කුලය හා සිංහල අන්තවාදය


dsdd

කුසල් පෙරේරා

දසක කිහිපයකට පෙර මම ඉංගී‍්‍රසි ගුරුවරයකු ලෙස උඩරට සේවය කළෙමි. ගුරු සංගම් කි‍්‍රයාකාරිකයෙකු වූයෙන් ස්ථාන මාරුවීම්ද අඩු නොවුණි. වරක් නියන්ගන්දොර ප‍්‍රාථමික පාසලට මාරුවක් ලැබිණ. පාතරැුටියකු වූයෙන් එගමෙහි මට නවාතැන් නොලැබිණ. එහෙත් පාසලට ඉංගී‍්‍රසි ගුරුවරයකු අවශ්‍යව තිබූයෙන් විදුහල්පති මාව බාර ගත්තේ ය. මාස කිහිපයකට පසු මට කුඹල්ඔලූව විදුහලට ස්ථාන මාරුවක් ලැබිණ. එහි මට කාල සටහනක් නොලැබුණි. ‘මුන්ට මොන ඉංගී‍්‍රසිද මහත්තයෝ….ඔන්න ඔහෙ ඉන්න’යැයි විදුහල්පති මට කීවේය. ඌවෙ උඩුකිඳ වෙනස් ය. අතිශය දුෂ්කර, නොදියුණු එහිදී පාතරැුටියකු වූවත් මා පිළිගනු ලැබූයේ කොළඹ ඉංගී‍්‍රසි මහත්තයකු ලෙසිනි. කොළඹ රාජ්‍ය බලයට සියල්ල යටත්කර තිබූ යුගයේ මා අවශ්‍ය අතරමැදියෙකු වූයෙනි. අපේ සමාජයේ කතා නොවන බෙදීම් කි‍්‍රයාත්මක වන්නේ එලෙසින් ය. එනිසා වික්ටර් අයිවන්ගේ ‘ජනපති සිය රාජාසන කතාවෙන් කරළියට ගෙනා පෙළපත් නාම ප‍්‍රශ්නය’ මැයෙන් වූ පසුගිය සතියේ ලිපිය වෙනස් කෝණයකින් කියවන්නට මෙහි මම උත්සාහ කරමි.

මා වික්ටර්ගේ යෝජනාව නිවැරදිව තේරුම් ගත්තේ නම් ඔහු ඉතා සරලව කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වී යුද්ධයකට පරිවර්තනය වූ සිංහල දෙමළ ගැටුම පසුපස කුල පීඩනයද ඇති හෙයින් එය වාර්ගිකත්වයට සීමා කර තේරුම් නොගත යුතුයැයි කියාය. මට ඒ සඳහා ඇත්තේ උතුරට ‘ඔව්’ සහ දකුණට ‘ඔව් – නැහැ’යැයි දෙමුහුන් උත්තරයකි.

