නිමල් අබේසිංහ

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට පමණක් සියයට 130කින් වැටප් ඉහල යන පරිදි හොර පාරෙන් ක‍්‍රියාවට නැගු ඊ ස්කේල් නම් විශේෂ ඉංජිනේරු වැටුප් ක‍්‍රමය අවිධිමත් ලෙස සැකසු පක්ෂග‍්‍රාහි වැටුප් ක‍්‍රමයක් බව මේ වන විට අනාවරණ වී තිබේ. 2014 නොවැම්බර් 27 වැනි දින එවකට ලංකා විදුලි බල මණ්ඩලයේ උප සභාපතිවරයාව සිටි මහාචාර්ය ඉංජිනේරු කපිල පෙරේරා විසින් මෙම අවිධිමත් වැටුප් ක‍්‍රමය සකසා ඇති බව ද හෙලි වී තිබේ. වර්තමානයේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වරයා වන මහාචාර්ය කපිල පෙරේරා විසින් එම වැටුප් ක‍්‍රමය සැකසීමේදී ඉංජිනේරුවන්ගේ අදහස් මිස අනෙකුත් සේවකයින්ගේ අදහස් හා යෝජනා සැළකිල්ලට ගෙන නැත. එවකට ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එක් දිනක් තුළ මෙම වැටුප් ක‍්‍රමය සකසා දෙන ලෙස ඉල්ලූ නිසා මහාචාර්ය කපිල පෙරේරා විසින් මේ ආකාරයට අවිධිමත් වැටුප් ක‍්‍රමයක් සැකසු බව පිළිගෙන ඇත. මේ වැටුප් වැඩිකිරීම ක‍්‍රියාත්මක කළේ ඊ මේල් පණිවිඩයක් මගිනි. ඉංජිනේරු සේවා, ගණකාධිකරණ සේවා, තොරතුරු තාක්ෂණික සේවා යන අංශ සදහා ද වැටුප් පරිමාණ ක‍්‍රියාවට නගන ලෙස තීරණය කර තිබිණි. එසේ තිබියදී අනෙක් නිලධාරී කණ්ඩායම් සදහා කිසිදු සැලකිල්ලක් නොදක්වා එක රැුයකින් ඉංජිනේරු සේවාවට පමණක් විශේෂිත වැටුප් ක‍්‍රමයක් හඳුන්වාදුන්නේ ඉංජිනේරුවන්ගේ බල අධිකාරියට යට වෙමිනි. ඉතා පුළුල් අධ්‍යයනයනයකින් පසුව කළ යුතු ක‍්‍රියාවලියක් වුවද මෙම ඉංජිනේරු වැටුප් පරිමාණය එක් දිනක් තුළ සකස් කළ බව එය සකස්කළ එවකට ලංවිම උප සභාපතිවරයෙක් ද වු මහාචාර්ය කපිල පෙරේරා පිළිගෙන තිබිණි. වෘත්තියෙන් ඉංජිනේරුවකු වන මහාචාර්ය කපිල පෙරේරා විසින් සකස් කළ මෙම අවිධිමත් වැටුප් ක‍්‍රමය හේතුවෙන් ලංවිම සියලූ සේවකයෝ මේ වන විට නොසන්සුන් වී සිටිති. 26000ට ආසන්න සේවක පිරිසක් සිටින ලංවිමෙහි 1200ක් පමණ වු ඉංජිනේරු පිරිසෙහි වුවමනාව මත අක‍්‍රමවත් හා අසාධාරණ වැටුප් ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීම නිසා ලංවිම සියලූ සේවකයින්ට එහි අනිටු ඵල විපාක විදීමට සිදුව ඇත. මෙවැනි අවිධිමත් හා අක‍්‍රමවත් නිර්දේශ ඉදිරිපත් කළ මහාචාර්ය කපිල පෙරේරා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස මෙම රජය විසින් පත්තර ඇත්තේ අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ ද ලංවිමට සමාන නොසන්සුන්තාවයක් නිර්මාණය කිරීමට දැයි ඇසිය යුතු ඇත.

