සංවාදය සහ ඡයා – රසික ගුණවර්ධන


පසුගිය දිනක ඔබ වහන්සේ උපවාසයක නිරත වුණා. ඔබ විශ්වාස කරනවද එයින් ඔබ බලාපොරොත්තු වූ කාර්යය ඉටුවූ බව?


ඒ තුළින් අප බළාපොරොත්තු වූයේ ජනතාව තුළ තිබූ උවමනාව නියෝජනය කිරීම. දෙවැනි කාරණාව එකමුතු කමක් සහ පිබිදීමක්, මම හිතන්නේ ඒ කාරණා එකම සපල වුණා. රිෂාඞ් බදියුදීන් තනතුරෙන් ඉවත් කිරීමම නොවේ, දේශපාලන බලය සඳහා දේශපාලඥයන් අන්තවාදීන්ට යට වීම නොඑසේනම් ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා ඔවුන් සිටිය යුතුයි යන්න අභියෝගයට ලක් කිරීම තමයි අපි එහිදී සිදු කළේ.


ඔබ වහන්සේ උපවාසය ආරම්භ කළේ, රිෂාඞ් බදියුදීන්, එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහ අසාද්සාලි යන පිරිස් තනතුරුවලින් ඉවත්කරන ලෙස ඉල්ලමින්. ඔවුන් ත‍්‍රස්තවාදයට සම්බන්ධ බවට ඔබ සතුව සාක්ෂි තිබෙනවාද?


මම එම ක‍්‍රියාමාර්ගයට යොමුවූයේ මා සතුව ඒ සම්බන්ධව විශාල සාක්ෂි ප‍්‍රමාණයක් තිබීම හේතුවෙන්. හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලය විශාල ප‍්‍රශ්නයක්. ඔහු ඒ පළාතේ ඉඩම් බෙදීමේදී දෙමළ ජනතාවට සිදු කරන අසාධාරණය, මුස්ලිම් පුද්ගලයන්ට පමණක් ජාතිවාදී ලෙස ඉඩම් බෙදීම. ඒවගේම අසාද් සාලිගේ විවිධ ප‍්‍රකාශ. සාෆි වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමේදී ඊට විරෝධය පළ කිරීම ආසන්නතම සිදු වීම. ඒවගේම ඔහු ආණ්ඩුකාරවරයකු ලෙස පත්කිරීමට පවා නුසුදුසු පුද්ගලයෙක්. ඒ වෙනකොට ඔහුට විරුද්ධව රහස් පොලීසියේ පරීක්ෂණ පැවතියා. රිෂාඞ් බදියුදීන්ට එල්ල වූ චෝදනා රටේ පොදුවේ කතාබහට ලක්වුණා.


ඔබ වඳ සැත්කම් වලට සම්බන්ධ යැයි සැක කරන වෛද්‍ය සාෆි සම්බන්ධ සිදුවීම ගතහොත් ඔබ කුරුණෑගලට ගොස් ප‍්‍රකාශ කළා පාරට බැහැලා පාලනය අතට ගන්නා බව. එම වෛද්‍යවරයා එවැනි සැත්කම් සිදුකළ බවට ප‍්‍රකාශ කිරීමට ඔබට තහවුරු කරගත් සාක්ෂි පැවතියාද?


එහෙම ඔප්පුවෙලා නැද්ද දැන්.


විද්‍යාත්මකව ඔප්පු වී නෑ.


පළවෙනි එක මේ වෛද්‍යවරයා ඉතාම කෙටි කාලයක් තුළ සැත්කම් අටදහසක් සිදුකරල තියනවා. එය ඔහුත් පිළිඅරගෙන තියනවා. දෙවනි එක, එයා සිංහල අයටයි මුස්ලිම් අයටයි දෙගොල්ලන්ටම සැත්කම් කරල තියනවා. හැබැයි සිංහල අයට විතරක් ළමයි නැත්නම් ඒකෙ ප‍්‍රශ්නයක් නැද්ද? මුස්ලිම් අය පණහයි, සිංහල අය පනහයි පරීක්ෂණයක් කරහම මුස්ලිම් අයට ළමයි ලැබිල තියනවා, සිංහල අයට ළමයි ලැබිල නෑ. ඊටත් වඩා පරීක්ෂණයක් ඕනෙද?


