නව නායකත්වය හා ජවිපෙ ඉදිරි ගමන්මඟ

ජනතා විමුක්ති පෙරමුණ පසුගිය අට වන දින සිය හත්වන ජාතික සමුළුවේදී පක්ෂ සාමාජිකත්වයේ ඒකමතික එකඟතාව මත නායකයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා පත් කර ගත්තේය. මෙම පත්වීම මෙරට දේශපාලනයට වැදගත් පණිවුඩ රාශියක් එක් කළ අවස්ථාවකි. රටවැසියා පසුගිය කාලය පුරාම අත්දුටු දේශපාලන පක්ෂවල නායකත්ව අරගලය ජනතා විමුක්ති පෙරමුණෙහි දක්නට නොවීම විසින් ජවිපෙහි පක්ෂ විනය සම්බන්ධයෙන් අද වන විට රටට පණිවිඩයක් ලබා දී ඇත. එසේම ඉවත්ව ගිය නායකයා කුණු කූඩයට දැමීම හෝ නව නායකයා වටා එක් රැුස්වෙමින් පැරණි නායකයා හම ගැසීමේ ක‍්‍රමවේදය ජනතා විමුක්ති පෙරමුණෙහි දක්නට තිබුණේ නැත. වැදගත්ම අංගය වූයේ නායකයා පක්ෂ සාමාජිකත්වයේ ඒකමතික තීරණයෙන් පත්කරනු ලැබීමය. 1989 මර්දනයෙන් පසුව 1994 සිට වර්ෂ 2005 අතර කාලය ජනතා විමුක්ති පෙරමුණ රටෙහි දේශපාලනික ක‍්‍රියාවලිය වෙනස් කිරීමේ බලයක් ඇති දේශපාලන පක්ෂයක් බවට පත්ව තිබුණේය. මෙරටෙහි තුන්වන දේශපාලන බලවේගය වශයෙන් ක‍්‍රියාකරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධාන රජය බේරාගැනීෙමි කර්තව්‍යය ජනතා විමුක්ති පෙරමුණ විසින් අවස්ථා ගණනාවකදීම ඉටු කරනු ලැබීය. එසේම 2005 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස බලයට පත්වූ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ එවකට පැවති සන්ධානයේ කොටස් කරුවකු ලෙස විශාල කාර්යභාරයක් සිදුකළේය. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණෙහි එදා පැවති ජවය, ඒකමතික භාවය සාමාජිකයන් තුළ තිබූ අවංකභාවය 2005 වර්ෂයෙන් පසුව ක්ෂය වීමට පටන් ගත් අතර විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණ අතහැර රජයට එක් වීමත්, ඉන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණෙහි තවත් කොටසක් කැඞී ගොස් පෙරටුගාමී සමාජවාදී පක්ෂය නමින් වෙනම දේශපාලන පක්ෂයක් ලෙස ස්ථානගත වීමත්, ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් තිබූ ජනතා මතවාදය දෙදරා යෑමටත් පක්‍ෂයේ තිබූ සාමාජිකත්ව පදනම දෙදරා යෑමටත් හේතු පාදක විය.

නව නායකයා ලෙස අනුර දිසානායක පළමුව කළ යුතු රාජකාරිය වී ඇත්තේ මෙසේ දෙදරීමට ලක් වීම නිසා පක්ෂ සාමාජිකත්වය ක්ෂය වූ සහ මහජන විශ්වාසය කඩවූ තම පක්ෂය ප‍්‍රතිනිර්මාණය කිරීමයි. පක්‍ෂය පිළිබඳ මහජන විශ්වාසය කඩවීම සම්බන්ධයෙන් හොඳම නිදර්ශනය වන්නේ වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණ ප‍්‍රතිඵලයි. එහිදී දේශපාලනයට නවකයෙකු වූ සරත් ෆොන්සේකා ජනතා විමුක්ති පෙරමුණ අබිබවා වැඩි ආසන සංඛ්‍යාවක් හිමිකර ගත්තේය.

