Untitled-1

Untitled-1

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අත්සන් තැබේ


Iran

මාස 20කට අධික කාලයක් පුරාවට ඇදෙමින් පැවැති ඉරාන න්‍යෂ්ටික අර්බුදය පසුගිය 13දා නිමාව දිටී ය. ඒ ඉරානය එක් පාර්ශ්වයකටත් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් පස්දෙනා සහ ජර්මනිය (P5+1) එක් පාර්ශ්වයකටත් ඉරානය අනෙක් පාර්ශ්වයටත් හිඳිමින් අත්සන තැබූ ‘සාම ගිවිසුම’ නිසා ය. ඒ අනුව ඉරානය අන්තර්ජාතික පරමාණු බලශක්ති අධිකාරයේ නියාමනයන්ට සහ අධීක්‍ෂණයට යටත්ව බලශක්ති උත්පාදනය සඳහා පමණක් න්‍යෂ්ටික කි‍්‍රයාකාරකම්වල යෙදෙන අතර බලවතුන් එරට ආර්ථිිකය කොර වනසේ පනවා තිබූ සම්බාධක ඉවත් කරනු ඇත.
දැන් ඉරානය න්‍යෂ්ටික අවියක් තමන් සතුකර ගැනීමේ තත්ත්වයෙන් බොහෝ මෙහා තබන ලද බව ලෝකයා දැනගත යුතු ව ඇතැ’යි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඉරානය පවසන්නේ තම රටට න්‍යෂ්ටික ශක්තිය සඳහා හිමිකමක් ඇති බවයි. එහෙත් සිය න්‍යෂ්ටික වැඩ සටහන් බලශක්ති උත්පාදනයට පමණක් සීමාවනු ඇත.

මේ වනවිට ඉරානය සතුව යුරේනියම් ප‍්‍රාගුණ්‍ය බලාගාර දෙකක් පමණක් ඇත. නටාන්ස් සහ ෆෝඩෝ යනුවෙන් හැඳින්වෙන ඒවායේ කේන්ද්‍රාපසාරී යන්ත‍්‍ර 20,000ක් පමණ කි‍්‍රයාත්මක ය. මේ යන්ත‍්‍ර මගින් යුරේනියම් හෙක්සාෆ්ලූ ඕරයිඞ් නමැති ඛනිජය මෘදු ඹ235 සමස්ථානිකය බවට පත් කෙරේ. ඹ235 සමස්ථානිකයෙන් 3% – 4% ප‍්‍රමාණයක් සහිත අමුද්‍රව්‍ය බලශක්ති උත්පාදනයට ප‍්‍රමාණවත් වන අතර න්‍යෂ්ටික අවි නිශ්පාදනය සඳහා ඒ ප‍්‍රමාණය 90%ට අධික විය යුතුය.

බෝම්බයක් තැනීම සඳහා කේන්ද්‍රාපසාරී භ‍්‍රමක යන්ත‍්‍ර 150,000ක්වත් තිබිය යුතු අතර ඒ අනුව ඉරානයට බෝම්බ නිෂ්පාදන හැකියාවක් නොමැති බව පැහැදිලි ය. ගිවිසුමට අනුව ඉදිරි වසර 10 තුළ ඊට අලූතෙන් එක් කර ගත හැක්කේ 5,060 පමණි.
පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සිදුකෙරෙනුයේ නටාන්ස් බලාගාරයේ පමණි. ඒවා අට වසරකට සීමා කෙරෙනු ඇත. ෆෝඩෝ බලාගාරයට ඉදිරි වසර 15 ගෙවෙන තුරු ප‍්‍රාගුණ්‍යයට අවසර නොමැත. භූගත පර්යෙෂණාගාර න්‍යෂ්ටික විද්‍යාවේ, භෞතික විද්‍යවේ සහ තාක්‍ෂණවේදයේ පර්යේෂණාගාර බවට පත් කෙරෙනු ඇත.

ගිවිසුම පිළිබඳ තත්ත්වය මෙසේව තිබියදී අමෙරිකා එක්සත් ජනපදය පැත්තෙන් වාර්තා වන්නේ ඒ සඳහා එරට උභය මන්තී‍්‍ර මණ්ඩලයේ විරෝධය පළ කෙරී ඇති බවයි. මේ ජනාධිපති බරක් ඔබාමාගේ පාලනයේ අවසාන මාස දහඅටයි. මේ වනවිට මන්තී‍්‍ර මණ්ඩලවල බලය පවතින්නේ ඔබාමාගේ ඩිමොක‍්‍රැටික් පක්‍ෂය අත නොවේ. රිපබ්ලිකන් පක්‍ෂය ඉදිරි ජනාදිපතිවරණය දිනා ගැනීමේ අපේක්‍ෂාවෙන් මේ වනවිට ජනාධිිපතිවරයාගේ සෑම කි‍්‍රයාකාරකමක් ම විවේචනය කරන සහ විරෝධය පළ කරන ආස්ථානයක සිටියි. ගිවිසුම අත්සන් කරන ලද්දේ ආරක්‍ෂක මණ්ඩලයේ රටවල් සමග නිසා ඒ සම්බන්ධයෙන් ගැටලූවක් නැතත් ඉරානයට එරෙහි අමෙරිකානු සම්බාධක ඉවත් කිරීම යන කාරණයේ ගැටලූවක් පවතී සම්බාධක පනවන ලද්දේ ව්‍යවස්ථාදායකයන් නිසා ඒවා ඉවත් කිරීම ද එයට අයත් කාරියක් වෙයි. ඉදිරි සතියේ ජනාධිපතිවරයා ඊට අදාළ යෝජනාව කොංග‍්‍රසයට ඉදිරිපත් කරනු ඇත. ඉදිරියට යාහැක්කේ ඔවුන් එය දින හැටක් තුළ සම්මත කළහොත් පමණි. පවතින තත්ත්වය අනුව එය අපේක්‍ෂා කළ නොහැකිය. එහෙත් මෙබඳු කාරණාවල දීි අමෙරිකානු ජනාධිපතිවරයාට නිශේධ බලය හිමි ය. මේ අවස්ථාවේ තමා එය පාවිච්චි කරන්නට නොපැකිළෙන බව ජනාධිපතිවරයා මේ වනවිටත් පවසා ඇති බව සඳහන් ය.