දිනී ජයසේකර

සොබාදහමට අනුගත නොවන මිනිසා සොබාදහම සිය අණසකට නතු කර ගැනීමට නිරතුරුව වෑයම් කරයි. එහිදී ස්වාභාවික ආපදා තත්ත්වයන් ඇතිවීම, වසංගත රෝග පැතිර යාම මිනිසාගේ අදුරදර්ශී ක‍්‍රියා කලාපයන්හි අනිටු ප‍්‍රතිවිපාකයන් බැව් ගෙනහැර දැක්විය හැක. ලොව පුරා ව්‍යාප්ත වී ඇති මාරාන්තික කොවිඞ් වසංගත රෝගය පැතිර යාම ද මිනිස් ක‍්‍රියාකාරකම්වල අයහපත් ප‍්‍රතිඵලයකි. මෙම පීඩාකාරී තත්ත්වයට ගොදුරු වී සිටින ලාංකීය දෘශ්‍යාබාධිත පුරවැසියන් ප‍්‍රමුඛ සමස්ත ආබාධිත ප‍්‍රජාව මුහුණපාන දුෂ්කරතාවන් බොහෝය. එසේ තිබියදීත් ඔවුන් වෙත කිසිදු අවධානයක් මෙතෙක් යොමු නොවීම ඔවුන්ගේ අවශ්‍යතාවන් හඳුනා නොගැනීමද යන්න ප‍්‍රශ්නයකි. මේ ඔවුන්ගේ කතාවයි.

ස්පර්ශක බිය

දෘෂ්‍යාබාධිත පුද්ගලයෙකු සුදු සැරයැටිය ආධාරව තම ගමනාන්තය වෙත ළඟාවන විට එකී ගමනාන්තය පුරාවට ස්පර්ශ ආධාරක ආවස්ථා ද බොහෝ ඇත. එය හුදෙක් දෘෂ්‍යාබාධිත අයවලූන් සැරයැටියට අමතරව යන මග විනිශ්චය කර ගැනීම සදහා යොදා ගන්නා උපක‍්‍රමයකි. නමුත් කොවිඞ් 19 වසංගතය පැතිර යාම පිළිබඳව කළ හැඳින්වීමේදී බහුතර ජනතාව ස්පර්ශක අවස්ථාවන්ගෙන් මිදී කටයුතු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානවලින් පවා දැනුම් දුන්නා අපට මතකය. එවැනි වටපිටාවක දෘෂ්‍යාබාධිත පුද්ගලයකු ස්පර්ශක අවස්ථාවලින් මිදී තම ගමනාන්තයට ළඟාවීම යනු ඔවුනට එය ඉතා අපහසු ක‍්‍රියාවලියක් බැව් කිව යුතුය. මේ ඒ සම්බන්ධව පී. සම්පත්ගේ අදහසයි.

”ඇත්තටම ගොඩක් අය දන්නවා අපි සැරයටිය පාවිච්චි කරන මොහොතකම අපේ අනෙක් අත ස්පර්ශක අවස්ථාවලින් තමයි අපේ ගමන් මාර්ගය අපි තීරණය කරගන්නේ කියලා. ඒවගේ වටපිටාවක මේ උද්ගතවෙලා තියෙන තත්ත්වෙත් එක්ක අපිට ස්පර්ශක අවස්ථා අඩු කරමින් කටයුතු කරන්න සිදු වෙලා තියෙනවා. ඒක ඇත්තටම අපිට ඉතා අපහසු වැඩක්. මොකද ඕනම කෙනෙක් දන්නවා අන්ද මනුස්සයෙක්ගෙ ඇස් දෙක අත් දෙක කියලා. ඒ නිසා අපිට ස්පර්ශක අවස්ථා මගහරිමින් ගමන යෑම අපහසුයි. ඒ වගේ වටපිටාවක අපි වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් යොදලා නැහැ.”