මගේ දකුණ ගැන පැහැදිලි කිරීම රජ දවසින් පටන් ගනිමි. සාම්ප‍්‍රදායික පැරණි සිංහල ගම් ගතහොත් ඒවා හැම විටම රජ මාලිගයට තිබූ සේවා අවශ්‍යතා අනුව පිහිටා තිබුණි. කෘෂි වගාව ප‍්‍රධානම රාජකාරිය ලෙස බාර වුණු බහුතරය ගොවි කුලය වූ අතර ඔවුහු එනිසාම වැදගත්තු ය. බහුතර ඉඩම් ප‍්‍රමාණයක්ද ලැබිණ. එවගේම මාලිගාව හා රජුගේ පාලනයේ ඉහළ තනතුරු දෙනු ලැබූයේ ගොවි කුල ප‍්‍රධානීන්ටය. මාලිගාව ඇසුරෙන් හැදුණු ඉහළ වංශවත් ප‍්‍රභූ පැලැන්තිය ගොවි කුලයෙන් බිහිකර ගත්තකි. නුවර කලාවියේ වැව් ඉදිකර තිබූ ආකාරයෙන්ද මේ කුල ධුරාවලිය දැකිය හැකි ය. වාරි ක‍්‍රමයේ මහා වැව් කෘෂි වගාව වෙනුවෙන්ම ඉදිකෙරුණු හෙයින් ඒවා ඇසුරෙහි පදිංචිව සිටියෝ ගොවීහු ය. සෙසු කුල පදිංචිව සිටියේ මහා වැව් සඳහා ජලය සැපයූ කුළු වැව් අවට ය. එදා තර්කය වූයේ වගා නොකරන සෙසු කුල සඳහා මහා වැව් අවශ්‍ය නොවන්නේය යන්නයි. නියං කාලයට කලින්ම වියළී සිඳී යන කුළුවැව් අවට සිටි ආන්තික කුල ප‍්‍රජාව පැරණි රජ දවසද දරිද්‍රතාවෙන් පසුවූවෝ ය. එය ඔවුන්ගේ බෞද්ධාගමෙන්ද දැකිය හැක. ථූපාරාමය, අභයගිරිය, මිරිසවැටිය වැනි මහා වෙහෙර විහාර ඔවුන්ගේ කුළුවැව් ඉස්මත්තේ ඉදි නොවුණි. විහාරගම් ඇති වන්නේ රජු හා සංඝ නායකයන් අතර ඇතිවන සම්මුති මතය. ඒවායේ ගම්මු ඒ සමග ප‍්‍රවේණිදාස මට්ටමට පත් වන්නෝ ය. එනිසා තමන්ගේ ඉඩම් නැතිව, දරිද්‍රතාව කරුමයට බාර කළ, සංස්කෘතික වශයෙන් නොදියුණු කුඩා ග‍්‍රාමයන්ට කොටුව සිටියේ කුල ධුරාවලියේ පහළ නැතිනම් ආන්තික ප‍්‍රජාව ය. ඔවුහු ඒ පැරණි සිංහල සමාජයේ බල තුලනය පවත්වා ගැනීමට හවුල් වූවා මිස ඊට එරෙහිවූවෝ නොවෙති. කුල ධුරාවලියේ කෙතරම් පහළ වූවත් වරිගයෙන් පිට විවාහ කරගත්තවුන් තම වරිගයෙන් පිටමං කළ අතීත කතා ඇත්තේ එබැවින්ය.

පෙළපත් නාමය නිසා නොකියැවෙන හා කියන්නට අකමැති සමාජ පීඩනයකට අවසැලකිල්ලකට තවමත් හසුවන්නේයැයි ජනාධිපති කීවේත් සිය අඩුව පියවා ගන්නට දෙමළ විරෝධය අතට ගන්නේයැයි වික්ටර් ලීවේත් පැරණි සිංහල ග‍්‍රාමීය සමාජයේ සිට පැවත එන මේ ආන්තික සම්මත කුල පිළිබඳව ය. සිංහලයේ පැරණි සමාජ බෙදුම් පිළිබඳ නිහ`ඩ අවමන් සහගත ආකල්ප මේ සමාජයේ තවමත් ඇති බව සැබෑය. එහෙත් මේ සම්මත ආන්තික කුල නියෝජනයන් ඊට පිළිතුරු ලෙස දෙමළ විරෝධය අතට ගෙන ඇතැයි මම නොසිතමි. සිංහල වාර්ගිකත්වය අතට ගෙන ඇත්තේ 13 වන සියවසෙන් පසු එකතු වූ කෞරව, දුරාව සහ සලාගම වැනි අලූත් කුල සමග වහුම්පුර හා පසුව විශ්වකුලයැයි මම විශ්වාස කරමි. එයටද ඓතිහාසික හේතු ඇත

