දූෂිතයන් තෝරන්නට නඩු විභාග අවශ්‍ය නැත

කේ. ඩබ්ලිව්. ජනරංජන

පසුගිය ජනවාරි 8වැනිදා පරාජය කරන ලද්දේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පමණක් නොවේ. ඔහු සමග රට පාලනය කරන්නට හවුල්වූ සහචරයන්ගෙන් සැදි මුළු මහින්ද ක‍්‍රමයම එහිදී ජනතාවගෙන් ප‍්‍රතික්‍ෂෙප විය. එසේ වුවද, 2010 තෝරාපත්කරගත් පාර්ලි මේන්තුව දිගටම පැවැති නිසා, එසේ ප‍්‍රතික්‍ෂෙප වූ මහින්ද සහචරයන්ට ඒ වහාම ගෙදර නොගොස් තවදුරටත් පාර්ලිමේන්තුවේ රැුඳී සිටිය හැකි විය. තමාගේ පරාජයට පළමු වගකිවයුත්තා මහින්දම ය. ජනතාව විසින් පරාජය කරනු ලැබීම සඳහා සියලූ සාධාරණ හේතු ඔහු තමා විසින්ම එක්රැුස් කොටගෙන තිබුණේය. ඊට අමතරව ඔහුගේ පරාජය සඳහා දායකත්වය යහමින් දුන්නේ ඔහු වටා සිටි සහචරයන් රොත්තයි. මේ පිරිස අතර සියලූ වර්ගයේ අපරාධකාරයන්, දූෂිතයන්, සල්ලාලයන්, වංචනිකයන්, බල උම්මත්තකයන් නොඅඩුව දැකිය හැකි විය. මේ සියල්ලන්ටම දැන් මහින්දගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලැබී තිබේ. නොලැබී ඇති හතර දෙනා සහ ලැබී ඇති අය අතර කිසිම වෙනසක් නැත.

දූෂිතයන්ට මෙවර පාර්ලිමේන්තු මැතිවරනයේදී නාමයෝජනා නොදෙන් නටයැ’යි අවදිමත් ජනතාවගේ පැත්තෙන් විශාල බලකිරීමක් පසුගිය කාලයේ පැනනැගිණි. ඊට හේතුව මහින්ද රාජපක්‍ෂ පාලනය මුළුමනින්ම දූෂිතයන්ගෙන් පිරුණු එකක් බවට ජනතාවගේ තිබුණු විශ්වාසයයි. එහෙත්, එජනිස ඒ සියලූ දූෂිතයන්ට නාමයෝජනා ලබාදුන්නේය. මූණිච්ඡුාවට නාමයෝජනා නොදුන් එක් දූෂිතයකුට කළගුණ සලකනු පිණිස ඔහුගේ් බිරිඳට නාමයෝජනා දුන්නේය. තවත් එවැන්නකු වූ දුමින්ද සිල්වාට කොහොම හරි නාමයෝජනා දෙන්නට මහින්ද රාජපක්‍ෂ කළ උත්සාහය වැළකුණේ, සමහර වෙලාවට කපන්න කියනවා, ආයෙත් දාන්න කියනවා, දැන් ලැයිස්තුව හදලා ඉවරයි කියා මහලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත කී නිසා මිස ඔහු ඊට අකැමැත්තක් දැක්වූ නිසා නොවේ. කොහොමටත් දුමින්ද සිල්වාට නාමයෝජනා නොදීමට ගත් තීරණය සමග මහින්ද රාජපක්‍ෂ හදවතින් නැති බව රටම දනියි. ඒ තරමට ඔහු හදවතින්ම දුමින්දට සමීපය. කොච්චර සමීපද කියනවා නම්, තම සහෝදරයාගේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂක මන්ත‍්‍රීධුරයට පත්කරනු ලැබුවේද දුමින්ද ය. භාරත ලක්‍ෂ්මන් ඝාතන සිදුවීමේදී අපරාධකාරයකු ලෙස මුළු සමාජයේම දැඩි පිළිකුලට භාජනය වී, හිසට වෙඩිවැදී අසාධ්‍යව සිටි දුමින්ද බලන්නට ඔහු නවලෝක රෝහලට ගියේය. ඉන්පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා දුමින්ද සිංගප්පූරුවට යැවීමට හැකි හැම අතින්ම දායක විය. දුමින්ද මහින්ද රාජපක්‍ෂගේ සිහින කුමාරයකු තරම් වන විට, ඔහුට නාමයෝජනා නොදීම ඇස්බැන්දුමක් බව පිළිගන්නට සිදුවෙයි. කෙසේ වෙතත් ජනතාව දැඩි විරෝධය දක්වද්දී සියලූ දූෂිතයන්ට නාමයෝජනා දීමෙන් එජනිස යහපත් පාර්ලිමේන්තුවක් සඳහා ජනතාවගේ වුවමනාවට සරදම්කාරී අයුරෙන් පස්ස හරවා තිබේ.

