බල වියරුවෙන් වහසි බස් දෙඩවීම

මහාචාර්ය සරත් විජේසූරිය

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති වරණ ප‍්‍රකාශනයේ වචන මහ ගොඩකි. පිටු ද මහ ගොඩකි. දින තිහකින් පොරොන්දු ඉටු කිරීම පටන් ගන්නා බවය පවසා තිබෙන්නේ. දීර්ඝ කාලයක් රට පාලනය කළ පාලකයා අසුරු සැණින් වෙස්සන්තර කෙනෙකු වන බවටය පොරොන්දු දී තිබෙන්නේ. සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශනය වූ කලි සිහි විකල්ව හෝ උමතුවෙන් හෝ ලියන ලද්දකි. එය ඉවසිල්ලෙන් කියවන විට සන්ධානය බලකාමයෙන් අසරණ වී සිටින තරම පෙනේ. උත්ප‍්‍රාසය වන්නේ එය අනාගතයට සහතිකයක් ලෙසින් නම් කර තිබීමය. අනාගතයට සහතිකයක් දෙන්නේ අලූත් පිරිසක් ද? අපරාධ චෝදනා ගණනාවක් මත අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබුණ පුද්ගලයෙකු සුනාමි ව්‍යසනයයේ දී බන්ධනාගාරයෙන් පැන ගොස් පැවිදි වූ බවත්, මේ පැවිදි වෙස් ගත් අපරාධකාරයා බණ දහම් කියමින් සිටිමින්ම ස්තී‍්‍ර දූෂණයක යෙදී අවසන ඇගේ සැමියා ඝාතනය කළ බවට චෝදනා ලැබ යළි බන්ධානාගාර ගත වුණ බවත් ප‍්‍රකට පුවතකි. ඉන් කියවෙන දේ පැහැදිලිය. එ් කුමක් ද? අපරාධකරුවා පැවිදි වුව අපරාධකාරයා සිවුර ඇතුළේ ද නිරුපද්‍රිව වැඩ සිටින්නේය යන්න මිස වෙන කිසිවක් නොවේ.

මහින්ද සමඟින් සන්ධානය රටට පණ දෙන්නට හදන්නේ පොරොන්දු මලූ දිග හරිමිනි. හිතේ හැටියට බලය උරුම කර ගෙන සිටි කාලයේ කිරි පිටි පැකැට්ටුවක මිල ගැන හෝ සංවේදී නොවූ නායකයා, තරුණ තරුණියන්ට කසාද බඳින්නට ණය දෙන්නට ද පොරොන්දු වී ඇත. කසාද බඳින්නට ගාස්තුව රුපියල් පන්සීයේ සිට, පන්දාහට වැඩි කළේ ඔහු බව ඔහුටත් උපදේශකයන්ටත් අමතක වුණේ කෙසේ ද? රටේ අධ්‍යාපනය වෙනුවෙන් සියේට ‘හයක්’ වෙන් කරන ලෙස ඉල්ලා සිටි විට එ් ඉල්ලීම නොසලකා හැරීම නිසා විශ්වවිiාල ආචාර්යවරුන් දින සියයක් පාරේ සිටිය ද විශ්වවිiාල නැත්තටම නැති වුණත් කමක් නැත යන සාහසික මතයේ පිහිටි සංවේදී නායකයා, අධ්‍යාපනයට සියේට ‘හතක්’ වෙන් කරන බව පවසයි. සන්ධානයේ පොරොන්දු ලැයිස්තුවේ තිබෙන පොරොන්දු එකින් එක ගෙන බලන විට පැහැදිලි වන්නේ, ඉතිහාසයේ කිසිම මැතිවරණයක දී මේ අන්දමේ උමතු පොරොන්දු මවන මැතිවරණ ප‍්‍රකාශනයක් කිසිම පක්ෂයකින් ඉදිරිපත් කර නොමැති බවය. මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් නන්නත්තාරව සිටින පණ්ඩිතයන් පිරිසක් සාමාන්‍ය ජනතාව මුලා කර බලය කොල්ල කා ගන්නට අව සිහියෙන් ලියා තිබෙන මනස්ගාත විනා රට වැසියන්ගේ අභිවෘද්ධිය උදෙසා ඉදිරිපත් කර තිබෙන ප‍්‍රායෝගික යථාර්ථවාදී යෝජනා කිසිවක් සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ නැත. සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශනය වූ කලී මහින්ද රාජපක්ෂගේ අයහපත් ආණ්ඩුකරණයේ න්‍යායාචාර්ය වරුන්ගේ මුග්ධ අඬහැරයකි.