ලංවිමෙහි ක‍්‍රියාත්මක වෘත්තීය සමිති 48ක් තිබියදී ඉංජිනේරුවන්ගේ වෘත්තීය සමිතියෙහි ඕනැ එපාකම් වලට පමණක් ඇහුම්කන්දෙමින් මහාචාර්ය කපිල පෙරේරා මෙම වැටුප් වැඩිකිරීමේ නිර්දේශය සකසා ඇත. ඊ ස්කේල් ලෙස නම් කළ එක් දිනකින් සැකසු මෙම අරුම පුදුම සහ අධික වැටුප් වැඩිකිරීම හරහා ලංවිමට දරන්නට සිදුවු අමතර වැය බර වසරකට මිලියන 1000කට ආසන්නය. ඒ් අනුව පසුගිය වසර 5 තුළදී ඉංජිනේරුවන්ට පමණක් ගෙවා ඇති අසාධාරණ වැටුප් වැඩිවීමෙහි වැයබර රුපියල් බිලියන 5ක් හෙවත් කෝටි 500කට අධිකය. සුවිශේෂිත ඉංජිනේරු වැටුප් ක‍්‍රමය 2015 ජනවාරි 8 වැනිදා ක‍්‍රියාවට නැගීමෙන් අනතුරුව ඉංජිනේරුවන්ට පමණක් සියයට 130ක පමණ උපරිම වැටුප් වැඩිවීමක් ලබාදුනි. ඉන් අනතුරුව අවස්ථා දෙකකදී ද සමස්ත ලංවිම සේවකයින්ට ලබාදුන් වැටුප් වැඩිවීමද ඉංජිනේරුවන්ට ලැබුණි. අත්තනෝමතික වැටුප් වැඩිකිරීම හේතුවෙන් ලංවිම තුළ වැටුප් විෂමතාවය උග‍්‍ර අතට හැරුණි. එක් ප‍්‍රධාන වෘත්තීය සමිතියක් අධිකරණයෙහි පිහිට පැතුවේ ලංවිම බලධාරීන් විසින් මේ වැරැුද්ද නිවැරැුදි නොකරන බවට ඒ්ත්තු ගිය නිසාය. සී ඒ්/රිට්/193/2015 දරන නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත්කෙරුණේ 2019 අපේ‍්‍රල් මස 2 වැනි දාය. අභියාචනාධිකරණය සිය තීන්දුවෙන් කියා සිටියේ ඉංජිනේරුවන්ට පමණක් සුවිශේෂිත වු වැටුප් වැඩිකිරීම මුලූමනින්ම හිස් සහ බලරහිත බවයි. ඒ් අනුව 2015 දී ඉංජිනේරුවන්ට පමණක් ලබාදුන් 130% වැටුප් වැඩවීම පමණක් නොව අනතුරුව ලබා දුන් වැටුප් වැඩිවීම්ද බලරහිත බවට පත් වේ. ඒ් අනුව අධිකරණ තින්දුව ක‍්‍රියාත්මක වුණා නම් සිදුවිය යුතුව තිබුණේ 2015 ජනවාරි 8 වැනි දිනට පෙර පැවති වැටුප් ක‍්‍රමය ක‍්‍රියාවට නැගීමයි. එහෙත් ලංවිම බලධාරීන් හා ඉංජිනේරුවන් කූඨ ලෙස අධිකරණ නියෝගය කඩාගෙන 2015 ඉහළ දැමු වැටුපම මේ දක්වා ක‍්‍රියාත්මක කර ඇත. අභියාචනාධිකරණය විසින් අදාළ වැටුප් ක‍්‍රමය ශුන්‍ය බවට ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව 2019 ජුනි මස 14 වැනි දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක් මගින් අනුමැතිය ඉල්ලා තිබුණේ අදාල අධිකරණ තීන්දුව දීමට පෙර මාසයේ පැවති වැටුප් ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමටයි. එවකට විදුලිබල අමාත්‍ය රවි කරුණානායක විසින් ඒ් ආකාරයට අධිකරණ නියෝගය පැහැර හැරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලූවේය. අධිකරණ තීන්දුව ලබා දුන්නේ 2019 අපේ‍්‍රල් 2 වැනි දිනය. මාර්තු මාසයේ පැවති වැටුප වුයේ ද අධිකරණය විසින් බලරහිත කරන ලද වැටුප් ක‍්‍රමයයි. අධිකරණ නියෝගයෙන් පසුව අමාත්‍ය රවි කරුණානායක විසින් නැවත බලාත්මක කළේද අධිකරණය විසින් බලරහිත කරන ලද තීන්දුවයි. මෙම තීන්දුවෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ ඉංජිනේරුවන් සදහා ඊ පරිමාණය නමින් විශේෂ වැටුප් ක‍්‍රමයක් අත්තනෝමතික ලෙස නිර්මාණය කිරීම තුලින් ලංවිමය සාහසික අයුරින් එම ක‍්‍රියාමාර්ගය උල්ලංඝණය කොට ඇති බවයි. ඒ් අනුව රවි කරුණානායක ඇතුළු එවකට ඇමති මණ්ඩලය කර ඇත්තේ සහාසික අපරාධයකට සුජාත භාවය ලබාදීමයි. අනෙක් අතින් අධිකරණයට අපහාස කිරීමකි. මන්ද ඔවුන් විසින් අධිකරණ නියෝගයක් ක‍්‍රියාවට නැගීම පැහැර හැරීම සදහා උඩගෙඩි සපයා ඇති බැවිනි.