හැබැයි දැනට අප දන්නා තරමින් එවැනි පරීක්ෂණ වාර්තාවක් නිකුත්වෙලා නෑ.


එවැනි වාර්තාවක් ඉදිරියේදී නිකුත් වේවි. ඒක විධිමත්ව හැමෝගෙන්ම කට උත්තර අරගෙන කරන්ඩ ඕනේ දෙයක් බැවින් එයට කාලයක් ගත වේවි.


මහජන නියෝජිතයෙකු ලෙස විද්‍යාත්මකව සනාථ වී නොමැති කාරණයක් ප‍්‍රකාශ කිරීම වැරදි මගපෙන්වීමක් නොවේද?


මම කියපු දේ ඔප්පු වෙලා නම් මොකද වෙන්නෙ? දෙවනි ළමය නැති මව්වරු අටසීයක් එනකොට ප‍්‍රශ්නෙ ඔප්පු වෙලා තියනවා නේද? ඔයා එහෙම සංවේදී නැද්ද? අම්මලා අටසීයක් දෙවනි ළමයි නෑ කියලා ආවහම එතන නැද්ද සාක්ෂියක්?


ඒ අටසීය තුළ විවිධ සංකූලතා සඳහා පැමිණි පිරිස් සිටිනවා.


අටසීයක් ඉද්දි සංකූලතා තියන ටික දෙනෙක් ඇති. සමාජ විද්‍යාව කියන්නෙත් විද්‍යාවක්. පරීක්ෂණයක් කරන ක‍්‍රම දෙකක් තියනවා. නිරීක්ෂණ සහ සම්පරීක්ෂණ. විද්‍යාව කියන්නේ ලැබ් එකක් ඇතුලේ සම්පරීක්ෂණයක්ම නෙවේ. නිරීක්ෂණ මට්ටමෙන් කරන්නෙත් පරීක්ෂණ. මිනිස්සු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා කියන එක ලැබ් ඇතුලේ කරන පරීක්ෂණයක් නෙවේ.


කුරුණෑගල රෝහලට ගිය පළවෙනි දවසෙ මගේ අම්මා නැතිවුණ වෙලාවට වඩා මට ශෝකයක් ඇති වුණා. මම මෙච්චර අඬල නෑ මගේ අම්ම වෙනුවෙන්. මෙහෙම මගේ ඇස් වලින් කඳුලූ ආවේ නෑ වෙන කිසිම අවස්ථාවක. හැබැයි සමහර අයට මේක පේන්නෙම නෑ. ඇස් අන්ධකරල තියෙන්නේ. දැන් කියන්නේ විද්‍යාත්මකව ඔප්පු කරන්න කියලනේ. විද්‍යාත්මකවත් ඔප්පු උනායින් පස්සෙ මොකද කරන්නේ.


ඔබේ උපවාසය ඥානසාර හිමියන් වැනි විවිධ අන්තවාදී පිරිස් ප‍්‍රයෝජනයට ගත්තා නේද?


පුද්ගලයෙක් දෙන්නෙක් කරන ඒව අපට පාලනය කරන්ඩ බෑ. ලක්ෂගාණක සෙනගක් ආපු තැනක අපි ඒ පිරිසව පාලනක කර ගැනීමම වටිනාකමක් නැද්ද? මේක අවසාන කරපු විදිහ ලංකා දෙශපාලනයේ ආදර්ශයක් නෙවේද?. මමත් එකඟ නොවන සමාජයේ විවිධ අදහස් තියන අය එන්ඩ ඇති. එතෙන්ට දහස් ගාණක් ආව. මම දන්නෙ නෑ කවුරු ආවද කියලා. කඩ වැහුවේ ඒ අයගෙම කැමැත්තට.


ඔබ මුස්ලිම් ආගම කේන්ද්‍ර කරගනිමින් බිහිවූ අන්තවාදය කොහොමද දකින්නේ?


