ඉඳුනිල් උස්ගොඩ ආරච්චි


නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්කර ගැනීම වෙනුවෙන් ඇතැම් කලාකරුවන් ද සහාය දැක්වූ බව පසුගිය කාලයේ පෙනුණි. මේ, එසේ සහයෝගය දැක්වීම හරහා මෙරට කලාවේ උන්නතිය වෙනුවෙන් එම කලාකරුවන්ට තිබූ අපේක්ෂා සහ ඒවා ඉදිරියේදී සාක්ෂාත් කරගැනීමට බලාපොරොත්තුවන ආකාරය පිළිබඳව දැක්වූ අදහස් ය.


පාලිත සිල්වා


අපි දෙදහස් පහේ ඉඳලා මහින්ද චින්තන ප‍්‍රතිපත්තියත් එක්ක හිටියා. ඒ කාලයේ දිනාගත්ත දේවල් ගොඩක් තිබුණා. කලාව විතරක් නෙමෙයි, රටේ නිදහසක් තිබුණේ නෑ, එල්ටීටීඊ සංවිධානය ඉතාම ශක්තිමත් තැනක තිබුණා. එනිසා ඒ කාලයේ ජනාධිපති කෙනෙක් අවශ්‍යවෙලා තිබුණේ කලාව වෙනුවෙන් පමණක් නෙමෙයි. එතුමා පත්වූ මුල් කාර්තුවේ දී අපි කලාව වෙනුවෙන් ලොකු ඉල්ලීම් කළේත් නැහැ. අපි ඉල්ලූ ප‍්‍රධානම දේ වුණේ විදේශීය නිර්මාණ මෙරට රූපවාහිනිය ආක‍්‍රමණය කිරීම වැළැක්වීමට බදු ගැසීම ක‍්‍රියාත්මක කිරීමයි. එය මහින්ද රාජපක්ෂ මහතා ඉතාම ඉක්මනින් සිදුකර දුන්නා. ප‍්‍රධාන රූපවාහිනී නාලිකාවල විකාශන කාලය තිබෙන්නේ ඉතාම සීමිත කාලයක්. ඒ කාලයේ අපි විදේශීය නිර්මාණයන්ට ඉඩදුනහොත් ලංකාව ඇතුලේ කලාත්මක නිෂ්පාදනයන් සිදුවීම ඉතාම අඩුවෙනවා. මේ තත්ත්වය ඒ කාලයේ සෑහෙන දුරට ජයගන්න පුළුවන් වුණා. අලූත් නිර්මාණ බිහිවෙන්න පටන් ගත්තා, විදේශ නිර්මාණ මෙරට ආක‍්‍රමණය කිරීම සීමා වුණා.


ක‍්‍රමක‍්‍රමයෙන් වෙනත් දේවලූත් ජය ගත්තා. යුද්ධය විතරක් නෙමෙයි, නෙළුම් පොකුණ වැනි රඟහලවල් ඊට පෙර රජයන් වලින් යෝජනාවී තිබුණත් ඒවා ඉක්මනින් ක‍්‍රියාත්මක වුණේ නෑ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ ඒ දේවල් ඉතා කඩිනමින් සිදුවුණා. එතෙක් ලංකාවේ ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව හැදුණු රඟහලක් තිබුණේ නැහැ. ශබ්දය පාලනය වීම දියුණු මට්ටමේ තිබෙන රඟහලක් ලංකාවේ නැහැ. ලයනල් වෙන්ඞ්ට් රඟහලවත් එහෙම තත්ත්වයක නෑ. ඒ නිසා නෙළුම් පොකුණ රඟහල ඉදිවීම වේදිකාව පැත්තෙන් කලාවට වුණු විශාල දෙයක් කියලා අපි හිතනවා. ඒ වගේම කුණ්ඩසාලේ ප‍්‍රාසාංගික කලා මධ්‍යස්ථානයක් ඇතිවුණා. එහි පළමු රඟපෑම් පිළිබඳ වැඩමුළුව පසුගිය කාලයේ අපි කළා. මිහින්තලයේත් පුහුණු මධ්‍යස්ථානයක් ඒ කාලයේ ඇති වුණා. හම්බන්තොට චිත‍්‍රාගාරය නිර්මාණය වුණා. නමුත් 2015 ආසන්න වන විට එතුමාගේ කාලයේම නැවත බදු මුදල් ගෙවමින්ම විදේශීය ටෙලිනාට්‍ය කලාවක් ලංකාවේ පැතිරෙන්න පටන් ගත්තා. ඒක කොහොම වුණා ද කියන්න අමාරුයි. කෙසේ හෝ එය අපේ රටේ නැවත පැතිරෙන්න පටන් ගත්තා.


