ravaya
83, පිළියන්දල පාර, මහරගම. දුරකථන: 2851672 / 2851673 කර්තෘ මණ්ඩලය: 2842064 බෙදාහැරීමේ අංශය: 2896330 ෆැක්ස්: 2851814 ඊමේල්: ravaya@gmail.com

අධිකරණය ගැන නැවතත්

දිසාවිනිසුරු අරවින්ද පෙරේරා ගැන අපි ගිය සතියේ ලීවෙමු. විනිසුරුවරයකුට අමතරව ව්‍යාපාරිකයකුද වන ඔහු බැංකු හා මූල්‍ය ආයතන ගණනාවකින් ලබාගත් ණය හා ණයපත්වලට අදාළ මුදල් නැවත නොගෙවීම නිසා ණය තොරතුරු කාර්යාංශයේ අසාධු ලේඛනගත පුද්ගලයකු ලෙස සිටිද්දීත් දිසා විනිසුරුවරයකු ලෙස කටයුතු කරන්නේ කෙසේදැයි ප‍්‍රශ්න කළෙමු. මේ ගැන පැමිණිලි අධිකරණ සේවා කොමිෂන් සභාවටද ලැබී තිබුණේය.

මේ සතිය වන විට දිසාවිනිසුරුවරයාගේ රාජකාරි කටයුතු අත්හිටුවා ඔහු ගැන පරීක්‍ෂණයක් කරන්නට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. එම පියවර යුක්තිය අගය කරන, පිරිසිදු හා ස්වාධීන අධිකරණයක් ඉල්ලා සිටින කොයිකාගේත් ප‍්‍රසාදයට හා ගෞරවයට පාත‍්‍රවන දෙයකි.

අධිකරණ බලය ජනතාවගේය. එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී තිබෙන පරමාධිපත්‍ය බලතල පහෙන් එකකි. ජනතාවගේ එම අධිකරණ බලය රටේ අධි...




[Sunday, September 16, 2012]

නැගෙනහිර පළාත් සභාවේ බලය පිහිටුවා පවත්වාගෙන යෑම සඳහා පැහැදිලි බහුතරයක් ආණ්ඩුවට හෝ දෙමළ ජාතික සන්ධානයට නොමැතිවීම තුළ එම පළාත් සභාවේ බලය ලබාගැනීම සඳහා සහාය ලබාදෙන්නේ කාටද යන්න පිළිබඳව සැප්තැම්බර් 13 වැනිදා රාත‍්‍රී පත‍්‍රය මුද්‍රණයට යන අවස්ථාව වනවිටත් ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය තීරණයක් ගෙන නොතිබුණද එම පක්ෂයේ ආරංචි මාර්ග ප‍්‍රකාශ කරන්නේ ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කර ඇති බවයි.

දැනට ආණ්ඩුව තුළ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය දරන ඇමති ධුර හා අනෙකුත් තනතුරු ආරක්ෂා කරගැනීම සඳහාත් නැගෙනහිර පළාත් සභාවේ බලය ආණ්ඩුවට ලබාගැනීම සඳහා සහාය දැක්වීම මගින් තව තවත් වරප‍්‍රසාද ආණ්ඩුවෙන් ලබාගැනීම සඳහාත් එවැනි තීරණයකට එළැඹිය හැකි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.

නැගෙනහිර පළාත් සභාව සඳහා ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයෙන් තේරී පත්වූ අපේක්ෂකයන් හා පක්ෂයේ නායකත්වයේ පිරිස් අතර පැවති පළමු සාකච්ඡාවේදී සහාය ලබාදෙන්නේ කාටද යන්න තීරණය කිරීමට නොහැකි වූ අතර ඉන්පසුව රැස්වූ එහි උත්තරීතර මණඩලයටද ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නොහැකි විය.

මුස්ලිම් කොංග‍්‍රසයේ දේශපාලන මණ්ඩලය මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සැප්තැම්බර් 15 වැනිදා රැස්වීමට නියමිත බව දැනගන්නට තිබෙන අතර බොහෝවිට එළැඹෙන සතියේදී පක්ෂයේ තීරණය ප‍්‍රකාශයට පත්වෙනු ඇතැ’යි දැනගන්නට ලැබේ.

ආණ්ඩුවද නැගෙනහිර පළාත් සභාවේ බලය පිහිටුවීම සඳහා සාකච්ඡා කිරීමට බැසිල් රාජපක්ෂ, අනුර ප‍්‍රියදර්ශන යාපා, සුසිල් පේ‍්‍රම්ජයන්ත් හා ඩලස් අලහප්පෙරුම ඇතුළත් කමිටුවක් පත්කර ඇති අතර ඔවුන් සමග මුස්ලිම් කොංග‍්‍රසය සාකච්ඡා කරනු ඇති බවද දැනගන්නට ඇත.

නැගෙනහිර බලය පිහිටුවීම පිළිබඳව අමාත්‍ය රිෂාඞ් බදියුදීන් හා ඒඑල්එම් අතාවුල්ලා අතරද සාකච්ඡා පැවැත්වී ඇති අතර එහිදී සාකච්ඡා වී ඇත්තේ මුස්ලිම් අපේක්ෂකයකුට නැගෙනහිර මහ ඇමති ධුරය හිමිවිය යුතු බවයි.




Line
Sri Lanka