දිනී ජයසේකර


ජවිපෙ විසින් වත්මන් ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කළේ ඇයි ?


වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු ඔවුනුත් වංචා ¥ෂණ සදහා අනුබල දෙන්න පටන් ගත්තා. ඔවුන් ¥ෂිතයෝ සමග එකතු වී තනතුරු බෙදාගන්නවා හැර ¥ෂිත කිසිවෙකුට දඩුවම් ලබා දීමට වත්මන් ආණ්ඩුව සමත් වුණේ නැහැ. ඒ වගේම වත්මන් ආණ්ඩුව පොරොන්දු වුණා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරලා විධායක ජනාධිපති ධූරය අනිවාර්යයෙන් අයින් කරනවා කියලා. ඒක සම්පූර්ණයෙන්ම අමතක කළා. යහපාලන ආණ්ඩුවක් නිර්මාණය කරනවා කීවා. ඒක අත් හැරියා. ආර්ථිකය ගොඩනගනවා කීවා. ඒක ගොඩනැගුවෙත් නැහැ. ණය බර අඩුකරනවා කීවා. ඒක අඩු කළෙත් නැහැ. මේ සියල්ල අභිබවා පාස්කු ඉරුදින ප‍්‍රහාරය නිසා සිදු වූ ජීවිත හානිවල වගකීමත් වත්මන් ආණ්ඩුව පැහැර හැරියා. එය වලක්වාගත හැකි ප‍්‍රහාරයක් ලෙසයි අපි දකින්නේ. හේතුව ආරක්ෂක අංශයට ප‍්‍රහාර වැලැක්වීම සදහා තොරතුරු ලැබී තිබියදී ජනාධිපති සහ අගමැති අතර තිබූ බල අරගලය නිසා ක‍්‍රියාත්මක වෙන්න බැරි වුණා. එයින් රටේ ජනතාවට තම ජීවිත වලින් වන්දි ගෙවන්න සිදු වුණා. එයින් පසු එළැඹි ජාතිවාදී රැුල්ල පරද්දන්න ආණ්ඩුව සමත් වුණේ නැහැ. ප‍්‍රහාරය සිදු වී සති තුනක් ඉක්ම වූ පසුත් ප‍්‍රදේශ කිහිපයක ජාතිවාදී ගැටුම් ඇති වුණා. එහිදී ජාතිවාදී ගැටුම් ඇති නොවීම සදහා ඉඩ පහසුව නිර්මාණය කිරීම සම්බන්ධව ආණ්ඩුවට අවබෝධයක් තිබිය යුතුයි. එහෙත් එතනදිත් ආණ්ඩුව නිහඩ ක‍්‍රියාවක් අනුගමනය කළා. මේ සියලූ කාරනා පාදක කොට ගෙන අපි කල්පනා කළා සමස්ත ආණ්ඩුව කෙරෙහිම ජනතා විශ්වාසය භංග වෙලා කියන එක පෙන්වීම සදහා විශ්වාසභංගයක් ඉදිරිපත් කළ යුතුයි කියලා.


ඔබ පැවසු ආකාරයට පාස්කු ප‍්‍රහාරයට සමස්ත ආණ්ඩුවම වගකිව යුතු වනවා. එහෙත් ප‍්‍රහාරයේ වගකීම චූදිතයන් දෙදෙනකුට පමණක් පවරනවා. මේ සම්බන්දව ඔබේ අදහස ?


පැහැදිලිවම හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, පාස්කු ප‍්‍රහාරයේ තරමක වගකීමක් දැරිය යුතුයි. හේතුව ඔවුන් මේ සම්බන්ධව දැන සිටියා සහ ක‍්‍රියාත්මක වුණේ නැහැ. එහෙත් ඔවුන් දැරිය යුතු වගකීම සීයයි නම් ඔවුන්ට ඉහළින් සිටින අණදෙන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දාහක වගකීමක් දැරිය යුතු වනවා. මන්ද චුදිතයන් දෙදෙනාට ප‍්‍රහාරය සම්බන්ධව ඇති වගකීම ජනාධිපතිගේත්, අගමැතිගේත් වගවීමට යටත් වනවා. එසේනම් ප‍්‍රහාරයේ ප‍්‍රධාන වගකීම ජනාධිපතිවරයා භාරගත යුතුවන අතර දෙවනුව අගමැති ප‍්‍රමුඛ ඇමති මණ්ඩලය බාරගත යුතු වනවා.


