අධ්‍යාපන පසුබිමක් නැත්නම් නාමයෝජනා දෙන්නේ නැහැ |එමා කීලී (ඔස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී)

විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

එමා කීලී ඔස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ පාර්ලිමේන්තුවට 2014 වසරේදී තේරී පත්වූ නවක මන්ත‍්‍රීවරියකි. ඇය මන්ත‍්‍රීවරියක ලෙස තේරී පත්වීමට පෙර සේවය කර තිබුණේ ඊඩන්හෝප් රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂකවරිය ලෙස ය.
ඔස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ ,ද නැෂනල්ස් පක්ෂය’ නියෝජනය කරනු ලබන එමා කීලී මන්ත‍්‍රීවරිය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

එමා දේශපාලනයට ආවේ කොහොමද?

වික්ටෝරියා ප‍්‍රාන්ත යේ මා නියෝජනය කරන ලෝවන් ආසනයේ කලින් හිටපු මන්ත‍්‍රි හියු ඩෙලහන්ටි මහතාගේ වයස අවුරුදු හැත්තෑව වෙනවාත් සමගම දේශපාලනයෙන් සමුගන්න තීරණය කළා. එයා එහෙම තීරණය කළේ තම දරු මුණුබුරන් සමග හා පවුලේ සාමාජිකයන් සමග ජීවිතයේ සැදෑ සමය ගත කරන්න ඕනෙ කියා. ඉතින් ඔහුගේ එ් අදහස පුවත්පතක පළ කරලා තිබුණා. එ් නිසා මට ඊළඟ මැතිවරණයේ දී ඔහු වෙනුවට තරග කිරීමට තීරණය කළා.

හිටපු මන්ත‍්‍රීතුමා එමාට කතා කරලා ආසනය බාර ගන්න කිව්වද?

නැහැ. තවත් අය කිහිපදෙනෙක්ම අපේක්ෂක ත්වය ඉල්ලූම් කරලා තිබුණා. එ් නිසා ආසනයේ පක්ෂ සංවිධානයෙන් තෝරා ගැනීමේ තරගයක් පැවැත්වුණා. මාත් එ් සඳහා ඉදිරිපත් වුණා. මට සිදුවුණා මගේ අනාගත සැලැස්ම ඔවුන් ඉදිරියේ තබන්න. විවිධ මාතෘකා යටතේ කතා පවත්වන්න. පළමුවන වටයේ දී එ් සඳහා සුදුස්සන් හතර දෙනෙකු තෝරා ගත්තා. එ් අය අතර නැවත තරගයක් පැවැත්වුවා. එහිදී නැවතත් පක්ෂ සාමාජිකයන් ඉදිරියේ මට ඔවුන් ලබාදුන් විවිධ මාතෘකා යටතේ කතා කිරීමටත් සිදුවුණා. එයිනුත් අප දෙදෙනෙක් තෝරා ගත්තා. තුන්වෙනි වටයේදී අප දෙදෙනාම නැවතත් විවිධ මාතෘකා යටතේ කතා පැවැත්වීමටත් පක්ෂ සාමාජිකයන් ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු දීමටත් සිදුවුණා. ඉන්පසු අප දෙදෙනාගෙන් කවුරු තෝරා ගත යුතුද කියලා පේ‍්‍රක්ෂකයන් (පක්ෂ සාමාජිකයන්) අතර ඡන්ද විමසීමක් කළා. මට ඡුන්ද වැඩිපුර ලැබුණු නිසා මට අපේක්ෂකත්වය ලැබුණා.

එමා මේ ප‍්‍රදේශයේ කෙනෙක්ද?

මම ඊඩන්හොප් ප‍්‍රදේශයේ කෙනෙක්. මගේ පරපුරේ මුල්ම අය ඕස්ටේ‍්‍රලියාවට ඇවිත් තියෙන්නේ අයර්ලන්තයේ ඉදලා. මම අයත් වන්නේ හයවෙනි පරම්පරාවට. (ඇයගේ පුත‍්‍රයා පෙන්වමින් හාවි අයත් වෙන්නේ හත්වෙනි පරම්පරාවට) මගේ මව්පියන් සහ ආච්චි සීයලත් මේ ප‍්‍රදේශයේ ගොවිපොලවල් කරගෙන ජීවත් වුන අය. එ් නිසා මේ ප‍්‍රදේශය ගැනත් ප‍්‍රදේශයේ ජීවත්වන අයගේ ගැටලූ පිළිබඳවත් මට හොඳ අවබෝධයක් තියෙනවා.
ඔබගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කිව්වොත්

