එස්. නන්දලාල්

2020 පෙබරවාරි 29 වන දින එක්සත් ජනපදය සහ තලේබාන් සංවිධානය කටාර්හි දෝහා නුවරදී සාම ගිවිසුමක් අත්සන් කළ අතර එය ඇෆ්ගනිස්ථානයට සාමය ගෙන ඒමේ ගිවිසුම ලෙස නිල වශයෙන් නම් කරන ලදි. අමෙරිකා එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයෙන් සියලූම ඇමරිකානු සහ නේටෝ භටයින් ඉවත් කර ගැනීම කළ යුතුයැ’යි තලේබාන් ඉල්ලා සිටි අතර, තලේබාන් පාලනය යටතේ පවතින ප‍්‍රදේශවල අල්කයිඩා ක‍්‍රියාත්මක වීම වැළැක්වීමට තලේබාන් කි‍්‍රයා කළ යුතු ය. අවසානයේ තලේබාන් ඇෆ්ගන රජය හා සාකච්ඡුා කොට එක`ගතාවලට එළැඹිය යුතු ය.

මේ අනුව, එක්සත් ජනපදය 2020 ජූලි මාසය වන විට සිය හමුදා 13,000 සිට 8,600 දක්වා මූලික වශයෙන් අඩු කිරීමට එකඟ වූ අතර තලේබාන් සංවිධානය සිය බැඳීම් අඛණ්ඩව පවත්වා ගෙන යන්නේ නම් මාස 14 ක් ඇතුළත එය සම්පූර්ණයෙන් ඉවත් කරගනු ඇත. එක්සත් ජනපදය ද දින 135 ක් ඇතුළත හමුදා කඳවුරු පහක් වසා දැමීමට අපේක්‍ෂා කරන බව දැන්වී ය. අමෙරිකාව 2020 අගෝස්තු 27 වන විට තලේබාන් සංවිධානයට එරෙහි ආර්ථික සම්බාධක අවසන් කිරීමට කටයුතු කරනු ඇති බව ද ඒ ගිවිසුමේ සඳහන් විය.

මෙම සාකච්ඡාවලට ඇෆ්ගන් රජය සම්බන්ධ නොවූ අතර චීනය, රුසියාව සහ පාකිස්තානය සහාය විය.

ඒ අනුව යමින් 2020 දෙසැම්බර් 2 වන දින ඇෆ්ගනිස්ථාන රජය සහ තලේබාන් සංවිධානය සාම සාකච්ඡා පවත්වන ලදි. එහි දී චර්යාධර්ම පද්ධතියක් ලෙස ක‍්‍රියා කරන ක‍්‍රියා පටිපාටි රාමුවක් පිළිබඳ ගිවිසුමක් ප‍්‍රකාශයට පත් කරන ලදි. ටික කලකට පසු, කණ්ඩායම් විසින් සිය න්‍යාය පත‍්‍ර හුවමාරු කැර ගත් අතර සතියක විරාමයක් ප‍්‍රකාශයට පත් කරන ලදි.

ඇෆ්ගනිස්ථාන රජය සහ තලේබාන් නියෝජිතයින් කියා සිටියේ සාම සාකච්ඡා පැවැත්වීම සඳහා මූලික ගිවිසුමකට එළැඹුණු බවයි. මෙය වසර 19 ක යුද්ධයේ ඔවුන් අතර පළමු ලිඛිත ගිවිසුමයි.

එම ගිවිසුම මගින් වැඩිදුර සාකච්ඡා සඳහා ඉදිරි කි‍්‍රයා පිළිවෙත සකසන ලද අතර එය ඉදිරි ගමනක් ලෙස සලකනු ලබන්නේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා ඇතුළු වඩාත් වැදගත් කාරණා වෙත සමථකරුවන්ට එළැඹෙන්නට ඉඩ සලසන බැවිනි.