ස්වභාව ධර්මයා විසින් මනුෂ්‍යයෙක්ට යම් දෙයක් අහිමි කරන්නේ තවත් දෙයක් ලබා දෙමිනි. දෘෂ්‍යාබාධිත පුද්ගලයෙකු වුවද සම්පත් පවසන පරිදි ඇස් දෙක අහිමි වූවත් අත් දෙක සහ ශරීරයේ ස්පර්ශක අවස්ථාවන්වලින් තමන්ට අත්වීමට ඇති භයානකත්වය පැහැදිලි කරගන්නේය. එවැනි වටපිටාවක කොවිඞ් 19 පැතිර යාමේ අවදානම ස්පර්ශක අවස්ථාවලින් පැතිරයාමේ අවධානම ශීඝ‍්‍රයෙන් සිදුවන්නේ නම් ඊට නිතර නිරත අත් පවා විෂබීජහරණය කළ යුතුව ඇත. නමුත් අප සියල්ලන්ම දන්නා පරිදි ඔවුන්ගේ රැුකියා අවිනිශ්චිතතාව ඉතා වැඩිය. ඉන් ආර්ථිකය නොහිතනා විදියකට ඔවුනට බලපෑම් කරන බව නිශ්චිතය. එවැනි අවස්ථාවක දෘෂ්‍යාබාධිත ප‍්‍රමුඛ සියලූ ආබාධිත අයවලූන් සිටින්නේ අවදානම් තත්ත්වයක නොවේ ද?

”අපි දැන් ගොඩක් දුරට අපේ අවශ්‍යතාවන් සීමා කරලයි ජීවත් වෙන්නේ. අපේ බොහෝ අය මුදල් එක්රැුස් කරගත්තේ ටිකට් විකුණලා. කපුරු, පහන්තිර සහ හඳුන්කූරු වගේ දේවල් විකුණලා. දැන් එහෙම ඒව විකුණන්න පාරෙ යන්න විදියක් නැහැ. බස්වලටවත් ගොඩ වෙන්න විදියක් නැහැනේ. ඉතින් ඒ නිසා අපේ ආර්ථික තත්ත්වය එන්න එන්න පහළ මට්ටමකට වැටෙනවා. දෘෂ්‍යාබාධිත අය වගේම අනෙකුත් ආබාධිත සියලූදෙනාට පහසු වැඩපිළිවෙළක් රජය මැදිහත්ව සිද්ධ කරනවා නම් හොඳයි කියලා හිතෙනවා. මොකද සමහර වෙලාවට ගෙදර උදවිය නොකා නොබී වතුර උගුරක් දෙකක් බීල දවස ගෙවා ගන්නවා. ” එසේ පැවසුවේ කේ. රංජන්ය.

සමෘද්ධියේ 5000ත් නැහැ

”ඇඳිරි නීතිය දාල තිබුණු කාලවකවානුවේ සමෘද්ධිලාභීන්ට රුපියල් 5000ක මුදලක් ලබා දුන්නානේ. නමුත් ඒ මුදල් අපේ සමහරක් අයට ලැබුණා. හැබැයි අපිට ලැබුණේ නැහැ. අපි ඒ ගැන ප‍්‍රශ්න කළාම සමෘද්ධි නිලධාරීන් කිසිම දෙයක් නොකියා හිටියා. ඇත්තටම අපි අබාධිත වුණු පළියට වෙනම මිනිස්සු කොටසක් වෙන්නෙ නෑනේ නේද? ඉතින් අපිට එහෙම කරන එක වැරදියි නේද?” එසේ සමන් කුමාර කළ ප‍්‍රශ්න හමුවේ අප නිරුත්තර විය.

ලංකාවේ පමණක් නොව ලෝකය පුරා නොයෙක් වර්ගයේ ආබාධිත පුද්ගලයන් සිටින වග අප දන්නේය. නමුත් ලංකාව වගේ රටක යම් පුද්ගලයෙක් කිනම් හෝ ආබාධයකින් පෙළෙන්නේ නම් සමාජය විසින් ඔවුනොවුන්ව හැකි තරම් තලා පෙලා දමන්නට උත්සාහ කරන්නේය. ඊට කදිම නිදසුන වන්නේ දිනක් අප දුරගමන් සේවා බස් රථයක් අසල නතරව සිටි විට සුදු සැරයටියක් අතට ගත් පුද්ගලයෙකු පැමිණෙනා ආකාරය දුටුවේය. පසුව අප පසෙකට වී ඔහුට ඉඩ ලබා දුන්නද මාර්ගයේ සිටි අනෙක් අය ඔවුනට ඉඩ ලබා නොදුන්නේය. සමහරු සැරයටියට පයින් ගසා ”ච්ච” යන්න ශබ්ද නැගීය. එකවර අහස පොළවට කඩාපාත් වූවා වැනි හැඟීමකින් අප මුහුණට මුහුණ බලාගත්තේය. එවෙලෙහි ක්ෂණයෙන්ම අපට සිතුණේ එතැන් සිට මුළු මහත් සමාජයේම පිරිහීම ආරම්භ වී ඇතැයි යන්නය.

