විමලනාත් වීරරත්න

රටට අලූත් විපක්ෂයක් යන්න මේ දිනවල ඉස්මතුවී ඇති මාතෘකාවකි. අලූත් විපක්ෂයක් ගොඩනැගිය යුතු බව විපක්ෂයේ ප‍්‍රමුඛයින් ප‍්‍රකාශ කළත් ඒ කවුරුත් එක් නායකත්වයක් යටතට ගොනු නොවීමද දක්නට ලැබෙයි. මේ සියලු දෙනා අතරින් සජිත් පේ‍්‍රමදාස මහතාට ඇති වාසිය වන්නේ ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා වීමත් ඒ වෙනුවෙන් ලැබෙන නිල පිළිගැනීමත්ය. ඒ හැරුණු විට මංගල සමරවීර හා චම්පික රණවක ශක්තිමත් විපක්ෂයක් ගොඩ නැගිය යුතු බවට අවධාරණය කරති. මංගලගේ අසහාය නායකයා රනිල් වන විට චම්පිකගේ නායකයා සජිත් නොව තමාම වී තිබේ. කරු ජයසූරිය මහතාත් විපක්ෂයේ ප‍්‍රධානයකු වුවත් ඔහු අනාගත සැලසුම් ප‍්‍රකාශයට පත් නොකරන එක්තරා නිශ්ශබ්ද විලියම් කෙනෙකු බඳු පුද්ගලයෙකි. ආණ්ඩු විරෝධී දෙමළ හා මුස්ලිම් කොටස් බලාගෙන සිටින්නේ මේ කවුරු හෝ දිනන නායකයකු පසුපස වැටීමටය. සමස්තයක් ලෙස ගත්විට ආණ්ඩුව තුළ තිබෙන සැලසුම් විරහිත තත්ත්වයම විපක්ෂය තුළත් දක්නට ලැබේ.

ඉතිහාසය යළි කරකැවෙන්නේ මුලින් ඛේදවාචකයක් ලෙස හා දෙවනුව විකාරයක් ලෙසය. එය මෙරටට අදාළව එම අවස්ථා දෙකම විකාර රූපී ඛේදවාචක වෙයි. විපක්ෂයේ සිටින විට සෑම නායකයෙක්ම බලයට පත්වීමට විවිධ දහංගැට දමමින් අර ඇදීම ස්වාභාවිකය. ප‍්‍රශ්නය වන්නේ මෙරට විපක්ෂ බලවේග හැමවිටම බලයට ඒමට පමණක් සැලසුම් කිරීමය. අනතුරුව රට ගොඩනගන සැලසුම් ඔවුන්ගේ මෙහෙයුම තුළ නැත. චමිපිකගේ 43 සේනාංකය නිර්මාණශීලි ප‍්‍රවේශයක් ලෙස සැලකිය හැකිය. එහෙත් ඔවුන්ට බලය තිබුණු අවස්ථාවේදී ඔවුන් පවතින ක‍්‍රමයටම ගොදුරු වී සිටියා මිස රට පිළිබඳ පරිනත දැක්මකින් ක‍්‍රියා කළාද යන්න අපැහැදිලිය. යකඩ මිනිසා වැනි ප‍්‍රචාරක ව්‍යාපාර නම් ඔහු වෙනුවෙන් අදත් ඉතිරි වී තිබේ. මෙය චම්පිකට පමණක් ලඝු වූ ප‍්‍රශ්නයක් නොවන අතර විපක්ෂයේ සිටියදී සෑම නායකයකුම රටට දෙන එවරස්ට් කන්දක් තරම් වන බලාපොරොත්තු නායකත්වයට පත්වූ පසු බොරු කන්දක් බවට පත්වනු නොවැළැක්විය හැකි අත්දැකීමක් බවට පත්ව තිබේ. ඒ අනුව විපක්ෂය දහවලේ විරෝධතා පෑවත්, පන්දම් පත්තු කරගෙන විරෝධතා පෑවත් ජනතාව ඒ දෙස බුද්ධිමත්ව නිරීක්ෂණය කිරීම අත්‍යාවශ්‍යය. මෙතෙක් එවැනි නිරීක්ෂණයක් නොමැති වීමෙන් ජනයා නායකයන්ගේ ඕනෑම බොරුවකට රුවටුණෝය. විපාක්ෂික නායකයන්ගේ අනාගත ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන ප‍්‍රශ්න කරන තැනකට ජනතාව පැමිණිය යුතුය. ගෝඨාභය මහතා වතු කම්කරුවන්ගේ වැටුප් රු. දහස බවට පත්කරනවා යැයි කියනවිට හුරේ දැම්මා මිස එය කළ හැකිදැයි යන්න කිසිවෙක් විමසා නොබැලූහ. සජිත් මහතා ඊටත් වඩා වැඩි ගණනක් දෙන බව කී විටත් ප‍්‍රතිචාරය එසේමය. ගෝඨාභය ජනපති වී දහස දීමටත් නොහැකිනම් සජිත් ජනපති වුවානම් ඊටත් වඩා වැඩි ගණනක් දෙන්නේ කෙසේද ? සජිත් ජනපති වුවානම් මෙම විෂයේදි බොරුකාරයා වන්නේ ඔහුය. විපක්ෂයේ සිටින විට නායකයින් කියන බොරු බස් වලට නොරැුවටීමට මේ සිදුවීම පමණක් උපස්ථම්භක කරගත හැකිය. දෙඤ්ඤං කාසි ගැන නායකයින්ගෙන් ප‍්‍රශ්න නොකරන තාක් මේ බල හුවමාරුව නොවෙනස්ව සිදු වනු ඇත. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන හුදු වදන් ගොනුවක් වනු ඇත. ආණ්ඩු හදන වේගයෙන්ම ආණ්ඩු බිඳ වැටෙන තත්ත්වයක්ද අද ලංකාවේ දක්නට ලැබෙන්නේ මේ වගකීම් විරහිත ස්වභාවය නිසාය.