පසුගිය ජනවාරි 6 වන දින කණ්ඩායම් අතර සාකච්ඡුාවක් පැවැත්විණි. ඒ වනවිට දෙපාර්ශ්වයම සුළු වශයෙන් සාම මාවතේ ඉදිරියට ගොස් සිටි අතර අවස්ථා කිහිපයකදී හමු වී තිිබිණි. සාකච්ඡාවල ප‍්‍රගතියට වඩා ඇෆ්ගන් රජය සහ තාලිබාන් යන දෙපාර්ශ්වය ම අමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීම අපේක්‍ෂාවෙන්් කල්මරමින් සිටි බව පැහැදිලිව දක්නට ලැබිණි. ට‍්‍රම්ප් පරිපාලනය වෙනස්වීමෙන් පසු බයිඩන්ගෙන් ඔවුන් එය අපේක්‍ෂා කළේ ය. එහෙත් ළදරු බයිඩන්් පරිපාලනය ගිවිසුම සමාලෝචනය කිරීම සහ සිය බැඳීම් ඉටු කිරීමේදී තලේබාන් සංවිධානයේ ප‍්‍රගතිය තක්සේරු කිරීම සම්බන්ධයෙන් නොපැහැදිලි ප‍්‍රකාශ නිකුත් කර තිබේ.

එහි අඩුලූහු`ඩුකම් තිබියදීත්, එක්සත් ජනපද-ඇෆ්ගනිස්ථාන-තලේබාන් ගිවිසුම තුළ සාකච්ඡුා කර ඇති අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස යුද්ධයෙන් විනාශ වූ ඇෆ්ගනිස්ථානයට සාමය ගෙන ඒමට සහ එක්සත් ජනපදයේ දීර්ඝතම යුද්ධය අවසන් කිරීමට අවස්ථාව උදාවනු ඇතැ’යි අපේක්‍ෂිත ය. එහෙත් සාම සාකච්ඡාවල ප‍්‍රගතිය සෙමින් ය. සමාප්ති සීමාව මැයි අවසානයට යෙදී ඇත. ඒ අනුව බයිඩන් පරිපාලනයට දුෂ්කර තීරණ ගැනීමට සිදුවනු ඇත.

ඇෆ්ගනිස්ථානය සම්බන්ධයෙන් පහසු විසඳුම් නොමැත. ඇෆ්ගනිස්ථාන අභ්‍යන්තර සාකච්ඡුාවල සැලකිය යුතු ප‍්‍රගතියක් ලැබීමට පෙර එක්සත් ජනපදය ඉවත් වුවහොත්, සමස්ත ක‍්‍රියාවලියම බිඳ වැටී ප‍්‍රචණ්ඩත්වය යළිත් ඇතිවීමේ අවදානමක් ඇත. එක්සත් ජනපදය හා නේටෝ සිය හමුදා මැයි කාල සීමාවෙන් ඔබ්බට තබා ගැනීමට තීරණය කළහොත් – මෑතකාලීන වාර්තා පෙන්වා දී ඇති පරිදි – එය ගිවිසුම අත්හැර දමා තලේබාන් සංවිධානය සමග යළිත් ගැටුමකට යාමක් වනු ඇත.

අර්බුදය විසඳීම සඳහා බයිඩන්් පරිපාලනයට ප‍්‍රතිපත්තිමය විකල්ප කිහිපයක් තිබේ. මැයි මාසය වන විට සම්පූර්ණයෙන් ම හමුදා ආපසු කැඳවීම එකකි. එය ට‍්‍රම්ප් පරිපාලනය විසින් ස්ථාපිත කරන ලද කාලසටහනට අනුකූලවීමයි. එක්සත් ජනපද-තලේබාන් ගිවිසුම අවසන් වීමටත් පෙර ඇෆ්ගනිස්ථානය තුළ එක්සත් ජනපද හමුදා අනතුරට පත්වනු ඇතැ’යි ජනාධිපති බයිඩන් නොසන්සුන් වී තිබේ.

