Untitled-1

Untitled-1

යුරෝපයේ අනවසර සංක‍්‍රමණික අර්බුදය


eyrope

එස්. නන්දලාල්

යුරෝපයට අන වසරයෙන් පිවිසෙන්නට තැත් කරන අනවසර සංක‍්‍රමණිකයන් තොග පිටින් මියගොස් සිටින අයුරු පසුගිය දෙසතිය පුරා පුවත් වාර්තාවල මුල් තැනක් ගත්තේ ය. එම මනුෂ්‍ය ජීවිතවලට ලංසු තබා තිබුණේ කෙතරම් පහත් මට්ටමකින් ද යන්න ඒවා කියවන අසන සහ දකින විට සිතට නැගෙයි. කිසි වටිනාකමක් නැත. හරියට දඩාවතේ යන බල්ලන් බළලූන් ගාන ය.

පසුගිය අපේ‍්‍රල් සිට මේ දක්වා යුරෝපය බලා මුහුදින් සංක‍්‍රමණය වෙමින් සිටියවුන් 1.000කට අධික සංඛ්‍යාවක් සහ ගොඩබිමින් සංක‍්‍රමණය වෙමින් සිටියවුන් 200ට අධික සංඛ්‍යාවක් විවිධ හේතු නිසා මරණයට පත් වූ බව වාර්තාගතය. පසුගිය මස අවසානයේ ඔස්ටි‍්‍රයාවේ ඇම්ස්ටන්හි වාහනයක් තුළ 71 දෙනෙකු හුස්ම හිරවීමෙන් මිය යාම සහ ඊට පසු දින ලිබියානු වෙරලාසන්නයේ යාත‍්‍රවක් පෙරළීමෙන් 200ට අධික පිරිසක් මියයාම ආසන්න සිද්ධීන් ය. මේ මළවුන් අතර දෙතුන් මාසයේ කිරිසප්පයන් ද ඇතුළත් බාලයන් සැලකිය යුතු සංඛ්‍යාවක් සිට ඇත.

මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික මාධ්‍යයේ මේ දිනවල නොයෙකුත් විවේචන විමර්ශන යනාදිය දැකිය හැකි ය. සුපුරුදු පරිදි එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා ද සිය කණස්සල්ල පළ කොට තිබිණි. මෙම අනවසර සංක‍්‍රමණිකයන්ට තදින් සිටිය යුතු බව යුරෝපයේ බලවත් රාජ්‍ය නායකයන් පවසන විට මහලේකම් වරයාට කණස්සල්ල පළ කරනු හැර වෙනත් කරන්නට යමක් නැති බව වැටහේ. ඒ අතර හියුමන් රයිට්ස් වොච්, සංක‍්‍රමණික යන්ගේ අන්තර්ජාතික සංවිධානය වැනි ආයතන සංක‍්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව ද දැකිය හැකි ය. ඒ සමගම යුරෝපා සංගමයේ බාහිර දේශ සීමා ආරක්ෂක ඒජන්සිය වන ෆ‍්‍රන්ටෙක්ස් මේ අනවසර සංක‍්‍රමණිකයන්ට හිංසා කරන බවට ද චෝදනා එල්ල වෙයි. එහෙත් අනෙක් පැත්තෙන් කියැවෙන්නේ එය එතරම් ප‍්‍රතිඵලදායක ආයතනයක් නොවන බවයි. පසුගිය 1දා එහි වෙබ් අඩවියේ දැක්වෙන පරිදි පූර්ව සතියේ ගී‍්‍රසියට පමණක් ඇතු`ඵ වූ අනවසර සංක‍්‍රමණික සංඛ්‍යාව 23,000 ඉක්මවයි. ඒ නිවේදනයේ දැක්වෙන පරිදි මේ සියල්ල අනුකම්පා විරහිත කෲර ජාවාරම්කරුවන්ගේ වැඩ ය. ඒ ජාවාරම්කරුවන් බලන්නේ ලාභය පමණි.

