එස්. අබේගුණසේකර

දේශිය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි යම් උත්සාහයක් දරමින් කොවිඞ් සඳහා නොව කොවිඞ් නිසා ඇතිවන සංකුලතාවලට පිළියමක්, සහනයක් ලබා දීමට ඖෂධ දෙකක් ජනගත කර ඇත. එය දේශිය වෙදකම පැත්තෙන් බලන කළ සාධනීය ලක්ෂණයක්.


කොවිඞ් ආරම්භ වීම, පැතිරී යාම නතර කිරීම සාර්ථක නැත. කොවිඞ් පළමු රැල්ල, දෙවැනි රැල්ල වගේ කතාත් දැන් කියනවා. වසංගතවේද විiාත්මකව සංඛ්‍යාන විiාත්මකව ඒවායේ යම් සත්‍යතාවයක් නැතුවාම නොවේ. හැබැයි අපි දකිනවා මිනිස් සිරුර මෙවැනි වෛරස්, බැක්ටීරියා හා දිලීර වලට ඔරොත්තු දෙන ආකාරයට සකස් කිරීමේ දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් නොතිබුණොත් ක්‍දඩසා නෙමෙයි, මීට වඩා දරුණු භයානක දෙයක් ඊළඟ අවුරුද්දේ ආවොත් ඊට ඔරොත්තු නොදී අපි විනාශ වන්නට පුළුවන්.


ජනමාධ්‍යත් දැන් අපෙන් අහනවා කොවිඞ් වලට උත්තරයක් තියෙනවාද කියලා. අපිට කියන්න තියෙන්නේ කොවිඞ් කියන්නේ මෑත කාලීනව හඳුනාගත්ත දෙයක් ක්‍දඩසා ලෙස නාමකරණය කළේ ගිය වසරේ දෙසැම්බර් වලනේ.
වෛරස්, දිලීර, බැක්ටීරියා පෘථිවියෙන් ඉවත් කිරීමේ හැකියාවක් අපිට නෑ. ලෙඩ රෝග තුරන් කිරීමට හැකියාවක් නැහැ. එසේ නම් විය යුතු වැදගත් දේ වන්නේ ලෙඩ රෝග වලට ඔරොත්තු දීම සඳහා කළ යුතු දේ මොනවාද යන්න සොයා බැලීමයි.


අපෙන් ඇහුවොත් සතුරෙක් ඉන්නවා නම් මොකද කරන්නේ කියලා, ඒක අපේ ජීවිතයට හානි කරන්න බැරි ක්‍රමවේද හදනවා මිස සතුරන් නැති කිරීමේ හැකියාවක් අපට නැහැ. සතුරා විසින් අපට කළහැකි හානිය අවම කිරීම ආයුර්වේදය මගින් සිදු කෙරෙනවා. මෙම වෙදකමේ දර්ශනය තුළද දැක්වෙන්නේ එයයි. බටහිර දර්ශනය තුළ ඇත්තේ ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා සතුරා විනාශ කිරීමේ ක්‍රමවේදයයි. නමුත් අප එය පිළිගන්නේ නැහැ. අපගේ දර්ශනය තුළ සිටිමින් ප්‍රතිකාර පද්ධති, ආරක්ෂණ පද්ධති සකස් කර රජයට ඉදිරිපත් කිරීමට ක්‍රියා කළා. මෙය ජනාධිපතිවරයාට, සෞඛ්‍ය ඇමතිවරියට, දේශිය වෛi අමාත්‍යවරයාට ලබා දුන්නද එයට වෘත්තියමය වශයෙන් ක්‍රියාත්මක කිරීමට ඉඩක් ලැබෙන්නේ නැහැ.


රටේ සමස්ත සෞඛ්‍ය ක්‍රියාවලියම එක් වෛi ක්‍රමයක් විසින් ග්‍රහණය කරගෙන තිබෙනවා. එය බොහෝ දෙනෙකු විසින් කතා කිරීමට මැලි වන දෙයක්. මේ රටේ වෛi ක්‍රම කිහිපයක් තිබෙනවා. සෞඛ්‍ය කියන්නේ කාටත් අයිති පොදු දෙයක්. නමුත් එක් වෛi ක්‍රමයක් විසින් සමස්තය ග්‍රහණය කර ගෙන තිබෙනවා. ඔවුන් රටට සේවයක් නොකරනවා යන්නක් නොව මින් සඳහන් කරන්නට යන්නේ වෘත්තියභාවය තුළ වෙනත් වෛi ක්‍රමයන්ට නැගිටින්නට ඉඩක් ඔවුන් විසින් ලබා නොදෙයි. ඒ නිසා තමයි අපි කියන්නේ මේ රටේ ආයුර්වේද රෝහල් පද්ධතියක් තියෙද්දි වෛiවරු විශාල ප්‍රමාණයක් ඉද්දි කොවිඞ් පාලනය සඳහා ඒ මානව සම්පත්, භෞතික සම්පත් යොදවා ගත යුතුයි. යොදවා ගත හැකියි. රටේ මුදල් වියදම් කොට සකස් කළ ඒ සම්පත් යොදවා නොගැනීම විශාල අපරාධයක්. එසේ යොදා නොගන්නේනම් බදු මුදල් වියදම් කරමින් රටේ විශ්වවිiාල තුළින් ආයුර්වේද උපාධිධාරීන් බිහි කරන්නේ ඇයි ? විශාල මුදලක් වැය කරමින් ආයතන පවත්වාගෙන යන්නේ ඇයි ? ඒ නිසා නව අවශ්‍යතාවක් ඇත්නම්, නව තාක්ෂණයද භාවිතා කර රෝගින්ට සේවාව සපයා ලීම සඳහා ආයුර්වේද රෝහල්, වෛiවරුන් යොදවා ගන්න.