දූෂිතයන්ට නාමයෝජනා දීම ගැන මාධ්‍ය විමසූ විට ශ‍්‍රීලනිප මහලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා පැවසුවේ, දූෂිතයන් කියා කිසිවෙකු නැති බවත්, ඒ කිසිවෙකු අධිකරණයක් ඉදිරියේ වරදකරු කර නොමැති බැවින් ඔවුන් දූෂිතයන් ලෙස සලකා නාමයෝජනා නොදීමට හේතුවක් නැති බවත්ය. නීතිඥවරයකුද වන මහලේකම්වරයා කියන දේ එලෙසින්ම පිළිගන්නා කිසිවෙක් දැන් නැත. එසේම ඔහුගේ තර්කය තමන්ගේ නාමයෝජනාවල දූෂිත නිරුවත වසාගන්නට කිසිසේත් සෑහෙන්නේද නැත.

නීතියට අනුව සාධාරණ නඩු විභාගයක් පවත්වා වැරදිකරු කරන තෙක් කිසිවකු වැරදිකරු ලෙස නොසැලකිය යුතු බවට මූලධර්මයක් අපරාධ නීතියේ එයි. එය හැඳින්වෙන්නේ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය කියාය. සමහර රටවල එවැනි පූර්ව නිගමනයක් නැත. එවැනි සමහර රටවල නඩුවක් ආරම්භ කරන්නේ විත්තිකරු වැරදිකරු ලෙස සලකාය. තමන් අපරාධයට වගකිව යුතු නැතැ’යි අධිකරණය ඉදිරියේ ඔප්පු කළ යුත්තේ විත්තිකරු විසිනි. එහෙත්, ලංකාවේ චෝදනා ඔප්පු කිරීමේ වගකීම පැවරෙන්නේ පැමිණිලිකරු වෙතම ය. ඉංග‍්‍රීසි පොදු නීතියෙන් උපත ලද ලංකාවේ නීතිය අනුව, පැමිණිලිකරු සාධාරණ සැකයෙන් ඔබ්බට චෝදනා ඔප්පු කරන තෙක් විත්තිකරුට නිහඬව සිටිය හැකිය. හෙවත් ඔහු නිර්දෝෂී අයකු ලෙස නීතිය සලකයි. මේ තත්ත්වය තිබෙන්නේ ලංකාවේ ද, අපරාධ නීතියෙහි පමණකි. සිවිල් නීතියේදී නඩුවක් සාධාරණ සැකයෙන් ඔප්පු කිරීමක් අනවශ්‍ය වේ. සියයට පනහකට වඩා ඔප්පු වීම එහිදී සෑහේ.

