අතිරික්තය පාලනය නොකිරීමෙන් දඹුල්ලේ එළවළු විනාශයි

රසික ගුණවර්ධන දඹුල්ලට තවම හිරු එළිය වැටී නැත. හිමිදිරියේ අවදි වූ කළු කපුටෝ නොනවතින කරච්චල් සද්දෙන් ආර්ථික මධ්‍යස්ථානය පුරවන්නේ තවම ගොවීන් එළවළු රැගෙන පැමිණ නැති නිසාය. කැහැටු ගැහුනු බල්ලකු ද ඊට එහායින් අත්කරත්තයක ගුලිවී නිදන…


එජාපයට ඕනෑ ආකර්ෂණීය නායකයෙක් හා වැඩපිළිවෙලක් ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ

නිමල් අබේසිංහ ඡායා – ටී.නඩරාසා විශ්වාසභංගය සම්බන්ධයෙන් දැනට එජාප මන්ත්‍රීවරු කරන්නේ කුමක්ද? විශ්වාසභංග යෝජනාව කියවගෙන ගිහිල්ලා අවසාන වශයෙන් තිබෙන්නේ මේ රජය කෙරෙහි තිබෙන විශ්වාසය නැතිවීම කියලයි. ඒ නිසා අපි එක්සත්ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීන්දුවක් අරගෙන…


රට වෙනස් කිරීම හා අධිකරණය II

වික්ටර් අයිවන් දැන් අපට ලංකාවේ අධිකරණයට ආවේණික ප්‍රධාන දෝෂ කෙරෙහි බලපා තිබෙන හේතු මොනවාදැයි සොයා බලන තැනකට යා හැකිය. නිදහසින් පසු 1972දී හෝ 1978දී තමන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගත් දේශපාලන නායකයන් හෝ ඒ සඳහා ක්‍රියා කළ…


විශ්වාසභංගය: උසිගැන්වීම හා පස්සට යෑම

විශ්වාසභංගයෙන් අගමැතිගේ ජයගැනීම උත්සවශ්‍රීයෙන් සමරනු දක්නා ලැබේ. අගමැතිවරයාද වහාම කළේ පාර්ලිමේන්තුවේ සිට ගංගාරාමය බලා ගමන් කිරීමය. විශ්වාසභංගයට හේතුවුණු ප්‍රශ්න උත්සවශ්‍රීයෙන් මකා දමනු නොහේ. එමෙන්ම ගංගාරාමයට නොව ජේතවනාරාමයට ගියත් උද්ගතවූ ප්‍රශ්නවලින් අගමැතිට නිරුත්සාහකව සැනසුමක් ලබනු නොහැකිය….


රනිල් වික්‍රමසිංහ කල් ඉකුත් වී ඇත

ටිරන් කුමාර බංගගමආරච්චි මේ අප්‍රේල් මාසයේ ආරම්භයයි. අප්‍රේල් මාසය පැරණි ජනවහරට අනුව හැඳින්වෙන්නේ ‘භාග්‍යවත්’ යන තේරුම දෙන ‘බක්’ මාසය යන නමින්. බක් මාසය ප්‍රසිද්ධ වසන්ත සැණකෙළියට. ඒ වගේම බක්මහ අකුණුත් ප්‍රසිද්ධයි. මාර්තු සහ අප්‍රේල් මාස…


සිරිසේන – වික්‍රමසිංහ දෙදෙනා ද මනුෂ්‍යයෝය.

ජයදේව උයන්ගොඩ ‘සිරකරුවෝත් මනුෂ්‍යයෝය’ යනු පසුගිය කාලයේ වැලිකඩ සිරගෙදර තාප්පයේ, අඟුරු වැනි කළුපාටින් ලියා ප්‍රදර්ශනය කර තිබුණු පාඨයකි. එය බන්ධනාගාර කොමසාරිස්තුමාගේද අවසරය ඇතිව, සිරකරුවන් පිරිසක් විසින්ම සිත්තම් කරන ලද්දකැයි එය දකින විට කෙනෙකුට හැඟේ. එහි…


ග්ලයිෆොසේට් තහනම හා ආණ්ඩුවේ කොන්ද පන නැති කම

අචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ දිනපතා පත්‍ර කීපයක පලවූ ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට විරුද්ධව රජයේ වෛද්‍ය සංගමය කරන ලද ප්‍රකාශනය කියවා මම පුදුමයට පත්වීමි. එම සංගමය ග්ලයිෆොසේට් සම්බන්ධව මෙවැනි ප්‍රකාශනයක් කරන ලද ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 2014…