එකවරටම යොදා ගැනීමට අපහසුනම් සතියක හෝ දෙකක පුහුණුවක් ලබා දී ඔවුන්ව යොදා ගැනීමට හැකියි. නමුත් රජය එවැනි දෙයක් කරන්නට උත්සුක වන බවක් පෙනෙන්නට නැහැ. බටහිර වෛiවරුන් තුළ බයක් තියෙනවා ආයුර්වේද වෛi විiාව කෙරෙහි මිනිසුන් යොමු වනු ඇති බවට. මේක තමයි ඇත්ත. කොවිඞ් පිටිපස්සේ නෙමෙයි මේ වෛi ක්‍රම පිටිපස්සේ විශාල ව්‍යාපාරික ජාලයක් දකින්න පුළුවන්. මෙම ව්‍යාපාරික ජාලය විසින් මෙය හසුරුවනවා.
අපි රජයට කියනවා රටක් ලෙස ගම්වල සිටින ආයුර්වේද පාරම්පරික වෛiවරුන් මේ සඳහා යොදවා ගත හැකි බව. ඔවුන්ට ප්‍රාථමික සෞඛ්‍ය කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. උපාධිධාරි හා පශ්චාත් උපාධිධාරි ආයුර්වේද වෛiවරු 3000 කට වැඩි ප්‍රමාණයක් සිටිනවා. මෙම මානව සම්පත ගම්මට්ටමින් යෙදවු පසු නව උපාය මාර්ගයක් ඔස්සේ මෙයට පිවිසීමට හැකියාවක් තිබෙනවා. විෂබීජය රෝගියා තුළට පිවිසුනද බරපතල සංකූලතා ඇති නොවන ආකාරයට ආහාර, විහරණ හා දේශීය ඖෂධ යොදවා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ තුළ විශාල ප්‍රතිලාභයක් ජනතාවට ලැබෙනවා. එම ප්‍රතිලාභය ජනතාවට ලබා නොදීම විශාල අපරාධයක්.


ඇමතිවරයා සංස්ථාව හරහා බෙහෙත් වර්ග දෙකක් රටට ඉදිරිපත් කළා. දෙපාර්තමේන්තුව මාර්තු මුලදි බෙහෙත් වර්ග පවුල් ලක්ෂ 12 කට පමණ බෙදා දුන්නා. එමගින් රෝගය පැතිරීම වැළැක්වුණා පමණක් නොව රෝගයට ශරීරයට කරන්න පුළුවන් හානිකර තත්ත්වයද වැළැක්වුණා. සමහර අය අපට චෝදනා කළා පර්යේෂණ මගින් මේවා ඔප්පු කර නොමැති බවට. මේවා පර්යේෂණ මගින් ඔප්පු කිරීමට මේ රටේ උගත්තු, පර්යේෂකයො සහ විiාඥයෝ සිටිනවා. මේ අය මේවා අතට ගන්න ඕන. නැතුව හැමදේම දේශිය වෛi අමාත්‍යාංශයට, ආයතනවලට සල්ලි නැහැ. අනික සල්ලි විතරක් නෙමෙයි, අවශ්‍ය තාක්ෂණය රසායනික ද්‍රව්‍ය තියෙන්නත් ඕන. පර්යේෂණ ආයතන කියන්නේ ගොඩනැගිලියි, වෛiවරුයි විතරක් නෙමෙයි. මේ මොහොතේ ඒ පරික්ෂණ සඳහා ඉඩකඩ අවශ්‍ය ප්‍රතිපාදන, සැලසුම් අපි සකස් කර තිබෙනවා. ඒවාට ඉඩ දෙන්න මේක අද නෙමෙයි හෙට වුනත් මුලු ලෝකෙටම ඵලදායි වැඩක් බවට පත් වෙනවා. බලධාරින් මීට අවශ්‍ය බර ගන්නේ නෑ වගේම අවශ්‍ය බර යොදන්නේ නැති බවයි පේන්නේ.


කොවිඞ් රෝගීන් ඇතුළත් කිරීම සඳහා රජය යෝජනා කරන්නේ බටහිර රෝහල් පමණයි. වෛi ක්‍රම කිහිපයක් පාවිච්චි කරන රටක අවම මට්ටමකින්වත් බටහිර ආයුර්වේදය ඒකාබද්ධව හෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කර දෙගොල්ලෝගෙම උපදෙස් පරිදි ප්‍රතිකාර කිරීමට ක්‍රම සැකසීම රජයේ වගකීමක්.


වැඩක් ගන්නේ කොහොමද කියන එකයි විiාඥයකුගේ වගකීම. හැබැයි අපේ බහුතරයකගේ මතය මෙයයි.
ඉඟුරු, කොත්තමල්ලි, පත්පාඩගම්, වෙනිවැල්ගැට, තිප්පිලි, තිප්පිලි මුල් වලින් සකස් කරගත් කප ධාරණය කර ගැනීමේ පාන වර්ග භාවිතා කළ හැකියි. ඒ තුළ 100% ලෙඬේ නතර කර ගැනීම නොව ලෙඩ ඇති වුණත් ඉන් ඇති වන සංකූලතා අඩු කර ගැනීමට මෙය ඉවහල් වෙයි.


ඒ නිසා රජයට යෝජනා කරනවා, රජයේ ප්‍රජා ආයුර්වේද වෛiවරු 1200 ක් පමණ සිටින නිසා ඔවුන්ට වගකීමක් ලබා දී විධිමත් සංවිධාන ව්‍යුහයක් තුළ ඔවුන් ස්ථානගත කර කොවිඞ් පාලනය වඩාත් සාර්ථක කරගන්නා ලෙස.