වෙත ගෙවන්නට නියමිතව තිබූ වාරිකය ගෙවිය නොහැකි බව දන්වන ලදුව අර්බුදයේ වර්තමාන නාටකාංගය ඇරඹිණි. ගී‍්‍රක රජය සහ ණයහිමි ආයතන අතර සාකච්ඡුා පිට සාකච්ඡුා පැවැත්වුණු අතර තීරණයකට එළඹෙන්නට නොහැකි වූයේ ය. ගී‍්‍රක රජය නව සැලැස්මක් ඉදිරිපත් කරමින් ණය පියවීම සඳහා තවත් ණයක් ඉල්ලී ය. යුරෝපා බැංකුව ප‍්‍රමුඛ ණයහිමි ආයතන කියා සිටියේ ඔවුන් යෝජනා කරන ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට ගී‍්‍රසිය එකග වන්නේ නම් එය සලකා බැලිය හැකි බවයි.

ගී‍්‍රසියට සැපයූ ණය කළමනාකරණය කළ ආයතන තුන වන්නේ යුරෝපා කොමිසම, යුරෝපා මහ බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලයි. මේ ති‍්‍රත්වයට පොදුවේ ට්‍රොයිකා යන නම යෙදේ. ට්‍රොයිකා විසින් ගී‍්‍රසියට ප‍්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කළ අට වන අවස්ථාවයි. පළමුවැන්න ඉදිරිපත් වූයේ 2010 පෙබරවාරි මස ඉදිරිපත් වූ බේලවුට් පැකේජය සමගිනි. සියලූ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පැවති තත්ත්වයේ එලෙසින්ම වැඩි නොකොට පවත්වාගෙන යාම, බෝනස් කපා හැරීම සහ අතිකාල කප්පාදුව ඒ අතර විය. දෙවැන්න ඊළග මාසයේ ආවේ ය. නව ආර්ථික වර්ධන සැලැස්මක් හඳුන්වා දෙන ලද අතර එය අනුගමනය කළ යුතු බව අවධාරණය කරන ලදි. මේ සැලැස්ම එතරම් සාර්ථක නොවී ය. ඒ අනුව තුන්වැන්න එම ජුනි මස ඉදිරිපත් කරන ලද අතර එය දැවැන්ත එකක් විය. යූරෝ බිලියන 38ක් උපයා ගන්නට මෙමගින් යෝජනා වී තිබිණි. රජය සතු ව්‍යාපාර 4,000ක් පෞද්ගලික අංශයට විකුණා දැමීම, රාජ්‍ය සේවකයන්ට ලැබෙන ප‍්‍රතිලාභ කපා හැරීම, විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිසංස්කරණය සහ අයබදු ඉහළ නැංවීම යනාදිය සඳහා යෝජනා එහි අන්තර්ගත ව තිබිණි. මෙයට එරෙහි විරෝධතා පැන නැ`ගිණි. පුරවැසියන්් තිදෙනකු ඝාතනය වු අතර විසි තිස් ගණනක් තුවාල ලැබූහ. 100ට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගන්නා ලදහ.

සිව්වැනි පැකේජය වසරකට පසු ඉදිරිපත් විණි. රාජ්‍ය දේපල පෞද්ගලිකකරණයෙන් යූරෝ බිලියන 50ක් උපයාගත හැකි සැලසුමක් ඉදිරිපත් විය. වාර්ෂික ආදායම යුරෝ 8,000 ඉක්මවන අයගෙන් සාමාන්‍ය බද්දක් සහ 12,000 ඉක්මවන අයගෙන් විශේෂ බද්දක් අයකළ යුතු බවට යෝජනා ඉදිරිපත් විය. චංචල දේපල සඳහා වර්ග මීටරයකට යුරෝ 3 සිට 20 දක්වා වාර්ෂික බද්දකි. පස්වැන්න වූයේ ඉහත සඳහන් අසාර්ථක දෙවැනි ප‍්‍රතිසංස්කරණ පැකේජය යළි පණ ගැන්වීමයි. එය 2012 පෙබරවාරි මාසයේ ආයේ ය. එම වසරේ ඔක්තෝබර්-නොවැම්බර් මාසවල ඉදිරිපත් වූ සය වන පැකේජයෙන් විශ‍්‍රාම වැටුප් කප්පාදුවක් සහ බදු ඉහළ දැමීමක් යෝජනා විය. දේශීය බැංකු පුනර්ප‍්‍රාග්ධනකරණය කිරීම ද තවත් යෝජනාවකි. හත්වැන්න 2013 ජුලි මස ඉදිරිපත් විය. රාජ්‍ය සේවක කප්පාදුව එහි ඇතුළත් වැදගත් එකකි.