පාර්ලිමේන්තු මැතිවරණය අබිමුව මහින්ද රාජපක්ෂ පහළට රූටා තිබෙන අන්දම ශෝචනීය වේ. එක අතකින් හාස්‍ය ජනක වේ. මොන ක‍්‍රමයකින් හෝ බලය කොල්ලකෑමට රට දීර්ඝ කාලයක් පාලනය කළ පාලකයෙකු, මහජනයා සාමකාමී ලෙස ප‍්‍රතික්ෂේප කළ නායකයෙකු, හැරෙන තැපෑලෙන් පොරොන්දු මළු දිග හැරගෙන වහසි බස් ෙදාඩවන තැනකට පත්වීම දෛවයේ සරදමකි. එය සැබවින්ම බල උමතුවෙන් වහසි බස් දෙඩවීමකට වඩා බලය අහිමිවීමෙන් අසරණ වීමය විශද කරන්නේ.

එකට එක කිරීම

එක්සත් ජාතික පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ ප‍්‍රකාශන ඉදිරිපත් කරන්නේ රාජ්‍ය බලය ලැබුණ විට රට වෙනුවෙන් කරන දේ රටට පැවසීමටය. එය අවශ්‍ය දෙයක් පමණක් නොව වැදගත් දෙයකි. මන්ද, මහජනතාවට තම ඡුන්දය දෙන්නට කලින් තමන් බලයට පත් කරන ආණ්ඩුව ඉක්බිතිව කරන්නා වූ දේවල් දැන ගැනීමට අයිතියක් මෙන්ම උවමනාවක් ද ඇත.

සන්ධානය මැතිවරණ ප‍්‍රකාශනයක් ඉදිරිපත් කරන්නේ කුමට ද?
මහින්ද චින්තන එක, දෙක යනුවෙන් ඉදිරිපත් කළ වැඩ සටහන්වල වැඩ, අවසන් ද? පුරවැසියන් එ් ප‍්‍රශ්නය නැඟිය යුතුය. එ් ප‍්‍රශ්නය නැඟිය යුත්තේ මන් ද?

ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරන්නට රාජ්‍ය බලය සන්ධානයට ඇති තරම් තිබුණේය. එ් සඳහා ඇති තරම් කාලය තිබුණේය. එහෙත් එබැවින් සන්ධනායට අලූතින් කරන්නට කිසිවක් නැත. එක්සත් ජාතික පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන මැතිවරණ ප‍්‍රකාශන දෙක ඔස්සේ ඉතා හොඳින් සන්ධානයේ අයහපත් ආණ්ඩුකරණය හේතුවෙන් රටට අත්ව තිබෙන ඉරණම ගැන කියැවේ. එම මැතිවරණ ප‍්‍රකාශන දෙකම විදහා දක්වන්නේ රාජපක්ෂවරුන්ගේ දුර්දාන්ත පාලනයෙන් කඩා වැටී තිබෙන රට, සියලූ පුරවැසියන්ගේ සමාජ සංස්කෘතික ජීවිතය ගොඩනැඟීමේ අවශ්‍යතාවයි.

සන්ධානයට මෙවර සැබවින්ම ඉදිරිපත් කරන්නට තිබුණ වැඩ පිළිවෙළ කුමක් ද? එහි මතු දැක්වෙන කාරණා අන්තර්ගත වී නම් එ් මැතිවරණ ප‍්‍රකාශනය ඉතා වැදගත්ය.

01. මහජන වරමින් බලයට පත්වන මහජන නියෝජිතයෙකු කවරාකාර දූෂණයක හෝ යෙදුණේ නම්, අපරාදයක් කළේ නම්, වහාම ඔහුගේ මන්තී‍්‍ර පදවිය අහෝසි කරන්නෙමු. එය අතීතයට ද අදාළ වන පරිදි බලාත්මක කරන්නෙමු.

02. ආණ්ඩු බලය තිබුණ කාලයේ දූෂණයේ යෙදුණ, අපරාද කළ, අයථා ලෙස ධනය හරි හම්බ කළ, මහජන නියෝජිතයන් නොවන රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් පත් කර ගත් නිලධාරීන් සියලූ දෙනාට දඬුවම් කරන්නෙමු.

03. රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට, දරුවන්ට, නෑදෑ හිතමිතුරන්ට රාජ්‍ය බලය, රාජ්‍ය ධනය, රාජ්‍ය දේපළ, පරිහරණය කිරීමට කිසිම අවකාශයක් මතුවට ඉඩ නොතබන්නෙමු.

04. ආණ්ඩු බලය තිබුණ කාලයේ අතුරුදන් වුණ, ඝාතනය කෙරුණ, මාධ්‍යවේදීන්ට හා පුරවැසියන්ට යුක්තිය ඉටු කරන්නෙමු. එ් සියලූ දේවලට වගකිව යුතු පුද්ගලයන් අනාවරණය කරන්නෙමු. නීතිය කි‍්‍රයාත්මක කරන්නෙමු.

05. අධිකරණයට සිදු කළ අතපෙවීම් ඔස්සේ සාපරාධී ලෙස නීතිය අවභාවිත කිරීමෙන් සිදු කළ සියලූ වැරදි නිවැරදි කරන්නෙමු. හිටපු ජනාධිපතිවරයා යටතේ තිබෙන සියලූ ලිපි ගොනු පිටතට ගෙන එ්වාට අදාළව නිසියාකාරව නෛතික පියවර ගන්නෙමු.

06. ආණ්ඩු බලය තිබුණ කාලයේ සිටි සියලූ මැති ඇමතිවරුන් සිදු කර තිබෙන අයථා ගනු දෙනු විමර්ශනය කරමින්, ඔවුන් සතු නීත්‍යානුකූල හා නීත්‍යානුකූල නොවන සියලූ දේපළ සම්බන්ධ නිසි විගණනයක් සිදු කර සාවi අන්දමින් උපයා ගෙන තිබෙන සියල්ල රාජසන්තක කරන්නෙමු.

07. කිසිම මාධ්‍ය අයතනයකට සහ කිසිම මාධ්‍යවේදියෙකුට බලපෑම් නොකරන්නෙමු, නිදහස් මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් අවශ්‍ය නිදහස උපරිම වශයෙන් ලබා දෙන්නෙමු. තව ද, රට වැසියන් දැනුවත් කිරීමට අවශය නිදහසත්, තොරතුරු දැන ගැනීමට සියලූ පුරවැසියන්ට තිබිය යුතු නිදහසත් වෙනුවෙන් සියලූ කටයුතු විනිවිදභාවයෙන් ස්ථාපිත කිරීමට අවශ්‍ය ප‍්‍රතිඥා දෙන්නෙමු.

08. මතු කුඩු ව්‍යාපාරවලට, එතනෝල් ව්‍යාපාරවලට, ඍජුව හෝ වක‍්‍රව සම්බන්ධ දේශපාලනඥයන් හා නිලධාරීන් සියලූ දෙනාම මහජන අධිකරණයක් අභිමුවට පමුණුවන්නෙමු. මහජන නියෝජිතයෙකු ලෙස පත්ව සිටින කවරෙකු හෝ වේවා, මත් කුඩු, මත් පැන්, ඇතුළු සාපරාධී ව්‍යාපාර කරන්නේ ද, සූදු ව්‍යාපාරවලට වක‍්‍රාකාරව සම්බන්ධව සිටින්නේ ද, ස්තී‍්‍ර දූෂණ හා ළමා අපචාරවලට සම්බන්ධ ද, අනුබල දෙන්නේද යනුවෙන් චෝදනා එල්ල වුවහොත් එ්වා නීතියෙන් ඔප්පු වන තුරු අනිවාර්ය නිවාඩු යවමින්, මහජන නියෝජිතයෙකු ලෙස හිමිවන සියලූ වරප‍්‍රසාද අහිමි කරන්නේය.

09. ආණ්ඩු බලය තිබුණ කාලයේ මැති ඇමතිවරුන් හා රාජපක්ෂ පවුලේ සාමාජිකයන්, පිටරටවල තැන්පත් කර තිබෙන මුදල් ආපසු රටට ලබා දෙන්නෙමු. පිටරටවල තිබෙන ඔවුන් සතු දේපළ අයිතිය රජයට පවරා ගෙන එ් වත්කම් පොදු ජනතාවගේ අභිවෘද්ධියට අත් පත් කරදෙන්නෙමු.