2015දී මහින්ද චින්තන වැඩපිළිවෙළ කඩා වැටිලා වෙනත් වැඩපිළිවෙළක් ඇති වූ අවස්ථාවේ මම හිතන්නේ ඒ අයට නම් නාට්‍ය කලාව ගෙනයන්නේ කොහොමද කියන එක ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ. ඒ නිසාම පසුගිය අවුරුදු හතරේ මම දැක්කේ ඉතාම දැඩි කඩා වැටීමකට ලක්වුණු ස්වභාවයක්. දැන් නම් ඉතාම දරුණු ලෙසම විදේශීය කෘතිවලින් ලංකාව ආක‍්‍රමණය වෙලා ඉවරයි. විශේෂයෙන්ම රූපවාහිනී නාලිකාවල ප‍්‍රමුඛ ස්ථාන දෙන ගුවන් කාල (ප‍්‍රයිම් ටයිම්* වෙනත් රටවල නම් පිටස්තර රටවලට ලබා දෙන්නේ නැහැ, ආක‍්‍රමණය කරන්න දෙන්නේ නැහැ. හැබැයි අපේ රටේ නම් එම කාලවේලාවන් විදේශීය රටවලට ලබා දෙනවා. ඒක සාකච්ඡුා කළ යුතු කාරණයක්. ඒ වගේම මේවා හරහා සංස්කෘතිකමය බලපෑමක් එල්ල වෙනවා. සිංහල ටෙලිනාට්‍ය කලාවේ සිටි නිසා අපිට එය හොඳින් දැනෙනවා. සිංහල ටෙලිනාට්‍ය කලාව කියන්නේ ලෝකය හඳුනා ගත් තත්ත්වයන්ට වඩා වෙනස් තැනක තිබුණ එකක්. ඒක සෑහෙන දියුණු තත්ත්වයකට පත්වෙලා තිබුණා. දැන් නම් එය ඉතාම පහත් තැනකට වැටිලා.


ගෝඨාභය රාජපක්ෂ මහතා කියන්නේ එක්තරා විධියකට යමක් ඒත්තු ගන්වන්න පුළුවන් වුණොත් ඒ පිළිබඳ ඉතා දැඩිව ක‍්‍රියා කරන චරිතයක් කියලා අපි හඳුනාගත් නිසා මම හිතන්නේ මම විතරක් නෙමෙයි බොහෝ කලාකරුවන්, විශේෂයෙන්ම තරුණ කලාකරුවෝ සෑහෙන ප‍්‍රමාණයක් තමන්ට හැකි ආකාරයෙන් ඔහුව ජනාධිපති කරවීමට පසුගිය මැතිවරණයේ දී උත්සාහ කළා. කලාවේ කාර්යභාරයන් ගොඩාක් තියනවා, එක රැුයකින් හදන්න පුළුවන් එකක් නෙමෙයි. විශේෂනේම රූපවාහිනිය ගත්තත් රාජ්‍ය මාධ්‍යයන් දෙකම සෑහෙන හදන්න ඕනෑ. ඊළඟට සිනමාව කියන්නේ සම්පූර්ණයෙන්ම ව්‍යාකූල තත්ත්වයකට පත්වෙලා තියන තැනක්. සිනමාව ගමන් කරන්නේ හරියට අධ්‍යයනයකින් තොරවයි. පසුගිය අවුරුදු හැටේම හොඳ සිනාමාකරුවෝ එක්කෙනෙක් දෙන්නෙක් හමුවෙනවා හැරෙන්න සිනමාවේ ලොකු ප‍්‍රගතියක් පේන්න නැහැ. සිනමාව පිළිබඳ කථිකාවතක් ගොඩනැගෙන්නේ නෑ, සිනමා සංස්කෘතියක් ගොඩනැගෙන්නේ නෑ, ගොඩනැගෙන්න විධියක් නෑ. දැනට සිනමාව ගමන් කරලා තියෙන්නේ තැන් තැන්වල එක එක්කෙනාගේ පෞද්ගලික න්‍යායපත‍්‍රවලට අනුවයි. යම් යම් ගුරුකුල වලට නොබෙදුණ අය එක්ක සාකච්ඡුා කර යම් වැඩපිළිවෙළක් හදාගැනීම අවශ්‍ය වෙනවා.