සාෆි පිළිබඳව පත්තරේ පළවූ ලිපිය වැරදියි කියන කාරණය තමයි මගෙත් ඉස්සල්ලම ඔලූවට ආවෙ. මුස්ලිම් අන්තවාදය මේ වගේ එකක් කියල මම හිතුවෙ නෑ. සහරාන් වගේ තරුණ කොල්ලො බෝම්බ ගහනව, මිනී මරණව ඒවගේ ඒව සමාජෙක වෙන්ඩ පුලූවන් දේවල්. නමුත් මෙවැනි ආකාරයට සැලසුම් සහගතව, සබුද්ධිකව වසර විස්සකට අධික කාලයක් මෙහෙම හිතන මෙහෙම කල්පනා කරන ව්‍යාපාරයක්, මේක ජන සංහාරයකට අයිතියි. මේක ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ බරපතලම ජන සංහාරය. කිසි ප‍්‍රශ්නයක් නෑ මේක ඔප්පු වෙනවා.


සාෆි සාෆ්දීන් එවැනි දෙයක් කරත් අත්තනෝමතිකව මුස්ලිම් සමාජයට එරෙහි වෙන්න එපා කියන එකයි මගේ ඉල්ලීම. මේ අන්තවාදී මානසිකත්වය ඇති සියයට විස්සකට. හැබැයි අසූවක් ඇති ඊට පිට. අපි කතා කරන්ඩ ඕනෙ සීයට අසූවට. මුලූ ලෝකෙම, හැම ඉස්ලාම් රටකම සීයට විස්සක් තමයි සීයට අසූව පාලනය කරන්නෙ. සාෆි සාෆ්දීන්ගෙ සිදුවීමත් එක්ක ඒ සීයට විස්ස ලංකාවෙ ගොඩනැගිල කියල තමයි මම හිතන්නෙ. හැබැයි සිංහළ දෙමළ බහුතර නිසා ඒ සියයට විස්සට තවම බැරිවෙලා තියනව ඉතුරු සියයට අසූව යටත්කර ගන්ඩ. වෙන රටක මේ ප‍්‍රමාණය හිටිය නම් මේ වෙද්දි ඒ පිරිස රට පාලනය කරනවා.


ඉස්සර ලංකාවෙ මිනිස්සු කළු ඇඳගෙන මූණු වහගෙන ගියෙ නෑ. හැබැයි දැන් ඒ දේ රට පුරා ව්‍යාප්තවෙලා තියනව. ඉස්සර පේරාදෙණියෙ ගෙම්බ කැන්ටින් එකේ මුස්ලිම් ළමයි හලාල් හෙව්වෙ නෑ. හැබැයි දැන් පේරාදෙණිය කැම්පස් එකේ මුස්ලිම් විදිහට කියල හලාල් කෑම හදා ගන්නවා. රටේ දැන් එහෙම මානසිකත්වයක් හැදිල තියනවා. ඒ බරපතලකම කිසිකෙනෙක් තේරුම් අරන් නෑ.


උපවාසයෙන් අනතුරුව රජයේ සියලූම ඇමතිවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වෙනව. එය ඔබ බලාපොරොත්තු වූ කාරණාවක්ද?


නෑ. එය මා කිසිසේත්ම බලාපොරොත්තු වූ කාරණයක් නොවේ. අපේ සිංහල දේශපාලකයො වගේම එදිනෙදා බලය සඳහා කටයුතු කරපු අය. ඒ අයට මුස්ලිම් මතවාදයක් තදබල ලෙස නෑ, අනික් අය වගේ දේශපාලනය කරල කීයක් හරි හම්බකරගන්න ගොඬේ තමයි මේ අයත් හිටියෙ. මේ අය අන්තවාදී ප‍්‍රවණතාවක නියෝජිතයෝ කියල මම දැකල නෑ.
මම හිතන්නෙ නෑ මේක කබීර් හෂීම්ගෙ සහ හකීම්ගෙ දේශපාලනික තීරණයක් කියලා. මෙය රනීල් වික‍්‍රමසිංහ මහත්තය කියපු උපාය මාර්ගයක්. තව කෙටි කාලයයි ආණ්ඩුව තියෙන්නේ, උඹල පොඞ්ඩක් අයින්වෙලා හිටපන්, නැත්තන් මගේ ආණ්ඩුව අර්බුදයට යනවා කීව. ඒකට මේ මිනිස්සු කැමති වුණා.


ඒකෙන් කියන්නේ මේ අයට කිසිම දේශපාලන අනන්‍යතාවක් නෑ කියන එකයි. රට ගැන මේ ගොල්ලො හිතුවෙ නෑ. තමන්ගෙ මුස්ලිම් ප‍්‍රජාව ගැන සිංහලයො තුළ නරක ප‍්‍රතිරූපයක් ඇතිවෙයි කියල ඒගොල්ලො හිතුවෙ නෑ. මම හිතුව මේ අයත් එක්ක, මධ්‍යස්ථ මුස්ලිම් නායකයො විදිහට සංවාදයක් කරන්න. දැන් ඒකට ඉඩක් නෑ.


