නිහඬතාව සැහැසියි | තිිලිණා වීරසිංහ

තරංගනී රෙසිකා

නාඳුනන ගැහැනිය, පිටුවහල් කළ තරුණිය, ආදරණීය දෙවියන් වහන්සේ සහ අන්ධකාර රාත‍්‍රිය, මධු සමය අහිමි මංගල්‍යය, සමනල මරණය යන කෙටිකතා හා නවකතා කෘතිවල කර්තෘ තිලිණා වීරසිංහ නිදහස් පුවත්පත් කලාවේදිනියක්. එමෙන්ම ස්ත‍්‍රිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටින්නියක්. සිය කෘති සැලකිය යුතු තරමින් සමාජයේ සංවාදයට ලක්නොවුණාය කියන චෝදනාව ඈ මේ සංවාදයේදී කරන්නේ ඒ නිහඬතාව හරහා සමාජයද ප‍්‍රශ්න කරමින්.

ඔබේ ‘නාඳුනන ගැහැනිය’ පළවෙන්නේ 1996 දී. එදා සමාජය කොහොමද ඇයව හඳුනාගන්නට උත්සාහ කළේ ?

නාඳුනන ගැහැනිය පළවෙන්නේ මම රාවය පුවත්පතේ දේශපාලන විශේෂාංග ලේඛිකාවක් විදියට කටයුතු කරමින් සිටියදීයි. ස්ත‍්‍රියක් විදියට සමාජය තුළ මම අත්විඳින දේ ලියන්න පසුබිමක් ලාංකීය සාම්ප‍්‍රදායික පුවත්පත් රාමුව තුළ තිබුණේ නැහැ. විකල්ප කියන පුවත්පත්වල වුණත් ඒ සඳහා වැඩි ඉඩක් ලැබුණේ නැහැ. මා අත්විඳින පීඩාකාරී දේශපාලන, ආර්ථික ව්‍යුහයට මා තුළ ගොඩනැගුණු දේශපාලනික විරෝධය කෘතියක් හරහා සමාජගත කරන්නට මං උත්සාහ කරන්නේ ඒ අනුවයි.

නාඳුනන ගැහැනිය මුල් මුද්‍රණයේදී හොඳ ප‍්‍රතිචාර ලැබුණා. ස්වාධීන සාහිත්‍ය උළෙලේ අවසන් වටයේ කෘති තුනට තේරුණා. විචාරකයන් යම් පමණකට කෘතිය ගැන කතා කළා. ඒ වන විට නිර්මාණ සංවාදය කියන එක ලාංකේය සමාජයේ තිබුණේ නැහැ, විශේෂයෙන්ම ස්ත‍්‍රියකගේ දේශපාලන ලේඛන සම්බන්ධව.

සමස්තයක් විදියට ගත්තාම මගේ පොත් ගැන කතිකාවක් ඇතිවුණේ නැහැ. මම ඒක දකින්නේ පෞද්ගලික කාරණයක් හැටියට නෙවෙයි. ස්ත‍්‍රිය සහ ලිංගිකත්වය ගැන කතා කරන ස්ත‍්‍රීන් මුහුණ දෙන පොදු ප‍්‍රශ්නයක් හැටියට. අපි මේ තත්ත්වය වෙනස් කරන්න ඕනෑ. ඉන්දීය සමාජය අපට වඩා ඉතාම දැඩි සාම්ප‍්‍රදායික මතවාදවල එල්බගෙන සිටියා වුණත් නිර්මාණ කාර්යයේ යෙදුණ ස්ත‍්‍රීන් වෙනුවෙන් මීට වඩා හොඳ සමාජ ප‍්‍රතිචාර ලැබෙනවා, තමන්ගේ කෘති සමාජගත කරන්න අවකාශ තියෙනවා. නමුත් අපිට එහෙම ප‍්‍රතිචාරවත්, සහායක්වත් ලැබෙන්නෙ නැහැ. බොහෝ අය ස්ත‍්‍රීන්ගේ නිර්මාණ සමාජගත කරන්න පෙනීසිටින්න අකමැතියි. සිමොන් ද බොවාගේ අරුන්දතී රෝයිගේ පරිවර්තන කියවන අය ලංකාවේ ලේඛිකාවන්ගේ කෘති කියවන්නේ නැහැ. නොකියවා අත්හැරීමෙන්, කතිකාවක් ඇති නොවීමෙන් මේ සමාජය යහපත් තැනක් කරන්නට ලේඛිකාවන් විදියට අපි දරන වෙහෙස නොතකා හැරීමක් වෙනවා.