මේ සියල්ල වලංගුභාවයට පත් වූයේ එරට පාර්ලිමේන්තුවේ අනුමැතියෙනි. මෙවර සිදු වූයේ ප‍්‍රතිසංස්කරණ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වෙනුවට ජනමත විචාරණයකට යොමු කිරීමයි.

සිිරිසා සන්ධානයේ ප‍්‍රධානි වත්මන් ගී‍්‍රක අගමැති ඇලෙක්සිස් සිප්රාස් එම යෝජනා ජනතා අනුමැතියට යොමු කළේ ජනතාව ඒවාට අනුමැතිය දුනහොත් තමා අගමැතිධුරයෙන් ඉවත්ව යන බව පවසමිනි. ගී‍්‍රකයන්ට අවශ්‍යව ඇත්තේ වාමාංශික සිරිසා සන්ධානය ඉදිරියටත් රට පාලනය කරනු දැක්ම බව 61% ඉක්මවන ප‍්‍රමාණයක් යෝජනා එපා කියමින් මතය පළකිරීමෙන් පෙනී යයි.

මේ රටේ අභ්‍යන්තර තත්ත්වයයි. බාහිර එනම් ජාත්‍යන්තර තත්ත්වය මීට ඉඳුරා ම වෙනස් ය. ඇත්තටම යුරෝපා සංගමයටත් ඇමෙරිකා එක්සත් ජනපදයටත් අවශ්‍යව තිබුණේ යෝජනා ජනතාව පිළිගෙන සිරිසා පාලනය පලවා හරිනු දැකීමයි. ගී‍්‍රසිය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු යැ’යි ඇන්ජෙලා මර්කෙල්ගේ අදහස විය. එහෙත් ප‍්‍රංශුවා හොලන්දේ පැවසුවේ ඔවුන් තවදුරටත් එහි රැුඳී සිටිය යුතු බවයි. සිය රට යුරෝපා සංගමයෙන් ඉවත් වනු ඇතැ’යි ගී‍්‍රක අග‍්‍රාමාත්‍යවරයා අනතුරු හැ`ගවී ය. ගී‍්‍රසිය එසේ ඉවත් වුවහොත් ඔවුන් තවදුරටත් සිය මුදල් ඒකකය ලෙස යුරෝ භාවිතය අත් හරිනු ඇති අතර අතීත ඩ‍්‍රච්මා වෙත ආපසු යනු ඇත. මේ සමගම කොටස් වෙළෙඳපොලේ පහළ බැසීමක් දක්නට ලැබිණි. ජපානයේ හැර සියලූම ආසියානු දර්ශක අවපාත පෙන්වී ය.