සානුකම්පිත ජීවකයා විචාරශීලී හේතුවාදියා; වෛද්‍ය ආරියසේන යූ. ගමගේ

නාලක ගුණවර්ධන පසුගිය සතියේ අප අතරින් වියෝ වූ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ වෛද්‍යවරයකුගේ සමාජ මෙහෙවර මැනවින් හඳුනාගෙන, වෙදකමට පමණක් සීමා නොවී ක්‍රියා කළ අසාමාන්‍ය චරිතයක්. ඔහු ජීවකයෙක්, වෙද ඇදුරෙක්, ලේඛකයෙක්, සෞඛ්‍ය සන්නිවේදකයෙක් මෙන්ම හේතුවාදී…


විශ්වාසභංගය භංගවීමෙන් පසු

සුනන්ද දේශප්‍රිය සෑම සතුටකම අවසානයක් තිබේ. විශ්වාසභංගකරුවන්ගේ සතුටද එලෙසින්ම බදාදා සැන්දෑවෙහි අවසාන වී ගියේය. ඒකාබද්ධ විපක්ෂයේ විශ්වාස භංගයේ ප්‍රධානතම ප්‍රතිඵලය වූයේ අගමැති වික්‍රමසිංහට නොතිබූ විශ්වාසයක් ලබා ගැනීමට හැකිවීමයි. එජාපයට දැන් නව පෙනුමක් ලබා ගැනීමට අවස්ථාව…


අවි සංස්කෘතියට එරෙහිව නැගෙන යොවුන් හඬ!

ප්‍රභාෂ්වර සමස්ත ලෝක ජනගහනය හා සැසඳීමේදී ඇමරිකාවේ ජනගහන ප්‍රතිශතය 4.4%ක් වුවද ලොව පුරා තිබෙන තුවක්කු සංඛ්‍යාවෙන් 42%ක්ම ඇත්තේ ඇමරිකාවේය. 1982 සිට 2018 මාර්තු දක්වා, වෙඩි තැබීම් නිසා එරට තුළ සිදුව ඇති සමූහ ඝාතන සංඛ්‍යාව 90…


බුද්ධ ශාසනයත් පෙඩරල් නම් ව්‍යවස්ථාව ඒකීය වන්නේ කුමටද?

එම්.කුමාරගේ ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව ද බහු වාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික රාජ්‍යයකි.නමුත් ඉන්දියාවෙ හි පවත්නා සකලවිධ බහුවිධතාව යනු ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයට වඩා බෙහෙවින් සංකීර්ණය.එසේ වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ දී ඉන්දියානු නායකයන්ට පැවති…


ආණ්ඩුව ඉන්ධන මිල දරා ගැනීම බාල දේශපාල ගුණ්ඩුවක් මහාචාර්ය රොහාන් සමරජීව

සංවාදය – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර පහුගිය ආර්ථික දර්ශක අනුව ගත්තාම පේන කාරණය තමයි වසර කීපයක ඉඳන් යම් කිසි දුරකට ස්ථාවරව තිබුණු ආර්ථිකය වර්ධන වේගය ගෙවීගිය වසර තුළ සෑහෙන දුරට පහත වැටී තිබීම. මේ ගැන ඔබේ…


ඇෆ්ගන් හි අමෙරිකා – රුසියා සීතල යුද්ධය

එස්. නන්දලාල් ඇෆ්ගනිස්තානයේ කුන්දුස් පළාතේ දට්සේ ආචි ප්‍රදේශයේ ඉස්ලාම් ආගමික පාසලක (මාඩ්‍රාසා) පසුගිය 02දා පැවැති උත්සවයකට රජයේ හමුදා මගින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් 150ක් පමණ දෙනාට හානි සිදුවන්නට ඇතැ’යි තාලිබාන් ප්‍රකාශකයකු පැවසූ බව ඒඑෆ්පී…


අවුරුදු අධිෂ්ඨානය

උපාලි කොළඹගේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළඹෙනුයේ ලබන සතියේ අග්ගිස්සේය. එහෙත් අවුරුදු සමය දැන් සිටම ඇරඹී ඇත. සිදාදියේ හැම කඩපොළක්ම සාමාන්‍ය ජනතාව ගෙන් පිරී ඉතිරිලාය. අවුරුද්දට ජනතාව දක්වනුයේ පුදුම උනන්දුවකි. ඇතැම් අය මේ පිළිබඳව…