ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය හා අනාගතය

නීතීඥ යූ.ජී.ඞී. ආරියතිලක, දකුණු පළාත් අමාත්‍ය

2015.08.02 වන දින රාවය පුවත්පතෙහි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදය පිළිබඳව වික්ටර් අයිවන් මහතා විසින් සපයන ලද ලිපිය කියවීමෙන් අනතුරුව ඒ පිළිබඳව මාගේ අදහස් යොමු කිරීමට සිත් දුනි.

අද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන පාර්ශ්වකරු වන එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ උද්ගතව ඇති අර්බුදය 2015 ජනවාරි 8ට ප‍්‍රථම දශක කිහිපයක් පුරා ඔඩුදුවමින් පැවති තත්ත්වයක් පුපුරායෑමක් ලෙස මම දකිමි. මෙම තත්ත්වයට ශ‍්‍රීලනිපයේ ස්වරූපය, ජාතික හා ජාත්‍යන්තර තලයේ ඇතිවූ හා ඇතිවෙමින් පවතින වෙනස්කම් ද බලපාන ලද බව මාගේ විශ්වාසය වේ. කලක් තිස්සේ මෝදුවෙමින් පැවති අර්බුදකාරී තත්ත්වය මතුපිට තලයේ විද්‍යමාන නොවීමට එකම හේතුව ලෙස මා දකින්නේ 1994 සිට 2015 ජනවාරි 8 දක්වාම කුමන ආකාරයකින් හෝ බලය පවත්වාගෙන යෑමට ශ‍්‍රීලනිපය සමත්වීමය.

ශ‍්‍රීලනිපය පක්ෂයකට වඩා පෙරමුණක ස්වරූපය දරයි. ශ‍්‍රීලනිපයට නිශ්චිත පන්ති පදනමක් නොමැත. උදාහරණයක් ලෙස කිසියම් කර්මාන්තශාලාවක හිමිකරුවකුට මෙන්ම ඔහු යටතේ සේවය කරමින් වැටුප් ලබන කම්කරුවකුටද ශ‍්‍රීලනිප සාමාජිකත්වය දැරිය හැක. සියලූ ජන කොටස්වලට ජාති, ආගම් කුලමල භේද හෝ පන්ති භේදවලින් තොරව සමාන අයිතිවාසිකම් උරුම විය යුතු බව විශ්වාස කරන අය මෙන්ම අප රටෙහි සැබෑ උරුමකරුවන් වනුයේ සිංහල බෞද්ධයන් පමණක් බව විශ්වාස කරන අයද අප පක්ෂය තුළ සිටිති. අප රටෙහි ජනතාව මුහුණදෙන ආර්ථික ගැටලූවලට විසඳුම් සෙවිය හැකි වනුයේ පෞද්ගලික ආයෝජන, නිදහස් වෙළෙඳ කලාප හා පෞද්ගලික අංශය මත යැපෙන ආර්ථික ප‍්‍රතිපත්තියක් තුළින් පමණක්යැයි විශ්වාස කරන අය මෙන්ම එවැනි ප‍්‍රතිපත්තියක් රටේ නිදහසට හා ස්වාධීනත්වයට අහිතකර බවත් එවැනි ආර්ථික ක‍්‍රමවේදයන් අනුගමනය කිරීමේ අවසාන ප‍්‍රතිඵලය වනුයේ බරපතළ ශ‍්‍රමය සුරාකෑමකට ඉඩලැබීම හා මිනිසුන් යන්ත‍්‍රසුත‍්‍ර බවට පත්වීමක් බවත් විශ්වාස කරන අයද පක්ෂය තුළ සිටී. ආරම්භයේදීම ප‍්‍රකාශිත ආකාරයට පක්ෂ පදනම් වූයේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන බලවේගය. 1948දී ලැබුණු නිදහසේ ප‍්‍රතිඵල අතිමහත් බහුතරය වූ සාමාන්‍ය ජනතාව අතරට කාන්දුවන බවක් නොපෙනුණු තත්ත්වයක් තුළ එම ආකාරයට පක්ෂය ගොඩනැගීමේ යම් සාධාරණත්වයක්ද දැකිය හැක. සඟ යන්නෙන් අදහස් කරන්නේ සියලූම ආගමික නායකයන්ද, වෙද යන්නෙන් සියලූ ජාතීන්ට අයත් වෛද්‍යවරුන්ද, ගුරු යන්නෙන් සියලූ ජාතීන්ට අයත් ගුරුවරුන්ද, ගොවි යන්නෙන් සියලූ ජාතීන්ට අයත් ගොවීන්ද, කම්කරු යන්නෙන් අදහස්වන්නේ සියලූ ජාතීන්ට අයත් කම්කරුවන්ද ලෙස අර්ථ ගැන්වීමට පක්ෂය ආරම්භයේ සිටම අපොහොසත් වූ බවද ඉතිහාසය විශ්ලේෂණය කිරීමේදී පෙනීයා යුතුය. එම තත්ත්වය ජාතියේ ගමන්මගට බරපතළ හානි ගෙනදෙන ආකාරයට බලපෑම් ඇති කළ බව ඓතිහාසික අත්දැකීම්වලින් සනාථ වේ. මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ පවා ශ‍්‍රීලනිපය සියලූ ජනකොටස් තමන් වෙත ආකර්ෂණය කරගැනීමට සමත් ඉදිරි දර්ශනයකින් කටයුතු කිරීමට ඕනෑකමක් නොපෙන්වන බව නිදහස් සන්ධාන වේදිකාවෙන් හා පක්ෂ නායකයන් වරින් වර මාධ්‍ය සාකච්ඡුා තුළින් කරනු ලබන ප‍්‍රකාශනවලින් පැහැදිලි වේ. මෙම මැතිවරණයෙන් පසුව ශ‍්‍රීලනිපය මෙයටත් වඩා ගැඹුරු අර්බුදයකට මුහුණදෙනු ඇත. පක්ෂය අතීතයේදී මෙන්ම අද දවසේත් සියලූ ජන කොටස්වලට සමාන අයිතිවාසිකම් හා ආරක්ෂාව සැලසීම වෙනුවෙන් පෙනී නොසිටීම නිසා එක්සත් ජාතික පක්ෂයට සුළු ජාතිකයන්ගේ හා බෞද්ධ නොවන පුරවැසියන්ගේ ආරක්ෂකයා ලෙස පහසුවෙන් පෙනී සිටිය හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත. එය මෙම මැතිවරණයේදී ඉතා අහිතකර ලෙස අප පක්ෂයට බලපානු ඇත.