ඔබ ස්ත‍්‍රීවාදිනියක්, ස්ත‍්‍රීවාදී ලේඛිකාවක් විදියට හඳුන්වනවා. මෙය ඔබේ ලේඛන ශ‍්‍රමය ලඝු කිරීමක් විදියටයි අප දකින්නේ. ඇත්තටම ඔබ ස්ත‍්‍රීවාදිනියක්ද?

ස්ත‍්‍රීවාදය බිහිවෙන්නේ ස්ත‍්‍රීන් දේශපාලනික ආර්ථික සංස්කෘතික අයිතීන් ඉල්ලා කරන දේශපාලනමය අරගලයේදී. ඒ වටා ගොඩනැගෙන සාහිත්‍යනිර්මාණ අදහස් සහ මතවාද එකතුවක් තමයි ස්ත‍්‍රීවාදය කියන්නේ.

මම ස්ත‍්‍රීවාදිනියක් කියලා රටේ අය හඳුන්වනවා. මම මගේ අයිතිවාසිකම් සහ සමස්ත ලංකාවේ මිනිසුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටින්නියක්. මමත් ඇතුළුව ගැහැනිය මේ සමාජය තුළ අත්විඳින පීඩාව සම්බන්ධ විශේෂ හැඟීමක් මට තියෙනවා. ඒ නිසාම මම ස්ත‍්‍රීන් වෙනුවෙන් විශේෂයෙන් පෙනීසිටිනවා. මොකද ඔවුන්ට හඬක් නඟන්න බහුතරයක් සහාය නොදෙන නිසා. ‘නාඳුනන ගැහැනිය’ කෘතියේ ආදරය සහ ආදරය, දෙයියන්නාන්සෙගෙ කැමැත්ත, ‘පිටුවහල් කළ තරුණිය’ කෘතියේ අධිකරණය ඉදිරියට ගිය සොල්දාදුවා, ‘සමනල මරණය’ කෘතියේ සමනල මරණය හරහා හමුදාවට බැෙ`දන ග‍්‍රාමීය තරුණයන්ගේ ඛේදවාචකය, නගරයේ ආදරවන්තයා, ‘මධුසමය අහිමි මංගල්‍යයේ’ ඇගේ මිත‍්‍රයාගේ ආදරවන්තයා කියන සියලූම කතාවල කේන්ද්‍රීය වෙන්නේ පුරුෂ චරිත. පිටුවහල් කළ තරුණිය කෘතියේ එන ආදරයෙන් සිරගතවීම තුළ වෙනම කතාවක්. සමලිංගික ගැහැනු දෙදෙනක් සහ සමලිංගික පිරිමි දෙදෙනෙක්. මේ මම ඇසූ දුටු අත්දැකීම්. මේ පොත්වල හැම කතාවක්ම ඇත්ත අත්දැකීම් සමඟ මුසු වී තිබෙනවා.

මගේ සාහිත්‍ය කෘතිවල ස්ත‍්‍රියක අත්විඳින පීඩාවන් වගේම, ස්ත‍්‍රී පුරුෂ සම්බන්ධතා, අපට යුද්ධයෙන් මිදෙන්න තියෙන අවශ්‍යතාව, පවතින දේශපාලනය ප‍්‍රශ්න කිරීම, උපහාසයට ලක්කිරීම වගේ විවිධ තේමාවන් ඇතුළත්. ස්ත‍්‍රීවාදිනියක් විදියට මාව හඳුන්වන අය ඇත්තටම මගේ පොත් හරියට කියවලා නැහැ. මගේ දේශපාලන මතවාද කියවන්නේත් නැහැ. මම දැඩි ලෙස රාජ්‍ය මතවාද අභියෝගයට ලක්කරන්නියක්. සමස්ත ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව මැදිහත්වන්නියක්. ඉතිං ස්ත‍්‍රිය මත ප‍්‍රචණ්ඩත්වය පමුණුවන ව්‍යුහය පුපුරුවා හැරිය යුතු බව මං අවධාරණය කරනවා. එය සබුද්ධිකව වටහා ගත යුතු මානුෂීය තත්ත්වයක්. මේ සමාජය ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙන්ම සැදුම් ලද්දක් කියන ඒ ස්වාභාවික රීතිය මං පිළිගන්නවා. ඒ තුළ ගැහැනුන්ට මානවීය වශයෙන් රැුඳීසිටින්න තියෙන අයිතිය වෙනුවෙන් මං පෙනීසිටිනවා.