පැමිණිල්ල විසින් සාක්‍ෂි මගින් ඔප්පු කර පෙන්වන තුරු විත්තකරුවකු නිර්දෝෂී ලෙස සැලකීමේ මූලධර්මය බිහිවී ඇත්තේ, අපරාධ නඩුවකදී විත්තිකරුට දඬුවම් පමුණුවන නිසාය. බොහෝ විට ඒවා ශාරීරික දඬුවම් වෙයි. මරණ දඬුවම, සිරගෙයි ලෑම, කසපහර වැනි ඒවා දඬුවම් අතර වෙයි. ශාරීරික දඬුවමක් දීමට පෙර විත්තිකරු නිසැක වශයෙන්ම වරදට වැරදිකරුද යන්න නිගමනය කිරීමක් අත්‍යවශ්‍ය වේ. ශාරීරික දඬුවමක් දුන් පසු එය නැවත හැරවීම කළ නොහැකි බැවිනි. වෙනත් විදියකට කිවහොත්, අහිංසකයකු ශාරීරික දඬුවමකට ලක්වීම බලවත් අපරාධයක් බැවිනි. මේ අනුව වරදකරු බවට නිසි බලය ඇති අධිකරණයකින් තීරණය කරන තෙක් කිසිවකු වැරදිකරු නොවේය යන්න අපරාධ නීතියේ එන මූලධර්මයකි.

ශ‍්‍රීලනිප මහලේකම්වරයා ජනතාවගේ ඡන්ද බලය සමග පටලවන්නට තැත් දරන්නේ මෙලෙස කොහේවත් යන අපරාධ නීතියේ මූලධර්මයකි. මහ මැතිවරණයේදී ඡන්ද දායකයන් සූදානම් වන්නේ කිසිවෙකුට මරණ දඬුවම හෝ වෙනත් ශාරීරික දඬුවමක් ලබාදෙන්නට නොවේ. අඩු ගණනේ දඩයක් ගසන්නටවත්, වන්දියක් ඉල්ලන්නටවත් නොවේ. ඒ නිසා අපරාධ නීතියේ මූලධර්ම කිසිම ආකාරයකින් ඡන්දය හා නාමයෝජනා සමග ගැට ගැහෙන්නේ නැත.

ඡන්දයකදී ජනතාව කරන්නේ තමන්ගේ නියෝජිතයන් තෝරා පාර්ලිමේන්තුවට යැවීමය. පුද්ගලයකු කිසියම් කාර්යයක් සඳහා තමන්ගේ නියෝජිතයකු තෝරා යැවීමෙන් බලාපොරොත්තු වන දේවල් කිහිපයකි. එකක්, තමන් විසින් පවරන ලද කාරිය එපරිද්දෙන්ම කිරීමය. දෙවැන්න, තමන්ගේ නම කැත නොකිරීමය. නියෝජිතයා යනු මුල් පුද්ගලයාගේ නියෝජනය බැවින් නියෝජිතයා කරන කියන හැම දෙයකින්ම මැනෙන්නේ මුල් පුද්ගලයාගේ චරිතයයි. එනිසා නියෝජිතයා තෝරාපත්කර යැවීම යනු ඉතාම වැදගත් හා බැරෑරුම් කාරියකි.

අනෙක් අතට පාර්ලිමේන්තුව යනු රටට නීති හදන තැනයි. ඒ නීති හදන තැනට යැවිය යුත්තේ ඊට ගැළපෙන පිරිසකි. අඩු ගණනේ ඒ නීති නොකඩන, නොකැඩූ පිරිසකි. නීති කැඩූවන් හෝ කඩන්නන් නීති හැදීමේ ක‍්‍රියාවලියට යොදාගත් විට ඔවුන් හදන නීති ගැන ජනතා විශ්වාසය පළුදු වී යයි. තමන්ට නීති හදා දෙන්නවුන් නීති කඩන්නවුන් බව තේරුම් ගත් විට ඔවුන් හදන නීති නොපිළිපැදීමට අවිඥානික පෙළඹවීමක් මහජනතාව තුළ ඇතිවීම වැළැක්විය නොහැක්කකි. මේ නිසා නීති හදන ආයතනයට නීතිය ගරුකරන, නීතිය උල්ලංඝනය නොකරන, නීතිය බැරෑරුම්ව සලකන පුද්ගලයන් තෝරා යැවීම මහජනතාවගේ කාර්යයකි. ඊටත් වඩා ඔහු තමන් නියෝජනය කරන්නට තරම් සුදුස්සකුද යන්න විමසා බැලීමත් ඔවුන්ගේ කාර්යයකි.
එවැනි විටකදී ජනතාවට සුදුස්සන් තෝරාගැනීම සඳහා අධිකරණ නඩු වාර්තා කියැවීමක් අවශ්‍ය නොවේ. සමාජයේ පොදු පිළිගැනීම සලකා බැලීම පමණක් වුව වැදගත්ය.