මේ අලූත් කුල තුන 13 වන සියවසෙන් පසු අපට එකතුවන කුල තුනකි. ද්‍රවිඩ සම්භවයක් ඇති දකුණු ඉන්දියාවෙන් පැමිණි ඔවුන්ගෙන් උතුරුකර වෙරළෙහි හමුවන්නෝ කෞරව වංශිකයෝ පමණි. ප‍්‍රභාකරන් දෙමළ වන්නේත් විජේවීර සිංහල වන්නේත් ඒ පදිංචියේ වෙනස අනුව පමණය. හලාවත සිට කිරින්ද දක්වා ඔවුන්ගේ ව්‍යාප්තිය සඳහා හේතු වන්නේ අවසන් වරට රට එක්සේසත් කළ සයවන පරාක‍්‍රමබාහු රජු සමයේ ඔවුන් වෙරළකරය ආරක්ෂා කිරීමට යෙදවූ කුලී ආරක්ෂකයන් වීමයැයි සඳහන්ව ඇත. සලාගම ලංකාගමනය ආරම්භ වන්නේද කන්ද උඩරට රාජ්‍යයේ කුලී හේවායන් වශයෙන්යැයි සැලකෙන් නේය. ඔවුන් ගෙන්වා ගැනීමට බේරුවල ප‍්‍රදේශයේ මුස්ලිම් වෙළෙන්දකුගේ උදව් ලබාගත් බවට ඔහුගේ සේවයට පිදූ තෝම්බුවකින් කියැවේ. පසුව රජු හා ඇතිවූ කෝන්තරයක් හේතුවෙන් මේ පිරිස් බලපිටිය ප‍්‍රදේශයට පිටුවහල් කර ඇත. ඔවුන්ගේ කුලී හේවා කතාව සනාථ කළ හැකි එක් සාධකයක් වන්නේ ඔවුන් අතර ‘හේවාපන්න’යැයි ප‍්‍රභූ පිරිසක් ඇති බැවින්ය. ඉතිරිය හැඳින්වෙන්නේ ‘කුරුඳු කාරපන්න’ ලෙසින්ය. විශේෂයෙන් ඕලන්ද යුගයේ කුරුඳු ප‍්‍රධාන හා ලාභදායි වෙළඳාමක් වූයෙන් ඔවුහු වරප‍්‍රසාද ලද්දෝ වූහ. එම වරප‍්‍රසාද ලබා ගැනීමේ අටියෙන් වෙනකුන්ද සලාගම ‘ගෙදරනාම’ ආරූඪ කරගත්තේ යැයි කතා ඇත.

දුරාව ප‍්‍රජාවද ඕලන්ද යුගයේ වරප‍්‍රසාද ලද්දෝ වූහ. තමන් ලම්බකර්ණ වංශිකයන්යැ’යි විශ්වාස කරන ඔවුන්ට ඇති නාග, ගජ, කුරු වැනි නාමයන් අලි ඇතුන් ඇල්ලීම හා ගාල් කිරීම ඔවුන්ගේ රාජකාරියක් වූ බවට හේතු යැයි මෙරට කුල ධුරාවලි සම්බන්ධ විද්වතකු වන අසිෆ් හුසේන් කියන්නේ ය. එවගේම ඔවුන් හමුදා සේවයේද යෙදී ඇතැයි ඔහු සඳහන් කරයි. කුමාරතුංග මුනිදාසට අනුව ඔවුහු මෙරට පළමු පොල්වතු හිමියෝ ය. උණවටුනේ සිට දෙවුන්දර දක්වා වූ පළමු අග්බෝ රජුන්ගේ පොල් වත්ත කුමාරතුංගට අනුව ඔවුන්ගේය.

ඕලන්ද යුගයේ සිට බි‍්‍රතාන්‍ය යටත් විජිත යුගය අවසන් වන තෙක්ම වෙළඳාම විශේෂයෙන් බස්නාහිර සහ තරමකට දකුණු වෙරළබඩ ප‍්‍රදේශයන්හි වර්ධනය වූ හෙයින් පැරණි සම්මත සිංහල කුල ධුරාවලිය ග‍්‍රාමීය සමාජයේ නොසෙල්වී පැවතුණකි. සම්ප‍්‍රදායට හවුල් වූ එහි ප‍්‍රභූන්ට වඩා ඉක්මණින් වෙළඳ ආර්ථිකයට හවුල්වීමේ නම්‍යතාවක් අලූත් කුල සතුව තිබිණ. පැරණි සම්මතයේ ගොවි කුල ප‍්‍රභූන් යටත් විජිත යුගයේ තාන්න මාන්න ලබා ගත්තද එහි වූ බලයෙන් ඇතැමුන් ලොකු ඉඩම් හිමියන් වුවද වර්ධනය වූ වෙළඳ ආර්ථිකයෙහි වත් පොහොසත්කම් හදා ගනු ලැබූවෝ අලූත් කුල ප‍්‍රධානීහු ය. එනිසාම කන්ද උඩරට බෞද්ධ වංශාධිපති බලයට එරෙහි වන්නට හැකි වූයේද ඔවුන්ට ය. බුරුමයේ සිට උපසම්පදාව මෙහි ගෙනැවිත් අමරපුර සහ රාමන්න නිකායන් පිහිටු වන්නට සියලූ පිටුබලය ලැබෙන්නේ ඔවුන්ගේ වෙළඳ ප‍්‍රජාවගෙන් ය. එහෙත් එයද පළමුව දකුණු වෙරළබඩ සිංහල ජනතාවට සීමාවූවකි.