දශක කිහිපයක සිට ජාත්‍යන්තර තලයේ ඇතිවූ වෙනස්කම්ද පක්ෂයේ අර්බුදයට බලපෑවේය. පක්ෂය බිහිවූ කාලවකවානුව තුළ එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ වූ ජාත්‍යන්තර බලකඳවුරු දෙකක්, එනම් සෝවියට් රුසියාව ප‍්‍රමුඛ සමාජවාදී දේපළ ක‍්‍රමයක් සහිත කඳවුර හා ඇමරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ ධනේශ්වර දේපළ ක‍්‍රමය මත පදනම් වූ බල කඳවුර ක‍්‍රියාත්මක විය. ඒ නිසාම දෙවන ලෝක යුද්ධයෙන් පසුව නිදහස ලබාගත් හා අලූතින් බිහිවූ බොහෝ රාජ්‍යවලට කිසියම් ආකාරයක ස්වාධී නත්වයකින් කටයුතු කිරීමේ අවකාශය පැවතුණි. ඉන්දියාවේ නේරු, මිසරයේ නසාර්, යුගෝස්ලෝවියාවේ ටිටෝ වැනි අයට ප‍්‍රගතිශීලි පියවර ලෙස පෙනීගිය ආර්ථික ප‍්‍රතිපත්තීන් ක‍්‍රියාත්මක කිරීමට ඒ නිසාම අවකාශයක් ලැබුණි.

ශ‍්‍රීලනිප ආණ්ඩු මගින් චීනය රුසියාව වැනි රටවල සහාය ඇතිව විවිධ කර්මාන්තශාලා ආරම්භ කිරීමටත් විවිධ සමාගම් රජයට පවරාගෙන (උදාහරණ: ෂෙල් සමාගම ජනසතු කිරීම, 1973 ඉඩම් ප‍්‍රතිසංස්කරණ පනත තුළින් රන්පවුම් වතු සමාගම රජයට පවරා ගැනීම) ආර්ථික ප‍්‍රතිසංස්කරණ ඇති කිරීමටත් පිටුබලය ලැබුණේ ජාත්‍යන්තරය තුළ ක‍්‍රියාත්මක වූ බල කඳවුරු සමඟ කේවල් කිරීමේ හැකියාවක් පැවතුණු බැවිනි. දැන් ජත්‍යන්තරය තුළ එවැනි දේශපාලන බල කඳවුරු බෙදීමක් දක්නට නැත. චීනයට රුසියාව හෝ සමාජවාදීයැයි සැලකුණ කිසිම රටක එවන් සමාජවාදී දේපළ ක‍්‍රමයක් දක්නට නැත. එම නිසාම අතීතයේදී ක‍්‍රියා කළ ආකාරයට ජාත්‍යන්තරය තුළ හෝ දේශීය තලය තුළ ක‍්‍රියාත්මකවීමේ හැකියාවක් පක්ෂයට නැත.