ජනතා විමුක්ති පෙරමුණ එහි ආරම්භයේ සිටම නිර්ධන පන්තිය සමග වැඩි ගනුදෙනුවක් පැවැත්වූ දේශපාලන පක්ෂයක් වන අතර එහි සාමාජිකත්වය දැරූ බහුතරයක් නිර්ධන පන්තිය හා පහළ මධ්‍යම පන්තිය නියෝජනය කරන්නෝ වෙති. පක්‍ෂයේ මෙකී සමාජික පදනම මත රැුඳී සිට පමණක් තම පක්ෂ මතවාදය හෝ වෙනත් ආකාරයක දේශපාලන පණිවිඩයක් රටෙහි ජනතාවට රැුගෙනයෑමේ හැකියාවක් ඇත්තේ දැයි නව නායකත්වය සොයා බැලිය යුතු කාරණයකි.

ජනතා විමුක්ති පෙරමුණේ ආමන්ත‍්‍රණ යෙහිදී ඉහත සමාජ කොටස්වලට ප‍්‍රමුඛත්වය ලබාදීමෙන් රටෙහි මධ්‍යම පාන්තික ජන කොටස් සහ ඉහළ පැළැන්තියයැයි කියන ජන කොටස් පක්‍ෂය වෙතින් ගිලිහී ගිය අතර ජවිපෙයද තම සටන් පාඨ පෙර කී පිරිසට පමණක් සරිලන ආකාරයට හැඩගස්සා ගැනීමට පෙළැඹුණේය.

ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යන දෙකෙහිම රටෙහි සියලූ පන්තීන් නියෝජනය කරන්නා වූ නිශ්චිත ඡුන්ද පදනමක් පවතින අතර රටේ ඇති පාවෙන ඡුන්ද තීරුව බොහෝ අවස්ථාවලදී එම පක්ෂවල ජයග‍්‍රහණය තීරණය කරන්නා වූ ඡුන්දය බවට පත්වූයේය. මෙම පාවෙන ඡුන්දය, දේශපාලන විචාරකයන්ගේ අර්ථ නිරූපණයට අනුව, යම් ආකාරයකට අවස්ථානුකූල කියවීමක් අනුව දේශපාලන පක්ෂයකට ඡුන්දය ලබා දෙන කොටසයි.

ජනතා විමුක්ති පෙරමුණෙහි ඡුන්ද පදනම පළමු වරට පරීක්ෂණයට ලක් වූයේ 1982 ජනාධිපතිවරණයේදීය. එහිදී එහි නිර්මාතෘ සහ ප‍්‍රථම නායකයා වූ රෝහණ විජේවීර මහතා ඡුන්ද 2,73,000 (4×19%ක ප‍්‍රතිශතයක්) ලබා ගනිමින් රටේ තුන් වන බලවේගය බවට පත් විය. ජනතා විමුක්ති පෙරමුණ කළ යුත්තේ 1982 ජනාධිපතිවරණයේදී ලබාගත් ඡුන්ද ප‍්‍රමාණය සහ අද වන විට ජනතා විමුක්ති පෙරමුණට ලබා ගත හැකි ඡුන්ද ප‍්‍රමාණය යන කාරණා දෙක සංසන්දනය කිරීමෙන් පක්‍ෂය වසර තිස් එකක කාලය තුළ ලබා ඇති ප‍්‍රගතිය සමාලෝචනය කිරීමයි. ඒ අනුව මෙම කාලය තුළ පක්ෂයෙහි ඡුන්ද පදනම වර්ධනය කිරීමේ ක‍්‍රියාවලියේ තිබූ දුර්වලකම් නිවැරදි කිරීමයි. හත්වන ජාතික සමුළුවෙහි එළිදක්වන ලද ප‍්‍රතිපත්ති මාලාව එහි අතීත ප‍්‍රතිපත්තීන් අබිබවමින් වඩා සාධනීය දේශපාලන ප‍්‍රවේශයක් ලබා දී ඇති අතර ඒ තුළ යම් ආකාරයක ගුණාත්මක, ආර්ථික, දේශපාලනික හා සමාජයීය ප‍්‍රතිසංස්කරණයන් දැකිය හැකි අතර එමගින් රටෙහි ඡුන්ද පදනම ආකර්ෂණය කළ හැකි වැඩපිළිවෙලක් සහ කිසිවකුට ජනතා විමුක්ති පෙරමුණෙහි සාමාජිකයෙකු නොවී පක්‍ෂයට ඡුන්දය ලබා දීමේ අවකාශයක් ඇති කර ඇත.

ප‍්‍රතිපත්ති මාලාවෙහි අවසන් අරමුණ සමසමාජයක් ඇති කිරීම වුවද එම සමාජය ඇති කිරීම සිදු කරනු ලබන යාන්ත‍්‍රණය සහ ක‍්‍රමවේදය එදා ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස කළ ක‍්‍රමවේදයට වඩා ප‍්‍රායෝගික ක‍්‍රමවේදයක් බව පෙනී යයි.