10. අයථා ලෙස ගජ මිතුරන්ට හරි හම්බ කිරීමට නිර්මාණය කළ සංවර්ධන ව්‍යාපෘති විගණනය කරන්නෙමු. අයථා ලෙස උපයා ගෙන තිබෙන ධනය රජයට අත් කර ගන්නෙමු. සාවi හා නිසරු සංවර්ධන ව්‍යාපෘති යළි සිදු නොකරන්නෙමු. සෑම සංවර්ධන ව්‍යාපෘතියක්ම විනිවිදභාවයෙන් දියත් කරන්නෙමු. රටට ඔරොත්තු නොදෙන අන්දමට රට ලෝකයට ණය නොකරන්නෙමු.

11. ගාමිණී සෙනරත්, පී බී ජයසුන්දර, ගෝඨාභය රාජපක්ෂ, ප‍්‍රමුඛ රාජ්‍ය බලය අව භාවිත කළ නිලධාරීන් සතු ධනය හා දේපළ රාජ සන්තක කරන්නෙමු. එවැනි පුද්ගලයන් යළි මොනම අන්දමකින් හෝ රාජ්‍ය පාලනයට හවුල් කර නොගන්නෙමු.

12. ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය ගිණුම හා කාල්ටන් පෙර පාසල ඔස්සේ සිදු කර තිබෙන සියලූ අයථා ගනු දෙනු විගණනය කොට එ් ධනය රජයට ලබා ගන්නෙමු. සිදු කර තිබෙන වැරදිවලට නීත්‍යානුකූලව දඬුවම් දෙන්නෙමු. නාමල් රාජපක්ෂගේ නිල් බලකාය, තාරුණ්‍යයට හෙටක් යනාදි දේශපාලන ව්‍යාපෘතිවලට රාජ්‍ය ධනය හා දේපළ යොදා ගෙන තිබෙන අන්දම නිසි අන්දමින් විගණනය කොට එ් ධනය රජයට ලබා ගන්නෙමු. සිදු කර තිබෙන වැරදිවලට නීත්‍යානුකූලව දඬුවම් දෙන්නෙමු.

13. ජාතිවාදය ඇවිස්සීම, ජාතිවාදය වෙනුවෙන් අනුග‍්‍රහ දැක්වීම, යුද සැමරුම් ඔස්සේ සුළු ජාතිකයන් ත‍්‍රස්ත කිරීම, යනාදී සියලූ සාපරාධී කටයුතු යළි සිදු කිරීමට කිසිම අවකාශයක් ඇති නොකරන බවට රට වැසියන්ට ප‍්‍රතිඥා දෙන්නෙමු. සුළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන්නෙමු.

14. රාජ්‍ය සේවය, රාජ්‍ය නිලධාරීන්, පොලිසිය, සමෘද්ධි නිලධාරීන් දේශපාලන ව්‍යාපෘතිවලට ඍජුව හෝ වක‍්‍රව මතු කිසිම අවස්ථාවක යොදු නොගන්නෙමු. අමාතා්‍යාංශ පාලනයට පිටස්තරයන් බඳවා නොගන්නෙමු. සිවිල් සේවය බල සම්පන්න කරන්නෙමු. තානාපති සේවය විදේශ සේවයේ පුහුණුව ලත් සුදුසු නිලධාරීන්ගෙන් පමණක් ගොඩ නඟන්නෙමු.

15. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා, මහින්ද රාජපක්ෂ හෙල්පින් හම්බන්තොට කුප‍්‍රකට ගනු දෙනුවෙන් නිදහස් කිරීම හා සම්බන්ධ වරදට ජාතියෙන් සමාව ඉල්ලීම මුල් කරගෙන එ් ගැන නිසි විමර්ශනයකට ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කරන්නෙමු. ඔහු විසින් අග විනිසුරු ලෙස දී තිබෙන නඩු තීන්දු යළි සමාලෝචනය කරන්නෙමු. අග විනිසුරු පදවිය දරමින් ඔහු රාජකාරි කළ ආකාරය සම්බන්ධ කරුණු විමර්ශනය කර බලා, ඔහු එ් පදවිය සතු බලය සාපරාධී අන්දමට උල්ලංඝනය කර ඇත්නම්, ඔහුට නිසියාකාරව නීත්‍යානුකූල පියවර ගන්නෙමු, නැතහොත් ඔහුගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්නෙමු.