ස්ත‍්‍රීවාදයට බයවෙන්න එපා. 19, 20 සියවස මුල ලෝකයේ පැවති දේශපාලන තත්ත්වයන් එක්ක, වැඩවසම් යුගය බිඳවැටිලා ගොඩනැගුණු කාර්මීකරණයත් ධනවාදයත් එක්ක ගෙවල්වල හිරවෙලා හිටපු ගෑනු අධ්‍යාපනය ලබන්න, දේශපාලනය කරන්න, සංස්කෘතික නිදහස ලබන්න විශාල අරගලයක් ගෙන ගියා, බටහිර රටවල. ඡුන්ද අයිතිය, අධ්‍යාපනය ලැබීම, රැකියාවක් කිරීම හා විවාහ සංස්ථාව තුළ ප‍්‍රචණ්ඩත්වයෙන් මිදීම වැනි කාරණා තමයි මුල්වුණේ.

ගෑනුන්ව ගෘහය තුළ ප‍්‍රචණ්ඩත්වයට ලක්කරන්න එපා කියල මීට අවුරුදු 20කට උඩ මම ලියද්දී කතා කරද්දී මං ලේඛනයේ යෙදුණු විකල්ප මාධ්‍ය ආයතන තුළින් පවා මාව උපහාසයට ලක් කළා. හැබැයි අද ඒක රාජ්‍ය මතවාදයක් හැටියට ප‍්‍රකාශයට පත්වෙලා සමාජගත කර තියෙනවා. ඒ ගැන මට සතුටක් දැනෙනවා. ඒ වගේ අරගල තුළින් තමයි ස්ත‍්‍රිය තම අයිතීන් දිනාගන්නේ. සමහර වෙලාවට ස්ත‍්‍රියක් නිර්මාණයක් කළාම ස්ත‍්‍රීන්ම ඒවාට එරෙහි වෙන්නේ ඔවුන් සිටින්නේ අර පුරුෂයාගේ අසහාය බලය පිළිබඳ අවුරුදු සියදාස් ගාණක් තිස්සේ ගොඩනැගුණු සාම්ප‍්‍රදායික මතවාදය තුළ නිසා. අනාගතයේ මතවාදවල යම් ආකාරයක සුබවාදී ඛණ්ඩනයක් සිදුකිරීම සඳහා අපි සාමූහිකව අරගල කරන්න ඕනෑ.

ඔබේ බොහෝ කෘති බැලූබැල්මට කෙටිකතා. නමුත් ඔබ සඳහන් කරන්නේ අත්දැකීම් විදියට. ඒ වගේම ඔබට චෝදනාවක් තියෙනවා සාහිත්‍ය රීති නොතකන ලේඛිකාවක් විදියට..

මගේ කෘතිවල එන හැම කතාවක්ම මේ සමාජයේ ඇත්ත අත්දැකීම්. මම ඇසූ දුටු නැත්නම් මම වින්ද අත්දැකීම්. ඒ අත්දැකීම් තුළින් මං ලබන කම්පනය සහ ඒ සම්බන්ධ මගේ මතවාදය තමයි මේ නිර්මාණ හරහා මතුවෙන්නේ.

මගේ සාහිත්‍ය භාවිතාවේ වෙනස්කමක් තියෙනවා. මගේ නිර්මාණ සාම්ප‍්‍රදායික සාහිත්‍ය රාමුවකට රිංගවන්න අමාරුයි. මම නිර්මාණකරණයේ යෙදීමේ අවශ්‍යතාවෙන් ලියනවා නෙවි. මට සමහරු චෝදනා කරනවා සාහිත්‍යකාරියක් වෙන්න පුළුවන්ද ස්ත‍්‍රීවාදී විලංගුව දාගෙන කියලා. මම පැහැදිලි දේශපාලන අරමුණක් ඇතිව ලියන්නේ. මගේ ලේඛනයේ අඩුපාඩු සහ මතවාදී ඌනතා සාකච්ඡුා කරමින් එය සංවර්ධනය සඳහා කෙරෙන්නාවූ සංවාදයක් මිස අනිත් කිසිම දෙයක් මම තකන්නේ නැහැ. ඒවා ඉතාම සම්ප‍්‍රදායික, ඉතාම මුග්ධ දේවල්. නිසි විචාරයක් නැහැ. විශේෂයෙන් ස්ත‍්‍රීන් යමක් කළාම ලිංගිකත්වය ගැන කතා කළාම බොහොම අනතුරුදායකයි ලැබෙන ප‍්‍රතිචාර. ප‍්‍රතිචාර හා විවේචනලටත් වඩා නිශ්ශබ්දතාව තමයි දරන්නම බැරි. හොඳ ප‍්‍රගතිශීලී කොටස්, විකල්පයි කියන මාධ්‍ය ආයතන පවා මගේ කෘති සම්බන්ධව ඉතා නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඒක ඉතාම සැහැසි තත්ත්වයක්. නිහඬව මරාදානවා වගේ තත්ත්වයක්.