ආණ්ඩුව
ආණ්ඩුව විෂයෙහි තත්ත්වය ගතහොත් ඔවුන් වුණත් මුහුණ දෙමින් සිටින්නේ දෛනික ප‍්‍රශ්න සමුදායකටය. ජනතාවට හැමදාම අලින්ගෙන් කරදර බැවින් ඒ කරදරය ආණ්ඩුවට බැරවෙයි. එබැවින් එම ප‍්‍රශ්නය 80% කින් වත් විසඳිය යුතු බව ආණ්ඩුව කල්පනා කරන්නේද නැත. වික‍්‍රමසිංහ, මෛත‍්‍රී, සජිත්, කරු, මංගල වැනි නායකයින්ගේ ආණ්ඩුවෙන් වුව අලි ප‍්‍රශ්නයට විසදුමක් ලැබුණේ නැත. එහෙත් ජනපති ගෝඨාභය ඊට ප‍්‍රායෝගික පිළිතුරක් සැපයිය යුතුය. අලියා බලා, සේනා දළඹුවාත් දැක බලාගෙන ඔහු ගොවීන්ට පාරක් කපාදී තව මොනවා හෝ කියා රවුම ගසා එන්නේ අලි කරදරයට ඔහුටත් පිළිතුරක් නැති නිසා විය හැකිය.

අනෙක් අතට ඉඩම් හා රාජ්‍ය දේපළ විකිණීම මේ කවර නායකයාටවත් කිරීමට සිදුව තිබේ. වරායේ නැගෙනහිර පර්යන්තය විකුණන්නේ හෝ බදුදෙන්නේ නැහැ කියමින් 49% ක් ඉන්දීය සමාගමට දෙයි. එම ප‍්‍රශ්නයට සෑම ආණ්ඩුවක්ම මුහුණ දෙන්නේ ආදායමට සාපේක්ෂ වියදම් රටාවක් රටට හඳුන්වා දී රට නිසි කළමනාකරණයකට පත් නොකරන නිසාය. අනෙක් අතට දුෂණය පිටු නොදකින නිසාය. මැති ඇමතිවරුන්ගේ ලක්ෂ හාරපන්සියයේ වාහන මුළුමනින් නතර කොට ඔවුන් නියම අර්ථයෙන් මහජන සේවාවට යොමු කළහොත් අලි වැටක් සක‍්‍රිය කරදීමත්, දුෂ්කර ගම්වල වැල් පාලමේ යන දරුවන්ට පාලම් ඉදිකර දීමත් මහ කජ්ජක් නොවන බව ජනපතිට අවධාරණය කරමු.