සන්ධානයට අලූත් ගමනක් යන්නට අඩුම ගණනේ මේ කාරණා පහළොව හෝ තම මැතිවරණ ප‍්‍රකාශනයේ ඇතුළත් කරමින් ජනතාව ඉදිරියට පැමිණිය යුතුව තිබුණි. එලෙසින් පැමිණියේ නම්, රාජ්‍ය බලය යළි උරුම කර දීම සම්බන්ධව ජනතාවට යම් තීන්දුවක් ගන්නට හැකියාවක් ඇත. අප‍්‍රමාණ හොරකම් කළ පුද්ගලයන් හා අපරාදකරුවන් වෙනුවෙන් නීතිය කි‍්‍රයාත්මක කිරීමට එරෙහිව කටයුතු කරමින් ද? ඔවුන්ට යළි දේශපාලන බලය අත් පත් කර ගැනීමට අවශ්‍ය පසුබිම සලසා දෙමින් ද, සන්ධානය අලූත් ගමනක් යන්නට වෙර දරන්නේ කෙලෙස ද? එ්ඞ්ස් රෝගියෙකු වටිනා වස්ත‍්‍රයෙන් සැරසුණ පමණින් ඔහු හෝ ඇය නිරෝගී කෙනෙකු වන්නේ ද?

සන්ධානය යළි බලය ඉල්ලන්නේ සාපරාධී ලෙස රාජ්‍ය බලය පරිහරණය කළ අශිෂ්ට පුද්ගලයන් හතර දෙනෙකු හැර අන් සියල්ලන්ම සමඟිනි. හතර දෙනෙකුට නාම යෝජනා ලබාදීම ද අපංභ‍්‍රසයකි. සරණ ගුණවර්ධන වෙනුවට ඔහුගේ බිරිඳට නාම යෝජනා ලබා දී ඇත. මර්වින් සිල්වාට නාම යෝජනා ලබා නොදී තිබෙන්නේ ඔහු සමඟ රාජපක්ෂවරුන්ගේ පෞද්ගලික වෛරය නිසා බව පැහැදිලිය. ඔහුව කලකට පෙර ආරක්ෂා කළේ මන් ද? සචින් වාස් සහ බැසිල් රාජපක්ෂ චෝදනාවලට වැරදි කරුවන් ලෙස ඔප්පු වී තිබෙන්නේ ද? තවම නැත. චෝදනා තිබුණ පමණින් වැරදිකරුවන් ලෙස සැලකිය නොහැකි බවට කට මැත ෙදාඩවන සුසිල් ප්‍රේම් ජයන්ත මේ දෙදෙනා ගැන පවසන්නේ මොනවා ද? මීනී මැරීමක් සම්බන්ධව බන්ධනාගාරගතව සිටින හිටපු කුප‍්‍රකට මහජන නියෝජිතයෙකුට බන්ධානා ගාරයටම ගොස් අත්සන ලබා ගෙන නාම යෝජනා ලබා දීම කොතරම් නින්දිත පහත් කි‍්‍රයාවක් ද? මීනීමරුවන් සහ සොරුන් නොමැතිව අලූත් ගමනක් නැති බව නොවේද හැම දේකින්ම පෙන්වන්නේ?

සන්ධානය යළි බලය ඉල්ලන්නේ රාජපක්ෂ පවුල සහ ගජ මිතුරන් සමඟ එක පොදියටමය. නීතිය අබිමුව ලෙඩවන තක්කඩින් සමඟය. සන්ධානය යළි බලය ඉල්ලන්නේ සොරුන් සහ අපරාධකරුවන් ආරක්ෂා කළ බවට ප‍්‍රසිද්ධියේ පැවසූ මහින්ද රාජපක්ෂ අගමැති කරවීමේ සිහිනයක් දකිමිනි. මේ හීනය හීනයක් ලෙසින්ම අවසන් විය යුතු නොවේ ද?

රාජපක්ෂ ආණ්ඩුව යනු රජ කෙනකු සේ හැසිරුණ වියරු පාලකයෙකුගේ සහ වහලූන් පිරිසකගේ ආණ්ඩුවකි. එ් ආණ්ඩුව සැබවින්ම රට මරණයට පත් කළ ආණ්ඩුවයි. ඔවුන් පවසන්නේ මහින්ද සමඟ යළි රටට පණ දෙන බවයි. මැරුණ පනුවෙකුටවත් යළි පණ දිය නොහැකිය.