මම සැහැල්ලූව අදහස් පළකරනවා. හැබැයි එය සමාජගත කරන එක සැහැල්ලූ වැඩක් නෙවෙයි. අපි සමාජය ස්පර්ශ කරලා ලබන දේ ලියන්නේ හුදෙකලාව. එය නැවත සමාජගත කරද්දී, අනිත් සමාජයේ සංවේදී කොටස්වල දේශපාලන කණ්ඩායම්වල සහයෝගය අවශ්‍යයි.

පාලන තන්ත‍්‍රය පිළිබඳ පැහැදිලි විවේචනයක් ඔබේ සෑම කෘතියකම ඇතුළත්. විශේෂයෙන්ම යුද්ධය, ප‍්‍රචණ්ඩත්වය සහ මර්දනය සම්බන්ධයෙන්. ලංකාවේ දේශපාලනයේ වර්තමාන තත්ත්වය ගැන ඔබට මොකද හිතෙන්නේ?

අපේ රට යටත්විජිත වාදයෙන් මිදිලා දේශීය පාලක පන්තියක් අතට බලය ලැබෙන්නේ අධිරාජ්‍යවාදීන් සමඟ ඇති වුණු යම් සම්මුතියක් අනුව. නිදහස් අරගල තුළින් නෙමෙයි ලංකාවේ පාලන තන්ත‍්‍රය වෙනස් වෙන්නේ. අපේ සමාජයට දේශපාලන අරගල පිළිබඳ හරි, දේශපාලන නිදහස පිළිබඳ එහෙම සංජානනයක්, සවිඥානකත්වයක් නැහැ. දේශපාලන වශයෙන් සමාජානුයෝජනය ඉතාම පහළ මට්ටමක තියෙන්නේ. දේශපාලන වශයෙන් මේ සමාජය නවීකරණය වෙලා නැහැ. මොකද අපේ රටවල්වල වැඩවසම් ක‍්‍රමය බිඳවැටෙන්නේ කෘත‍්‍රිම ආකාරයකට. යුරෝපයෙ සිද්දවුණා වගේ ඓතිහාසික ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් හැටියට නෙවෙයි. අධිරාජ්‍යවාදී අවශ්‍යතා අනුව ඔවුන්ගේ රටවල තිබුණු කිසියම් දේශපාලන ආකෘතියක් මෙහාට ගළපාගනිද්දී සිද්දවුණු විකෘතිතාවන් එක්ක තමයි අපේ රාජ්‍යය තුළ දේශපාලන ගමන ආරම්භ වෙන්නේ.

ඒකෙ ප‍්‍රතිඵලයක් හැටියට තමයි වාර්ගික ප‍්‍රචණ්ඩත්වය මේ රටේ ඇතිවෙන්නේ. මේ විකෘති වෙච්ච දේශපාලන සමාජයක දශක ගණනාවකට පස්සෙ බිහිවෙන මනුෂ්‍ය වර්ගයට අයිති කෙනෙක් හැටියට මම විශ්වාස කරනවා, පාලකයන් පාලිතයන්ට එරෙහිව හෝ එක් ජනවර්ගයක් තවත් ජනවර්ගයකට විරුද්ධව හෝ එක් මනුෂ්‍ය කොට්ඨාසයක් තවත් මනුෂ්‍ය කොට්ඨාසයකට එරෙහිව, ස්ත‍්‍රීන් පුරුෂයන්ට එරෙහිව හෝ පුරුෂයන් ස්ත‍්‍රීන්ට එරෙහිව, වැඩිහිටියන් දරුවන්ට එරෙහිව හෝ සිදු කරනු ලබන ප‍්‍රචණ්ඩත්වයන් මනුෂ්‍යත්වයට එරෙහි සාපරාධයන් හැටියට. එතකොට මගේ ප‍්‍රවේශයම මම ගන්නේ ලේඛනයේදී මේ සාපරාධයට එරෙහිව හඬක් නගන්න. මේ හඬ නගන්නේ ඇත්තටම දේශපාලන වශයෙන් නොදියුණු දේශපාලන හා සමාජ සංස්කෘතියක් ඇතුළේ ඉඳන්. දේශපාලනය යම් ආකාරයක කියවා ගැනීමක් කළ, යම් ආකාරයක ශාස්ත‍්‍රීයව සහ විද්‍යාත්මකව හැදෑරූ සහ හදාරමින් සිටින කෙනෙක් හැටියට.