පක්ෂයේ වත්මන් අර්බුදයට 1977 පසුව දේශීය තලයේ ඇතිවූ වෙනස්කම්ද බලපාන ලදි. 1977 බලයට පත් එක්සත් ජාතික පක්ෂ රජය විවෘත ආර්ථික ක‍්‍රමය අප රට තුළ ක‍්‍රියාත්මක කිරීමත් සමඟ දේශීය ආර්ථිකයේ හැඩගැස්ම බරපතළ වෙනසකට භාජනය විය. විවෘත ආර්ථික ක‍්‍රමය අපේ පුරවැසියන්ගේ චින්තනයටද මහා බලපෑමක් ඇතිකරන ලදි. එක්සත් ජාතික පක්ෂය අප රට තුළ ක‍්‍රියාත්මක කළේ දියුණු ධනපති රටවල ක‍්‍රියාත්මක කරන ආකාරයේ විවෘත ආර්ථික ක‍්‍රමයක් නොවන බව පැහැදිලිව සඳහන් කළ යුතු වේ. දියුණු ධනපති රටවල විවෘත ආර්ථික ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කරන අතරම පුරවැසියාට තොරතුරු දැනගැනීමේ අයිතිය, සියලූ පුරවැසියන්ට සමානව නීතිය ක‍්‍රියාත්මකවීම, සියලූ රාජ්‍ය ගනුදෙනු ඉහළම විනිවිදභාවයකින් යුතුව ක‍්‍රියාත්මක වීම යනාදී ක‍්‍රමවේදයන් තුළින් ¥ෂිත හා සමාජ විරෝධී කටයුතුවලට ඇති ඉඩකඩ අවම වන ආකාරයට නීතියේ ආධිපත්‍යය තහවුරු කර ඇත. ජයවර්ධන රජය විවෘත ආර්ථික ක‍්‍රමය හඳුන්වා දීමත් සමඟ අවශ්‍ය ප‍්‍රමාණයට ආයෝජනය සිදු නොවීම නිසා ආර්ථිකය එකතැන පල්වීම මඟහැරුණු අතර නවීන තාක්ෂණය රට තුළට ගලා ඒමද ඉක්මන් කළ බව සත්‍යයකි. එහෙත් අවුරුදු 17ක එක්සත් ජාතික පක්ෂ පාලන කාලය තුළ රාජ්‍යතන්ත‍්‍රය බරපතළ ලෙස ¥ෂණය වීමක් විවිධ සමාජ විරෝධී ජාවාරම් තුළින් මුදල් උපයාගත් පිරිස් දේශීය ආර්ථිකය තුළ බලගතු පන්තියක් ලෙස ඉස්මතුවීම ආදී විනාශකාරී ප‍්‍රතිඵලද රටට අත්පත් කර දුන් බව සත්‍යයකි. ජාතියේම අවසනාවට අද අප රටේ ආර්ථිකය තුළ හා දේශපාලනය තුළ බලගතුම පන්තිය ලෙස ඉස්මතුව ඇත්තේ ඉහත ආකාරයට ධනය උපයාගත් අය වන බව සඳහන් කළ යුතුම වේ.