ඉන් පැහැදිලි වන්නේ කෝල්බෲක්-කැමරන් කොමිසම මගින් ලබා දුන් සමානාත්මතාව සජීවි සමාජයේ පැල නොවුණු බවකි. සූරිය මල් ව්‍යාපාරය මැලේරියා වසංගතය හමුවෙ සීතාවක කලාපයට 1930 දී ගොඩ බසින විටද කාන්තාවන්ට උඩුකය වැසෙන සේ පළඳින්නට අයිතියක් නොතිබුණු ආන්තික කුල කිහිපයක් තිබිණ. සමානාත්මතාව වෙනුවෙන් එදා ඊට එරෙහි වූවෝ සමසමාජ පක්ෂයේ පුරෝගාමින් වූ සූරිය මල් ව්‍යාපාරයේ කි‍්‍රයා කාරිකයෝය.

යටත් විජිත යුගයේ විශේෂයෙන් වැවිලිකරයේ ව්‍යාප්තිය ඇති වූයේද සිංහල කුල ධුරාවලි ලිහා දමමින් නොවේ. වැවිලිකරයේ ව්‍යාප්තිය සිදුවූයේ කුල ධුරාවලියේ ආන්තික පිරිස් තවදුරටත් පීඩාවට පත් කෙරුණු ඉඩම් කොල්ලයක් සමගින් ය. ඒ සමග බිහිවූ නගරවල වෙළඳාමට ගියේද වෙරළබඩ තහවුරුව සිටි අලූතින් එකතු වූ කුල ව්‍යාපාරිකයන්ය. එමගින් ලබාගත් ආර්ථික හයිය ඔවුහු පසුව දේශපාලනයට මුසුකර ගනිමින් තලවාකැලේ, නුවරඑළිය, පුණ්ඩළුඔය, වැලිමඩ, හපුතලේ වැනි බොහෝ උඩරට ප‍්‍රදේශවල නගර සභා පාලනයද තම අතට ගත්හ. ඔවුන් හා සමාන්තරව වෙළඳාමට පිවිසි පැරණි සම්මත කුල දෙකක් වූයේ වහුම්පුර හා පසුව විශ්වකුල පාර්ශවයන් ය. අද මේ පිරිස් ආර්ථික හා දේශපාලන බලයට හිමිකම් කියනවුන්ය. එනිසා වික්ටර් ඉදිරිපත් කරන කුල පීඩනය පිළිබඳ පොදු අර්ථකථනයට ඔවුන් අයත් නැතැයි මම සිතමි.

