සංවාදය ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

19 වැනි සංශෝධනය සම්මත කර ගැනීම හා එම සංශෝධනය අහෝසි කළ යුතු බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් යෝජනා කිරීම පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?


19 වන සංශෝධනය ගෙන ඒමට කරුණු තිබුණු නිසයි ගෙනාවේ. 19 වන සංශෝධනය ගෙන ඒමට පෙර ව්‍යවස්ථා සභාවක් තිබුණේ නැහැ. ඒක 18 වන සංශෝධනයෙන් ඉවත් කරලා තිබුණා. ස්වාධීන කොමිෂන් සභා තිබුණේ නැහැ. ජනාධිපතිගේ කැමැත්තට ඕනෑම දෙයක් කරන්න පුළුවන්කම තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට අභියාචනාධිකරණයේ විනිසුරුවරු පත් කිරීම සියලූම කොමිෂන් සභා මානව හිමිකම් කොමිසම, අල්ලස් හා ¥ෂණ කොමිසම යනාදී සියල්ල ජනාධිපතිවරයාගේ කැමැත්තට කරන්න පුළුවන්කම තිබුණා. පාර්ලිමේන්තුව අවුරුද්දකට පසු විසුරුවා හරින්න පුළුවන්කම තිබුණා ඉස්සර. ඒක ලොකු වරදක්. පාර්ලිමේන්තුවත් ජනතාව විසින් පත් කරන්නේ අවුරුදු පහක කාලයක් සඳහායි. අගමැතිතුමාත් අස් කරන්න පුළුවන්කම තිබුණා. ඕනෑම හිතුණු වෙලාවකට. ඒවා නැති කරන්න තමයි 19 වන සංශෝධනය ගෙන ආවේ. ඒක අහෝසි කරන්න යාම හොඳ දෙයක් කියා මම කියන්නේ නැහැ. හැබැයි, කවුරුහරි ඒක අහෝසි කරන්න හදනවා නම් ඒ වෙලාවේදී ඒ අය මොකක්ද ගෙනෙන්නේ කියලා අපි ඒ ගැන කල්පනා කරලා බලලා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා.


අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට යහපාලන ආණ්ඩුව පොරොන්දු වුවත් එවැනි ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ ගැන ඔබගේ අදහස කුමක්ද?


පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීතුමන්ලා සියලූදෙනා එකතුවෙලා තමයි අලූත් ව්‍යවස්ථාවක් ගෙන ඒම පිළිබඳ තීරණය ගත්තේ. විශේෂයෙන්ම බලය බෙදීම සඳහා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහාද කටයුතු කිරීම අලූත් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අරමුණු බවට පත්ව තිබුණා. බලය බෙදීම සම්බන්ධව අපි හුඟාක් කල් කටයුතු කරලා තියෙනවා. 13 වන සංශෝධනයට පස්සේ ජනාධිපති ආර්. පේ‍්‍රමදාසගේ කාලයේ මංගල මුණසිංහගේ ප‍්‍රධානත්වයෙන් තේරීම් කමිටුවක් තිබුණා. ඊට පස්සේ ජනාධිපතිනි චන්ද්‍රිකාගේ කාලයේ එයාගේ් යෝජනා තිබුණා. එම යෝජනා පාර්ලිමේන්තුවටත් ගෙන ආවා. ඒ 2000 දීය. එය පාර්ලිමේන්තුවට ගෙන ආපු වෙලාවේ දැනට සිිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනත් එදා කැබිනට් එකේ හිටියා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂත් එදා කැබිනට් එකේ හිටියා. ඒ අයගේ කැමැත්ත පිට තමයි ඒ සංශෝධන පාර්ලිමේන්තුවට ගෙන ආවේ. ඊට පසු මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණාට පසුව එයා 2006 ජූලි මාසයේ 6 වැනිදා හොඳ කතාවක් කළා. සර්ව පාක්ෂික කමිටුවක් කැඳවා, මේ රටේ තියෙන ප‍්‍රශ්නයට විසඳුමක් ගෙනෙන්න බලය බෙදන්න ඕනේ. බලය උපරිම වශයෙන් බෙදිය යුතු බව ඔහු කියා සිටියා. වෙන වෙන තැන්වල ඉන්න ජනතාවට ඒගොල්ලෝ සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා ඒගොල්ලන්ට බලය තිබෙන්න ඕනේ. ඒ බලය බෙදාහැරීම ගැන අධ්‍යයනය කරලා ලංකාවට හොඳ දෙයක් යෝජනා කරන්න කියලා තීන්දුවක් ගෙනෙන්න අවශ්‍ය බව එදා තීරණය කළා. 13 වන සංශෝධනයටත් වඩා හොඳට බලය බෙදීම සඳහා තීන්දුවකට එදා එළැඹුණා. ඉන්දියාවේ අගමැතිතුමාට එවකට විදේශ කටයුතු ඇමති ජී.එල්. පීරිස් විසින් 13 වන සංශෝධනයට වඩා ඉහළින් තව බලය දෙන බවත් ඵලදායී ලෙස බලය බෙදාහැරීමක් සිදුකරන බවත් එදා කියා සිටියා. ඉතින් මේක අලූත් දෙයක් නොවේ. 13 වන සංශෝධනය ආවේ 1988 වසරේදී. ඉතින් බලය බෙදීම ගැන සාකච්ඡුා වෙලා අවුරුදු 30ක් වෙනවා. ඒ ගැන අවුරුදු 30ක් කතා කරලා තියෙනවා. ඒ වෙලාවේදී පාර්ලිිමේන්තුවේදී සියලූදෙනා එකතු වී බලය බෙදීමට අලූත් ව්‍යවස්ථාවක් ගෙනෙන්න ඕනෑ බව සඳහන් කරමින් යෝජනා සම්මත කර ගැණුනා. ඒ නිසා අලූත් ව්‍යවස්ථාවක් ගෙනෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේ සියලූදෙනා එකතු වී යෝජනා කළ අලූත් ව්‍යවස්ථා යෝජනාව කුණු කූඩයට දාන්න බැහැ. එහෙම කරනවා නම් ඒක බොහොම වැරදියි.


පාස්කු දින ප‍්‍රහාරයෙන් පසු රට තුළ ඇතිවූ දේශපාලන විපර්යාසයන් ඔබට දකින්නේ කෙසේද?


එවැනි ප‍්‍රහාරයන් මතුවට සිදුවීම වැළැක්විය යුතුයි. ආරක්ෂාව සහ බුද්ධි අංශ ක‍්‍රියාකාරකම් ශක්තිමත් කළ යුතුයි. එම ප‍්‍රහාරයෙන් සංචාරක ව්‍යාපාරයට බලවත් පාඩු සිදුවුණා. ඒ නිසා මුස්ලිම් ප‍්‍රජාවට ප‍්‍රහාර එල්ල කිරීම් සිදුවුණා. ඒ වගේම සමහරක් අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් එම ප‍්‍රහාරයට වගකිවයුතු වෙනවා. ඒ නිසා සියලූම මුස්ලිම්වරුන්ට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීමට හැකියාවක් නැහැ.


රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට රජය කටයුතු කළ යුතුයි. පාස්කු ප‍්‍රහාරයන්ගෙන් පසු රට තුළ සාමාන්‍ය තත්ත්වයක් නොපවතින බවක් දකින්න පුළුවනි. ජනතාව විසින් පත් කරන ලද නායකයන් විසින් ඔවුන්ගේ වගකීම් දැරිය යුතුයි. ඔවුන් පත් කළ ජනතාව විසින් ඔවුන්ගෙන් අපේක්ෂා කරන්නේ එයයි. තමන්ට කැමති දේ කිරීමට ජනතාව ඔවුන් පත් කළේ නැහැ. ඔවුන් විසින් නිවැරදි දේ සිදුකළ යුතුයි.


ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහාය හිමිවන්නේ එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයකටද? පොදු ජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානයකටද? එසේත් නොමැති නම් ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානයකටද? එසේ සහාය ලබාදීමට බලපාන සාධක මොනවාද?


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පරණ පක්ෂයක්. එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා හදපු පක්ෂයක්. ඒ මහතා දෙමළ නායකයන් සමග එකමුතු වී 1957දී බලය බෙදීම සඳහා ගිවිසුමකට එළැඹුණා. ඔහු කලාපීය සභා සෑදීම සඳහා කටයුතු කළා. අපි ශ‍්‍රීලනිපයට සහාය දක්වා තිබෙනවා. ජනාධිපති ඡුන්දය සහ මහ මැතිවරණවලදී ඔවුන්ට පක්ෂව කටයුතු කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු පලවා හැරීමට අපි ශ‍්‍රීලනිපයට සහයෝගය දක්වා තිබෙනවා. පොදු ජන පෙරමුණ ගැන අපි හරියට දන්නේ නැහැ. ඒගොල්ලෝ අලූත් පක්ෂයක්. ඒ අයගේ ප‍්‍රතිපත්ති මොනවාද කියලා දන්නේ නැහැ. බණ්ඩාරනායක මහතාට ප‍්‍රතිපත්තියක් තිබුණා රටේ ප‍්‍රශ්න ගැන. පොදු ජන පෙරමුණේ ප‍්‍රතිපත්ති මොනවද කියලා ඒ අය කියන්න ඕනේ. ඒ විදියට එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණත් කියන්න ඕනේ. ඒ ප‍්‍රතිපත්ති බලලා අපි ස්ථිර තීරණයක් ගන්නවා.


ගජේන්ද්‍ර පොන්නම්බලම් සහ සී.වී. විග්නේශ්වරන් යන අය නියෝජනය කරන දේශපාලන පක්ෂ සන්ධාන සමග ඉදිරියේදී දෙමළ ජාතික සන්ධානය සන්ධානගතවී දෙමළ ජනතාවගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවාද?


එක රටක් තුළ රටට කිසිම හානියක් ඇති නොවන විදියට, රටට කිසිම වරදක් නොවන විදියට, රට බෙදන්න පුළුවන්කමක් නැති විදියට බලය බෙදන්න තීරණයක් ගන්න ඕනේ කියන එක තමයි දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රතිපත්තිය. ඒ අනුව තමයි අපි පසුගිය පළාත් සභා මහ මැතිවරණවලදි කටයුතු කළේ. ඒ ප‍්‍රතිපත්තිය ගැන අපි අපේ ජනතාවට කියා සිටියා. අපේ ජනතාව ඒක භාර ගත්තා. අපිව තේරුම් ගෙන අපිව පාර්ලිමේන්තුවට යැවීමට ඔවුන් කටයුතු කළා. පළාත් සභා මැතිවරණයේදී අපි කියන දේ අසා අපිට ඡුන්දය දුන්නා. ඒ නිසා අපි ඒ ප‍්‍රතිපත්තියෙන් වෙනස් වන්නේ නැහැ. මම නම් කියන්න කැමති නැහැ. හැබැයි වෙන කට්ටියක් ඉන්නවා නම් වෙන විදියට හිතාමතා දේවල් ඒගොල්ලන්ට කරන්න පුළුවන්කමක් තියෙන්න පුළුවනි. හැබැයි තවම ජනතාවගෙන් ඒ අයට කිසිම බලයක් ලැබිලා නැහැ අද වනතුරු. මීට පසුවත් ලැබෙයි කියා මම හිතන්නේ නැහැ.