අද පක්ෂය තුළ තවදුරටත් සැබෑ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන බලවේගවලට හඬක් නොමැති තත්ත්වයක් දක්නට ඇත. විවෘත ආර්ථික ක‍්‍රමය අප රට තුළ ක‍්‍රියාත්මක වන ආකාරය අනුව ස්ථාපිත වූ විනාශකාරී චින්තනයෙන් පොහොසත් වූ පිරිස් පක්ෂයේ ආධිපත්‍යය දරන බව පෙනේ. 1994 බලයට පත්වීමට පෙර ඉතා යහපත් උවමනාවන් වෙනුවෙන් පෙනී සිටි අපේ නායකයෝ අද දේශපාලනිකව පිරිහුණු මිනිසුන් බවටත් අන්ත දූෂිතයන් බවට පත්ව සිටිති. පක්ෂයේ අවාසනාවට මෙම පිරිහීම බිම් මට්ටම දක්වාම ස්ථාපිතව තිබේ. අවුරුදු 20 තුළ ලබාගත් විවිධ වරදානයන්ට ලොල් වූ පක්ෂයේ සමහර ක‍්‍රියාකාරිකයන් එම තත්ත්වයම තවදුරටත් පවත්වාගෙන යාම සඳහා කෙසේ හෝ බලය ලබාගැනීම එකම අභිප‍්‍රාය කරගත් පිරිසක් බවට පත්ව සිටිති. තමන්ට රටේ ඉදිරි ගමන හෝ ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කරගැනීමට අදාළ වූ කිසිදු දර්ශනයක් හෝ දැක්මක් නොමැති බව ඔවුහු ප‍්‍රදර්ශනය කරමින් සිටිති. අවම වශයෙන් තම පක්ෂය හා පක්ෂයට සැබැවින්ම ආදරය කරන අහිංසක පාක්ෂිකයන් මහා විනාශයක් කරාගෙන යමින් සිටින බව ඔවුන් වටහාගෙන නැති බව පෙනේ. එසේ නැතිනම් ඒ බව වැටහුණද තම පෞද්ගලික අභිලාෂයන් පක්ෂය හෝ පාක්ෂිකයාට වඩා වැදගත් සේ සලකන බව පෙනේ.

2015 ජනාධිපති වරණයේ ලත් පරාජය හා ශ‍්‍රීලනිපය හා එක නිදහස් සන්ධානය අද මුහුණ දෙන අර්බුදය තේරුම් ගත හැක්කේ ඉහත ආකාරයේ විග‍්‍රහයක් තුළින් පමණකි. එම පරාජය එක් අතකින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බුද්ධිමත් වූයේ නම් ස්වර්ණමය අවකාශයක් ලෙස ප‍්‍රයෝජනයට ගත හැකිව තිබුණි. ජනාධිපතිවරණයේදී අපගේ සටන්පාඨ වූ ඒකීය රාජ්‍යය ආරක්ෂාකර ගැනීම අප‍්‍රමාණ වූ සංවර්ධන ව්‍යාපෘති, බලගතු විදේශීය රටවල කුමන්ත‍්‍රණකාරී ක‍්‍රියා, මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ප‍්‍රමුඛ කණ්ඩායම විදේශීය බලවේගයන්ගේ හා දෙමළ ඩයස්පෝරාවේ ඒජන්තයන් වීම ආදී සියලූ කරුණු ඡුන්දදායක බහුතරය විසින් ප‍්‍රතික්ෂේප කළ බව පිළිගැනීමට පක්ෂය අපොහොසත්ව ඇත. නැවතත් මෙම මැතිවරණ ව්‍යාපාරයේදීද එම සටන්පාඨ ඉදිරිපත් කිරීමට තරම් පක්ෂ නායකයෝ බංකොළොත්ව සිටිති. මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ප‍්‍රමුඛ කණ්ඩායම ඉදිරිපත් කළ නීතියේ ආධිපත්‍යය, දූෂණ විරෝධය, භීෂණය පරාජය කිරීම, සුළු ජන අයිතිවාසිකම් තහවුරු කිරීම වැනි දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටන් පාඨ වටා බහුතරයක් ඒකරාශි වූ බව පිළිගෙන ඒ අනුව පක්ෂයේ ප‍්‍රතිපත්ති හා ක‍්‍රියාමාර්ග නිවැරදි කරගැනීමටත්, පක්ෂය ප‍්‍රතිසංවිධානය කිරීමටත් නාමමාත‍්‍රික හෝ උවමනාවක් පක්ෂයට නොමැති බව මෙම මැතිවරණයට නාමයෝජනා ලබාදීමේ සිට අද දක්වා පක්ෂය ගෙනයන ක‍්‍රියාමාර්ග තුළින් ජනතාව ඉදිරියේ පෙන්නුම් කරමින් සිටී. මෙය පක්ෂයේ අනාගතය හා පැවැත්ම පැත්තෙන් ගත් කල භයානක පෙරනිමිත්තකි.

අවම වශයෙන් පක්ෂයේ පැවැත්ම උදෙසා බුද්ධිමත් තීරණ ගැනීමේ හැකියාවක්වත් පක්ෂ නායකත්වයට නොමැති බව රට ඉදිරියේ පෙන්නුම් කරමින් සිටී.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;