දෘෂ්‍යාබාධිත ප‍්‍රමුඛ අනෙකුත් සියලූ ආබාධිත අයටද භේද නොකර සමෘද්ධිය ලබා දිය යුතුව ඇත යන්න කියන්නට කැමතිය. මන්ද අපි සියල්ලෝම මනුෂ්‍යයන් බැව් සිහියට ගත යුතු නිසාවෙනි. පවතින තත්ත්වය කාටත් අපහසු බැව් අප දන්නේය. එසේ නම් එකිනෙකාට උදව් කරගනිමින් යා යුතු ගමනක් වේද එය එසේ කිරීමට බහුතරය වග බලාගත යුතු නොවේද? රටේ පාලකයන් වුවද රටේ සුබ සිද්ධිය සේ ම මහජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන්ද කටයුතු කළ යුතුව ඇත. මන්ද ඔවුනට බලය පතුරවා ගැනීමට ආබාධිත නොවන කියා වෙන වෙනම ඡුන්ද ක‍්‍රම පැවතියේ නැත. එනිසාවෙන් සියල්ලටම එක හා සමාන අයිතීන් ඇති පාලකයන් පවා තේරුම් ගත යුතුව ඇත.

පොදු ප‍්‍රවාහනය සහ අපි

”එදිනෙදා ස්වයං රැුකියාවක් තුළින් හෝ එසේත් නැතිනම් තමන් කරන කුමන හෝ කාර්යයක් තුළින් ජීවිකාව සපුරා ගැනීම සාමාන්‍ය ජනතාවට මෙන්ම අපටද ජීවිතය තුළ ඇති පොදු කරුණයි. නමුත් අද වන විට දෘශ්‍යාබාධිත පුද්ගලයකුට සුදු සැරයටිය ආධාරයෙන් පවා මහ මගට බැසීමට හැකියාවක් නොමැති වී තිබෙනවා. අපට මහමග ගමන් කිරීමට සහ යම් යම් ස්ථාන පිළිබඳව දැනුවත් වීමට එමෙන්ම තමන් අත ඇති මුදල් පිළිබඳව නිර්වද්‍යතාව ලබාගැනීමට සමාජයේ වෙසෙන සාමාන්‍ය ජනතාවගේ උදව් උපකාරයන් අත්‍යවශ්‍ය වෙනවා. එහෙත් ඛේදනීය තත්ත්වය නම් මා පෙර සඳහන් කළ කිසිදු උපකාරයක් සාමාන්‍ය ජනතාවට අප වෙනුවෙන් දුරස්ථභාවය රැුකගනිමින් සිදුකිරීමට නොහැකි වීමයි.

දෘශ්‍යාබාධිත පුද්ගලයින් ප‍්‍රමුඛ ආබාධිත ප‍්‍රජාවේ බහුතරයක් තම ගමනාගමන පහසුකම් සපයා ගනු ලබන්නේ පොදු ප‍්‍රවාහන සේවාව තුළින් බව ප‍්‍රකාශ කිරීම අතිශයෝක්තියක් නොවේයි කියලා මම හිතනවා. පොදු ප‍්‍රවාහන සේවා භාවිත කිරීමේදී පිළිපැදිය යුතු මාර්ග උපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ප‍්‍රකාශයට පත් කරන ඇති බව අපි දන්නවා. එහි දක්වා ඇති මාර්ගෝපදේශ එකින් එක විස්තර කළ යුතු නැහැනේ. තවද, එම මාර්ගෝපදේශ මාලාව සම්බන්ධයෙන් කිසිදු වරදක් කීමේ අවශ්‍යතාවක් ද අපට නැහැ. මෙහි ඇති මාර්ගෝපදේශයන්ට යටත්ව පොදු ප‍්‍රවාහන සේවා භාවිත කිරීමේ හැකියාවක් අපට නොමැති බව කනගාටුවෙන් ප‍්‍රකාශ කළ යුතු වෙනවා. ඇත්තටම එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ වෙනත් කිසිවෙකුගේ වරදක් නොව, පෘෂ්ඨයන් ස්පර්ශ නො කොට පොදු ප‍්‍රවාහන සේවය භාවිත කිරීම දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට අසීරු කටයුත්තක් වන නිසායි. එනිසා අපට අපේ ජීවිකාව ගෙන යෑමේ අපහසුතාවක් තිබෙනවා. එය සරල කර ගැනීමට උදව්වක් තිබේ නම් ඒක ඉතාමත් වටිනවා කියලා අපි හිතනවා.” එසේ පැවසුවේ දෘෂ්‍යාබාධිතයෙකු වූ පුබුදුය.