ලංකාවේ දේශපාල නඥයන් සැලකිය යුතු පිරිසකට විවිධාකාර දූෂණ හා සාපරාධී චෝදනා එල්ලවී ඇති බව නොරහසකි. පසුගිය පාර්ලිමේන්තුවේ සිටි වැඩි පිරිසක් එවැනි චෝදනාවලට ලක්වූ අය ය. එහෙත් එවැනි චෝදනා කිසිවක් නැති සාපේක්‍ෂව ‘පිරිසිදු’යැයි සැලකිය හැකි දේශපාලනඥයන්ද නැතිවා නොවේ. පාර්ලිමේන්තුවේ සිටි 225 දෙනා අතුරෙන් සමහරුනට විරුද්ධව මත්ද්‍රව්‍ය ජාවාරම, කොමිස් ගැසීම, සාමාන්‍ය හා ලිංගික අල්ලස් ගැනීම, ප‍්‍රසිද්ධ සල්ලාලකම, මිනීමැරුම, ශාරීරික හානි පැමිණවීම, තර්ජනය කිරීම, මහජන දේපළ මංකොල්ල කෑම හා තමන්ගේ සුඛවිහරණය සඳහා යොදාගැනීම වැනි බරපතළ චෝදනා එල්ලවී තිබුණු නමුත්, සමහර මන්ත‍්‍රීවරුන්ට එවැනි කිසිදු චෝදනාවක් තිබුණේ නැත. එසේ චෝදනා නැගීම හෝ නැතිවීම තීරණය වන්නේ ජනතාව ඒ ගැන සිතන විදිය හෝ ඔවුන්ට දැනගන්නට ලැබෙන තොරතුරු අනුවය. තමන්ට ලැබෙන තොරතුරු අනුව විවිධ පුද්ගලයන් ගැන අදහසක් ජනතාව තුළ ඔවුන් විසින්ම ඇතිකරගැනීමත්, ඒ අනුව සමහර තීන්දු ගැනීමත් ස්වාභාවික හා නිවැරදිය. තමන්ගේ දියණියක දීග දෙන්නට හදන පියකු යෝජිත මනාලයා ගැන තොරතුරු සොයාබලා, ඔහු ගැන විවිධ චෝදනා ඇති බව දැනගන්නේ නම්, ඊළඟට ඔහු අධිකරණයකින් වැරදිකරු කොට තිබේද යන්න ගැන සෙවීමට මහන්සි වන්නේ නැත. ඒ වෙනුවට දුව ඔහුට දීගදීමේ අදහස අත්හැරගනියි. මැතිවරණයකදීද ජනතාව කළ යුත්තේ එයයි.

