රාවය

හැකරකු හැක් කිරීම

හැකරකු හැක් කිරීම

 

අනුන්ගේ පරි ගණක වලට අනවසරයෙන් පිවිස ඒවායේ දත්ත සොරා ගැනීම යන්නට ඉංගී‍්‍රසියෙන් යෙදෙන්නේ hack යන කි‍්‍රයා පදයයි. එසේ කරන්නාට hacker යන්න යෙදෙයි. හැක් කිරීමට අදාළ පරිගණක වැඩසටහන් නිපදවන Hacking Team නම් සමාගමක් ඉතාලියේ මිලානෝ නුවර තිබේ. හැක් කිරීම සඳහා උපයෝගී කරගත හැකි වැඩසටහන් රාජ්‍යයන්ට සහ රාජ්‍යායතනවලට පමණක් විකුණන බව එම සමාගමේ ප‍්‍රකාශනවල දැක්වේ. එහෙත් හෙළිදරව් වී ඇති පරිදි එය පෞද්ගලික සමාගම් සමග ද අතරමැදි පාර්ශ්වකරුවන් සමග ද ගනුදෙනු කරමින් සිටියි. දැනට අනාවරණය වී ඇති පරිදි ලෝකයේ රටවල් 46ක් මේ සමාගමේ සේවා ලබාගනිමින් සිටිති. අමෙරිකා එක්සත් ජනපදය, මහා බි‍්‍රතාන්‍යය, ඉතාලිය, ඕස්ටෙ‍්‍රලියාව වැනි දියුණු රටවල් පමණක් නොව ඉතියෝපියාව, සුඩානය වැනි අසංවර්ධිත රටවල් පවා මේ ආයතනයේ සේවාවන් ලබාගන්නා බව දැන් හෙළිවී තිබේ.

හැක් කිරීමේ කාර්යයේ දී ‘හැකිං ටීම්’ කෙතරම් විශාරදයකු වුව ද ඔවුන් ද පරයන හැක් කප්පිත්තෝ ලොව වෙසෙති. එඞ්වඞ් ස්නෝඩෙන් මෙන් ම විකිලීක්ස් අනාවරණ ජාලය පවත්වා ගෙන යන ජුලියන් අසාංෂ ඒ අතර ප‍්‍රමුඛ වෙති. එහෙත් ‘හැකිං ටීම්’ හැක් කරන ලද්දේ කවුරුන් විසින්දැයි බොහෝ මාධ්‍ය නිශ්චිතව පවසන්නේ නැත. තිර වශයෙන් ම ඒ විකිලීක්ස් වැඩක් බව සඳහන් කරනුයේ ලෝක සමාජවාදීන්ගේ වෙබ් අඩවිය පමණි.
පසුගිය පස්වනදා කවුරුන් හෝ වේවා හැකර් කෙනෙක් හැකිං ටීම් අඩවියට පිවිස දත්ත ගිගාබයිට් 400ක් පමණ සොරා ගත්තේ ය. ඒවායේ අන්තර්ගත ව ඇත්තේ හැකිං ටීම් සහ ඒ වෙතින් සේවය ලබා ගත් ලොව පුරා මහාද්වීප පහේම පිහිටි රටවල ආයතන අතර හුවමාරු වූ විද්්‍යුත් ලිපිවල පිටපත් ය. ඒ සමගම යුරෝ මිලියන ගණනක් වටිනා ඉන්වොයිස්වල පිටපත් ද තිිබී ඇත.

බොහෝ රටවල හැක් කරන වැඩසටහන් මිල දී ගෙන ඇත්තේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ ආයතන විසිනි. එහෙත් සමහර රටවල් ඒවා උපයෝගි කරගනිමින් කරන්නේ සිවිල් පුරවැසියන්ගේ වෙබ් අඩවි, (ෆේස් බුක් ට්වීටර් වැනි) සමාජ ජාල ගිණුම්, විද්්‍යුත් තැපෑල යනාදියට පිවිස ඒවා පිරික්සීමයි. සමහරවිට ජාතික ආරක්ෂාවේ මුවාවෙන් කරන මේ කි‍්‍රයාවේ ප‍්‍රතිඵලය වනුයේ පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය තුන්වන පාර්ශ්වයකට නිරාවරණය වීමයි. ඒ කියන්නේ ලොකු සහෝදරයා නිරන්තරයෙන් ම ඔබ දෙස බලා සිටින බව ය.