ජනාධිපති සහ අගමැති ප‍්‍රමුඛ ඇමති මණ්ඩලය තමන්ගේ වගකීම පහළ නිළධාරීන් දෙදෙනෙක් පිට පටවා, අත සෝදා ගැනීමට සැරසෙනවානම් එය මෙතෙක් දේශපාලන සංස්කෘතිය තුළ සිදුවන අසාධාරණම වැඩ පිළිවෙලක් විදියටයි අපි දකින්නේ. අපට පෙනීයන ආකාරයට ජනාධිපතිවරයා තමන්ගේ වගකීම පැහැර හරිමින් පළිගැනීමේ ස්වභාවයෙන් මෙම නිළධාරීන්ට විරුද්ධව කටයුතු සිද්ධ කරනවා. එයට හේතුව ප‍්‍රථමයෙන් ජනාධිපතිවරයා විසින් මෙම නිළධාරීන්ට ප‍්‍රහාරයේ වගකීම භාරගන්නා ලෙසට පැවසීමත්, ඔවුන් එය ප‍්‍රතික්ෂේප කිරීමත් නිසයි. දෙවනුව තම නිළතලවලින් ඉල්ලා අස්වන ලෙස පැවසුවා. එහෙත් ඔවුන් ඉල්ලා අස්වුනේ නැහැ. තෙවනුව පාර්ලිමේන්තුව ප‍්‍රහාරයේ චූදිතයන් සම්බන්ධව පරීක්ෂණයක් සිද්ධ කිරීමේදී හිටපු පොලිස්පති සහ ආරක්ෂක ලේකම් පාරිලිමේන්තු සභාවට පැමිණ සාක්ෂි ලබා දුන්නා. ඔවුන්ගේ සාක්ෂියට අනුව ජනාධිපතිවරයා මෙය කල්තියා දැන සිටි බවත් ඔවුන්ට ක‍්‍රියාත්මක විමට ජනාධිපතිගේ දේශපාලන නායකත්වය නොලැබුණ බවත් ඔවුන් පාපොච්චාරණය කර සිටියා. එහිදී ජනාධිපති උත්සාහ කරන්නේ ඔවුන්ගේ වගනොවීම සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගන්නවාට වඩා තමන්ව හෙලිදරව් කිරීම නිසා ඇති වූ තරහ පිරිමසා ගැනීම සදහා මොවුන් දෙදෙනා මත සියලූ වැරදි පටවා චූදිතයන් කිරීමටයි. 19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාව නීතිය ඉදිරියට ගෙන ඒමේ හැකියාවක් තිබේද ? 19වන සංශෝධනය යටතේ ජනාධිපතිවරයාව නීතිය ඉදිරියට ගෙන ඒමේ හැකියාවක් තිබෙනවා. ඒ සදහා කිසියම් නීතිමය ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කළ යුත්තේ ආණ්ඩුව විසින්. එහෙත් අපි හිතන විදියට ආණ්ඩුවත් සෘජුවම හෝ වක‍්‍රව මෙම පාස්කු ප‍්‍රහාරයට වගකිව යුත්තෙකු වන නිසා ඔවුන් එම නීති ක‍්‍රියාමාර්ග ආරම්භ කරනවා වෙනුවට ප‍්‍රහාරයේ සියලූ වගකිම් එම නිළධාරීන් දෙදෙනා මතට පවරා තම විළි වසාගැනීමට උත්සාහයක නිරත වනවා.


වත්මන් ආණ්ඩුව බලයට පත් වූවායින් පසු ජවිපෙ සෘජුවම ආණ්ඩුව සමග නේද කල් මැරුවේ ?


ඒක මේ සමාජයේ තිබෙන වැරදි අදහසක්. 2015 ජනවාරි 08 වනදා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත් වූවායින් පසු එකල පැවති පාර්ලිමේන්තුවේ බහුතරය සන්ධාන මන්ත‍්‍රීවරුන් සහ යූඑන්පී මන්ත‍්‍රීවරුන් එකතුවක් හිටියේ. පසුව ඔවුන් දෙගොල්ල එකතු වෙලා දින 100ක තාවකාලික ආණ්ඩුවක් නිර්මාණය කරගත්තා. එම නිර්මාණයේදී අපි හිටියේ නැහැ. ඔවුන් ලවා යම්කිසි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ කිහිපයක් සිද්ද කරගැනීමට වුවමනා නිසා අපි මහ ඡුන්දෙට කලින් එම ආණ්ඩුව විසින් නිර්මාණය කරගත් කමිටුවක දින 100ක කාලයක් රැුදී හිටියා පමණයි. ආණ්ඩුව නිර්මාණය කළේ අපි නෙවෙයි. ආණ්ඩුව නිර්මාණය කළේ එක්සත් ජාතික පක්ෂයයි, සන්ධානේ මන්ත‍්‍රීවරුනුයි එකතු වෙලා. අපි එම දින 100 ඇතුලත ආණ්ඩුව ලවා යමක් කරවාගැනීම සදහා බලකිරීමේ මැදිහත් වීමක් සිදු කළා. එහි ප‍්‍රතිඵල වශයෙන් 19 වන සංශෝධනය සම්මත කර ගත්තා. තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන එන්න අවශ්‍ය කරන තත්ත්වයක් නිර්මාණය කරගත්තා සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමට බලපැම් කළා. පසුව 2015 අගොස්තු මස මහ මැතිවරණය පැමිණියා. එහිදී අප වෙනම තරග කළා. තරග කරද්දි අපි ජනතාවට කීවා මොවුන් මේ කිසිවක් කරන අය නෙවේ කියලා.


