රාවය

යුකේ‍්‍රන සිනමාකරු ඔලෙග් සෙන්ට්සොව් 20ක් ඇතුළට

යුකේ‍්‍රන සිනමාකරු ඔලෙග් සෙන්ට්සොව් 20ක් ඇතුළට

එස්. නන්දලාල්

පසුගිය 25දා රුසියානු අධිකරණයක් යුකේ‍්‍රන සිනමාකරු ඔලෙග් සෙන්ට්සොව්ට විසි වසරක සිරද`ඩුවමක් නියම කළේ ය. සැලසුම්සහගත ලෙස ඔප්පු කරන ලද චෝදනාව වූයේ කි‍්‍රමියාවේ දීි රුසියානු රජයට එරෙහි ව ත‍්‍රස්ත කුමන්ත‍්‍රණයක යෙදීමයි. කි‍්‍රමියාව යනු පසුගිය වසරේ මැයි මාසයේ දී රුසියාව විසින් තමන්ට අයත්යැ’යි කියා බලාත්කාරයෙන් මෙන් ඈඳා ගන්නා ලද පෙර යුකේ‍්‍රන පරිපාලනයට සම්බන්ධිත වූ ස්වයං නිර්ණ පරිපාලන ඒකකයක් සහිත අඩ දිවයිනකි.

ඔලෙග් සෙන්ට්සොව් සමග ගෙනඩි අෆනාසියෙව්, අලෙක්සි චිර්නිගො සහ අලෙක්සැන්ඩර් කොල්චෙන්කෝ යන සිනමාකරණයට සම්බන්ධ ශීල්පින් තිදෙනෙකු ද අත්අඩංගුවට ගන්නා ලද්දේ හරියටම කි‍්‍රමියාව රුසියාවට ඈඳිය යුතු ද යන කාරණය සම්බන්ධ ජනමත විචාරණය පැවැත්වුණු දින ම ය. ඔවුන් බෝම්බ අටවා, සන්නිවේදන කුලූනු සහ විදුලි සහ දුරකතන රැුහැන් මං විනාශ කරන්නට මෙන් ම ජාතික විරු සමරුවලට හානි පමුණුවන්නට ද සැලසුම් කළ බවට චෝදනා නැගිණිි. සෙන්ට්සෝට සහ කොල්චෙන්කෝට එරෙහි නඩුවේ විභාගය කලින් අවසන් වූ අතර අනෙක් දෙදෙනාට එරෙහි නඩු විභාගය මෙතෙක් අවසන් නැත.

මේ නඩු මිලිටරි අධිිකරණයකට යොමු කොට තිබූ අතර විභාග පැවැත්වුණේ අසාධාරණ ලෙසින් ඉතා පක්‍ෂපාත ආකාරයටය. අත්අඩංගුවේ දී තමන්ට දැඩි වධහිංසා පැමිණ වූ බව චූදිතයෝ අධිකරණය හමුවේ කියා සිටියෝ ය. ඊට පිළිතුරු වශයෙන් නඩු අධ්‍යක්‍ෂ කාර්යාලයේ නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නේ තමන් ඉතා හොඳින් ඔවුන්ට සැලකූ අතර ඔවුන්ගේ සිරුරුවල ඇති තැලූම් සිරීම් පහරවල් ඔවුන්ගේ රැුඳවුම් කුටියේ දී ඔවුන් යෙදී ඇති අස්වාභාවික ලිංගික කි‍්‍රයා නිසා වූ ඒවා බවයි.

තමන්ට බලපෑම් කොට වදහිංසා පමුණුවා පාපෝච්චාරණ ලබාගන්නට පොලිස් නිලධාරීන් දැඩි ප‍්‍රයත්නයක යෙදුණු බව ඔවුහු අධිකරණයේ දී පැවසූහ. මේ කියන බොරුවලටත් එක්ක ඔවුන්ට නියම කරන ද`ඩුවමට තවත් අවුරුදු දෙකක් බැගින් එක් කළ යුතු බව එවිට නඩු පවරන නිලධරයෝ අධිකරණයට පැවසූහ.

සෙන්ට්සෝව්ට වසර 20ක් සහ කොල්චෙන්කෝට වසර 10ක් බැගින් සිරද`ඩුවම් නියම කරන්නට පෙර යමක් ප‍්‍රකාශ කරන්නට ඇත්දැයි විනිසුරන් විමසා සිටි අවස්ථාවේ නඩු විභාගය සාධාරණව නොපැවැත්වුණු බව හ`ඩ නගා පැවසූ ඔවුහු ඉන් අනතුරුව යුකේ‍්‍රන ජාතික ගීය ගයන්නට වූහ.

මේ එන්නේ ස්ටැලින් සමයේ දුගඳ ම බව ක්‍ෂමා ජාත්‍යන්තරය ඊට එරෙහි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය. ‘මේ සම්පූර්ණ විභාගය ම සැලසුම්සහගත පණිවුඩයක් ගෙන එයි. මේ වනාහි යුකේ‍්‍රනයට එරෙහි රුසියාවේ ප‍්‍රචාරක යාන්ත‍්‍රණයයි. ස්ටැලින් සමයේ පැවැත්වුණේ ද මෙවැනි නඩු විභාගයන් ය. අභූත චෝදනා නගන ලද අතර තීන්දුව කලින්ම ලියා තිබිණි. චූදිතයන්ට එරෙහි වධහිංසා අධිකරණය සැලකිල්ලට බඳුන් කළේ නැත’.