සංවාදය – රවී තිලකවර්ධන

1890 ජන: 18 දා උපන් ඩබ්. ඒ. සිල්වා නම් වූ අද්විතීය ලේඛකයා අභාවප‍්‍රාප්ත වුයේ 1957 මැයි 31 දාය. ජන: 18 ට ඔහුගේ 131 වැනි ජන්ම සංවත්සරය යෙදේ. මේ සාකච්ඡුාව ඒ නිමිත්තෙනි.

ඩබ්ලියු.ඒ. සිල්වා සූරීන්ගේ ප‍්‍රථම නවකතාව වන ‘ශ‍්‍රියාලතා’ (පසුව ‘සිරියලතා’ ලෙස ප‍්‍රකට වූ) 1907 දී එළිදකින විට සිංහල නවකතාවේ පසුබිම කෙබඳු වූයේ ද?

විසිවන සියවසේ සිංහල නවකතාව බිහිවීමට පසුබිම සකස් වුණේ දහනව වන සියවසේ අගභාගයේ ලියවුණ නිර්මාණවලින් බවයි පෙනී යන්නේ. මුල්ම කාලයේ ඇල්. අයිසැක් සිල්වා ලියූ ‘වාසනාවන්ත පවුල හා කාලකන්නි පවුල්’ යන කෘතිය පසුකාලීන සිංහල නවකතාව කෙරෙහි විශේෂයෙන් බලපෑ බව විචාරකයන් පෙන්වා දෙනවා. මෙය නවකතාවක් නොවෙතත් පසුකලෙක සිංහල නවකතාවට කිසියම් බලපෑමක් කළ ග‍්‍රන්ථයක් බවයි ඔවුන් කියන්නේ. ඒ, එය පැරණි සිංහල භාෂාවේ නොතිබූ ආකෘතියක් උපයෝගී කර ගැනුණක් වන නිසයි. බෙන්තොට ඇල්බට් ද සිල්වා ප‍්‍රබන්ධ කතා 4 ක් රචනා කළේ ඊට පසුවයි. ඒවා නම් කර තිබුණේ ‘විමලා’, ‘සිරිබරී’, ‘ආදර හසුන’ හා ‘වෙසක් දූතයා’ යන නම්වලින්. මේවා නම් කෙරුණේ ‘අමුතු කතා’ ලෙස මිස නවකතා ලෙස නොවේ. මේ කතා 4 ම පිටු 16 කට පමණ සීමා වූ කුඩා පොත්. සිංහල ගද්‍ය කෘතීන් අතර සද්ධර්මාලංකාරයට වැදගත් තැනක් හිමිවන බව කිවහැකි වන්නේ ගද්‍ය භාෂාව අතින් සද්ධර්මාලංකාරය තරම් සිංහල ලේඛකයන්ට බලපෑ වෙනත් කෘතියක් නොමැති නිසයි. ඇල්බට් ද සිල්වා සද්ධර්මාලංකාරය ද ඉතා ළගින් ඇසුරු කළ බව පෙනී යන බවක් විචාරකයන් කියනවා. ප‍්‍රථම සිංහල නවකතාව ලෙස සැලකෙන ‘මීනා’ නවකතාව ඒ. සයිමන් ද සිල්වා ප‍්‍රකාශයට පත් කළේ 1905 වසරේදියි. මෙය හැඳින්වුණේ රසවත් කතන්දරයක් ලෙසයි. ‘මීනා’ ප‍්‍රථම සිංහල නවකතාව ලෙස පිළිගැනුණත් ඒ සම්බන්ධයෙන් තවමත් වාද-විවාද පවතිනවා. සයිමන්ද සිල්වාගේ දෙවන නවකතාව ‘තෙරීසා’ එළිදුටුවේ ඩබ්ල්යු.ඒ. සිල්වාගේ සිරියලතා නිකුත් වූ 1907 වසරේදීමයි. මුල් කාලයේ නවකතා හැම එකකම වාගේ කතා ව්‍යවහාරයෙහි පැවති ව්‍යාකරණානුකූල භාෂාවම සංවාද සඳහා ද යොදා ගැනුණ බවක් බොහෝවිට පෙනෙන්නට තිබෙනවා. සිරියලතා නවකතාවේත් බොහෝදුරට එවැනි ලක්ෂණ දකින්නට පුΩඵවන්. ඒ අනුව ඩබ්ල්යු.ඒ. සිල්වා සූරීන්ගේ ‘සිරියලතා’ ගැන අපට කතා කරන්නට සිද්ධවෙන්නේත් මේ පසුබිම, මේ සියලූ කරුණුත් සම`ගයි.