20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සටන් පාඨයක් විතරමද ?


වත්මන් ජනාධිපති දිවුරුම් දෙන අවස්ථාවේදී පැවසුව දේ තමයි ”ඔහු අවසන් ජනාධිපතිවරයා” යන්න. එහෙත් ඒ කාර්යභාර්ය ඔහු සිද්ධ කළේ නැති වුණාම අපි කල්පනා කළා අපි මැදිහත් වෙලා හෝ මෙම විධායකය අහෝසි කළ යුතුයි කියලා. ඒ හරහා අප 20වෙනි සංශෝධනය ඉදිරිපත් කළා. මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු අප දේශපාලන සාකච්ඡුා වටයක් ආරම්භ කළා. ප‍්‍රධාන වශයෙන් ටීඑන්ඒ එක සමග මේ සම්බන්ධව කතා කළා. මුස්ලිම් කොන්ග‍්‍රසය සමග කතා කළා. ඔවුන් සියල්ල සහය පල කරන්න හිතල බලන්නම් කියලා කීවා. පසුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂව මුණ ගැහුණා. ඔහු පැවසුවේ මේක වෙලාවද යන්න කල්පනා කළ යුතු බවයි. එජාප සමග අපි නිළ වශයෙන් කතා කළේ නැහැ. ජනාධිපති සමග රැුදී සිටින මන්ත‍්‍රීවරුන් සමග මෙය සාකච්ඡුාවට බදුන් කළා. එහෙත් මේ කිසිවෙක් 20වන සංශෝධනයට සහය දීලා එය දිනවන අදහසක නෙවේ හිටියේ. අප තීරණය කළා මෙය කෙසේ හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එහෙත් පාස්කු ප‍්‍රහාරය නිසා දේශපාලනය සම්පූර්ණයෙන්ම වෙනස් අතකට පෙරලූණා. අනෙක් කාරනාව ඉදිරියේදී ජනාධිපතිවරණයක් පැමිණෙන නිසා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් මෙයට සහය ඵල කරාවිද යන්න සැකයක් මතු වෙමින් පවතිනවා. ඒත් අපි 20වන සංශෝධනයේ බලාපොරොත්තුව අත ඇරලා නැහැ. ජනාධිපතිවරණයකට ප‍්‍රථම පළාත් සභා මැතිවරණයක් ඕන කියලා පිරිසක් කියනවා? මීට අවුරුදු පහකට ඉහතදී මැතිවරණ කොමසාරිස්, සිවිල් සංවිධාන සහ රාවය පත්තරය එකතුව පවතින ඡුන්ද ක‍්‍රමය වැරදියි කියලා මතයක් ගොඩනැගුවා. ඇත්ත වශයෙන්ම අපේ මැතිවරණ ක‍්‍රමයේ ගැටලූකාරී තත්ත්වයක් තිබෙනවා. එම නිසා අප කාටත් වුවමනාව තිබුණා මනාප නැති අලූත් ඡුන්ද ක‍්‍රමයක් නිර්මාණය කරගන්න. ඒ දරපු උත්සාහයේ ප‍්‍රතිඵලයක් ලෙස තමයි පළාත්පාලන මැතිවරණය සදහා අලූත් ඡුන්ද ක‍්‍රමයක් නිර්මාණය කරගත්තේ. එහි අඩුපාඩු පැවතියත් පැවති ක‍්‍රමයට වඩා සාර්ථකයි. ඒ අනුව මැතිවරණයක් පැවැත්වූවා. පසුව පළාත්පාලන මැතිවරණයක් පැමිණියා. නැවත පැමිණි ගැටලූව පළාත් පාලන මැතිවරණය එක ක‍්‍රමයකට පවත්වලා පළාත් සභා මැතිවරණය තවත් ක‍්‍රමයකට පැවැත්වීම ගැටලූසහගත නිසා අපි කීවා පළාත් සභා මැතිවරණයත් පළාත් පාලන මැතිවරණය පවත්වන ක‍්‍රමයටම පවත්වමු කියලා. එහිදී පළාත් සභා මැතිවරණ ක‍්‍රමයත් පනතකින් වෙනස් කළා. ඒ අනුව පළාත් සභා මැතිවරණ පැවැත්වීමට කොට්ඨාස නීර්ණය කිරීමට තිබුණා. කොට්ඨාස නීර්ණය සදහා වූ කමිෂන් එකක් පත් කළා. ඔවුන් වාර්තාවක් ලබා දුන්නා. පසුව එම වාර්තාව පාර්ලිමේන්තුව තුළ අනුමත කරගත යුතුව තිබුණා. වාර්තාව පාර්ලිමේන්තුවට යොමු කළ පසු එය ඉදිරිපත් කළ මන්ත‍්‍රිවරයා ඇතුලූව එක්සත් ජාතික පක්ෂය සහ මහින්ද රාජපක්ෂ පුමුඛ සියල්ලම මෙයට විරුදධ වුණා. පසුව එය ඒකමතිකව පැරදුණා. ඊළගට යෙදී තිබුණේ අගමැති ප‍්‍රමුඛ කමිටුවක් මගින් මෙහි අඩුපාඩු සකස් කරලා ජනාධිපති අනුමැතිය ලබා මෙය ක‍්‍රියාත්මක කරන්න. එහෙත් එම කමිටුව පිහිට වූවේ නැහැ. එහිදී පැහැදිලි වන්නේ පළාත ්සභා මැතිවරණය කල් ඇරපු මැතිවරණයක් බවයි.
වර්තමානයේදි ඇතිවන ගැටලූව පළාත් සභා මැතිවරණය පැවැත්වීමේදී ජනාධිපතිවරණයත් ඒ අසලට පැමිණීමයි. අපි හිතනවා මැතිවරණ සියල්ල තැබිය යුතුයි. එහෙත් මේ අවස්ථාවේ අපට ඉතාමත් වැදගත් වේවි බලය මාරුවන්නේ නැති ජනතාවට බලය මාරුකරගැනිමට අවස්ථාවක් නැති පළාත් සභා මැතිවරණයකට වඩා බලය හුවමාරු කරගැනීමට ජනතාවට අවස්ථාවක් ලැබෙන මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක්.


