ප්‍රවෘත්ති

විපක්ෂයෙන් අවබෝධතා ගිවිසුමක්

  විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම, දහහත්වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම හා මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම යන මූලික යෝජනා තුන ඇතුළත් සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ ප‍්‍රතිසංස්කරණ යෝජනා සම්බන්ධයෙන් වූ අවබෝධතා ගිවිසුම්වලට විපක්ෂයේ දේශපාලන…


ඉල්ලන්න කිව්වාම සජිත් බෑ කියයි

  එළැඹෙන ජනාධිපතිවරණයට එජාපයෙන් සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයාට ඉදිරිපත්වන්නයැ’යි රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිපදෙනකු මාර්ගයෙන් ඔහුගෙන් ඉල්ලා ඇතැ’යි ද සජිත් පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයා එය එකහෙළා ප‍්‍රතික්ෂේප කර ඇතැ’යිද එජාපයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසක් රාවයට පැවසූහ. එළැඹෙන ජනාධිපති…


කතෝලික සභාවට ගෝඨාගෙන් බලපෑම්

  පසුගිය ඔක්තෝබර් 21 වැනිදා කොළඹ අගරදගුරු නිවසේදී රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කතෝලික රදගුරු මණ්ඩලයේ සාමාජිකයන් හදිසියේම හමුවී ඇති අතර එහිදී පාප්වහන්සේගේ ශ‍්‍රී ලංකා ගමන කෙසේ හෝ සිදුවිය යුතු…


මේ වෙලාවේ සංශෝධන බැහැ – හෙළ උරුමය සමග සාකච්ඡාවේදී ජනපති කෝපයෙන් නැගිට යයි

  ජාතික හෙළ උරුමයේ නියෝජිත පිරිස හා ජනාධිපතිවරයා අතර පසුගිය ඔක්තෝබර් 21වැනිදා සවස පැවැති සාකච්ඡුාව විනාඩි විස්සක පමණ කාලයකට සීමාවූ බවද, එම කෙටි සාකච්ඡුාව අතරමගදී ජනාධිපතිවරයා කෝපයෙන් සාකච්ඡුා මේසයෙන් නැගිටගොස් ඇති බවද රාවයට වාර්තා වෙයි….


මහින්ද පරදිනවා

අරුණ ජයවර්ධන රටේ මැතිවරණ සංඛ්‍යාලේඛන යොදාගෙන කරන ලද විශ්වාසවන්ත හා තර්කානුකූල විශ්ලේෂණයකට අනුව ඉදිරි ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාට ජයග‍්‍රහණය කළ නොහැකි බවට පැහැදිලි වී තිබෙන බවද, කිසිවකු එය එසේ නොවන්නේයැ’යි කියන්නේ නම් ඒ ගැන තර්කානුකූූලව…


ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයි විවෘතව විමසිය යුතුයි

  ජනාධිපති මහින්ද රාජපක්ෂට තුන්වන වරටත් ජනාධිපති ධුරයට පත්විය හැකිද නැද්ද යන්න පිළිබඳව දැනට විවාදයට ලක්වී ඇති ආණ්ඩුක‍්‍ර ව්‍යවස්ථාවේ දහඅටවන සංශෝධනයේ ඇති කරුණු පිළිබඳව ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බව රාවයට වාර්තාවෙයි. පසුගිය 11වැනි…


මහින්දට තුන්පාරක් බැරි බව ස්ථිරයි! සරත් සිල්වාගේ තර්කය නීති ප‍්‍රවීණයෝ තහවුරු කරති

18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අඩුපාඩු සහිතව කෙටුම්පත් කිරීම නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂට තෙවැනි වරට ජනාධිපතිධුරය සඳහා තරග වැදීමට ඇති අවස්ථාව ගිලිහී ගොස් ඇතැ’යි නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෝ කියති. හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මුල්වරට ප‍්‍රසිද්ධියට…