සන්ධානය මුළින් පැවසුවේ තමන් නැවත බලය ඉල්ලන්නේ ‘නතර කළ තැනින් පටන් ගැනීම’ සඳහා බවයි. නතර කළ තැන කුමක් ද? ඉහතින් සඳහන් කළ කරුණු කිහිපය ඔස්සේ විදහා දැක්වෙන්නේ නතර කළ තැනයි. එ් බව පැහැදිලිය. බලය අහිමිව වියරු වැටුණ පිරිසක්, අපරාධ දූෂණ චෝදනාවලට නීතියේ රැුහැනට නිසැකවම හසු වෙන බවට චෝදනා ලබන පිරිසක් නීතියෙන් ගැළවෙන්නට බලය පළිහක් කර ගැනීම උදෙසා අන්තිම සටනට එළඹ සිටින බව නීති ගරුක පුරවැසියන්ට නොරහසකි.

රටට පණ දීම

මහින්ද රාජපක්ෂ පැරදුණ පසු සටන් පාඨයක් සමාජ ගත කළේය. ‘මහින්ද සමඟ නැගිටිමු’ එ් සටන් පාඨයයි.ඉක්බිතිව ‘නතර කළ තැනින් පටන් ගැනීම’ යනුවෙන් සටන් පාඨයක් සමාජ ගත කළේය.

අද එ් සටන් පාඨය ද නැත. අද වන විට ‘මහින්ද චින්තනය’ ද නැත. අද ඉදිරිපත් කර තිබෙන්නේ ‘රටට පණ දෙමු’ යන සටන් පාඨයයි. රටට පණ දෙන්නට වෙර දරන්නේ කෙසේ ද? අනාගතයට සහතිකයක් දෙන බවට ප‍්‍රතිඥා දෙන්නට මහින්ද රාජපක්ෂට හෝ ඔහු යටතේ වහලූන් ලෙස ජීවත් වුණ කටයුතු කළ කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් තිබේ ද?

අගෝස්තු 03 වැනිදා විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේ දී ගිහි පැවිදි සංවිධාන හැට එකක් සමඟ මහින්ද රාජපක්ෂ මහතා ජාතික සම්මුතියකට එළැඹුණ බව වාර්තා වේ. මේ සම්මුතිය යනු එකට එක කිරීමේ තවත් එක් පියවරකි. එ් සංවිධාන බහුතරයක් නාම පුවරුවලට සීමා වුණ සංවිධාන පමණක් බව පැහැදිලිය. ඇතැම් සංවිධාන සුළු ජාතීන්ට එරෙහි අවිනීත න්‍යාය පත‍්‍ර යටතේ බිහිවුණ සංවිධානය. මේ සංවිධාන බොහොමයක ප‍්‍රධාන චරිත මහින්ද රාජපක්ෂගෙන් අපමණ වරප‍්‍රසාද ලබා ගත් පුද්ගලයන්ය. භයානකම කාරණාව වන්නේ, සමහර සංවිධාන මේ රටේ ජාතික සංහිඳියාවට සහ ආගමික සංහිඳියාවට එරෙහිව ගොඩ නැඟුණ සංවිධාන ලෙස ප‍්‍රකට එ්වා වීමය. එ් සංවිධාන ලැයිස්තුව කියවන විට, එ් සංවිධානවල ගති සොබාව හා හැසිරීම අවබෝධ කර ගත හැකිය. සමහර සංවිධාන එළඹෙන මැතිවරණ මුල් කරගෙන ‘කඬේ යන්නට අටවා ගත්’ සංවිධානය. බොහෝ සිංහල බෞද්ධ ජාතිවාදී සංවිධාන ඔස්සේ සැබවින්ම බුදු දහමේ සියලූ ඉගැන්වීම් විකෘත කරමින් කටයුතු කළ බව විචාරශීලී පුරවැසියන්ට වටහා ගැනීම අපහසු නැත. සමහර සංවිධානවල නම් ඇසීමෙන් පවා කෙනෙකු තුළ උපදවන්නේ ජාතික වෛරය මොළවන අන්දමේ හැඟීමකි. මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ කණ්ඩායම දේශපාලනයේ පසුතලය බවට පත් කරගෙන තිබෙන්නේ පන්සලයි. සැබවින්ම බුදු දහම නොවන බව මෙහිදී පැහැදිලිව වටහා ගත යුතුය. බුදු දහම වෛරය ක්‍රෝධය බැහැර කළ දහමකි. සමානාත්මතාව බුදු දහමේ වටිනා ඉගැන්වීමකි. මහින්ද රාජපක්ෂ සමඟ සම්මුතියකට එන්නේ බෞද්ධ වර්ණයෙන් සැරසුණ සංවිධාන වීම ඛේදයකි.