ජවිපෙ ජනාධිපතිවරණයට තනි අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානමක් තිබෙනවා කියලා ආරංචියි. එය ප‍්‍රතිඵල සහගතද? ගමන තියෙන්නේ ප‍්‍රධාන පක්ෂ දෙක සමග එකතුව නේද ?


ජවිපෙ විසින් තනි අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවා කියලා තීරණයක් අරගෙන නැහැ. ජනාධිපතිවරනයේදී අපි හිතනවා විකල්ප අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුයි කියලා. අවුරුදු 71ක කාලයක් පටන් එකම පන්තිය කදවුරු දෙකකට බෙදිලා ක‍්‍රිඩාවක යෙදෙමින් සිටිනවා. එහිදී ජනාධිපතිවරණයේදී මෙම ප‍්‍රධාන කදවුරු දෙකක් හැදෙනවා. දෙකෙන් එකක් ජයග‍්‍රහණය කරනවා. ඉතින් මේ කදවුරු දෙක දිගින් දිගටම මේ වනතෙක් ජනාධිපතිවරණයට ඉල්ලනවා දිනනවා. කිසිවෙක් තමන්ගේ වගකීම් ඉටුකරලා නැහැ. එහිදී මේ කණ්ඩායම් දෙකම අසමත්. ඒ වෙනුවට අලූත් විකල්ප දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍ය වනවා. එවැනි ව්‍යාපාරයක් තුළින් අපේක්ෂකයකුගේ මැදිහත් වීමක් බලාපොරොත්තුව විය හැකියි.

මරණ දණ්ඩනය සම්බන්ධව ජවිපෙ අදහස කුමක්ද?