තමිල් අරසු කච්චි කියන පක්ෂයේ 16 වන සංවත්සර උත්සවය පැවති අවස්ථාවේදී දෙමළ ජාතික ගැටලූවට විසඳුම සන්නද්ධ අරගලයක් නම් ඒ ගැන සිතිය යුතු බව ඔබ ප‍්‍රකාශ කර තිබුණා. ඒ වගේම මාස තුනක කාලයක් ඇතුළත රජය විසින් දෙමළ ජනතාවගේ ගැටලූ විසඳන බවට විශ්වාසයක් ගොඩනැගෙන අයුරින් කටයුතු කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාවෙයි සේනාධිරාජා ප‍්‍රකාශ කර තිබුණා.


යම් හෙයකින් රජය විසින් ඔබ සන්ධානය ඉල්ලා සිටින ඉල්ලීම් ලබාදීමට අපොහොසත් වුවහොත් දෙමළ ජාතික සන්ධානය කටයුතු කරන්නේ කෙසේද?


13 වන සංශෝධනය ගෙන ආවේ 1988දී. ඊට පස්සේ ඒක මදි නිසා තමයි රණසිංහ පේ‍්‍රමදාස මහතා, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, මහින්ද රාජපක්ෂ මහතා, දැන් තියෙන ආණ්ඩුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා යනාදී සියලූදෙනා මහන්සි ගත්තේ ස්ථිර තීරණයක් ගෙනෙන්න. දැනට අවුරුදු 30ක් වෙලා තියෙනවා. පාර්ලිමේන්තුව සියලූදෙනාගේ කැමැත්තෙන් බලය බෙදා හැරීම ගැන යෝජනාවක් 2006දීත් සම්මත කළා. එහෙම දෙයක් දිගටම කළේ නැතිනම් අපිට නිකම් ඉන්න බැහැනේ. අපි බොහෝ දේවල් කරන්න ඕනේ. සත්‍යග‍්‍රහ වැනි දේවල් අපිත් කරනවා. මහත්මා ගාන්ධි කරපු දේවල් අපිත් කරනවා. එච්චරයි. මහත්මා ගාන්ධි කුමක්ද කළේ. ඉන්දියාව නිදහස් කරගැනීමට, කාටවත් ඒ ගැන කුමක් හෝ කියන්න පුළුවන්කමක් නැහැ.


ඒක වැරදි කියලා කියන්න බැහැ. ඒ විදියට අපිට කරන්න පුළුවන් දේ අපි කරනවා. හැබැයි මම එවැනි තීරණයක් ගැනීමට පෙර බොහොම කල්පනා කරලා පරිස්සමෙන් තමයි එවැනි තීරණයක් ගන්නේ. හැබැයි කරන්න වුණොත් නම්, අපිට වෙනත් විදියක් නැත්නම් ඒක අපි කරනවා. එතකොට කාටවත් අපිව නවත්වන්න බැහැ.


දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව නියෝජනය කළත් උතුරේ දෙමළ ජනතාව ඔබ සන්ධානය කෙරෙහි කලකිරීමකින් පසුවන බව පැවසෙනවා. එමෙන්ම පසුගිය ප‍්‍රාදේශීය සභා ඡුන්දයේදී ඔබ සන්ධානයට ලැබුණු ඡුන්ද සංඛ්‍යාව ඊට පෙර මැතිවරණයේදී ලබා ගත් ඡුන්ද සංඛ්‍යාව සමග සැසඳීමේදී අඩු ප‍්‍රතිශතයක් බවට පත්ව තිබුණා. ඒ ගැන ඔබගේ අදහස කුමක්ද?