ඊළඟ ඡුන්දයෙන් පසු මධ්‍යස්ථ මතධාරී මුස්ලිම්වරුන් පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි. අපේ අභියෝගය තමයි ඒ පිරිස දිනා ගැනීම.


අප දුටුවා මහානායක හිමිවරුත් මුස්ලිම් අමාත්‍යවරුන් ඉවත්වීම ගැන කනගාටුව පලකර තිබුණා.


එහෙම එකක් මහානායක හිමිවරුන් දෙනමම කියලා නෑ. එදා අස්ගිරියේ තිබ්බ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදි හාමුදුරුකෙනෙක් කියපු එකකට පත්තරෙන් ප‍්‍රසිද්ධියක් දුන්නා. ඒ හාමුදුරුවෝ අතින් කියවුනේ මෙහෙම නොගියා නම් හොඳයි කියල අදහසක්. මහානායක හාමුදුරුවන්ගේ එහෙම කිසිම අදහසක් නෑ. මාධ්‍ය මේක ලොකුවට මතුකරා. සමහර විට සැලසුම් කරපු වැඩක් වෙන්ඩ පුලූවන්.


ඔබ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්. එහෙත් ඔබට එම පක්ශයේ නායක රනිල් වික‍්‍රමසිංහ සමඟ එතරම් සබඳතාවයක් නෑ. ඒ වගේම ඔබ චම්පික රණවක ඇමතිවරයා සමග මේ වෙද්දි දේශපාලන කටයුතු වල නිරත වන බවක් පෙනෙන්නට නෑ. කුමක්ද ඒ විරසකය.


රනිල් වික‍්‍රමසිංහ මහත්තය මාත් එක්ක කතා කරනව. එයා ටිකක් ඒ පැත්තෙන් පරිණතයි. මාස දෙක තුනකින් වගේ එතුමත් එක්ක කතා නොකෙරුවත් මම එතුමත් එක්ක රටේ යම් යම් ප‍්‍රශ්න ගැන කතා කරල තියනව. චම්පික රණවක මහත්තයත් එක්ක නම් මම අවුරුදු ගානකින් මූණ බළල හිනා වෙලාවත් නෑ. මුහුණට මුහුණ හමු වූවත් අපේ ගනුදෙනුවක් නෑ. ඒ උනත් මම ආසයි හැම කෙනෙක් එක්කම බොහොම සුහදව කටයුතු කරන්න. සංවාද කරල හරි වැරැුද්ද තෝරගන්නව මිසක් හිනාවෙන්නෙ නැති කතා කරන්නෙ නැති දේශපාලනයක් මම ළඟ නෑ.


රාවය පත්තරේ මම රට වෙනුවෙන් කරපු සෑම දේකටම විරෝධාකල්ප මිසක් වෙන දෙයක් දාල නෑ. රාවය ජීවිතකාලෙට මට දීපු පළවෙනි සම්මුඛ සාකච්ඡුාව මේක. මට කවදාවක් රාවය පත්තරෙන් සම්මුඛ සාකච්ඡුාවක් දීල නෑ. ඒක ප‍්‍රශ්නයක් නෙවේ. ලංකාවෙ අනික් සියලූ පත්තරයි රාවය පත්තරෙයි බැලූවහම ඕනෙම කෙනෙකුට තේරෙනව ඒක මධ්‍යස්ථ නෑ. හැබැයි රාවය සම්මුඛ සාකච්ඡුාවක් ඉල්ලූවහම මම දුන්න. මම කියන්නේ මට ඕනෙ තරම් ගහන්න, මට පාඩුවේ ඉන්න දෙන්න.


මේ අනුව ඔබේ ඉදිරි දේශපාලන ගමන කුමන ආකාරයකට සැලසුම් වේවිද?