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයෙක් විදියට අසමත් තත්ත්වයක සිටිනවා. එම නිසා යම් යම් අවස්ථාවන්හි ඔහු සියලූ නීතිවලට පටහැනිව කටයුතු කරමින් සිටිනවා. ඔහුගේ අවශ්‍යතාව අනුව එල්ලූම්ගහ යන ජනප‍්‍රිය මාතෘකාව කරළියට ගේනවා. අපේ ස්ථාවරය මරණීය දණ්ඩනය වරදට දඩුවමක් නෙවේ. මරණීය දණ්ඩනය තුළින් වැරදි අවම කරගත හැකියි යන්න ප‍්‍රාථමික අදහසක්. ලෝකයේ මරණීය දණ්ඩනය තිබෙන තැන වැරදි වැඩියි මරණ දණ්ඩනය නැති තැනට වඩා. කෙනෙකු වරදක් කර ඔහුට සිරදඩුවම ලබා දීමෙන් ඔහු දඩුවම කාලයක පරාසයක් තුළ විදිනවා. එල්ලා මැරීම තුළින් දඩුවමක් ලබා දිය නොහැකියි. හාස්‍යයට ලක් විය යුත්ත වන්නේ ජනාධිපතිවරයා මරණ දණ්ඩනය සදහා අනුමැතිය ලබා දුන්නා ලෙස පැවසුවත් සති තුනකට පමණ පසු යම්කිසි කණ්ඩායමක් අධිකරණයට පිවිසීමේදී බන්ධනාගාර කොමසාරිස්වරයා පවසා ඇත්තේ තවම එවැනි ලිපියක් ඔහුට නොලැබුණු බවයි. එහිදී අපිට සැකයක් මතු වනවා මෙය ප‍්‍රසිද්ධිය සදහා සිදු කරන ලද්දක් ද කියලා. තමන්ගේ ප‍්‍රතිරූපය නිර්මාණය කරගැනීම සදහා මෙවැනි සිද්දීන් ඉස්මතු කිරනවා නම් එය එතරම් නුසුදුසු ක‍්‍රියාවක් ලෙස අපි විශ්වාස කරනවා.

මැතිඇමතිවරු රජය සමග ව්‍යාපාර සිදු කිරීම සම්බන්දව ඔබලාගේ විග‍්‍රහය කුමක්ද?

78ට පෙර ප‍්‍රභූවරුන්ට බලයට පැමිණීම සදහා උපකාර කරපු මැර පිරිසක් සිටියා. ඔවුන් තුළ විශම චක‍්‍රයක් ගොඩනැගුණා. බලය සදහා ධනයත්, ධනය සදහා බලයත් අවශ්‍යයි කියලා. පසුකාලීනව (78න් පසු) මැරයන්, සමාජ විරෝධීන් සහ අපරාධකරුවන් බලය සදහා තරග වැදීමට පෙළඹුණා. වර්තමානය තුළ එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉහත දැක්වූ ප‍්‍රශ්නයට පිළිතුරක් තිබෙන බව අප හිතනවා. පුංචි කාලයෙදි අපි අහල තිබුණා ඇමතිවරුන් තෝරාගැනීමේදී තරගයක් තිබුනේ නැහැ කියලා. පළමුවෙන් නියෝජ්‍ය ඇමතිවරයෙක් විදියට පුහුණුවක් ලැබූ පසුයි ඔහුව ඇමතිවරයකු ලෙස නම් කරන්නේ. එහෙත් වර්තමානයේදී ඇමතිවරුන් අතර තරගයක් දක්නට ලැබෙනවා. එයට හේතුව එදා පටන් ඔවුන් අතර මතයක් ගොඩ නැගිල තියෙනවා බලය ලබාගත් පසු ධනය ලබා ගත හැකි බවට. හොරකම් කිරීම අරමුණු කරගත් දේශපාලන සංස්කෘතියක් තමයි වර්තමානය තුළ ගොඩනැගිලා තියෙන්නේ. රටේ නීතිය අනුව මන්ත‍්‍රීවරුන්ට ව්‍යාපාර කරන්න බැහැ කියලා ව්‍යවස්ථානුකූලව සදහන් වනවා. එහෙත් ඔවුන් ව්‍යාපාර කරනවා. එයට වත්මන් ආණ්ඩුව උදාහරණ සහිතව උපකාර කරන අවස්ථා දක්නට ලැබෙනවා. එහිදී දේශපාලන සංස්කෘතිය පැත්තෙන් පමණක් නොව සිවිල් සමාජය පැත්තෙන් විද්වත් පිරිසකගේ මැදිහත් වීම සහ මාධ්‍ය මගින් විශාල බලපෑමක් ඇති කරමින් කතිකාවක් ගොඩනැගීම මගින් ඒවාට විරුද්ධව කුමන හෝ වැඩපිළිවෙලක් යෙදිය හැකි යන්න විශ්වාසයක් අප සතුව පවතිනවා.