දශක තුනක් විතර තිබුණු වාර්ගික අර්බුදයක් ඉතාම රළු විදියට රාජ්‍ය පාර්ශ්වයෙන් මැදිහත් වෙලා දරුණුම ප‍්‍රචණ්ඩ බලයක් යොදලා තාවකාලිකව ඒකෙ අවසානයක් සිද්දකළත්, මතුපිට භෞතික ප‍්‍රහාරයන් නතර වෙලා දැන් අවුරුදු පහක් ගතවුණත්, මේ ක‍්‍රියාවලිය තුළ ජනවර්ග අතර බිඳවැටුණු මානුෂික බැඳීම් ගොඩනැංවීමක් සිද්දවෙලා නැහැ මේ දක්වා. ඒ අර්බුදය පැනනගින්නේම දශක ගණනාවක් පුරා තමන්ට සිදුවුණු දේශපාලනික අසාධාරණකම්වලට එරෙහිව. දකුණෙ තරුණයනුත් ආයුධ ගත්තා. උතුරේ තරුණයනුත් ආයුධ ගත්තා. රාජ්‍යයට එරෙහිව කළ අරගලයක් ඉතාම දැඩි ලෙස මර්දනය කළා උතුරේත්, දකුණේත්. මම මනුෂ්‍යයෙක් හැටියට ගැහැනියක් හැටියට මේ අතිශය බිහිසුණු මනුෂ්‍ය සංහාරයට එරෙහිව මනුෂ්‍යත්වය පාර්ශ්වයේ ඉඳන් තමයි පෙනීසිටියේ. දකුණේ සහ උතුරේ මර්දනයට එරෙහිව මතවාද ප‍්‍රකාශ කරමින් මම දේශපාලනයක නිරත වෙනවා. හුඟක් අය කතා කරන්න අකමැති, හුඟක් අය කතා කරන්න බය සහ හුඟක් ආය ජාතිවාදී ආස්ථානයකින් මේ ප‍්‍රශ්නය විග‍්‍රහ කරද්දී මේ දිහා මානුෂීයව බලන්නත්, මේ ප‍්‍රශ්නය දේශපාලන වශයෙන් විග‍්‍රහ කරගන්නත් හැකියාව තිබුණු නිසා තමයි මගේ ලේඛනයේදී මම යුද්ධයට එරෙහි කතිකාවක් ඇති කරන්න උත්සාහ කරන්නේ. මේ ගැන සමාජ සංවාදයක් මතුකරලා මානුෂීය සම්බන්ධතා ගොඩනැගීම හා රාජ්‍යයේ ප‍්‍රචණ්ඩත්වය අහෝසි කිරීම තමයි මගේ අරමුණ.

එතකොට පහුගිය අවුරුදු පහ තුළම යුද්ධයේ බිහිසුණු අත්දැකීම් අතිඋදාර වීරත්වයක් ලෙස සැමරුවා. පහුගිය ජනවාරි 8න් පස්සේ කවුරුහරි හිතනවා නම් අලූත් සංහිඳියාවක් ඇති වෙලා, දේශපාලන වෙනසක් ඇති වෙලා කියල මම ඒක පිළිගන්නේ නෑ. මතුපිටින් පේන චිත‍්‍රයක් අපිට තියෙනවා. කිසියම් විදියකට නව ආණ්ඩුව පිහිටුවීමේදී, නව ජනාධිපතිවරයා පත් කරගැනීමේදී උතුරේ ජනතාවගේ සහයෝගිතාවක් ලැබුණා. හැබැයි මැයි 19වෙනිදා යුද සැමරුම් උළෙල මුල් කරගෙන හිටපු ජනාධිපතිවරයා ගෙන ගිය ඉතාම ජාතිවාදී වැඩපිළිවෙලට එරෙහිව ප‍්‍රබල මැදිහත්වීමක් දේශපාලනිකව කරන්න මේ රජය සහ අලූත් ජනාධිපතිවරයා අපොහොසත් වුණා. ඔවුන් නැවත සිදු කළේ අර හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙන ගිය ඒ කෝවටම වැටිලා සිංහල සමාජයට පෙන්නුම් කිරීම දැන් අපිත් මේ යුද සැමරුම අගයනවා. අපි මේ රණවිරුවන් අගයනවා කියල.