කෙසේ වෙතත් දැන් ගී‍්‍රසියේ යුරෝ සිඳී අවසන් ය. සංසරණය සඳහා මුදල් නොමැතිකමින් බැංකු මුහුණ පා සිටින්නේ මහත් අසීරුතාවලට ය. ඒ අසීරුව එරට ජනයාට සිය දහස් ගුණයකින් විශාල වී දැනේ. බැංකු විවෘත කරන්නේ සතියකට දින දෙකක සිමිත කාලයක් පමණි. ස්වයංක‍්‍රිය මුදල් ආපසු ගැනීමේ යන්ත‍්‍ර ද එසේ ය. ඒවායින් සතියකට ගතහැකි උපරිමය මේ වනවිට යුරෝ 35ක් පමණි. නැවතත් ඩ‍්‍රච්මා භාවිතයට ගන්නවාද යන විචිකිච්ඡුාවෙන් ආණ්ඩුව පසුවෙයි. එහෙත් එය වහා කළ නොහැකි ය. කරුණුු දෙකක් නිසා ය. මේ වනවිට ඩ‍්‍රච්මා නෝට්ටු හා කාසි භාවිතයේ නැති නිසා ඒවා අලූතින් නිමවන්නට කලක් ගත වීම එක් හේතුවකි. අනෙක වන්නේ බැංකු සියල්ලම යුරෝ භාවිතයට පරිගණක ගතකොට ඇති බැවින් ඒවා නැවත සකසන්නට කලක් ගත වීමයි.
මේ තත්ත්වයට පිළියම් වනුයේ එරටට පිටතින් යුරෝ පොම්ප කිරීමයි. ණය සපයන ආයතන ණය දෙන්නේ නිකම්ම නොවේ. ඊට පොලී අය කෙරෙන අතර යහපැවැත්ම පිළිබඳ කොන්දේසි පිළිපදිනු ඇතැ’යි අපේක්‍ෂා කෙරේ. එහෙත් එරට ආණ්ඩුව මෙන් ම ජනතාව ද ඒ කොන්දේසි පිළිපදින්නට නොකැමති ය. එසේ නම් හානිපූර්ණ ණය නොලැබෙනු ඇත. උභතෝකෝටික කියන්නේ මෙවැනි ඒවාට ය. දෙකොණ විලක්කු ලෙස හැඳින්වීමේ ද දොසක් නැත.
මේවා කියවන ඕනෑම අයෙකුගේ සිතේ පැනනැඟිිය හැකි ප‍්‍රශ්නයක් නම් පසුගිය අවුරුදු 12ක පමණ කාලයක් තුළ ගී‍්‍රසිය මෙතරම් විශාල මුදල් කන්දරාවකට කළේ කුමක්ද යන්නයි. එරට පිටතට ගෙවන්නට ඇති ණය ප‍්‍රමාණය මේ වනවිට යුරෝ බිලියන 323කි. ඒ වනාහි දළ දේශීය නිෂ්පාදිතය මෙන් 176%ක ප‍්‍රමාණයකි. තවත් බිලියන අනූවක් ලබා ගැනීම ඔවුන්ගේ අපේක්‍ෂාවයි.

අපේ රට ද පසුගිය පාලන සමයේ අපේ තත්ත්වයේ හැටියට විශාල මුදල් ප‍්‍රමාණයක් ගී‍්‍රසියේ බැඳුම්කරවල ආයෝජනය කළ බවට කතාබහක් පැවතිණි. එහෙත් ගී‍්‍රක ණයහිමියන්ගේ ලැයිස්තුවේ අපේ නම නැත. සමහරවිට අපේ රුපියල් යුරෝ සහ ඩොලර් අස්සේ අලූක්කාල් වන නිසාද කිව නොහැකි නමුත්් එකක් නම් ඉඳුරා සහතික ය. එවැන්නක් සිදු වුණා නම් ඒ මුදල්වලට අබ සරණ බව ය.

ශ‍්‍රමික ජනතා තීරණය නිවැරදියි.

ණයහිමි රටවල් සහ ආයතන මොනවා කිවත් මේ අවස්ථාවේ ගී‍්‍රක රජය සහ එරට ජනතාව (විශේෂයෙන් ශ‍්‍රමික ජනයා සහ රැුකියා විරහිත තරුණ කොටස්* විසින් ගන්නා ලද තීරණය නිවැරදි බව ලෝක සමාජවාදීන්ගේ වෙබ් අඩවියේ මතයයි. එය පෙන්වා දෙන්නේ යුරෝපා ප‍්‍රජාව සහ ගී‍්‍රක රජය අතර පවතින මේ කඹ ඇඳිල්ල එරට ශ‍්‍රමික ජනතාව ඉදිරියේ ඇති දේශපාලන අර්බුදය තීව‍්‍ර කරන බවයි.

ගී‍්‍රකයන්ගෙන් 61% විසින් ප‍්‍රතිසංස්කරණ යෝජනා ප‍්‍රතික්ෂේප කරනු ලැබීම යුරෝපීය ණය දෙන ආයතන සහ ඒවාට පක්‍ෂපාත ගී‍්‍රසියේ ඇතැම් කොටස් තිගැස්සවී ය. අතොරක් නැතිව කෙරුණු ආර්ථික තර්ජන, මාධ්‍ය ප‍්‍රචාර සහ ඇතැම් හමුදාමය බලපෑම් ද නොතකා ඔවුන් එලෙස පෙළ ගැසුණේ විය හැකි අනතුර පිළිබඳ නිසි අවබෝධයෙන් යුතු ව ය. එය ජීවිකාව පිළිබඳ ප‍්‍රශ්නයක් විය. මේ යෝජනා කි‍්‍රයාත්මක වුවහොත් තමන්ට සාගින්නේ මියැදෙන්නට සිදුවන බව ඔවුහු දැන සිටියහ. ඒ අනුව පෙර නොවූ විරූ අති ප‍්‍රබල විරෝධයක් නිහ`ඩ ව පළ වූ බව ප‍්‍රකට ය.