සරල සිද්ධි දාමයක් මත කැරකී පෙළගැසෙනුයේ පැහැදිලිවම මේ මොහොතේ විශේෂ ආබාධිත සහිත පුද්ගලයන්ට අනෙකුත් පිරිස් සේ සමාජයේ හැසිරීමෙන් තම දෛනික කටයුතු කරගෙන යෑමේ අපහසුතාව නොවේද? ඔවුන් මතුකරන පොදු කාරණය මත නිසැකවම ඔවුන් මුහුණදෙමින් සිටින්නේ ගැටලූකාරී තත්ත්වයකටය. ඒ වෙනුවෙන් පවතින ආණ්ඩු සේ ම රටේ සාමාන්‍ය ජනතාවගේද උදව් අවශ්‍ය බැව් අපට සිතේ.

ආබාධිත තත්ත්වය පිට පැටවීම

පුබුදු කළ අදහස් දැක්වීම හරහා ඔහු පැවසූ අනෙක් කාරණාව නම්,
”කොවිඞ් 19 දෙවන රැුල්ලෙහි ආරම්භයත් සමග අප රටේ වයස අවුරුදු දහනවයක් පමණ වන ආබාධිත තරුණයකු කොවිඞ් වෛරස අවදානම හේතුවෙන් මරණයට පත් වූ බව අසන්නට ලැබුණා. එහිදී ඔහුගේ මරණයට හේතුව ලෙස සෞඛ්‍ය අංශ දක්වා තිබුණේ ඔහුට කුඩා කල සිට ශරීර ආබාධයක් පැවති බවයි. කොවිඞ් 19 වෛරසය වැළඳීමෙන් ආබාධිත පුද්ගලයින් මරණයට පත්වීමේ සම්භාවිතාවක් පිළිබඳව අප එතෙක් අසා තිබුණේ නැහැ. කොවිඞ් 19 හේතුවෙන් අප රටේ මෙතෙක් සිදු වූ මරණ සියල්ලක්ම පාහේ සිදුවී ඇත්තේ නිශ්චිත හේතුවකින් බව සෞඛ්‍ය අංශවල මතයයි. මේ අයුරින් ගත් කල ආබාධිත පුද්ගලයින්ට වෛරසය වැළඳීමේ වැඩි හැකියාවක් ඇති බව සඳහන් කරන අතර ආබාධිත පුද්ගලයින් ලෙස අපි අපගේ ආරක්ෂාව සලසා ගැනීම වැදගත් වේ යැයි අපි සිතනවා. කුමන හෝ හේතුවකින් වෛරසය වැළඳී ආබාධිත අයෙකු මරණයට පත් වූ විට එම මරණය ආබාධිත තත්ත්වය හේතුවෙන් සිදු වූවක් බව පවසමින් නොසලකා හැරීම තමයි සිදු කරන්නේ. ඇත්තටම එසේ සිදු නොකළ යුතු යි කියලා අපි හිතන්නේ.”

කොවිඞ් 19 වැළඳ මරණයට පත් අයවලූන්ගේ නිදන්ගත රෝගයන් සොයා ඒ පිට ගසා කොවිඞ් 19 මරණ අඩු කිරීමට වත්මන් ආණ්ඩුව උත්සාහ ගත් බව ප‍්‍රසිද්ධ රහසකි. එහිදී මරණයට පත් පුද්ගලයාගේ ඇති පෞද්ගලිකත්වය සමාජයක් ඉස්සරහ දිග හැරීම ඉතාමත් කැත බැව් අපටද වැටහුණි. නමුත් කෙනෙකුගේ ආබාධිත තත්ත්වයක් මූලික කරගනිමින් කොවිඞ් මරණ එපිටට අතහැරීම උගත් බුද්ධිමත් රජයක් විසින් නොකළ යුතු දෙයක් වග ඔවුන්ගේ අදහසේ පැහැදිලි කිරීමයි. එනිසා වත්මන් තත්ත්වය හමුවේ රටේ අබාධිත ඡුන්ද අයිතිය හිමි පුරවැසියන්ට දෛනික රැුකියාව කරගෙන යෑමේ වැඩපිළිවෙළක් සකස් විය යුතුය. රටක ජනතාව හිඟමන දක්වා ඇද වැටෙන්නේ රටේ පවතින ආර්ථික කඩා වැටීම නිසාවෙන් වග අප සියල්ලෝ දන්නේය. එසේ නම් කෙනෙකුට හිඟා කන්න එපා යැයි කියන්නට බැරිය. මන්ද ඒ සියල්ලටම පවතින සහ පැවති සියලූ ආණ්ඩු වගකිවයුත්තෝ වන බැවිනි.