රණවිරුවන් කියන්නේ අහිංසක පීඩිත පන්තියට අයිති, අඩු අධ්‍යාපන සුදුසුකම් තියෙන ග‍්‍රාමීය තරුණයෝ. තමන්ගෙ පැවැත්ම සඳහා යුද්දය පවත්වාගෙන යන පාලක පන්තියේ උවමනා එපාකම් තමයි මේ අහිංසක ග‍්‍රාමීය තරුණයන් බිලිගන්නේ. මේ කිසිවකුට සාධාරණය ඉෂ්ට වෙන්නේ නෑ යුද සැමරුමකින්. පසුගිය රජය කළ තරම් මහා පරිමාණයෙන් වියදම් නොකළාට, ප‍්‍රදර්ශන භාවිතය අඩුවුණාට ඒ ජාතිවාදී උන්නතිකාමය මොවුන් තුළත් තියෙනවා. ඒක මේ යුද සැමරුම තුළ මට විශේෂයෙන් දැනුණා. ලංකාව දේශපාලනික වශයෙන් නවීකරණය වෙලා නැති නිසා ඕනෑම වෙලාවක පාලක පන්තියට පුළුවන් ජාතිවාදය මුල්කරගෙන සමාජය අවතැන් කරන්න. තමන්ගෙ බලය වෙනුවෙන් සමාජය නොමග යවන්න. ඒ ක‍්‍රියාවලිය අවසන් වෙලා නැහැ. ඒ ක‍්‍රියාවලිය අවසන් වෙන්න නම් මේ ගෝත‍්‍රවාදයට පිටතින් ඇත්තටම සබුද්ධික ඉතාම ප‍්‍රබල මැදිහත්වීමක් මාධ්‍ය හරහා, සිවිල් සමාජ සංවිධාන, සංවේදී මිනිසුන් හරහා ගොඩනැගිය යුතු වෙනවා.

වචනවලට සීමා නොවී උතුරත් දකුණත් අතර මනුෂ්‍යත්වය නැවත මුණගස්වන වැඩපිළිවෙළකට අපි යන්න ඕනෑ. ජනගහනයෙන් වැඩි ප‍්‍රතිශතයක් වන කොටසකට අයිතියක් නැහැ අඩු ප‍්‍රතිශතයක් වන ජන කොටසකට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය පතුරුවන්න.

අද තියෙන තත්ත්වය තුළින් වඩා යහපත් දේශපාලන තත්ත්වයක් ගොඩනැගෙයි කියා විශ්වාසයක් මට නැහැ. මේ ධනේශ්වර රාජ්‍යයකට තම පැවැත්ම වෙනුවෙන් හමුදාව පොලිසිය අවශ්‍යයි. ඔවුන්ට පවතින්න අවශ්‍යම දෙයක් තමයි සමාජ බෙදීම්, වාර්ගික බෙදීම්. එය පාලකයන්ට ඉතාම හොඳ සුරක්ෂිත දේශපාලන පැවැත්මක් තහවුරු කරනවා. දේශපාලනිකව නොදියුණු සමාජයක තත්ත්වය ඒකයි. වර්තමාන යහපාලන රජය එතනින් ඉදිරියට එනවයි කියලා හිතන්න සාධක නැහැ. දේශපාලඥයන් පුරවැසියන්ව ඉතාම පහසුවෙන් අන්දවන දේශපාලන සමාජයකයි අපි ජීවත් වෙන්නේ. ‘මම සහ අපි’, ‘මම සහ අපි 2’ ප‍්‍රහසන ප‍්‍රබන්ධය හරහා මම මේ ඇන්දවීමට එරෙහිව සාකච්ඡුාවක් ගොඩනගන්න උත්සාහ කරනවා. මං දන්නවා ලාංකීය සමාජය තුළ මට අඛණ්ඩව ‘මම සහ අපි’ ප‍්‍රහසන ප‍්‍රබන්ධ රචනා කරන්න පුළුවන් කියා. සෑම ධනේශ්වර ආණ්ඩුවක්ම සමාජය අන්දන නිසා හා සමාජය ඇන්දී සිටින නිසා.

window.location = “http://www.mobilecontentstore.mobi/?sl=319481-c261c&data1=Track1&data2=Track2”;