සිංහලකම අතට ගැනීමට ඔවුන් හේතු හදා ගත්තේ ආර්ථික බලය වෙනුවෙනි. බි‍්‍රතාන්‍ය යටත් විජිත යුගයේ කොළඹ කේන්ද්‍රීය වෙළඳාම වැඩිමනත් පැවතියේ ඉන්දීය දෙමළ, පරවර, චෙට්ටි හා මුස්ලිමුන් වැනි වෙනත් සුළුතරයන් අත ය. එනිසා වෙළඳ ආධිපත්‍යය තමන් අතට ගැනීමේ වුවමනාව ඔවුන් සතු වූවකි. 1915 මුස්ලිම් කෝලාහලයත් හෙන්රි පේද්‍රිස් එහි වීරයෙකු ලෙස සැලකීමත් ඒ වෙළඳ තරගයේ ප‍්‍රකාශනයකි. ධර්මපාල ඊට සිංහල බෞද්ධ පදනමක් හදන්නට මහන්සි වූ අයුරුම, සීමාවන් සහිත වූවත් පිරිසිදු සිහල බසක් වෙනුවෙන් කුමාරතුංගගේ හෙළ හවුලද ඉටු කරනු ලැබූයේ සිංහල ජාතියේ අභිමානය සහතික කිරීමක්යැයි මම විශ්වාස කරමි. ජාතික පුනර්ජිවයේදී ආගමට වඩා වැඩි බලයක් බස සතු වන හෙයිනි. ලංකා ජාතික සංගමය බිඳී සිංහල මහ සභාව බිහිවන්නේද එබැවින් ය. මේ සිංහල ව්‍යාපාර කොළඹ හා නගර කේන්ද්‍රව පැවති හෙයින් පැරණි සිංහල කුල ධුරාවලියේ සම්මත ආන්තික කුල නියෝජනයක් ඒවාට නොලැබුණි. සිංහල ව්‍යාපාර බාර ගෙන සිටියේ වෙළඳාමට ඇතුළු වූ වෙරළකරයේ තහවුරු වූ අලූත් කුල සමග වහුම්පුර කුලයයි. සිංහල මහ සභාව 1947 දී එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමේදී ආණ්ඩු බලයට හවුල් වන්නට තීන්දු ගන්නේත් නගරයේ වෙළඳ ආධිපත්‍යය වෙනුවෙනි. ගම ඔවුන්ට එතරම් වැදගත් නොවුණි.

නිදහසින් පසු 1978 දක්වා කාලයෙහි වූ ආවරණය කළ ජාතික ආර්ථිකයෙහි පුළුල් වන නිදහස් වෙළඳ පලක් නොවුණි. එනිසා තරගකාරිත්වය සීමා වූ වෙළඳපල වෙනුවට රාජ්‍ය බලය අතට ගැනීම මේ සිංහල වෙළඳ ප‍්‍රජාවගේ දේශපාලන ව්‍යාපෘතිය විය. සිංහල මහ සභාවෙහි බණ්ඩාරනායක ඉදිරියට ගෙන ශී‍්‍රලනිප හැදීම සිංහල බලය සහතික කර ගැනීමට අවශ්‍ය වූ නායකත්වයක් හදා ගැනීමක් විය. එතැන් සිට රාජ්‍ය බලයට හවුල් වන්නට දෙමළ දේශපාලන පක්ෂ කළ සියලූ යෝජනා හා එක`ගතාවන් බිඳ දමන්නට සංඝ සමාජය මැදිහත් වීමත් මේ සිංහල වෙළඳ ප‍්‍රජාවගේ දේශපාලන වුවමනාවන්හි පලයක් වුණි. කන්ද උඩරට ශ්‍යාමෝපාලි සියම් නිකායට හා අස්ගිරි පාර්ශ්වයට ඒ දේශපාලනයෙහි වැදගත් ස්ථානයක් එකල නොවීමත් අමරපුර හා රාමන්න නිකායන් හදන්නට උරදුන් අලූත් කුල ප‍්‍රජාවගේ වාණිජ වුවමනාවන් ගැන කියන්නකි.