එම කැබිනට් තීරණයෙන් පසුව 2019 අගෝස්තු මස 16 වැනි දින විදුලිබල අමාත්‍යංශයේ ලේකම් විසින් ලංවිම වැටුප් විෂමතා පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා විශ‍්‍රාමලත් ශේෂ්ඨාධිකරණ විනිශ්චයකාර රෝහිණි මාරසිංහගේ සභාපතිත්වයෙන් පංච පුද්ගල කමිටුවක් පත් කරන ලදී. එම කමිටුව විසින් 2019 නොවැම්බර් මාසයේදී සිය නිර්දේශ ඉදිරිපත් කළද ඒවා ක‍්‍රියාත්මක කිරීම පැහැර හැරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ක‍්‍රියා කළේය. රටේ නීතිය නොතකා ක‍්‍රියාකිරීමට තමන්ට අදෘෂ්‍යමාන බලයක් ඇතැයි ලංවිම පාලනාධිකාරිය හිතන බව පෙනේ. ලංවිම පාලනාධිකාරිය අධිකරණයට පවා මෙල්ල කළ නොහැකි ආයතනයක් බව අසාධාරණ වැටුප් ක‍්‍රමය බලරහිත කිරීමේ තීන්දුව ක‍්‍රියාත්මක නොකිරීමෙන් ඔප්පු වේ. අභියාචනාධිකරණ තීන්දුව ලැබී වසර 2කට ආසන්න කාලයක් ගත වී ඇතත් විවිධ වංගු ගසමින් කැබිනට් මණ්ඩලයේද සහාය ඇතිව බලරහිත කල අසාධාරණ වැටුප් ක‍්‍රමයම ක‍්‍රියාවට නගමින් සිටී. මෙම අසාධාරණ හා අයුක්ති සහගත ඊ පරිමාණ වැටුප් ක‍්‍රමය හදුන්වාදීමේදී භාණ්ඩාගාර නියෝජිතයා සහ මුදල් අමාත්‍යංශ නියෝජිතයා සිය වගකීම් පැහැර හැර ඇති බවද රෝහිනී මාරසිංහ කමිටුව පෙන්වා දී ඇත. ඒ් ආකාරයට සිය වගකීම් පැහැර හැර ඇති නිලධාරීන් තවමත් ලංවිම තුළ සුවසේ පසුවෙයි. ලංවිම තුළ පවතින වර්තමාන අර්බුදයට වගකිවයුත්තේ 2014 නොවැම්බර් 26 වැනි දින පැවති ඊ පරිමාණය හදුන්වාදීම සිදුකරනු ලැබු අධ්‍යක්ෂ මණ්ඩල රැුස්වීමට සහභාගි වු අය බවද එම කමිටුව අවධාරණය කර ඇත. අභාග්‍ය නම් ලංවිම වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයද ඒ ආකාරයටම වගකීම පැහැර හරිමින් කටුයුතු කිරීමයි. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් මේ අමාරුව කිව්වා සේ ලංවිම ඉංජිනේරුවන් හා අධ්‍යක්ෂ මණ්ඩලයේ වංචාවන්ට විදුලි බල ඇමතිවරුද සහාය දක්වද්දී විදුලි පාරිභෝගිකයා අසරණ වී ඇත.