යුරෝපාකරයට සංක‍්‍රමණිකයන් පිවිසීම අතීතයේ ද සිදු වූ නමුත් එය පාලනය කළ හැකි සහ ඒ ඒ රටවලට දරාගත හැකි මට්ටමින් පැවැතිණි. එහෙත් දැන් එය රටකට දරාගත නොහැකි තරම් ය. පළමුවනුව එය අනීතික සංක‍්‍රමණයකි. දෙවනුව එහි මහා මිනිස් ජාවාරමක්් තිබේ. තුන්වනුව ඒ සමග ත‍්‍රස්ත කාන්දුවක් ද පවතී. එකකට එකක් නොදෙවෙනි ලෙස හානිකර සහ එකක් අනෙකට සම්බන්ධකම් ඇති මේ කි‍්‍රයාදාම තුන නිසා සමස්ත යුරෝපය ම සංත‍්‍රාසයෙන් ඇළලී පවතී ය’යි කිවහොත් එහි දොසක් නොමැත. මේ අතරින් ත‍්‍රස්ත කි‍්‍රයාධරයන් අහිංසකයන් සේ සංක‍්‍රමණික වෙස් ගෙන රටකට ඇතු`ඵවීම අතිභයානක ය.

‘යුරෝපා අනවසර සංක‍්‍රමණික අර්බුදය’ යන්න පසුගිය අපේ‍්‍රල් මාසයේ සිට සාකච්ඡුාවට බඳුන්වන අලූත් ම විෂයයක් බව බීබීසී පුවත් වාර්තාවක සඳහන් ය. මෙතෙක් සරණාගතයන් (refugiesees), ආරක්‍ෂාව පතා එන්නන්(aasyium seekers) ලෙසින් ඔවුන් හැඳින්වුණ නමුත් දැන් හැඳින්වෙනුයේ අනවසර සංක‍්‍රමණිකයන් ලෙසිනි. කෙසේ වෙතත් immigration සහ migrant යන පද භාවිතය සම්බන්ධයෙන් මතභේද පවතින බව බීබීසී වාර්තාවේ සඳහන් ය. මේ වසරේ මුල් භාගයේ ඉතාලියට, ගී‍්‍රසියට සහ හංගේරියාවට ඇතුඵ වන අනවසර සංක‍්‍රමණිකයන් සංඛ්‍යාව ඉහළ යාම ඊට හේතු වන්නට ඇතැ’යි සිතිය හැකි ය. මේ වසරේ ජනවාරි සිට අගෝස්තු අවසානය දක්වා ඒ රටවලට පිවිසි එබන්දන්ගේ සංඛ්‍යාව 350,000 ඉක්මවන බව අන්තර්ජාතික සංක‍්‍රමණිික යන්ගේ සංවිධානය පවසයි. මේ ආරක්‍ෂක ඇසට හසු වූ සංඛ්‍යා පමණි. ඇස්වලට වැලි ගැසූ අය පිළිබඳ තොරතුරු ඊට අඩංගු නැත.

මේ සංක‍්‍රමණිකයන් එන්නේ මූලික වශයෙන් රටවල් පහකින් බව හියුමන් රයිට්ස් වොච් පවසයි. ඒවා වන්නේ සිරියාව, ඇෆ්ගනිස්තානය, සෝමා ලියාව, එරිති‍්‍රයාව සහ ඉරාකයයි. ඔවුහු එක්කෝ උතුරු අප‍්‍රිකාවට පැමිණ එහි සිට මුහුදු මගින් ඉතාලියට එති. නැත්නම් තුර්කිය හරහා ගී‍්‍රසියට එති. බීබීසී සහ අනෙකුත් මාධ්‍ය වාර්තාවල දැක්වෙන හංගේරියාව ගැන සඳහනක් එහි ඇතුළත් නොවේ. ගී‍්‍රසියට එන සංක‍්‍රමණිිකයන්ගෙන් 84%ක් පමණ සිරියාවෙන්, ඇෆ්ගනිස්්තානයෙන් සහ ඉරාකයෙන් වන අතර ගී‍්‍රිසියට එන අයගෙන් අඩක් පමණ එරිති‍්‍රයාවෙන්, සෝමාලියාවෙන් සහ සිරියාවෙනි. අවසාන ගණනය කිරීම් අනුව සිරියාවෙන් මිලියන 12ක්, ඉරාකයෙන් මිලියන 4.2ක්, ඇෆ්ගනිස්තානයෙන් මිලියන 3.6ක්, සෝමාලියාවෙන් මිලියන 2.2ක්, සහ එරිති‍්‍රයාවෙන් මිලියන අඩක් ඇතුළත්ව සමස්ත වශයෙන් මිලියන 25ක් සිය මව්බිම්වලින් පළවා හරිනු ලැබ ඇත. වෙනත් හේතු ද තිබෙනවා විය හැකි වුවත් ඔවුන් සිය රට හැර පළා යාමට ප‍්‍රමුඛතම හේතු වනුයේ ඒ ඒ රටවල පවත්නා දැඩි මානව හිමිකම් උල්ලංඝනයන් ය.