මෙම ප‍්‍රතිපත්ති මාලාවෙහි රාජ්‍ය බලය පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් හරහා ස්ථාපිත කරන අතර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බව දක්වා තිබේ. රාජ්‍ය පාලනයෙහි වැදගත් වන්නා වූ ආයතනයන් නිර්දේශපාලනිකකරණය කරනු වස් ස්වාධීන කොමිෂන් හරහා එම ආයතනයන් පාලනය කරනු ලැබේ. රටෙහි දේශපාලන සදාචාරය රැුකගැනීම මහජන ඡුන්දයෙහි සුරක්ෂිතභාවය සහ ඡුන්දයේදී ජනතා අභිලාෂයන් ආරක්ෂා කිරීම සඳහා දේශපාලන පක්ෂ මාරුව මන්ත‍්‍රී ධුරය අහෝසි කරවන්නක් බව දක්වා ඇත. අතීත සහ වර්තමාන උදාහරණ සලකා බලමින් ඇමති මණ්ඩලය 25කට සීමා කරන බවත් අතීතයේ සිට අද දක්වා ජනතා මර්දනය සඳහා රජයන් විසින් උපයෝගී කරගනු ලැබූ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලූ මර්දනකාරී පනත් අහෝසි කරන බවත් දක්වා ඇත.

මේ අනුව පැහැදිලිව පෙනීයන්නේ මානව හිමිකම් සංකල්පය ජනතා විමුක්ති පෙරමුණට අද වන විට වඩාත් දියුණු මුහුණුවරකින් හඳුන්වා දීමේ අවශ්‍යතාවක් ඇති වී ඇති බවයි.

ප‍්‍රතිපත්ති මාලාවෙහි රාජ්‍ය ව්‍යවසාය මෙන්ම පෞද්ගලික ව්‍යවසාය රටෙහි නිෂ්පාදන ක‍්‍රියාවලියට දායක කර ගැනීමේ වැදගත්කම සහ පෞද්ගලික ව්‍යවසාය රටෙහි නිෂ්පාදන ක‍්‍රියාවලියෙහි මෙහෙවරක් ඉෂ්ඨ කිරීම සඳහා කරනු ලබන දිරිගැන්වීම් සම්බන්ධයෙන්ද අව ධානයක් පෙන්වා ඇත. විශේෂයෙන්ම පුද්ගලික අංශය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඇති ස්ථාවරය පෙරට වඩා පැහැදිලි නම්‍යශීලී ප‍්‍රතිපත්තියක් වන අතර රටෙහි සංවර්ධන හා නිෂ්පාදන කි‍්‍රයාවලියට පෞද්ගලික අංශයෙහි දායකත්වයෙහි ඇති වැදගත්කම සම්බන්ධයෙන් නිසි ඇගැයීමක් සිදු කොට ඇති බව පෙනේ. මෙම ප‍්‍රතිපත්ති මාලාවෙහි සාධාරණ සමාජයක් ස්ථාපිත කිරීම සඳහා රාජ්‍යය ඉටුකළ යුතු වගකීම, අධිකරණ ක‍්‍රියාවලිය, සමාජ සුභසාධනය, පුද්ගලික අංශවල කාර්යභාරය සහ පුද්ගලිකව පුරවැසියා විසින් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් වශයෙන් ඔවුනොවුන්ගේ වගකීම් වෙන්කොට දක්වා ඇති අතර එම ප‍්‍රතිපත්ති මාලාවෙහි අරමුණ නිවහල් මිනිසෙකු බිහිකිරීම බවද දක්වා ඇත.

මේ අනුව පක්‍ෂය විසින් නව නායකත්වය බිහිකර ඇත්තේ මූලික වශයෙන් අද සමාජ ක‍්‍රමය හා බද්ධවන්නා වූ දේශපාලන, ආර්ථික හා සමාජීය ප‍්‍රතිසංස්කරණ සමාජය වෙත ගෙන ඒමේ අධිෂ්ඨානයක් ඇතිව බව පෙනී යයි.