කෙසේවෙතත්, මැයි මාසය වන විට එක්සත් ජනපදයෙන් සම්පූර්ණයෙන් ඉවත් වන්නේ නම් ඒ ප‍්‍රධාන කාරණා දෙකක් අවධානයට ලක් නොකරමින් කෙරෙන්නකි. පළමුව, ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද මිලිටරිය සිටීම සාකච්ඡුා කරන දෙපාර්ශ්වය අතර මිලිටරිමය සමතුලිතතාව සහතික කැර තිබේ. එක්සත් ජනපදය සිය හමුදාමය මැදිහත්වීම අඩු කර ඇතත්, එහි අඛණ්ඩව සිටීම භූමියේ බල තුලනය තලෙයිබාන්වරුන්ට වාසිදායක ලෙස නැඹුරුවීමෙන් අසමතුලිතවීමෙන් වළක්වනු ලැබ ඇත.

විදේශීය භටයින් සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමේදී, සාකච්ඡුාවලදී වේගවත් ප‍්‍රගතියක් ලබා ගැනීමට පාර්ශ්වයන්ට නොහැකි නම් දෙපාර්ශ්වයම සටන් බිමේ දී එකිනෙකා මත පීඩනය යෙදීමට උත්සාහ කරනු ඇත. යුධ පිටියේ සැලකිය යුතු වෙනස් කිරීමක් සාම සාකච්ඡා සංකීර්ණ කරනු ඇති අතර දේශපාලන සම්මුති වඩාත් දුෂ්කර කරනවා ඇත. එසේම තලෙයිබාන්වරුන් අනෙක් පාර්ශ්වයේ දුබලතා වටහාගෙන සාම ක‍්‍රියාවලිය මුළුමනින්ම අත්හැර දමා බලයෙන් පාලනය අල්ලා ගන්නට ලබා ගැනීමට උත්සාහ කරනු ඇත.

ගිවිසුමට නොගැළපෙන පරිදි සිදුවූ එක්සත් ජනපද ගුවන් ප‍්‍රහාරවලින් පසුව, තලේබාන් සටන්කරුවන් විසින් ප‍්‍රධාන මහාමාර්ග වසා දමා රජයේ ආරක්ෂක හමුදා නාගරික මධ්‍යස්ථානවල හෝ විශාල හමුදා ස්ථානවලට කොටු කරමින් සිටියෝ ය. කලින් හඳුනාගත නොහැකි ප‍්‍රදේශවලට පහරදීමේ ඔවුන්ගේ සාර්ථකත්වය නිසා කේන්ද්‍රගත (focused) ප‍්‍රහාර මාලාවක් හමුවේ ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ බිඳ වැටිය හැකි බවට ඔවුන්ගේ මතය තහවුරු විය.

දෙවනුව, දෙපාර්ශ්වය අතර සම්මුතියක් නොවේ නම් කුඩා කණ්ඩායම්වලින් එල්ල වන ත‍්‍රස්ත තර්ජන වැළැක්වීමට ඇෆ්ගනිස්ථාන රජයට හෝ තලේබාන් සංවිධානයට හෝ නොහැකි වනු ඇත. දැඩි සන්නද්ධ කණ්ඩායම් රට තුළ ක‍්‍රියාත්මක වීම සඳහා ආරක්ෂක රික්තය අඛණ්ඩව අපයෝජනය කරනු ඇති අතර සමහරවිට විදේශවල සිට ක‍්‍රියාකාරකම් සැලසුම් කරනු ඇත.

9/11 ප‍්‍රහාරයෙන් මසක් ඉක්මෙන්නටත් මත්තෙන් බුෂ් පරිපාලනය ඇෆ්ගනිස්තානයේ යුද මෙහෙයුමක් දියත් කළේ, නැටෝ හරහා යුරෝපීය රටවල් ද සම්බන්ධ කැර ගනිමිනි. මේ නිසා ඒ රටවලට සිදුවූ අලාභය අතිමහත් ය. අමෙරිකා එක්සත් ජනපදයේ උද්ධච්ඡු මානසිකත්වය මීට හේතුවයි. අමෙරිකාව එසේ නොකර සිටියා නම් ඇෆ්ගනිස්තානයේ ඉතිහාසය මෙන් ම අමෙරිකා එක්සත් ජනපදයේ ඉතිහාසය ද වෙනස් අයුරකින් ලියැවෙන්නට ඉඩ තිබිණි. එහෙත් කොටි වලිගය අල්ලා ගත් මිනිසාට සිදුවන්නේ කවුරුන් හෝ කොටියා මරා නොදැමුවහොත් කොටියාට ගොදුරු වන්නට ය. මෙතැනදී කොටියා මරන්නට කෙනෙක් නැත.