මම හිතන්නේ ලංකා දේශපාලනයේ සිංහල බෞද්ධ පදනම මත හෝ ජාතික පදනම මත එනම්, තනි සිංහල පදනම මතම සිතන පිරිසකුත් සිටිනව. පුළුල් සිංහලයෝ, සිංහල ජාතික පදනම රැුකෙමින් අන්‍යජාතීන් සමඟත් සහජීවනයෙන් යා යුතු යැයි සිතන අය. තව පිරිසක් ඉන්නව සිංහල ජාතිය විනාශ කරල දාන්ඩ ඕනෙ මේක ලිබරල් රටක් කරන්ඩ ඕනෙ කියලා හිතෙන. මම ඒ කණ්ඩායමේ නෑ. මම ඉන්නේ සිංහල ජාතික පදනමත් එක්ක අන්‍යජාතීන් එක්ක සහජීවනයෙන් ඉන්ඩ ඕනෙ කියන රාමුව ඇතුලේ. කතෝලික, හින්දු, මුස්ලිම් ජනතාව එක්ක අපේ ජාතික සංස්කෘතික පදනම රකිමින් ඒ අයටත් අනන්‍යතාවන් රැුකගෙන ජීවත් වෙන්ඩ පුලූවන් සමාජයක් පැවතිය යුතුයි යනුවෙන් මම සිතනව

.
මගේ බලාපොරොත්තුව ලංකා සමාජය තුළ මතවාදීව රට හදන, රට සංවර්ධනය කරන උපාය මොකක්ද කියන එක රට තුළ තහවුරු කිරීම.


එතනදි මම කරුණු තුනකට අවධානය යොමුකරනව. පළවෙනි කාරණය ලංකාවෙ අස්වැන්න දෙගුණ කිරීම. දෙවනි කාරණය ලංකාවෙන් පිටට ඇදීයන මුදල් ඉතිරිකර ගැනීම. කෘෂි යෙදවුම් සහ ආහාර සඳහා මේ වෙද්දි බිලියන තුනක් විතර රටෙන් ඇදිල යනව ඒක ඉතුරු කරන්ඩ පුලූවන්. මේ වෙනකොට ඩොලර් මිලියන පහක් විතර රටෙන් ඇදිලා යනව, මෙයින් ඩොලර් මිලියන තුනක් විතර අපට පුලූවන් ඉතුරු කරන්ඩ. ලංකාවෙ අවුරුදු සීයකට විතර ගෑස් තියනව. විදුලි බල මණ්ඩලය කරන මාෆියාව නැත්නමි අපට පුලූවන් සූර්ය පැනල හයිකරන්ඩ. සංචාරක කර්මාන්තය බිලියන හතේ සිට දාහතරට වර්ධනය කරන්ඩ පුලූවන්. පරිසර හිතකාමී සංචාරක කර්මාන්තය, ජාතික උරුමයන් පිළිබඳව සංචාරක කර්මාන්තය අප දියුණු කළ යුතුයි. අපි සිංගප්පූරුව නොවේ කොස්ටොරිකාව උදාහරණයක් ලෙස යොදාගත හැකියි. එය අපි වගේම ඝර්ම කලාපීය රටක්. තිරසර කෘෂිකර්මාන්තය, පුණර්ජනනීය බලශක්තියි, පරිසර හිතකාමී සංචාරක කර්මාන්තය, අධ්‍යාපන ක‍්‍රමය, සෞඛ්‍ය ක‍්‍රමය වෙනස්කරන්ඩ ඉදිරි ආණ්ඩුවක ප‍්‍රතිපත්ති හැදුනොත් රට ඒකට මතවාදය හදයි. ඊට පස්සෙ පුද්ගලයා මතුවෙයි.


ඔබ වහන්සේගේ ”වසවිසෙන් තොර රටක්” වැඩපිළිවෙල එතරම් සාර්ථක වූ බවක් පෙනෙන්නට නැහැ. අපි ගොවිබිම් වල සිදුකරන සංචාරයන් හිදී ගොවීන්ගේ අදහස වන්නේ කෘමිනාශක යොදාගෙන ගොවිතැන් සිදු කළත් එතරම් ලාභයක් නොලබන බවත් ඒ හේතුවෙන් කෘමිනාෂක නොමැතිව කාබනික ගොවිතැනට යොමු වීම සිදු කළ නොහැක්කක් බවත්,


රාවයට පුලූවන් නම් මමත් එක්ක කැමරාවක් අරගෙන එන්න. මට පුලූවන් ඒ වැඬේ සාර්ථක බව රාවයට පෙන්වන්ඩ. මේ රටේ පත්තර දන්නේ නෑ අපි මොකක්ද කරේ කියල. කෘෂිකර්ම අමාත්‍යංශයේ පර්යේෂණයෙන් අපි දිනලා තියනවා. අපි ඒකෙදි පෙන්නල තියනව කෘමිනාශක යොදා ගන්නවාට වඩා අපේ අස්වැන්න වැඩි බව. එය රජයේ විද්‍යාත්මක අධීක්ෂණය මත කරපු දෙයක්.