මොනර නැටුම්
‘‘බුදුසරණයි’’ පාඨය ගැසූ ලොරියේ හරක් මරන්නට ගෙන ගියා සේ යහපාලන නාමය දරාගෙන ලංකාවේ ලොකුම හොරකම සිදුකළේය. ගෝඨාභය-මහින්ද රජය පත්වුයේ මහබැංකු හොරුන්ටත්, පාස්කු ප‍්‍රහාරයටත් වගකිව යුතු වුවන්ටත් දැඩි දඬුවම් දෙන බවට සපථ කරමිනි. යහපාලනය බලයට පත්වුයේ රාජපක්ෂ ආණ්ඩු සමයේ ¥ෂිතයින් මිනීමරුවන් එයාර්පෝට් වසා රට පනින එක වළක්වා උන් දඬුකඳේ ගසන බවට වහසිබස් දොඩමිනි. ඒ දෙකම නොවුණි. එබැවින් යථාර්ථය වන්නේ රංජන් කියු මුං දෙගොල්ලොම හොරු අල්ලන් නෑ මල්ලි කියන වාක්‍යය පමණි.

රට ඉදිරියට යන්නේ මේ විදියටද ? දෛනික ජීවත්වීමේ ප‍්‍රශ්න, නැගෙනහිර පර්යන්තය පිළිබඳ ජනාධිපතිවරයාගේ මොනර නැටුම, කැළෑ කැපීම වැනි දේවල් උත්සන්න වී වසර පහකින් ඇතැම් විට වත්මන් ආණ්ඩුවත් පරාජය විය හැකිය. එවිට යළි ඉඩ විවර වන්නේ යහපාලනය මොඩලයේ තවත් විකාර පාලනයකට නම් ජනතාව කොහොමටත් මුහුණ පානු ඇත්තේ විකාරරූපී ඛේදවාචකයකටය. මංගල සමරවීර කියන පරිදි රනිල් විපාක්ෂික නායකයන් අතර සිටින අසහාය නායකයා නම් ඔහුට නායකත්වය ලැබුණු සෑම අවස්ථාවකම දරුණු ලෙසට ෆේල් වූයේ ඇයි ? ගෝඨාභයට ෆේල් කීමට පෙර රනිල් ෆේල් වු වාර ගණන සොයා බැලීමේදීත් අපට ෆේල් වීමට සිදු වෙයි. එපමණටම හරියටම ගණන් කළ නොහැකි වාර ගණනක් ඔහු ෆේල් වී ඇති නිසාය. යහපාලනයේ අගමැති ලෙස ඔහු මහබැංකු හොරු රැුකීමට ක‍්‍රියා කළේය. ඒකාධිපතියකු ලෙස පරීක්ෂණයක් කර හොරු නිදොස් කීවේය. සුදුස්සන්ට තනතුරු නොදී තම හිතවතුන් ඇමතිධුරවල සිට උසස් තනතුරු වලට පත්කර ගත්තේය. මේවා හොඳ නායකයකුගේ ලක්ෂණද ? කළ යුතු වැඩ නහුතයත් තිබියදී විනෝදයෙන් තමන්ගේ මනෝ ලෝකයක හෙතෙම කල් බැලූවේය. පාර්ලිමේන්තුවේදී වැදගත් ප‍්‍රශ්නයක් සාකච්ඡුා කරනවාට වඩා ව්‍යාජ උද්ඝෝෂණ වලට අනුබල දුන්නේය. මහපොළොවේ ප‍්‍රශ්න ගැන වගේ වගක් නැති ඔහුගේ හිතවත් ලිබරල්වාදිහු මේවා ගැන ඇස කන පියාගෙන සිටියහ. එහි ප‍්‍රතිඵලය වුයේ ගෝඨාභය අතට ජයග‍්‍රහණය ගෙඩිය පිටින්ම ලැබීමය. සමරවීර යළි වර නගමින් සිටින්නේ එවැනි නායකයෙකි.

සුරුට්ටුව ඇතුළට පත්තුවීම
කොහොමටවත් මේ දිනවල සමරවීර කියන සමහර දේවල් වලින් පෙනී යන්නේ ඔහුගේ සුරුට්ටුව ඇතුල් පැත්තට පත්තු වෙමින් තිබෙන බවකි. ඔහු පසුගිය දිනක කියා තිබුණේ නැගෙනහිර ජැටිය දෙනවාට දේශපේ‍්‍රමියකුට විරුද්ධ විය නොහැකි බවකි.