තමන්ගේ ඡන්දය ලබාගැනීම සඳහා ඒ ඒ පක්‍ෂවලින් ඉදිරිපත් කර ඇති නාමයෝජනා සලකා බලා ඡන්දදායකයා තීරණය කළ යුත්තේ, තමා නියෝජනය කිරීමට සුදුසු, තම නම කැත නොකරන, තමා කියන දේ අසන හා කරන යහපත් පුද්ගලයකු ඒ තුළ සිටිනවාද යන්නයි. ඒ ගැන නිගමනයකට ඒමට හැකි එක් මිනුම් දණ්ඩක් වන්නේ ඔහුට හෝ ඇයට විරුද්ධව කිසියම් චෝදනා සමාජය තුළ දැනගන්නට තිබේද යන්නය. ඒ අනුව, මිනීමරුමක් ගැන චෝදනා ඇති පුද්ගලයකු තෝරාගන්නවාද යන්න තීරණය කිරීමට ඔහු උසාවියකින් වරදකරු කරන තුරු ඉවසිය යුතු නැත. උදාහරණයක් ලෙස, කරු ජයසූරිය හා රත්නපුරේ පේ‍්‍රමලාල් ජයසේකර හෙවත් චොකාමල්ලි සැලකුවහොත් මේ දෙදෙනාම අධිකරණ යකින් වරදකරු කොට නැත. එහෙත්, චොකාමල්ලි යනු රත්නපුරයේ නාමධාරී මැරයකු බව සියල්ලෝ දනිති. ඉතින් චොකාමල්ලි තමාගේ නියෝජිතයා ලෙස තෝරාපත්කර ගැනීම ගැන සලකා බැලීමට, ඔහු තාම ඉන්නේ රිමාන්ඞ් භාරයේ නේද, තවමත් නිසි බලය ඇති උසාවියකින් ඔහු වරදකරු කොට නෑ නේද, වරදකරු කරන තෙක් ඔහු අහිංසකයකු නේද වැනි නිරර්ථක ප‍්‍රශ්නවලට පිළිතුරු සෙවීම අනවශ්‍යය. මැරයකු ලෙස චොකාමල්ලි ලබා ඇති ප‍්‍රසිද්ධියම ඔහු ගැන තීරණයක් ගැනීමට හොඳටම සෑහෙයි. තීරණය චොකාමල්ලිට ඡුන්දය නොදී සිටීමයි. සුසිල් පේ‍්‍රමජයන්ත මහ ලේකම්වරයා විසින් නාමයෝජනා ලැයිස්තුවට ඇතුළත් කරන ලදුව, බන්ධනාගාරයට ගොස් නාමයෝජනා ලැයිස්තුවට අත්සන් ගනු ලදුව, දැන් එජනිසෙන් මහමැතිවරණයට ඉදිරිපත්කර ඇති චොකාමල්ලීටත්, එජනිස යටත් පාඩමක් ඉගැන්වීමේ එකම ක‍්‍රමය එජනිසට (එනයින්ම චොකාටත්) ඡන්දය නොදී සිටීමයි.

මේ මහ මැතිවරණයේදී තමන්ගේ නියෝජතයා තෝරාගැනීමේදී ඡන්ද දායකයා කළ යුත්තේ ඒ ඒ අපේක්‍ෂකයන්ට ඇති විවිධාකාර චෝදනා ගැන සොයාබැලීම හා ඒ මත සිය ඡන්දය ගැන තීරණය කිරීමයි. ඡන්දදායකයා සක‍්‍රිය පුරවැසියකු නම්, චෝදනා ඇති සියලූම අපේක්‍ෂකයන් දේශපාලන භූමියෙන් අතු ගා දැමීමට ඡන්දදායකයා සූදානම් විය යුතුය. මේ පිරිසිදු පාර්ලිමේන්තුවක් සාදා ගැනීමට ඡන්දදායකයාට ලැබෙන ස්වර්ණමය අවස්ථාවකි. ඒ අවස්ථාවෙන් බුද්ධිමත් හා නිවැරදි ප‍්‍රයෝජනයක් නොගන්නේ නම්, ඊළඟට කළ යුත්තේ බර්ටෝල්ඞ් බ්‍රෙෂ්ට් කීවාක් මෙන්, මේ ජනතාව විසුරුවා හැර අලූත් ජනතාවක් පත්කර ගැනීමයි.