ගෝඨාභයගේ විද්‍යාලයට බන්දුලගෙන් මිලියන 448ක්

  අධ්‍යාපන අමාත්‍යාංශයේ පාලනයෙන් තොරව එහි ප‍්‍රතිපාදන යටතේ ති‍්‍රවිධ හමුදාවේ හා පොලිිසියේ සේවය කරන පිරිසගේ දූ දරුවන් වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාපක්ෂ විසින් කොළඹ කොම්පඤ්ඤවීදියේ පවත්වාගෙන යනු ලබන ආරක්ෂක සේවා විද්‍යාලයට සිව්මහල් නේවාසිකාගාරයක් ඉදිකිරීම…


රනිල් ඉල්ලූවොත් අපිත් ඉල්ලනවා ජනතා විමුක්ති පෙරමුණ

  ඉදිරි ජනපතිවරණයට එජාපයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත්වන්නේ නම් තම පක්ෂයද අනිවාර්යයෙන්ම ජනපතිවරණයට තරග කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික බස්නාහිර පළාත් මන්ත‍්‍රී කේ.ඞී. ලාල් කාන්ත මහතා රාවයට පැවසීය. පොදු අපේක්ෂකයකු ජනපතිවරණයට ඉදිරිපත්…


සිරිමාවෝ විදුහලට ගිය නාමල් පච වෙයි

ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිත කාල්ටන් රගර් සෙවන්ස් තරගාවලිය පිළිබඳව කොළඹ ප‍්‍රධාන පෙළේ පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීම සඳහා පා.ම. නාමල් රාජපක්ෂ හා ගායක ඉරාජ් වීරරත්න ජූලි 31 දින කළ ප‍්‍රචාරණ වැඩසටහනකදී කොළඹ සිරිමා බණ්ඩාරනායක විද්‍යාලයේදී ඊට ගුරුවරුන්ගේ හා ශිෂ්‍යාවන්ගේ විරෝධය එල්ල වී ඇතැ’යි වාර්තා වේ. එදින රිජ්වේ ආර්යා ළමා රෝහල සමග ඒකාබද්ධව සිරිමා බණ්ඩාරනායක විදුහලේ ප‍්‍රධාන ශාලාවේ…


මාධ්‍ය සාකච්ඡාවලට ආණ්ඩුවෙන් කමිටුවක් – මෛත‍්‍රී, ජෝන්, නිමල්, විමල්, චම්පික කැපෙති

  ඉදිරි ජනාධිපතිවරණය හා අනෙකුත් මැතිවරණ ඉලක්ක කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය සහ පුද්ගලික මාධ්‍ය දේශපාලන වැඩසටහන් රජයේ අරමුණු ඉෂ්ඨ වෙන පරිදි මෙහෙයවා ගැනීමට ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාගේ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් චරිත හේරත්ගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත්…


අයිටීඑන් ඉඩම විකුණයි

  ආයෝජකයන්ට විකිණීම සඳහා කොළඹ නගරයේ ස්ථාන විස්සක ඇති ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවි ඇති අතර එහි…


දේශීය බැංකුවලින් කෝටි 2910ක් ණයට ගනී

  රට තුළ ජලසම්පාදන ව්‍යාපෘති තිහක් ක‍්‍රියාත්මක කිරීම සඳහා භාණ්ඩාගාර ඇපකරයක් සහිතව දේශීය බැංකු මගින් රුපියල් කෝටි 2910ක මුදලක් ලබා ගැනීම සඳහා ආණ්ඩුව තීරණය කර ඇති අතර එමගින් දේශීය බැංකුවල ද්‍රවශීලතා අගය ඉහළ ගොස් දේශීය…


රැම්පෝසා එනකොට විමල් ආණ්ඩුවෙන් යයිද?

  ආණ්ඩුවේ ආරාධනයක් අනුව ශ‍්‍රී ලංකාවේ බලය බෙදීම ගැන සාකච්ඡුා කිරීමට පැමිණෙන දකුණු අප‍්‍රිකානු විශේෂ නියෝජිත සිරිල් රැම්පෝසා මහතාගේ පැමිණීම හේතුවෙන් අමාත්‍ය විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක් ඇතැ’යි දැනගන්නට ඇත.  දොළොස් වැදෑරුම්…