මේ අතර වත්මන් විදුලිබල අමාත්‍යවරයා ද විදුලි ඉංජිනේරුවන්ගේ ගැටවලට හසු වී ඇත. ඔහු විසින් මෑතකදී ඉදිරිපත්කළ බොහෝ කැබිනට් පත‍්‍රිකා වලින් නිර්දේශ වී ඇත්තේ ලංවිම විදුලි මාෆියාවේ අයථා ගනුදෙනු වලට සුජාත භාවය ලබාදීමේ යෝජනාය. මේ වසරේ සිට ඞීසල් හා දැවිතෙල් විදුලිය මෙගාවොට් 800ක් ගැනීම එවැනි ඝණයේ එක් ප‍්‍රධාන යෝජනාවකි. ලංවිම දිගුකාලීන විදුලි ජනන සැලැස්මෙහි ඇතුළත් නොවන එවැනි කෙටි කාලීන හදිසි විදුලිය මිලදී ගැනීමේ යෝජනා විදුලි බල පනතට එරෙහි වුවද ලංවිම ඉංජිනේරු සංගමය ඊට එරෙහි නොවී පක්ෂපාතී වන්නේ පඩුරු පාක්කුඩම ලැබෙන බව දන්නා නිසාය. ඉංජිනේරු සංගමයේ ප‍්‍රධාන ඉලක්කය උසාවිය මගින් බලරහිත කරන ලද ඒ්කාබද්ධ ඉංජිනේරු සේවාව යැයි නම් කළ අසාධාරණ වැටුප් වැඩිවීම සදහා සුජාත භාවය ලබාගැනීමය. නීතිය නැමීමේ දක්ෂයින්ගෙන් සැදුම්ලත් ලංවිම ඉංජිනේරු මාෆියාවට යට වු විදුලිබල අමාත්‍යවරයා විසින් පසුගිය වසරේදී තවත් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළේ තහනම් වී ඇති ඉංජිනේරු වැටුප් ක‍්‍රමය සදහා ඇමති මණ්ඩලයද නොමග යවා අනුමැතිය ලබාගැනීම සදහාය. කෙසේවෙතත් ඩලස් අලහප්පෙරුම ඇමතිවරයාගේ කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය නොලැබුණු අතර ඒ් වෙනුවට එම නිර්දේශ පිළිබද සොයා බැලීම සදහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කරන ලදී. නිමල් සිරිපාල ද සිල්වා, උදය ගම්මන්පිල හා පවිත‍්‍රා වන්නිආරච්චි ගෙන් සැදුම්ලත් එම උප කමිටුවේ නිර්දේශය පසුගියදා එළිදැක්විණි. ඔවුන්ගේ නිගමනය වුයේද ඊ පරිමාණ නම් විශේෂ ඉංජිනේරු වැටුප් ක‍්‍රමය නිසි ක‍්‍රමයට සකසා නොමැති බවයි. අධිකරණය මගින් බලරහිත කරන ලද වැටුප් ක‍්‍රමයක් සම්බන්ධයෙන් තවත් නිගමන ගණනාවක් ඉදිරිපත් වී ඇත. ශේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනි මාරසිංහ කමිටුව පෙන්වා දී ඇත්තේ මෙම වැටුප් ක‍්‍රමය හදුන්වාදීමට ලංවිම එවක අධ්‍යක්ෂ මණ්ඩලය ක‍්‍රියාකර ඇත්තේ සහාසික හා වගකීම් විරහිත ලෙසයි. මේ වන විට අමාත්‍ය මණ්ඩල උප කමිටුව විසින් ද ඊ පරිමාණ වැටුප් ක‍්‍රමය අනිසි ලෙස සකසා ඇති බව නිර්දේශ කර ඇත. 2014 දී හදුන්වාදුන් මෙම සාහසික වැටුප් ක‍්‍රමයෙන් පසුව 2018 දී ද ලංවිම ඉංජිනේරුවන්ට වැටුප් වැඩිකර ඇත. අධිකරණ තීන්දුවට අනුව මේ සියලූ වැටුප් වැඩිවීම් බලරහිත වේ. පසුගිය කාලය තුල නීති විරෝධී වැටුප් වැඩිකිරීම හරහා ලංවිම ඉංජිනේරුවන් විසින් මංකොල්ල කා ඇති මුදල රුපියල් කෝටි 500කට අධිකය. රුපියල් 120ක් වටිනා පොල් ගෙඩියක් හොරකම් කළ අයෙකුට ඇප දීම සදහා රුපියල් ලක්ෂයක ශරීර ඇප බැදීමට සිදු වු පුවතක් පසුගියදා වාර්තා විය. එහෙත් රුපියල් කෝටි 500ක් මංකොල්ල කෑ විදුලි ඉංජිනේරු පිරිසක්, ඊට උඩගෙඩි දුන් ලංවිම සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය හා ඇමති මණ්ඩලද අද නිරුපද්‍රිතව සිටිති. රටේ විනය හැදීමට මුලින්ම කළ යුත්තේ සම්බෝලයක් හදාගන්න පොල් ගෙඩියක් අහුලා ගන්නා මිනිහාට නඩු දැමීම වෙනුවට කෝටි ප‍්‍රකෝටි ගණනින් මහ දවල් හොරා ගන්නා සුදු කරපටි හොරුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාවට නැගීමයි. එපමණක් නොව අධිකරණ තීන්දු නොසලකා අධිකරණයට අපහාස කළ සියලූ නිලධාරීන්ට එරෙහිව නඩු දැමීම සදහා ද සංඝයාවහන්සේ ඉදිරියට පැමිණිය යුතු කාලය පැමිණ තිබේ.