මම ඉගෙන ගත්තේ ඊඩන්හෝප් පාසලේ. උසස් අධ්‍යාපනය සඳහා ප‍්‍රදේශයේ ප‍්‍රධාන නගරයක් වන බැලරාට්වලට ගියා. එහිදි මා ලබා ගත්තේ බයොමෙඩිකල් සයන්සස් (ජීව-වෛද්‍ය විද්‍යා) උපාධිය. පළමුවෙන්ම මම වැඩ කළේ උතුරු පළාතේ ඩාවින්වල. ඊට පස්සේ මෙල්බන්වල. අවසානයේදී මම ඊඩන්හෝප් ආරෝග්‍යශාලාවෙ ප‍්‍රධාන නිලධාරි (කළමනාකාර අධ්‍යක්ෂ) ලෙස පත් වුණා. එ් අතරතුරේදී තමා දේශපාලනයට බහින්න හිතුනේ.

ආසනයක මන්ත‍්‍රීවරයෙකු වීම සඳහා තිබිය යුතු සුදුසුකම් මොනවාද?

ප‍්‍රධාන වශයෙන් කාරණා දෙකක් බලනවා. පළමුවැන්න තමයි ඔහු හෝ ඇය වංචා දූෂණ හෝ සාපරාධී ක‍්‍රියාවලට නීතිය ඉදිරියේ වරදකරුවන් වී නොසිටිය යුතු වීම.
දෙවැන්න තමා ව්‍යාපාරික වශයෙන් ඔහු බංකොලොත්භාවයට පත් නොවූවෙක් වියයුතු වීම.

මන්ත‍්‍රීවරයෙකු වීමට තිබිය යුතු අවම අධ්‍යාපන සුදුසුකමක් හෙම තියෙනවද?

නැහැ. අධ්‍යාපන සුදුසුකම ප‍්‍රධාන නිර්ණායකයක් ලෙස සලකන්නේ නැත්තේ හොඳ අධ්‍යාපන තත්ත්්වයක් සහ බුද්ධිමත්භාවයක් නැත්නම් ඔහුට පක්ෂයෙන් නාමයෝජනා ලැබෙන්නෙ නැති නිසා. පක්ෂ සාමාජිකත්වය අපේක් ෂකයන් තෝරා ගැනීමේදී ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම්වලටත් වඩා මූලිකත්වය දෙන්නේ ඔහුගේ හෝ ඇයගේ දේශපාලන දැනුම, බුද්ධිමත්භාවය, ගැටලූ නිරාකරණය කිරීමට ඇති හැකියාව සහ සමාජය පිළිබඳව දරණ ආකල්පයන්. මේ වගේ කරුණුවලටය.

මන්ත‍්‍රීවරයෙකුට ලොකු වැටුපක් ලැබෙනවාද?

සෑහීමකට පත්විය හැකි වැටුපක් ලැබෙනවා. හැබැයි දැන් මට ලැබෙන මන්ත‍්‍රී වැටුප කලින් ඊඩන්හෝප් ආරෝග්‍යශාලාවෙන් ලැබුණු වැටුපට වඩා අඩුයි. එ්ත් මම මන්ත‍්‍රීධුර අපේක්ෂකත්වය තෝරාගත්තේ දේශපාලනයට සහ සමාජ සේවයට තිබෙන කැමැත්ත නිසා.

දේශපාලනය කරන්න ඔබ මහජනතාවගෙන් හෝ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් එකතු කළාද?