සිරියලතා නවකතාව පිළිබඳ කෙටි විවරණයක් කළොත්?

මුල්ම සිංහල නවකතාව හැටියට පිළිගැනෙන ‘මීනා’ට අවුරුදු 2කට පසුවයි ‘සිරියලතා’ එළිදුටුවේ. ඒ නිසා මෙය දීර්ඝකාලීන වශයෙන් සිංහල නවකතා අධ්‍යයනයකින් හා අභ්‍යාසයකින් පසුව ලියැවුණු නවකතාවක් ලෙස හඳුන්වන්න අසීරුයි. ඒ කොහොම වෙතත් සයිමන් සිල්වාගේ ‘මීනා’ නවකතාවටත් ඊට ටික කලකට පසු එළිදුටු පියදාස සිරිසේනගේ ‘වාසනාවන්ත විවාහය ජයතිස්ස සහ රොසලින්’ නවකතාවටත් වඩා ‘සිරියලතා’ නවකතාව, නවකතාවක් ලෙස රසවිඳින්න එකල පාඨකයන්ට හැකිවුණ බවයි මගේ විශ්වාසය. ඩබ්.ඒ. සිල්වාගේ බොහෝ නවකතාවල හදිසි හමුවීම්, නොසිතූවිරූ මුණගැසීම් දකින්නට ලැබෙන බව ඇත්තයි. ‘සිරියලතා’ නවකතාවේත් මේ ලක්ෂණය දකින්න ලැබෙනවා. එහෙත් නවකතාවකට ඒවා උචිත ද අනුචිත ද වැනි ප‍්‍රශ්න පසෙක තබා පාඨකයාගේ රසවින්දනය ගැන පමණක් කතා කරනවා නම් එකල පාඨකයාට මෙබඳු අහඹු හමුවීම් මහත් ප‍්‍රහර්ෂයක් ලබා දෙන්නට ඇතැයි මට සිතෙනවා. මම එහෙම කියන්නේ මගේ කුඩා කාලයේ මතක සටහන් ඔස්සේයි. ‘සිරියලතා’ නවකතාව මා කියවූවේත් ‘සිරියලතා’ චිත‍්‍රපටය මා නැරඹුවේත් බොහෝ කලකට පෙරයි. ඒ දිනවල මා පාසල් යන කුඩා දැරියක්. ඒ කාලේ, ඒ යුගේ අපට උදාරත්වය ගැන ලොකු හැගීමක් වගේම ගෞරවයකුත් තිබුණා. ඒ උදාරත්වයට අභ්‍යන්තර මානසික ගුණාංග වගේම බාහිර ස්වරූපයත් යම් ආකාරයකට බලපෑම් කළා. උදාරත්වය ගැන අපේ හිතේ ඇඳිල තිබුණ චිත‍්‍රයේ උන්නේ ලස්සන උදාර මනුෂ්‍යයෙක් මිසක් අවලස්සන උදාර මිනිහෙක් නොවෙයි. අපේ ඒ මනෝභාවයනට ‘සිරියලතා’ නවකතාවේත්, චිත‍්‍රපටයේත් ඇග්නස් වගේම සිරිමාන්න රිටිගල කියන චරිතත් මනාව ගැළපුණා. මට මතක හැටියට චිත‍්‍රපටයේ රිටිගලගේ චරිතයට පණ දුන්නේ හර්බට් එම්. සෙනෙවිරත්න කියන කඩවසම් පෙනුමක් ඇති රංගන ශිල්පියායි. ඇග්නස් නැත්තං සිරියලතාගේ චරිතය නිරූපණය කළේ රුක්මනී දේවියයි. සිරියලතා පොත කියවද්දී අපේ හිතේ ඇඳී ගිය මනඃකල්පිත රූපවලට මේ නඵ-නිළියන් ඉතා හොඳට ගැළපුණා. ඒ එදා අපට හැගුණ දැනුණ ආකාරයයි. අද වෙන කොට ලෝකයේ සුදුචරිත, කඵ චරිත වගේම අඵපාට චරිතත් ජීවත්වෙන බව අපි ඉතා හොඳින් දන්නවා. ලෝකය විවිධයි. විෂමයි. ඒත් කෙනෙකුගේ ජීවිතයේ ප‍්‍රාරම්භක අවස්ථාවේදී, අත්තිවාරමේදී පුද්ගල යහපත, උදාරත්වය ගැන ගෞරවනීය හැගීමක් පැලපදියම් වීම ජීවිතයට අවාසිදායක නොවන බවයි මගේ විශ්වාසය වන්නේ. ඒ වගේ චරිත වඩාත් ළෙන්ගතු ලෙස සෞන්දර්යාත්මක ලෙස නිර්මාණය කළ ලේඛකයා හැටියටයි ඩබ්.ඒ. සිල්වා මගේ මතකයේ ජීවත්වෙන්නේ. සිරියලතා නවකතාව යෞවන පේ‍්‍රමය සම්බන්ධයෙන් ගත්්තොත් හරිම උත්කර්ශවත් නිරූපණයක් ලෙසයි මා දකින්නේ. ඒ පැත්තෙන් ගත්තම නම් මුල් කාලයේ (විසිවන සියවස-මුල් දශකය තුළ) ලියවුණ නවකතා ගණනාවක්ම අභිබවන්න සිරියලතාට හැකිවූ බවයි මගේ හැඟීම.