පැවිදි හඬ සංවිධානය, රුහුණු රට භික්ෂු පෙරමුණ, රාවණ බලය, දේශහිතෛශී ජාතික ව්‍යාපාරය, දේශප්‍රේමී භික්ෂු පෙරමුණ, හෙළ බොදු උරුමය, ජාතික බලය සංවිධානය, අපේ මව්බිම ජාතික ව්‍යාපාරය, සිංහල රාවය, දේශප්‍රේමී රට විරුවෝ, සිංහල නාදය, දෙස රැුස සංවිධානය, තුන්හෙළ ජාතික ව්‍යාපාරය, ජයතු ලංකා, ජාතික බලය, මානෙල් මල් ව්‍යාපාරය, අපට රටක් සංවිධානය, ධර්මපාල පරපුර, රකිමු ශී‍්‍ර ලංකා සංවිධානය, ජයග‍්‍රහණය මහනුවර, යනාදි වශයෙන් සංවිධාන හතළිස් හතරක් හා විදේශ ගත ශී‍්‍ර ලංකිකයන්ගේ ජාතික සංවිධානට අයත් දාහතක් මේ සම්මුතියට එකතුව සිටින බවය වාර්තා වෙන්නේ. මේ සංවිධාන ගැන නීති ගරුක පුරවැසියන්ට අවබෝධයක් ඇත. මේ සංවිධානවල න්‍යාය පත‍්‍ර ද පැහැදිලිය. කවරෙකුට වුව නිසි අවබෝධයක් සැණෙකින් ලබා ගැනීමට ද අසීරුතාවක් නැත. හදිසියේ පිහිටුවා ගත් සංවිධාන කිහිපයම ජාතිවාදී හැඟීම් පතුරුවා ල’මට බව පැහැදිලිය. එ් සංවිධානවල ඉදිරි පරමාර්ථ ද පැහැදිලිය. මේ සියලූ සංවිධාන අවසාන වශයෙන් පෝෂණය කරන්නේ ජාතිවාදයයි. මේ සංවිධාන ජාතිය එක් සේසත් කිරීමේ අරමුණකින් කටයුතු නොකරන බව පැහැදිලිය. රටට පණ දෙන්නට හදන්නේ මේ මාවතෙන් නම්, එ් වූ කලී යළි ලේ වැඟීරීම් වෙනුවෙන් මං පෙත් පෑදීමය.
මහින්ද අගමැති කරන්නේ පණ තියෙන අගමැතිවරයෙකු පාර්ලිමේන්තුවට අවශ්‍ය නිසා බවය හිටපු ඇමතිවරයෙකු පවසා තිබුණේ. පණ තියෙන අගමැතිවරයෙකු ලෙසින් සලකන්නේ චණ්ඩියෙක් ද?

නායකයෙකුට අවශ්‍ය වන්නේ බාහිර ප‍්‍රතිරූපයක් නොවේ. නායකයෙකුට අවශ්‍ය වන්නේ දූර දර්ශී දැක්මකි. නායකයා අතින් පයින් වැඩ කරන්නෙකු නොව, මොළෙන් වැඩ කරන්නෙකි.

මහින්ද රාජපක්ෂ බලය අහිමි වූ දා පටන් පන්සල්වලට ගිහින් පවත්වන ලද කතා, ප‍්‍රසිද්ධ රැුස්වීම්වල පවත්වන ලද කතා, එකින් එක විග‍්‍රහ කර බලන විට ඔහු දූර දර්ශී දැක්මක් නැති නායකයෙකු බව හොඳින් විශද වේ. ඔහු මොනවා කතා කළත් ඔහු ඇතුළෙන් මතුවෙන්නේ දරුණුම ජාතිවාදයයි. ජාතිවාදය ඔස්සේ රටට යළි මොන පණක් ද? රටේ මරණය සිදු වුණේ ජාතිවාදය නිසාය. සැබවින්ම ජනවාරි අට වෙනිදා රටේ බහුතර ඡන්දයෙන් ලද ජයග‍්‍රහණය ඔස්සේ තහවුරු වුණේ ජාතිවාදයට බහුතර ජනතාවගේ අකමැත්තය, පිළිකුළය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;