ඔහු මෙම අවස්ථාව වීරවංශ, ගම්මන්පිල වැනි ව්‍යාජ දේශපේ‍්‍රමීන්ට ෂොට් එකක් දීමට පාවිච්චි කළා විය හැකිය. එහෙත් අප ඔහුට කිව යුත්තේ ජැටිය දෙනවාට සැබෑ දේශපේ‍්‍රමින් විරුද්ධ විය යුතු බවය. විරුද්ධ වන්නේ ආයෝජන අවස්ථාවට නොවේ. විරුද්ධ විය යුත්තේ වරාය අධිකාරියට නැගෙනහිර ජැටියේ කටයුතු මෙහෙයවා රටට විශාල ආදායමක් හිමිකර දිය හැකිව තිබියදි එම ලාභය අදානි සමාගමට හිමිකර දීමට පාර කැපීම ගැනය. විෂය දත් වරාය ඉංජිනේරුවන් පවා මේ කාරණය පිළිබඳව සාක්ෂ්‍යය දරා තිබියදී සමරවීර මේ දේශපේ‍්‍රමි කතාව කියන්නේ කවර කරුණු කාරණා මතද ? මේවා තනිකරම හුදු දේශපාලන ප‍්‍රකාශ වලින් ඔබ්බට නොයයි.

ආයෝජනය යනු වෙනම විෂය පථයක් බව සැබෑය. එය උපයුක්ත කොට ගත යුතු අවස්ථා තිබේ. සෑම ආයතනයක් සම්බන්ධයෙන්ම එම ස්ථාවරයට යාම තමන් කෙරෙහි විශ්වාසයක් නැති නායකයින්ගේ ප‍්‍රතිපත්තියකි. කොන්ද පණ ඇති මිනිහා තම නිවසේ කටයුතු වෙන ගෙදරක මිනිහෙකුට භාර දෙන්නේ නැත. වරාය ඉංජිනේරුවරුන්, වෘත්තිය සමිති ප‍්‍රමුඛව සේවකයන් ජැටියේ මෙහෙයුම් කටයුතු වරාය අධිකාරයෙන් සිදුකර ඉහළ ලාභයක් රටට ලැබිය හැකි බව කියද්දී එය එසේ නොවේ යැයි කීමට තාවකාලිකව රට කරවීමට පත්වෙන දේශපාඥයකුට හැකිද ? ජනාධිපතිවරයාත්, සමරවීරත් යන දෙදෙනාම තාවකාලිකව මේ විවිධ විෂය පථයන් අරභයා ජනතාව පත් කරගත් නායකයෝය. සුවිශේෂි විෂයයන් පිළිබඳ සුනිසි හෝ අනිසි බලයක් ඔවුන්ට තිබිය නොහැකිය. විපාක්ෂිකයන් ක‍්‍රියා කරන්නේ වගකීම් විරහිතව බැව් මෙවැනි ප‍්‍රකාශවලින් පෙනේ. ඔවුහු කෙසේ හෝ බලය ලබා ලැනීමට උපාය මාර්ග සකස් කරනවා විනා බලය පවත්වාගෙන යාමටවත් නොසිතති. කොතැනින් හෝ මේ වියවුල් සහගත තත්ත්වය වෙනස් විය යුතුය. විපක්ෂයේ නියෝජිතයෝ රටේ විවිධ විෂයන් ගැන සාකච්ඡුා කිරීමට විද්වතුන් හමුවෙති. කොරෝනා නොතකා ඇතැම්හු එවැනි හමුවීම් සංවිධානය කරති. මේ කවුරුත් එසේ උගතුන් යැයි සම්මත පිරිස් හමුවන්නේ විපක්ෂයේ සිටින විටය. ආණ්ඩු බලය ලැබුණු විට කිසිවකුගෙන් හෝ අනුශාසනා වලට ඇහුම්කන් නොදෙති. මේ තත්ත්වයත් රටකට බරපතළ විපාක ගෙන දෙන්නකි.

අඩුම තරමින් අපේ රටේ නායකයෝ රුවන්ඩා ජනපති පෝල් කගමේ වත් ආදර්ශයට නොගනිති. වසර 25 ක් තිස්සේ පැවැති එරට ජනඝාතන පසුබිම ඔහු වෙනස් කළේය. ගෝත‍්‍රික යුද්ධ නතර කළ හැකි ජාතික වැඩසටහනක් හ\ුන්වා දුන්නේය. ආර්ථිකය හා අධ්‍යාපනය ඉහළට ගෙන ඒමට කැප වුයේය. අද රුවන්ඩාවේ තරුණයින් තුවක්කුව වෙනුවට පරිගණක ඇසුරු කරන්නන්ය. අපේ රටේ නායකයන්ට අවංකවම ඕනෑකමක් තිබේ නම් ඊට වඩා උස් තැනක ලංකාව වඩා හිඳුවිය හැකිය.