1923 දී එළි දුටු ‘ලක්ෂ්මී’ නවකතාව ගැන ඔබේ අදහස කුමක්ද ?

මා දන්නා තරමින් පියදාස සිරිසේනයන්ගේ මුල්ම රහස් පරීක්ෂක නවකතාව හැටියට පිළිගැනෙන ‘ඩිංගිරි මැ◊ණිකා’ ප‍්‍රකාශයට පත්වුණේ. ඩබ්.ඒ. සිල්වාගේ ‘ලක්ෂ්මී’ කියන අමුතුම මාදිලියේ රහස් පරීක්ෂක කතාව ‘සිරිකත’ සගරාවේ පළවෙන්නට වුණ අවධියේමයි. ඒත් පියදාස සිරිසේනගේ කතාවලින් ආභාසයක් ගන්නට ඩබ්.ඒ. සිල්වාට වුවමනාවක් නොතිබුණ බව පැහැදිලියි. ඩබ්.ඒ. සිල්වාට තිබුණේ වෙනස්ම ආරක නිර්මාණ කුසලතාවක්. ඩබ්.ඒ. සිල්වා ද්විභාෂා උගතෙක් පමණක් නෙවෙයි. ඔහු සංස්කෘත, පාලි ආදී භාෂා ගණනාවක් ප‍්‍රගුණ කළ කෙනෙක්. ඉංග‍්‍රීසි නවකතාකරුවකු වන රයිගර් හැගාඞ්ගේ 'ෂී' නවකතාවෙන් ඩබ්.ඒ. සිල්වාගේ ‘ලක්ෂ්මී’ උපන් බවට විචාරකයන් චෝදනා කළ ආකාරය මට මතකයි. මේ සම්බන්ධයෙන් මට ඇති අදහස දෙයාකාරයි. එකක් තමයි ඇතැම්විට නොව බොහෝ විට නිර්මාණකරුවන් දෙදෙනකු තුළ එකම අදහසක් හටගැනීමේ සම්භාවිතාවයි. අහම්බෙන් ඒ වගේ දේවල් සිදුවෙන්නට පුඵවන්. ඒ එක පැත්තක්. අනෙක් අතට තවත් පැත්තකින් වෙනත් බසකින් තමන් කියවූ විශිෂ්ට නිර්මාණයක් තමන්ගේ රටේ පාඨකයන්ට පරිවර්තනයක් ලෙස හෝ වෙනත් ආකාරයකට හෝ ලබා දෙන්නට කිසියම් කෙනෙක් තුළ ජනිත වන හැගීම ගරු කටයුතු යැයි අපි විශ්වාස කරනවා. අනුවර්තනයක් ලෙසින් හෝ වෙනත් ආකාරයකින් හෝ එය සිංහල පාඨකයාට ලබාදීම වරදක් ද? හැගාඞ්ගේ ‘ෂී’ නවකතාවේ සෙවණැල්ලක් ‘ලක්ෂ්මී’ ට වැටී ඇත්නම් ඒ වෙනුවෙන් චෝදනා ගොනු කළ යුතු දැයි මට සිතෙනවා. කොහොම වුණත් ඩබ්ල්යු.ඒ. සිල්වා මේ චෝදනාව ප‍්‍රතික්ෂේප කළ බවයි මා අසා ඇත්තේ. කනගාටුවට කාරණාවක් වන්නේ ඇතැම් නිර්දය විචාර ඔහුගේ නිර්මාණාවේෂයට අහිතකර බලපෑමක් වුණා ද කියන එකයි. ලක්ෂ්මී නවකතාව එදා සිංහල පාඨකයන් එතරම් උත්කර්ෂවත් ලෙස පිළිනොගත් බවක් මා අසා තිබෙනවා. මේ ආරයේ නවකතා සිංහල පාඨකයාට එතරම්ම හුරු නොවූ නිසා එසේ වුණා ද? කියලා කියන්න බැහැ. කතාව ලියැවුණ භාෂාවේ අතරින් පතර ඇති සංස්කෘත වචන වටහාගැනීමේ අපහසුතාව නිසා එසේ වුණා ද කියන්නත් අමාරුයි. කොහොම වුණත් ‘ලක්ෂ්මි හෙවත් නොනැසෙන රැජිණි’ කියන්නේ පාඨකයා අද්භූත ලෝකයකට ගෙනයාමේ අරමුණින් ලියන ලද්දක් නොවන බවයි මං විශ්වාස කරන්නේ. නොනැසෙන රැජිණි කිව්වාට ඇයට වෙඩි වදින්නේ ඒ නිසයි. ඒ අවස්ථාවේ පොතේ ප‍්‍රධාන චරිතයක් වන පීටර් ඇගෙන් පුදුමයෙන් වගේ ප‍්‍රශ්න කරනවා ‘ඔබ නොනැසෙන රැජිණියක් නේ ද?’ කියලා. ඇය එතනදී දෙන පිළිතුර හරිම යථාර්ථවාදියි. එය ජීවිතය ගැන වගේම මරණය ගැනත් මේ විදිහේ අලූත් කතාවක් කියනවා. පීටර්, ඒ මොන බොරුවක් ද? නොනැසෙන කිසිවක් ඇතිවිය නොහැකියි. සියලූ දේ ඇතිව, නැති වන සුලූයි. ඉතින් ස්වභාවික ධර්මයට ප‍්‍රතිවිරුද්ධව හෝ එබඳු ජීවියකුගේ ඇතිවීම පරම දුකක්. එහි කිසිදු සැපයක් නැහැ. මරණය අවසන් කොට ඇති නිසා මඳ කලක් ජීවත් වන්නකුට ජීවිතය සැපයක් ය යි කල්පනා වෙයි. ජීවිතයේ එක ම සැපය මරණය තමා. මරණය නැත්නම් ජීවිතය වරක් ඇසූ කථාවකට නැවත නැවතත් අහුම්කම් දීම වැනි මහ කරදරයක්. ස්වභාවයෙන්ම ජීවිතය ඉවසිය නොහෙන බරක් - ඉතින් නොනැසෙන ජීවිතයක් ඇතිව පසු වීම විකාරයක් - පිස්සුවක්. පරම දුකක්. (ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජින) කොහොම වුණත් ඩබ්.ඒ. සිල්වාගේ ‘ලක්ෂ්මී’ නවකතාවේ එන අවකන් දේශය, මංගයි කන්ද වගේ තැන් ඇත්තටම තියනවා ද කියන ප‍්‍රශ්නයත් සමහර විවේචකයන් මතුකරනවා. මගේ ප‍්‍රශ්නය ඇත්තටම එහෙම තැන් තිබිය යුතු ම ද කියන එකයි. ඩබ්.ඒ. සිල්වාගේ බොහෝ නවකතාවල මේ වගේ ඉතාම සුන්දර, ඒ වගේම ගැළපෙන ග‍්‍රාමනාම, ප‍්‍රදේශනාම නිර්මාණය වෙලා තියෙනවා. ‘කැලෑහඳ’ නවකතාවේ නිකිනියාන, හඳපානේ රඹුටාන, දෛවයෝගයේ පර්වත විමානය ඉන් කිහිපයක්. මේවා ඇත්තටම කොහේ හරි තියෙන්න ඕන ම ද? පොලොන්නරුවේ පර්වත විමානයක් තිබුණ ද කියලා ඓතිහාසික වාර්තා හොයන්න ඉතිහාසඥයකුට මිසක් සහෘද පාඨකයාට අවශ්‍ය වෙනවා ද? ‘ලක්ෂ්මී’ නවකතාවේ සෞන්දර්යාත්මක පැත්ත ලෙස මං දකින්නේ පීටර්ගේ අහිමි වුණ පේ‍්‍රමයයි. කාන්තාවන් නොරිස්සූ තරුණයකු වන පීටර්, සුන්දර අසාමාන්‍ය ලක්ෂ්මිට පේ‍්‍රම කරනවා. ඕනෑම නවකතාවකින් පේ‍්‍රමය වගේ හැගීම් උද්දීපනය කරන්න ශෝක රසය උපද්දන්න ඩබ්.ඒ. සිල්වාට තිබුණේ අපූරු හැකියාවක්. ලක්ෂ්මී නවකතාවේදීත් මේ හැඟීම් අපූරුවට නිරූපණය වෙනවා.