නැහැ. මම ප‍්‍රසිද්ධියේ හා පොදුවේ කාගෙන්වත් මුදල් එකතු කළේ නැහැ. ප‍්‍රධාන වශයෙන් මා වියදම් කළේ මා සතු මුදල් සහ අපේ පවුලේ අය විසින් ලබා දුන් මුදල්. මා නියෝජනය කරන දේශපාලන පක්ෂයෙනුත් උදව් කළා. ඡන්ද ප‍්‍රචාරක කටයුතු සඳහා යොදා ගත්තේ මගේ වාහනය පමණයි. එ්කේ මගේ පක්ෂ ලකුණත් මගේ ෆොටෝ එකක් සහිත ලොකු ස්ටිකර් එකක් අලවාගත්තා. මගේ පවුලේ අයට හා මිත‍්‍රයන්ට (පාක්ෂිකයන්ට) මගේ ඡන්ද ලකුණ සහ පින්තූරය සහිත ටී-ෂර්ට් අඳින්න දුන්නා. රේඩියෝ එකේ සහ ටෙලිවිෂන් එකේ දැන්වීම් පළ කළා. මගේ ඉදිරි සැලැස්ම ගැන ලියැවුණු පත‍්‍රිකා ඡන්දදායකයන් අතර බෙදා හැරියා. ප‍්‍රදේශයේ පළ වන පත‍්‍රවලට ලිපි ලිව්වා. මා ජනතාව හමු වීමට එන තැන් සහ දිනයන් ප‍්‍රදේශයේ පත‍්‍රවල පළ කරලා එ් සඳහා ප‍්‍රදේශයේ පොදු ස්ථානවලට ගියා. මා සමඟ සාකච්ඡා කිරීමට කැමති අය එම ස්ථානවලට පැමිණියා. ප‍්‍රදේශයේ පොදු උත්සව සහ ජනතාව එකතු වන වැඩසටහන්වලට සක‍්‍රීය ලෙස සහභාගි වුණා. වැඩිපුර මුදල් වැය කරන්න සිද්ධවුණේ ප‍්‍රචාරක කටයුතු සඳහා තමයි. එ්ත් එ්ක මට දරා ගන්න පුළුවන් මට්ටමින් කළා.

අපේ රට කුඩා දූපතක්. ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රමාණයෙන් දාහෙන් පංගුවක් විතර. එ්ත් ලංකාවේ සිටින මුළු ජනගහණයයි ඕස්ටේ‍්‍රලියාවේ සිටින මුළු ජනගහණයට ආසන්න වශයෙන් සමානයි. එ් නිසා ඔබගේ ඡන්දදායකයන් සංඛ්‍යාව අඩු ඇති නේද?

මගේ ආසනය කිලෝ මීටර් හතලිස්දාහක් පමණ වෙනවා. ඡන්දදායකයන් සංඛ්‍යාවත් හතලිස්දහසක් පමණ. අති විශාල ප‍්‍රදේශයක් – සුළු ඡුන්දදායකයන් ප‍්‍රමාණයක්. එ් නිසා ඡන්ද කටයුතු සඳහා තැපෑල, රේඩියෝව, රූපවාහිනිය උපරිම යොදා ගැනීම කළ යුතුමයි. ඡුන්දදායකයන් හමුවීම සඳහා ගෙන් ගෙට යාමේ සිරිතක් ඕස්ටේ‍්‍රලියාවේ නැහැ.

අපේ රටේ වගේ මනාප ක‍්‍රමය සහ මනාප පොරය මෙහෙ තියෙනවාද?
(මම ඇයට අපේ රටේ තත්වය කලින් පැහැදිලි කර තිබුණි.)

නැහැ. ආසන මට්ටමින් ඡන්දය පවත්වන්නේ. එ් නිසා ඇමතිය යුත්තේ ආසනයේ ඡුන්දදායකයන් පමණයි. මනාප පොරයක් මෙහෙ නැහැ. පොරය තිබෙන්නේ ආසනයට ඡන්දය ඉල්ලන විවිධ අපේක්ෂකයන් අතර පමණයි. එ්වා වාග් සටන් පමණයි. ඡුන්දදායකයන් අතර දේශපාලන ගැටුම් ඇනකොටා ගැනීම් ඇති නොවෙන තරම්.

ඡන්දය පාවිච්චි නොකරන අයත් ඉන්නවාද?

නැහැ. ඕස්ටේ‍්‍රලියාවේ නීතියට අනුව සෑම ඡුන්දදායෙකුම අනිවාර්ය යෙන්ම ඡුන්දය පාවිච්චි කළ යුතුයි. එ් සඳහා ඔහු හෝ ඇය ඡන්දපොළට යා යුතුම නැහැ. තැපැල් ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඡන්ද පත‍්‍රිකාවේ ඡුන්දය ලකුණු කිරීම හෝ නොකිරීම ඡන්දදායකයාගේ අයිතිය.

ඔබ ළඟට රැකියා ඉල්ලාගෙන ඡන්දදායකයන් එනවාද?