මෙසේ හෙළිදරව් වනතුරු බොහෝ රටවල ජනතාව තමන් එබඳු පරීක්‍ෂාවකට ලක් ව සිටින බව නොදත්තෝ ය. එහෙත් සමහර රටවල අවදියෙන් සිටින ඇතැම් සමාජ කි‍්‍රයාධරයෝ මේ ගැන සැක කළහ. මුලින්ම කතාබහක් ආවේ මොරොක්කෝවෙනි. ඒ පසුගිය අපේ‍්‍රල් මස 07දා ‘ප‍්‍රයිවසි ඉන්ටර්නැෂනල්’ නම් සංවිධානයක් විසින් ‘ඔවුන්ගේ ඇස් මා මත: මොරොක්කෝවන් ඇසෙන ආවේක්‍ෂණ කතන්දර’ නම් වාර්තාවත් සමග ය. වසර පහෙන් පහට තෝරා ගැනෙන පාර්ලිමේන්තුවක් ඇති නමුත් නිෂේධ බලය හිමි එරට රජු උග‍්‍ර මර්දකයෙකි. එරට සීඑස්ඞීඑන් සහ ඞීඑස්ටී යන ආයතන දෙක සඳහා ම හැකිං ටීම් විසින් පිළිවෙලින් 2009 සහ 2012 සිට ම මෘදුකාංග සකස් කොට දීි තිබේ. ඒවා මේ දක්වා හැකිං ටීම් වෙත ගෙවා ඇති මුදල යුරෝ මිලියන 41ට අධික ය. මේ ආයතනවලට එම උපාංග සකසා දී ඇත්තේ පුද්ගලයන් ගැන ඔත්තු බැලීමට බව පසුව පිළිගන්නට හැකිංටීම්ට සිදුවිය.

ව්‍යාපාරික කටයුත්තක් වශයෙන් මෙවැනි මෘදුකාංග සකසන සමාගම් සිය ගණනක් ලොව පුරා තිබේ. එහෙත් හැකිං ටීම් හි විශේෂය වන්නේ එය මර්දක රාජ්‍ය පාලකයන්ගේ අවශ්‍යතා සපුරාලීමයි. එසේ කරන්නේ වැඩිපුර මුදල් උපයා ගන්නට බව ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයයේ ගෝලීිය කටයුතු පිළිබඳ මුන්ක් ශාස්ත‍්‍රාලයේ ‘සිටිසන් ලැබ්’ පර්යේෂක කණ්ඩායම විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් ය. ‘ඤමේ% මෙවලම් යොදා ගැනෙනුයේ මානව හිමිකම් කි‍්‍රයාධරයන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආධාරකරුවන් ඉලක්ක කරගෙන බව අපගේ විමර්ශනවලදී අනාවරණය වී ඇත. හැකිං ටීම් වැනි සමාගම් වගකීම් සහිත ව ස්වයං නියාමනයෙන් යුතුව කටයුතු කරන්නට අපොහොසත් බව ප‍්‍රදර්ශනය කරමින් සිටියි. ආචාරධර්මවලට ඉහළිින් ලාභය තබන මෙවැනි සමාගම් සිය සේවාලාභී රටවල් පුරවැසි මර්දනයේ දීි තමන් ද කිසියම් කාර්යභාරයක් ඉටු කරනා බව දිගින් දිගට ම නොසලකා හරින්නේ නම් ඊට ප‍්‍රතිචාර වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදීි රටවල් එම හානිකර කි‍්‍රයාමාර්ග නැවැත්වීමට විධිමත් පියවර ගත යුතු ය.’