කාබනික එළවලූ වල මිළ සාමාන්‍ය එළවලූ වල මිළ මෙන් තුන් ගුණයක් පමණ ඉහළයි එවිට සාමාන්‍ය ජනතාවට එම කාබනික එළවලූ පරිභෝජනය කිරීමට ප‍්‍රායෝගික හැකියාවක් තිබේද?


අපේ අත්හදා බැලීම අපට තවම කරගන්ඩ බැරි උනාට ඒක හරිම වැදගත්. අපට පුලූවන් සමාන මිලකට දෙන්න. හරියට රජය මැදිහත් උනොත් අඩුවෙනුත් දෙන්ඩ පුලූවන්. රසායනික පොහොර ගහනකොට හැමදාම රසායනික පොහොරම ගහනව. මේ කන්නෙට ගහපු ගානට වඩා වැඩියෙන් ඊළඟ කන්නයට ගහන්ඩ ඕනෙ. එන්න එන්න පස නිසරු වෙනව. ඒක වෙන්නෙ රසායනික පොහොර නිසා පසේ ඉන්න ක්ෂුද්‍ර ජීවී කාණ්ඩ නැතිවෙලා යාම හේතුවෙන්. එහෙත් කාබනික ගොවිතැනේදි පසේ අවශ්‍ය තත්වයන් නිර්මාණය වූවාට පසු පොහොර අවශ්‍ය වන්නේම නැහැ. ඒක කාබනික ගොවිතැනේ නියැලෙන ගොවීන්ම අපට කියපු දෙයක්.


කාබනික පොහොර සහ රසායනික පොහොර භාවිතා කරපු එක ළඟ කුඹුරු දෙකක ඒ වෙනස දකින්න පුලූවන්. රසායනික පොහොර භාවිතා කරපු කුඹුරක් වේලිල සුදු පැහැ වෙලා. කාබනික පොහොර භාවිතා කරපු කුඹුරක් තෙතයි, කළු පැහැතියි. පුලූවන්නම් කැමරාවක් අරගෙන මාත් එක්ක එන්න මට පුලූවන් ඒක ඔප්පු කරලා පෙන්වන්න. අක්කරයක් දෙකක් නෙවේ එක පළාතක අක්කර දාහක් විතර පෙන්වන්නම්.


ඔබ සිවුරට ඇති සිවිල් බලය දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් යොදා ගන්නවා නේද?


ලංකාවෙ භික්ෂූන් වහන්සේලා දේශපාලනය කරනව, මැති ඇමතිවරු පස්සෙ යනව, හැම පක්ෂයටම භික්ෂූන් වහන්සේලා ඉන්නවා. මම එහෙම යන කෙනෙක් නෙවේ. මම දේශපාලන ධාරාවට විකල්ප මතවාදයක් ගෙනගියපු කෙනෙක්. මට දේශපාලන පක්ෂ කියන්නේ හිස් ආයතන ගොඩක්. ලොකු පක්ෂ හිස් හුඹහක්. ඒක ඇතුලට ගිහිල්ල දැක්මක් සහ මතවාදයක් හැදීමට උත්සහ ගත්ත කෙනෙක් මම.


මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකශනය ලියද්දි අපි දායක උනාද නැද්ද? එක්සත් ජාතික පක්ෂය වගේ මහ දැවැන්ත ගතානුගතික පක්ෂයක පවා බළශක්ති ප‍්‍රශ්නයයි ගොවිතැනේ ප‍්‍රශ්නයයි මමයි කීවෙ. මම ඇමතිවරයෙක් පස්සෙ ගිහිල්ල මොකක්හරි කරගන්ඩ දේශපාලනය කළේ නැහැ. දේශපාලන සංස්කෘතිය ඇතුලේ මම ගුණාත්මක වෙනසක් කළා. මම මගේ සිවුර රටේ යහපත සඳහා යෙදෙව්වා.