බුෂ්ගෙන් පසුව පැමිණි බරක් ඔබාමා සහ ඩොනල්ඞ් ට‍්‍රම්ප් යන ජනාධිපතිවරුන්ට මේ නිෂ්කාරණ වියදම් කපා හරින්නට වුවමනා කැර තිබූ නමුත් එය කළ නොහැකි විය. ජනාධිපති බයිඩන්ට ද ඒ වුවමනාව නැතැ’යි කිව නොහැකි ය. ඒත් අමෙරිකානු ‘උදාරත්වය’ ඕනෑම අමෙරිකානුවකුගේ මෙන් ම බයිඩන් තුළ ද නැති විය නොහැකි ය.

නැටෝ සංවිධානය ද එබඳු ය. ඇෆ්ගනිස්තානයෙන් භට ඛණ්ඩ සම්පූර්ණයෙන් ම ඉවත් කැර ගන්නා දවස තවම උදාවී නැතැ’යි එම සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටෙල්ටොන්බර්ග් පවසන්නේ එහෙයිනි. ඔහු එසේ පැවසුවේ 15 වන සඳුදා වන අතර මේ සම්බන්ධයෙන්් නැටෝ විදේශ අමාත්‍යවරුන්ගේ සාකච්ඡා පසුගිය 17 බදාදා සහ 18 බ‍්‍රහස්පතින්දා යන දින දෙක පුරා පැවැත්වීමට නියමිත ව තිබිණි.

මේ අතර තලිබාන් සංවිධානය අමෙරිකානු රජයට විවෘත ලිපියක් ඉදිරිපත් කරමින් ෙදා්හා ගිවිසුම ප‍්‍රකාර කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි. නැටෝ මහ ලේකම්ගේ ප‍්‍රකාශය සහ ඒ ඉල්ලීම අතර ඇත්තේ එක්ව නොයන ස්වභාවයකි.

ඒ අනුව සිදුවන්නට වඩාත් ඉඩ ඇත්තේ නැටෝ හමුදා ආපසු නොකැඳවීමත්, එනයින් ගිවිසුම උල්ලංඝනය කිරීම නිසා කුපිත වන තලේබානුන් සිය ප‍්‍රහාර නැවත ඇරැඹීමත් බව අනාවැකි කියන්නට දිවැසක් ඇවැසි නොවේ.

2 COMMENTS

  1. ‘අමෙරිකානු ‘උදාරත්වය’ ගැන වචනයක්. බටහිර රටවල් අෆ්ගානිස්ථානවලට මෙතරම් ආදරය දක්වන්නේ ඇයි? ඩොලර් බිලියන් ගණන් වියදම් කරනවා, උන්ගේ සෙබලු මැරෙනවා, ඒත් වැඩිවැඩියෙන් ආදරෙයි. අෆ්ගානස්ථථාන්වල තිබෙන පොපි මල්වලටද? එයින් සාදන ලද මත්ත්‍රව්‍යවලින් ලැබෙන බිලියන් ගණන් මුදලටද? එසේත් නැතනම් අෆගානිස්ථාන්වල පමණක් තිබෙන පිරිසිදු ප්ලුටෝනියම් වෙනත් කවුරුත් ලබාගන්නවාට තිබෙන බයටද? “Generosity? My foot!”

  2. ලිපිය දීර්ඝ වන නිසා බොහෝ දේ මඟ හැරෙනවා.

Comments are closed.