ලොව ප‍්‍රධාන පෙළේ අධිරාජ්‍යවාදී නියෝජ්‍යා යතනවලට හැකිං ටීම් සේවයා සපයා තිබෙන බව පැහැදිලියැ’යි සමාජ වාදීන්ගේ වෙබ් අඩවිය පෙන්වා දෙයි. අමෙරිකාවේ එෆ්බීඅයි මෙන්ම හමුදා බුද්ධි අංශ ද, මත්ද්‍රව්‍ය නිවාරණ ඒජන්සිය ද එහි සේවය ලබාගෙන ඇති අතර බි‍්‍රතාන්‍ය පොලීසිය මෙන්ම එම්අයි ඔත්තු සේවාව ද, ඕස්ටෙ‍්‍රලියාවේ ෆෙඩරල් පොලීසිය මෙන් ම ආරක්‍ෂක ඔත්තු සේවා සංවිධානය ද එහි සේවය ලබාගෙන තිබේ. දකුණු ආසියාවේ කෲරත්වය අතින් නමක් දිනා සිටින බංග්ලාදේශයේ ‘කි‍්‍රයාත්මක බලකාය’ නම් සන්නද්ධ පැරාමිලිටරි ඒකකය දඩයමේ යන්නේ හැකිං ටීම් මෘදුකාංගයෙන් සැපයෙන ඉව ඔස්සේ ය. ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තය සිය ප‍්‍රාන්ත ජනතාවගේ අන්තර්ජාල සබඳතා හැක් කරන්නට වැඩසටහනක් නිර්මාණය කර දෙන ලෙස හැකිං ටීම් වෙතින් පසුගිය වසරේ ඉල්ලා සිටි බව කාන්දු වූ ට්වීටර් පණිවුඩයක දැක්වේ. ඒ සඳහා දුරස්ත පාලක පද්ධතියක් (RSS) නිර්මාණය කරවා ගැනීම ගැන අදහස් හුවමාරු වී තිබිණි. ප‍්‍රාන්ත රජයේ අපේක්‍ෂා වන්නේ එමගින් වින්ඩෝස්,OsX, ලිනක්ස් වැනි මෙහෙයුම් පද්ධතිවලට පිවිසිය හැකි, ඇන්ඩ්‍රොයිඞ්, බ්ලැක්බෙරි. සධී යන ඕනෑම ස්මාර්ට් ෆෝනයකට පිවිසිය හැකි ස්කයිප් සහ වයිබර් වැනි සන්නිවේදන පවා ආවේක්‍ෂණයට ගැනීමයි.

2012 වසරේ පැන නැගි අරාබිකරයේ උද්ඝෝෂණ රැල්ල මෙහෙයවුණේ සමාජජාලගත වෙබ් අඩවි හරහා බව ප‍්‍රකට ය. (මොරොක්කෝව බියපත් ව සිටින්නේ එයට ය.) අපේ රටේ පවා ජනවාරි 08දා පෙරළිය සිදුවන්නට ෆේස්බුක් බලපෑ බව ජනාධිපතිවරයා පවා ප‍්‍රකාශ කොට තිබේ. මෙලෙස ඊජිප්තුවේ විප්ලවය සිදුවූයේ ෆේස්බුක් හා ට්වීටර්වලින් සැපයුන උදව්වෙන් නමුත් වත්මන් ඊජිප්තු රෙජිමය ඒවා මගින් සමාජ කි‍්‍රයාධරයන් සංවිධානාත්මක වීම වළක්වනු පිණිස හැකිං ටීම් සහාය ලබා ගනී. මේ වනවිට එරට එම ආයතනයට ගෙවා ඇති මුදල යුරෝ 600,000 පමණ වේ.

හැකිං ටීම් සේවය ලබා ගන්නා ආයතන ලොව පුරා මිලියන ගනනාවකගේ පෞද්ගලිකත්වයට ඇගිලි ගසමින් සිටින්නේ සිය බලය රැකගන්නට ය. එහෙත් ඒවාට හෝ හැකිං ටීම්ට එරෙහිව නැගී සිටින්නකු නොමැත. එසේ වුවත් ජුලියන් අසාංෂට සහ ජෝස්ෆ් ස්නෝඩෙන්ට අපරාධ චෝදනා එල්ල වෙයි. ඔවුන් මේ වනවිට ගත කරන්නේ අතිශය දුෂ්කර ජීවිත ය. මොවුන් දෙදෙනාට ම එසේ වී ඇත්තේ දුෂ්ට පාලක පෙලැන්තිය කරන කියන දෑ පුරවැසියන්ට හෙළිදරව් කිරීම සඳහා හැක් කිරීම නිසා ය.