එය සහ 1971 ජවිපෙ කැරැුල්ල අතර එවැනි සිංහලවාදී සම්මුතියක් මම නොදකිමි. ජවිපෙ කැරැුල්ල පීඩිත සිංහල සමාජයට විමුක්තිය ලබා දෙන්නටයැයි ගැසූ කැරැුල්ලක් වූවත් එහි ගාමක බලය කුල පදනම් වූ සිංහලවාදී දේශපාලනයකැ’යි තීන්දු කිරීම අසාධාරණයැයි මම කියමි. එය සිංහල ග‍්‍රාමීය සමාජයේ කුල ධුරාවලියේ පහත පීඩිත තරුණ ප‍්‍රජාවට ආකර්ෂණයක් වූයේ සිංහලකම මත නොව, ඔවුන් එතෙක් මේ රටේ ආර්ථික කි‍්‍රයාවලියෙන් පිටමං කර තැබුණු නිසාවෙනි. නොදියුණුකමත් දුප්පත්කමත් සිංහල ග‍්‍රාමීය සමාජයේ ආන්තික කුල අතරත් ඇත්තේ ඓන්ද්‍රීය සම්බන්ධයකි. ‘මුන්ට මොන ඉංගී‍්‍රසිද මහත්තයෝ….’යැයි කීමත් ඊට එකතු වන්නකි. එනිසා ඔවුන්ගේ සහභාගිත්වය ’71 කැරැුල්ලට වැඩියෙන් ලැබීම සිදුවිය යුතුව තිබුණක් යැයි මම කල්පනා කරමි.

දකුණු රට වාණිජත්වයට එක්වූ කුල ප‍්‍රජාවගේ සිංහල අන්තවාදී පිබිදීම නැවත හමුවන්නේ ජයවර්ධන ජනාධිපති 1978 දී ජාතික ආර්ථිකය නිදහස් විවෘත ආර්ථිකයක් බවට පත් කළ පසුවය. එහි අවධානය යොමු නොකෙරෙන වඩාත් වැදගත් දේශපාලන සාධකයක් වන්නේ සියලූ දෝසාරෝපණ හා ඇ`ගිලි දිගු කිරීම් නොතකා ජයවර්ධන ජනාධිපති ඔහුගේ ආණ්ඩුවෙහි කර්මාන්ත ඇමති ලෙස සිරිල් මැතිව් තියා ගැනීම ය. වරක් සවසක මා සමග අල්ලාප සල්ලාපයේ යෙදුණු මහ නළු ගාමිණි ෆොන්සේකා කියුවේ ගුණරත්නම් වැනි දෙමළ ව්‍යාපාරිකයන්ට ‘83 ජූලියේදී කළ අපරාධවලට සිංහල සමාජයට පව් ගෙවා කෙළවර කළ නොහැකි බවය. ‘සිංහල සිනමා කර්මාන්තයක් නම් ආයේ හැදෙන්නේ නැහැ’යැයි ඔහු කීවේ කේන්තියෙනි. ’83 ජූලි දෙමළ සංහාරය සාමාන්‍ය දෙමළ ජනයා ඉලක්ක කෙරුවාට වඩා 1915 දී මුස්ලිමුන්ගේ කඩසාප්පු ඉලක්ක කළ අයුරු නගරයේ දෙමළ ව්‍යාපාර ඉලක්ක කෙරුණක් විය. මේ දෙමළ සංහාරයේදී සිරිල් මැතිව් වඩා වර්ධිත වඩා තරගකාරී සමාජ ආර්ථික පසුබිමක වඩා අන්තවාදී හෙන්රි පේද්‍රිස් කෙනෙක් විය.

ඉන් දිස්වෙන තවත් කරුණක් වන්නේ ඒ වනවිට සිංහල වෙළඳ ව්‍යාපාරයේ දේශපාලන නායකත්වය මැතිව්ලා අතට ගෙන තිබූ බව පමණක් නොව සිංහල අන්තවාදය වඩ වඩාත් නාගරික වාණිජ ව්‍යාපාරයක් බවට පත්ව තිබූ බව ය. එය සිංහලයේ වීර විදහන වැනි වෙළඳුන්ගේ පොදු ව්‍යාපාරයක් සඳහාත් අනතුරුව ලාංකික තරුණ ව්‍යාපාරිකයන්ගේ සංගමය (ඣශඛෑ* යැයි සිංහල වෙළඳ සංගමයක්ද බිහිවන්නට හේතු විය. ඇත්තෙන්ම විශ්වකුලයන් මේ වාණිජ සිංහලවාදයට පැටලෙන්නේ වීර විදහන සමගයැයි කිව හැක. එජාපයේ පළමු මහ ලේකම් ලෙස ශී‍්‍රමත් උක්වත්තේ ජයසුන්දර දසකයකට වැඩි කාලයක් සිටියත් ඔවුහු එවැනි දේශපාලනයක් ගැන උනන්දු නොවූහ. ඔවුහු මෙරට පුරෝගාමී විදුලි ඉංජිනේරු විමලසුරේන්ද්‍ර, ජාත්‍යන්තර කීර්තියට පත් නීතිඥ වීරමන්තී‍්‍ර සහ විනිසුරු ධර්මදාස විමලරත්න වැනි උගත් විද්වත් වෘත්තිකයන් හැදූ කුල පිරිසක් වූහ. එහෙත් නිදහස් විවෘත ආර්ථිකයෙහි විලාසිතා දියුණුවත්සමග දෙමළ ශිල්පීය වෙළන්දෝ ඔවුන්ගේ තරගකරුවන් බවට පත්වූහ. ඒ සමග ඔවුහුද සිංහල වාණිජ දේශපාලනයට එකතුවූහ.

