සිව්මංසල කොලු ගැටයා

1948-2018 එසේ නොවී මෙසේ සිදු වූවා නම්..?

නිදහස ලැබී 70 වසරක් සපිරෙන මේ මොහොතේ අතීතාවර්ජනා බහුලයි. අප කොහොමටත් ඉතිහාසය බදා ගෙන එය යළි යළිත් අත් විදින්න කැමති ජාතියක්. ඉතිහාසය යම් තීරණාත්මක අවස්ථාවලදී වෙනස් විදියට දිග හැරීම සිදු වූවා නම්? අපේ වර්තමානය බෙහෙවින්…


විද්‍යුත් හැඳුනුම්පත හා ජාතික පුද්ගල නාමලේඛනය පනින්න පෙර සිතා බලමු!

1983 කළු ජූලියේ ප‍්‍රහාරකයන් සංවිධානගතව ක‍්‍රියාත්මක වූ බවත්, දෙමළ ජාතිකයන් වාසය කළ නිවාස හා දෙමළ හිමිකාරිත්වය තිබූ ව්‍යාපාරික ස්ථාන පිළිබඳව නිශ්චිත තොරතුරුවලින් සන්නද්ධව පැමිණි බවත් වාර්තාගතයි. මෙකී ගෘහස්ත තොරතුරු මහා පරිමාණයෙන් ඒකරාශි වී ඇත්තේ රජය…


අහසින් හා දිය යටින් ගමන් කරන මොරටු සරසවියේ ඩ්‍රෝන්

ඩ්‍රෝන් තාක්‍ෂණය ගැන මීට පෙර 2016 සැප්තැම්බර් 25දා ලිපියෙන් අප කතා කළා. අප මෙහිදී drone යනුවෙන් අදහස් කරන්නේ නියමුවන් රහිත, ස්වයංක්‍රිය කුඩා ගුවන්යානාවලට (UAV = unmanned aerial vehicles)’. මෙයට තවම සිංහල යෙදුමක් නැති නිසා ඩ්‍රෝන්…


රොබෝ මාධ්‍යවේදීන්ගේ ආගමනය හා අපේ මාධ්‍ය අනාගතය

1992 දී ඇරැඹි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, 2017දී විසිපස් වසරක් සපුරනවා. මේ කාලය පුරා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැදගත් හා තීරණාත්මක මෙහෙවරක් ඉටු කළා. එහෙත් එය සදා නොනිමි අරගලයක්. 2017දී අප සිටින්නේ පැවති දරුණු මාධ්‍ය මර්දනය පහව…


90 වසරකට පෙර සිදු වූ මහත්මා ගාන්ධිගේ ලංකා චාරිකාව

මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි (1869-1948) හෙවත් මහත්මා ගාන්ධි විසි වන සියවසේ ශ්‍රේෂ්ඨතම චරිතයන් අතුරෙන් කෙනෙක්. ඔහුගේ සන්නිවේදන හැකියාවන් ගැනත්, සඟරා කතුවරයකු හැටියට කළ හපන්කම් ගැනත් අප මේ තීරු ලිපියෙන් මීට පෙර කථා කළා (2015 ජූනි 14…


විද්‍යා ප්‍රබන්ධකරුවන් බියකරු අනාගතයන් ගැන අනතුරු අඟවනවා!

2017 අගෝස්තු මාසයේ පැවැති තෙවන වාර්ෂික Lanka ComicCon ජනප්‍රිය සංස්කෘතික උළෙලේදී මුල් වරට මෙරට විද්‍යා ප්‍රබන්ධ ගැනත් එක් සාකච්ඡා මඩුල්ලක කථාබහ කැරුණා. විදෙස්ගතව සිටි නිසා ඇරයුම් ලැබුවද එයට සම්බන්ධ වීමට මට නොහැකි වුණත් මේ ක්ෂේත්‍රය…


කස්තුරිගේ චාරිකා (1933-2017)

මගේ පියා ඩබ්ලිව් ඩී කේ (කස්තුරිරත්න) ගුණවර්ධන 84 හැවිරිදිව පසුගිය සතියේ මිය ගියා. ඔහුගේ ඉල්ලීම පරිදි අවමගුල ඉක්මනින් හා චාම්ව පැවැත්වුණා. වසර25 ක් පමණ ගුරුවරයකු ලෙස සේවය කළ පියා විශ්‍රාම ගිය පසු සක්‍රියව සමාජසේවා හා…


ලෝක පැවැත්මට තර්ජන ගැන අනතුරු අඟවන ලෝක විනාශයේ ඔරලෝසුව

උතුරු කොරියාව න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවත්, ඒවා දුර ගෙන යාමට සමත් මිසයිල තනා තිබෙන බවත් තහවුරු වීම සමඟ ලෝක සාමය පිළිබඳ සංවාද තීව්‍ර වී තිබෙනවා. උතුරු කොරියානු නායක කිම් ජොං උල් හා අමෙරිකානු ජනාධිපති…


ආසියාවේ විශිෂ්ටයන්ට පිරිනැමෙන රමොන් මැග්සායිසායි ත්‍යාගය

  රමෝන් මැග්සායිසායි ත්‍යාගයන්වාර්ෂිකව පිරිනමන්නේ විවිධ ක්ෂේත්‍රයන්ගෙන් විශිෂ්ට සේවයක් හෝ හපන්කම් කළ ආසියානුවන් කිහිප දෙනකුටයි. මේ ත්‍යාග පරිපාලනය කරන්නේ පිලිපීනයේ පිහිටි රමෝන් මැග්සායිසායි ත්‍යාග පදනම (Ramon Magsaysay Award Foundation) විසින්. 1957දී අරඹන ලද එය නම්…


විශ්ව ගවේෂණයේ පෙරමුණේ සිටින ලාංකික තාරකා විද්‍යාඥයා | රේ ජයවර්ධන

පූර්ණ සූර්ය ග්‍රහණයක් යනු සොබා දහමේ අසිරිමත් සිදුවීමක්. පෘථිවිය හා සූර්යයා අතරට චන්‍ද්‍රයා පැමිණීම නිසා හිරුගේ එළිය ටික වේලාවකට මුවා වීම සූර්ය ග්‍රහණයකට හේතුවයි. වසර 99කට පසු අමෙරිකාවට පූර්ණ සූර්ය ග්‍රහණයක් 2017 අගෝස්තු 21 වනදා…


ව්‍යාජ වෙනුවට සැබෑ ප්‍රජා රේඩියෝ ඕනෑකර තිබේ!

දකුණු ආසියාවේ පුරෝගාමී ප්‍රජා රේඩියෝව හැටියට පිළි ගැනෙන නේපාලයේ රේඩියෝ සාගර්මාතා ගැන 2017 ජූලි 16 වැනිදා මගේ තීරු ලිපියට ප්‍රතිචාර ගණනාවක් ලැබුණා. සමහරුන් සාගර්මාතා සැබැවින්ම ප්‍රජා රේඩියෝවක්දැයි ප්‍රශ්න කළා. ඔවුන්ට අනුව නාගරික හා අර්ධ නාගරික…


සමාජ මාධ්‍ය නියාමනය කළ හැකිද? කළ යුතුද?

ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය නියාමනය (regulation) කළ හැකිදැයි සිතීමට කාලය එළඹ ඇති බව අගමැතිවරයා ජුලි මස අගදී කොළඹ පැවති ජාත්‍යන්තර නීතිවේදී සමුළුවක් අමතමින් කී බව මාධ්‍ය වාර්තා කළා. වාර්තාවලට අනුව ඔහු මෙය මතු කොට ඇත්තේ…