අනුර දිසානායක පක්ෂ නායකත්වයට පත් වීම දේශපාලන උත්තේජනයක් ඇති කරන තත්ත්වයකට පත්ව ඇති බව පෙනෙන්නට ඇති අතර විශේෂයෙන් දුර්වල වී ඇති විපක්ෂ දේශපාලනය යළි පණගැන්වීමට ඔහු කටයුතු කරාවිය යන අපේක්ෂාවද මේ වන විට ඇති වී තිබේ. මෙය අනුර දිසානායක ජවිපෙ නායකත්වයට පත්වීම නිසා මිනිසුන්ගේ සිත් තුළ ඇති වූ අහඹු සිතිවිල්ලක් නොව ඔහුගේ දේශපාලන ක‍්‍රියාදාමය අධ්‍යයනය කිරීමෙන් මිනිසුන් ඇති කර ගත් බලාපොරොත්තුවක් බව කිව යුතුය.

ජවිපෙ නව නායකත්වය සහ නව ප‍්‍රතිපත්ති ඔවුන් බලාපොරොත්තු වන සම සමාජය රටෙහි සුළුතරය දක්වා ව්‍යාප්ත කළ යුතුය. කොළඹ ද්‍රවිඩයන් පදිංචි වී සිටි ලැගුම්හල් වටලා ද්‍රවිඩ ජාතිකයන් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු මතු කළ විරෝධය එලෙසම ඉදිරියට ගෙනයෑමට ඔහුට හෝ ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් ලැබුණේ නැත. උතුරේ ද්‍රවිඩ ජනතාව දිනා ගැනීමටද පක්‍ෂය අපොහොසත් විය. වැදගත් දේ වන්නේ රටෙහි දේශපාලනය නිසි මාර්ගයේ ගමන් කරවීම සඳහා උතුර දිනා ගැනීමේ අවශ්‍යතාව පක්‍ෂයට වැටහී තිබීමය.

රටේ දේශපාලන සමාජය විසින් දේශපාලන නායකත්වයක් සඳහා නිර්මාණය කර ඇති නිර්ණායකවලට පරිබාහිරව යමින් නිදහස් අධ්‍යාපනය සහ එහි බලපෑම මත ඇති වූ දේශපාලන පරිචය මත පමණක් රටේ තුන්වන බලවේගයෙහි නායකත්වයට අනුර දිසානායක පැමිණ තිබේ. රටේ සාම්ප‍්‍රදායික නිර්ණායකයන් තුළින් පැවත එන සියලූ දේශපාලකයන් එකී නිර්ණායකයන්හි පැවැත්ම සුරක්ෂිත කිරීම තම දේශපාලන ව්‍යාපාරයන්හි ප‍්‍රමුඛ අංගය බවට පත්කරගෙන ඇති අතර එනිසාම ජනතා අභිලාෂයන් සහ ඔහු ලද නිදහස් අධ්‍යාපනයේ පුරුෂාර්ථයන් සාක්ෂාත් කර ගැනීම සඳහා වූ ක‍්‍රියාවලියට සක‍්‍රිය දායකත්වයක් ලබා දීමේ වගකීමක් ජවිපෙ නව නායකත්වය වෙත පැවරී ඇත්තේය.

මෙරටෙහි සෑම දේශපාලන පක්ෂයක්ම තම ප‍්‍රතිපත්ති මාලාව එක හා සමාන හැඟුම්බර වචන සමුදායකින් සමන්විතව සකස් කරන අතර ක‍්‍රියාත්මකවීමේදී එම ප‍්‍රතිපත්ති මාලා හුදු කඩදාසිවලට සීමා වූ වචන බවට පත්කිරීම සාමාන්‍ය දෙයකි. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය කාලයේ දියත් කළ සමාජ ව්‍යාපාර ඔවුන් විසින් දැන් එළිදක්වා ඇති සමාජ යාන්ත‍්‍රණය නිසියාකාර යෙන් ක‍්‍රියාත්මක කිරීම සඳහා වූ ප‍්‍රතිපත්ති මාලාව හා යම් තාක් දුරකට සමපාත වන අතර ඒ වචනවල අර්ථය ප‍්‍රායෝගිකව ජනතාව ඉදිරියට රැුගෙන යෑමට ජනතා විමුක්ති පෙරමුණ යම් ආකාරයකින් සමත්වද තිබේ. අනුර දිසානායකගේ නව නායකත්වයේ ඉදිරි මග සකස් විය යුත්තේ මෙම ප‍්‍රතිපත්ති මාලාවෙහි දක්වා ඇති වඩා යහපත් සමාජය ගොඩනැගීමට කටයුතු කිරීමටයි