එරටට එන අනවසර සංක‍්‍රමණිකයන් අතර ගැම්බියාව, නයිජීරියාව වැනි බටහිර අෆි‍්‍රකානු රටවලින් එන ආර්ථික පර්යටකයන් (economic immigrants) ද සිටින බව එම වාර්තාවේ දැක්වේ.

ආර්ථික සංක‍්‍රමණිකයකුු යනු මුදල් ඉපැයීමේ අරමුණින් සමෘද්ධිමත් රාජ්‍යයකට අනවසරයෙන් ඇතුඵව පසුව ඒ රටේ හිඳිමින් රැුකියාවක නිරත වෙමින් හෝ වෙනත් ආකාරයකින් මුදල් උපයන්නෙකි. එහෙත් ඉහතින් සඳහන් කළ රටවල් පහේ මිනිසුන් සිය රටවලින් පලා යන්නේ ඒ නිසා ම නොවේ. මේ රටවලින් එරිත‍්‍රියාවේ හැර අන් සැම රටකම බරපතළ අවි ගැටුම් සහ ඒ නිසා නිර්මාණය වු අර්බුද තිබේ. එතෙකුදු වුව ඔවුන් තුළ ද ආර්ථික අපේක්‍ෂා නැත’යි සපුරා බැහැර කළ නොහේ.

කෙසේ වෙතත් සිය මව් බිමේ ජීවත්වන්නට බිය වන අයට රැුකවරණය සැලසීමට ප‍්‍රතිග‍්‍රාහක රාජ්‍යය බැඳී සිටියි. අන්තර්ජාතික නීති පද්ධතියේ එයට ප‍්‍රතිපාදන තිබේ. සමෘද්ධිමත් රටවල් එයට බිය ය. මෙලෙස කඩා පාත්වන අනවසර සංක‍්‍රමණිකයන්ට සිය රටවල ජාතික ආදායමෙන් වියදම් දැරීම කිසිදු නිෂ්ඵල කාර්යයක් බවට කිසිදු විවාදයක් නොමැත. ඒ නිසා රටට පැමිණීමෙන් වලක්වාළීම පිණිස ආරක්‍ෂිත පියවර ගත යුතු වෙයි. ෆ‍්‍රන්ටියර් ඒජන්සිය කරන්නේ එම කාර්යයයි. සියලූ අනවසර සංක‍්‍රමණිිකයන් පැමිණෙන්නේ ආර්ථිික වාසි අපේක්‍ෂාවෙන්ය යන්න ඉසුරුමත් රටවල ආණ්ඩු නිතර ප‍්‍රකාශ කරයිි. මේ නිසා ඔවුන්ට වද පමුණුවමින් සමහරවිට මැරෙන්නට ඉඩ හරිමින් නොසලකා හැරීමත් ඔවුන් සිය රටේ දේශසීිමාව තරණය කරන්නට පෙර හරවා යැවීමත් අතිඅමානුෂික බව හියුමන් රයිට්ස් වොච් පෙන්වා දෙයි. කිසියම් පුද්ගලයකු ජනවර්ගය, ආගම, ජාතිකත්වය, විශේෂිත සමාජ කණ්ඩායමක සාමාජිකයකු වීම සහ තමා දරන දේශපාලන මතය හේතු කොටගෙන සිය මව්බිමෙන් පිටමංව ආ බව ඔප්පු කරන්නට සමත් වුවහොත් එබන්දෙකුට රක්‍ෂා වරණය සැලසීම ප‍්‍රතිග‍්‍රාහක රාජ්‍යය බැඳී සිටියි. එසේම එැවැන්නකු ආපසු යැවිය හැක්කේ ඒ පුද්ගලයාට ඒ වනවිට සිය මව්බිමේ රැුකවරණය සැල සෙන්නේ නම් පමණි.

එළැඹෙන 14දා මේ සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ සමුඵවක් පවත් වන්නට යුරෝපා සංගමය මේ වනවිට කටයුතු සම්පාදනය කරමින් සිටින අතර සමු`ඵවෙන් අනතුරුව මේ අසරණ මිනිසුන්ට සහන සැලසෙනු ඇත’යි අපේක්‍ෂා කෙරේ.