දෙමළ ජනතාවගේ අභිලාෂයන් දිනා ගැනීම සඳහා අපි කටයුතු කර තිබෙනවා. ඒ ගැන විශ්වාසය තබා ඔවුන් අපගේ නියෝජිතයන් තෝරා පත් කරගනු ලැබුවා. අපි කිසියම් ප‍්‍රතිපත්තියක් මත දේශපාලන කටයුතු කරන පිරිසක්. ඒ කෙසේ වෙතත් ජනතාව බලාපොරොත්තු වූ දේවල් ලබාගැනීමට හැකියාවක් නොලැබුණු විට ඔවුන් තුළ ස්වභාවයෙන්ම කලකිරීමක් ඇති වෙනවා. බලය බෙදීම ගැන ස්ථිර තීරණයක් නොමැතිවීම ගැන අපේ ජනතාව තුළ කලකිරීමක් තිබෙනවා. හැබැයි ස්ථිර තීරණයක් ගෙන ඒම සඳහා දෙමළ ජාතික සන්ධානයට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කර තිබෙනවා. ඉදිරියටත් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒක ජනතාව උනන්දුවෙන් භාර ගැනීම් කියා සිතෙනවා. අපේ හැරෙන්න වෙන කණ්ඩායමක් බලය බෙදීම ගැන කටයුතු කරන්නේ නැහැ. දෙමළ ජනතාව වෙනුවෙන් අපි ප‍්‍රායෝගිකව කටයුතු කරනවා. හැබැයි අනික් කට්ටිය ඒ ගැන කතා කරනවා. මොකක් ගැනද ඒගොල්ලෝ කතා කරන්නේ? ඒගොල්ලෝ කතා කරන්නේ අපි ගැන විතරයි. ඒගොල්ලෝ කරන්නේ එච්චරයි. ඒගොල්ලන්ගේ දේශපාලනයත් එච්චරයි. ඒ අය බනිනවා කියලා අපිට කුලප්පු වෙන්න බැහැනේ. අපිට කරන්න පුළුවන් දේවල් කරනවා.


වත්මන් ආණ්ඩුව වසර හතර හමාරක ධුර කාලයක් තුළදී රටට සිදුකරන ලද සේවය ගැන ඔබ සන්ධානය තෘප්තිමත්ද?


අපිට තෘප්තිමත් වීමට පුළුවන්කමක් නැහැ. ඔවුන් විසින් පොරොන්දු වූ දේවල් කිරීමට කැපවීමක් ඔවුන් තුළ දකින්න බැහැ. ¥ෂණය අඛණ්ඩව පවතිනවා. පසුගිය ¥ෂණ ක‍්‍රියා පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමක් සිදුවන්නේ නැහැ. ඒ වගේම නිවැරදි ලෙස නීතිමය ක‍්‍රියාමාර්ගයක් ඒ සම්බන්ධයෙන් ගැනීමක් සිදුවන්නේ නැහැ. නාස්තිය අතිවිශාල මට්ටමක තිබෙනවා. අපේ මිනිසුන්ට රජයේ රැුකියා ලබාගැනීමේ දුර්වලතා තියෙනවා. අපේ බොහෝ දෙනා අතුරුදහන් වෙලා තිබෙනවා. ඒ ගැන නිසි ක‍්‍රියාමාර්ග අරගෙන නැහැ. දෙමළ සිරකරුවන් ගණනාවක් තවමත් සිරගතව සිටිනවා. ඔවුන් ගැන නිසි ලෙස කටයුතු කොට ඔවුන්ට යුක්තිය ඉටුවීමක් නැහැ. තවමත් මුදා නොහරින ලද ඉඩම් පවතිනවා. ඒ වගේම යහපත් ලක්ෂණද තිබෙන බව පිළිගන්නවා. දැන් සුදු වෑන් ඒමක් සිදුවන්නේ නැහැ. එක්නැළිගොඩ නැතිවූ ආකාරයේ දේවල් සිදුවන්නේ නැහැ. ලසන්ත වික‍්‍රමතුංග මරපු ආකාරයේ දේවල් දැන් නැහැ. ත‍්‍රිකුණාමලයේ සිසුන් 5 දෙනකු ඝාතනය කිරීම වගේ ඝාතන දැන් සිදුවන්නේ නැහැ. මුතුර්වල සේවකයන් 18 දෙනකු ඝාතනය කිරීම් සිදුවුණා. එවැනි දේ දැන් සිදුවන්නේ නැහැ. ඒක හොඳ දෙයක්. හැබැයි වැරදි දේවල්ද හුඟාක් තිබෙනවා.