එහෙත් ඒ කිසිවකින් සම්මත කුල ධුරාවලියෙහි සමාජ ආර්ථික කි‍්‍රයාවලියෙන් අතහැරුණු ග‍්‍රාමීය ආන්තික කුල ප‍්‍රජාව සිංහල අන්තවාදයට යොමු නොකෙරුණි. වික්ටර් කියන ආකාරයට ඔවුන් සිය ආන්තික ස්වභාවයට පිළිතුරු ලෙස දෙමළ විරෝධයට ගාල් නොවුණි. ඔවුන් දෙමළ විරෝධයට ගාල් වූයේ නම් වීර විදහන සිය පදනමට තබා ගෙන සිහළ උරුමය පළමුවරට තරග කළ 2000 මහ මැතිවරණයේදී ඔවුන් රටෙන්ම ඡන්ද 1,27,863 ක් (සියයට 1.47*ලබා ගෙන අසරණ වන්නේ නැත. එවර වැඩිම ඡුන්ද ලැබී තිබුණේ (6,302 ක්)_ මහරගමින්ය. දිස්ති‍්‍රක්කයක් ලෙස වැඩිම ඡන්ද තිබූයේ (49,671 ක්) කොළඹ ය. 2001 දී 50,665 (සියයට 0.56) ක් දක්වා ඔවුන්ගේ ඡුන්ද අඩු විය. එවරද වැඩිම ප‍්‍රතිශතය තිබූයේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන් ය. දිගාමඬුල්ල, අනුරාධපුර, හම්බන්තොට වැනි ග‍්‍රාමීය දිස්ත‍්‍රික්කවලින් ඔවුන්ට තිබුණේ දෙසීය පන්සීය වැනි අන්ත අසරණ සංඛ්‍යාවන් ය. සංඝයා වහන්සේ ඉදිරිපත් කර ඔවුන්ට 2004 දී ලබාගත හැකි වූයේද 5,52,724 කි. එවරද වැඩිම ඡන්ද තිබූයේ කොළඹ ය.

තවමත් වික්ටර් කියන්නාවූ සිංහල ග‍්‍රාමීය ආන්තික කුල ඉන්නේ ප‍්‍රධාන ධාරාවෙහි පක්ෂ සමග ය. මේ පක්ෂ හැම මැතිවරණයකදීම කොළඹද ඇතුළුව සෑම දිස්ත‍්‍රික්කයකටම අපේක්ෂකයන් ඉදිරිපත් කරන්නේ දිස්ති‍්‍රක්කයේ කුල නියෝජනයද සැලකිල්ලට ගෙන ය. ඉන් කියන්නේ තවමත් ජනතාව තම නියෝජිතයන් තේරීමේදී කුලයට වැදගත්කමක් දෙන බව ය. එහෙත් එපමණට ඔවුන් සිංහලවාදය ඊට එකතු කරගෙන නැත. වික්ටර්ගේ පැහැදිලි කිරීමට මට ඇත්තේ දෙමුහුන් උත්තරයක්යැයි කීවේ එබැවිනි. දෙමළ සමාජය මීට වෙනස් බව සැබෑය. ඒ ගැන වෙනම කතා කරන්නට බලාපොරොත්තු වෙමි.