යුරෝපා අගනගරවල සහ වොෂින්ටනයේ මෙයට ප‍්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳ සාකච්ඡුා බහුල විය. බටහිර හැම රටකටමත් වඩා ගී‍්‍රක තරුණයන්ගේ විරෝධය ගැන කෝප වී සිටින්නේ ජර්මනිය සහ අමෙරිකා එක්සත් ජනපදයයි. ගී‍්‍රකයෝ නියම යුරෝපීයයෝ නොවෙතියැ’යි මර්කෙල් කියන්නේ එහෙයිනි. ඇය සහ ප‍්‍රංශුවා හොලන්දේ එක්ව පැවැත් වූ මාධ්‍ය හමුවක දී ඇය මේ බව පවසා ඇත. ඇගේ අදහස ‘යුරෝපා ස්ථායිතා යාන්ත‍්‍රණය’ යටතේ අලූතින් වැඩසටහනක් ඉදිරිපත් කිරීම තේරුමක් නැත්තක් බවයි. ගී‍්‍රසිය මෙවර සිය මුදාගැනීමේ ණය අයදුම්පත ඉදිරිපත් කොට ඇත්තේ යුරෝපා ස්ථායිතා යාන්ත‍්‍රණයට ය. මර්කෙල්ගේ දෙවෙනියා වන උප චාන්සලර් සිග්මාර් ගේබි‍්‍රයෙල්ගේ අදහස යුරෝපා සංගමය සහ ගී‍්‍රසිය අතර තිබූ එක`ගත්ව පාලම සිරිසා ආණ්ඩුව විසින් මේ වනවිට ඉවත් කොට ඇති බවයි. ‘ඔවුන්ට යුරෝපා සංගමයේ තවදුරටත් රැුඳී සිටින්නට ඇවැසි නම් ඔවුන් කළ යුත්තේ වඩා ඉදිරියට ගිය සැලැස්මක් ඉදිරිපත් කිරීමයි.’ ඔහු මෙයින් අදහස් කරන්නේ යුරෝපා ස්ථායිතා යාන්ත‍්‍රණයට ගී‍්‍රසිය විසින් ඉදිරිපත් කරන ලද ණය අයදුම්පත සමග ඇති රජයේ යෝජනා වෙනස් විය යුතු බවයි. යුරෝපාකරයේ අනෙක් ණයකාර ජාතීන්ට ද මෙය පැතිරෙනු ඇතැ’යි වෝල්ස්ටී‍්‍රට් ජර්නල් බිය පළ කරයි. ‘මෙයින් දෙන පණිවුඩය නම් දේශපාලනික මාෆියාවක් මගින් වර්ධනයට හේතුකාරක වන ප‍්‍රතිසංස්කරණ නවතාලිය හැකි බවයි. සපුරාලිය යුතු අවම අවශ්‍යතා ලෙස ණයහිමියන් විසින් ඉදිරිපත් කෙරෙන කොන්දේසි ප‍්‍රතික්ෂේප කරන්නට ජනමතවිචාරණ පවත්වනු ලබන අතර ණය දෙන ආයතන කවරාකාරයෙන් වුවත් ණය දෙනු ඇත.’

එහෙත් ගී‍්‍රක රජය මෙහි ලා කටයුතු කොට ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීව බව එයට නොපෙනී යාම විශ්මයාවහය. ඔවුන් මෙසේ පාච්චල් කරන්නේ ඇමෙරිකාව මහ ඉහළින් වර්ණනා කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. මෙයින් පෙනීයන්නේ රැකියා කප්පාදුවලට එරෙහිව ඉදිරියේදී අමෙරිකානු තරුණයන් සහ ශ‍්‍රමිකයන් විරෝධය පළ කරනු ඇතැ’යි ඔවුන් මෙයින් බියපත් ව සිටින බවයි.