රැකියා දීම ජනතා නියෝජිතයාගේ කාර්යය නොවෙයි. රජයේ රැකියා සුදුස්සාට ලබා දීම සඳහා විභාග ක‍්‍රමයක් සහ නීත්‍යානුකූල තෝරාගැනීමේ ක‍්‍රමයක් රාජ්‍ය යාන්ත‍්‍රණය තුළ සහ පෞද්ගලික අංශය තුළ තිබෙනවා. එ්කට බලපෑම් කරන්නට මන්ත‍්‍රීවරුන්ට අයිතියක් නැහැ. අපට පුළුවන් වන්නේ රැකියා උත්පාදනය සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්ති සැකසීම, සැලසුම් ඉදිරිපත් කිරීම සහ එ් සඳහා සම්පත් වෙන්කිරීම සඳහා පාර්ලිමේන්තුවේ හඬ නැඟීම සහ ඒ ක‍්‍රියාදාමයට සහභාගි වීම පමණි.

ඔබට ඔබගේ රාජකාරි කටයුතු සඳහා රජයෙන් වාහන සපයා දී තිබෙනවාද?

නැහැ. අපට නිල වාහන ලැබෙන්නේ නැහැ. නිල වාහනයක් ලැබෙන්නේ අගමැතිතුමාට සහ ඇමතිවරුන්ට පමණයි. අපට අඩු තරමින් රියදුරෙක්වත් ලැබෙන්නේ නැහැ. මම අද දරුවත් අරගෙන ඕෂම්වල ඉඳලා කිලෝ මීටර් 100 ගෙවාගෙන ඔබගේ සොහොයුරාගේ නිවසට ආවේ තනියම. මගේ වාහනේ පදවාගෙන.

ඔබගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක භටයන් සිටිනවාද?

නැහැ. සාමාන්‍ය තත්ත්වයක් යටතේ ආරක්ෂාව සඳහා ආරක්ෂක භටයෙක් ලැබෙන්නේ අගමැතිතුමාට පමණයි.

මොනවද ඔබ ප‍්‍රදේශයේ තිබෙන භෞතික ගැටලූ?

පොදුවේ ගත්තම ඕස්ටේ‍්‍රලියාව වියළි රටක්නේ. ඉතින් ජල හිඟය වික්ටෝරියාවෙ පිහිටි කිලෝ මීටර් 40,000ක් වන ලෝවන් ආසනයටත් බලපානවා. අක්කර දසදහස් ගණනින් සමන්විත වූ ගොවිපලවල්වලට ජලය ලබාගන්නේ වැසි ජලයෙන්. සෑම නිවසකම වහලයට වැටෙන ජලය එකතු කරගන්න විශාල ටැංකි තනලා තිබෙනවා. ඒ ජලය පිරිසිදු කරල බීමටත් ගන්නවා. කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය රැස් කරගන්නේ පොකුණු සහ භූගත ජලය ඉහලට ඇඳගැනීම මගින්. ගංඟාවලින් ජලය සහ ජලාශවලින් ජලය ප‍්‍රවාහනය කිරිමේදී කාණු පද්ධතිවලින් විශාල වශයෙන් ජලය වාෂ්පවන නිසා එ්වා නළ මගින් ගෙනියන්නට සිදුවෙනවා. එ් සඳහා දේශපාලන මැදිහත්වීම් අවශ්‍යයි.

කුඩා නගර අතර ප‍්‍රවාහන පහසුකම් ඇති කිරීම මාර්ග සංවර්ධනයට මුල් තැන දිය යුතුමයි. මෙහිදි වැදගත් වන්නේ මාර්ග නිසි අයුරින් පවත්වාගෙන යාමයි. එ් පිළිබඳව සොයා බලා නව පාරවල් ඉදිකිරීම පවතින පාරවල් නිසි ලෙස නඩත්තු කිරීම පිළිබඳව අධීක්ෂණය කිරීම දේශපාලඥයන්ගේ වගකීමක්. සත්ව ගොවිපොලවල් සහ කෘෂිකාර්මික වගා බිම් පවත්වාගෙන යන ගොවීන්ට අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහ ණය පහසුකම් පිළිබඳව අවශ්‍ය වැඩ පිළිවෙලවල් සකස් කිරීම තවත් කාර්යක්.

මාර්ග හෝ මහා මාර්ග කටයුතු කරනු ලබන කොන්ත‍්‍රාත්කරුවන් ඔබ සමඟ ඞීල් ගහන්න එන්නේ නැද්ද?

එහෙම දෙයක් අපේ රටේ නෑ. කටයුත්ත කරන්න සුදුසුම තැනැත්තා ටෙන්ඩර් ක‍්‍රමයට තෝරා ගැනීම රජයේ නිලධාරින්ගේ වැඩක්. එම කටයුතු නිසියාකාරව කරනාවාද කියා සොයා බලන එක තමයි දේශපාලනඥයාගේ කාර්යභාරය වෙන්නේ.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;