සාහිත්‍ය චක‍්‍රවර්තී ඩබ්.ඒ. සිල්වා අවිවාහකයෙක් ලෙසයි ජීවිතය ගත කළේ. ඔහු එතරම් අපූරුවට පේ‍්‍රමය නිර්මාණය කළේ කොයි ආකාරයකින් ද යන්න ගැන ඔබට අදහසක් තියෙනවා ද?

පේ‍්‍රමය ජයගැනීම කියන්නේ, පේ‍්‍රමයේ පුදසුන කියන්නේ විවාහය කියලයි වැඩිදෙනෙක් හිතාගෙන ඉන්නේ. ඒත් යථාර්ථය එය ද? රොමියෝ ජුලියට්, ඇනා කැරනිනා වගේ නිර්මාණ සදාකාලික වුණේ පරාජිත පේ‍්‍රමය වඩා ප‍්‍රබල වන නිසා නෙවෙයි ද? පේ‍්‍රමය සදාකාලික කරන්නේ අහිමිවීම කියලයි සියුම්ව ඒ ගැන හිතා බලන විට පෙනී යන්නේ. පණට පණ මෙන් පෙම් කර විවාහ වූ තරුණ යුවලකගේ විවාහයෙන් අවුරුදු පහකින් දහයකින් පසුව ඔවුන් දෙස නිරික්ෂණාත්මකව බැලූවොත් අර මුලින් තිබුණ පේ‍්‍රමය දැකගන්න හැකි වෙනව ද? මේ පිළිබඳ ඉතාම නිවැරදි නිරික්ෂණයක් මෑතකදී මට කියවන්න ලැබුණේ් ‘ ඕෂෝ’ සංවාදයකින්. ඕෂෝ මෙතනදී නිදසුනකට ගන්නේ ලියෝ තොල්ස්තෝයි කියන රුසියානු මහා ලේඛකයාවයි. ලියෝ තොල්ස්තෝයි පේ‍්‍රමය ගැන එතරම් අරුත්බර, සුන්දර අදහස් ලියා තබන්න සමත්වුණේ ඔහුට පේ‍්‍රමය අහිමි වූ නිසාම කියලයි ඕෂෝ දකින්නේ. මේ මහා ලේඛකයාගේ අවසන් කාලයේ ඔහු තමාගේ යස්යානා පොල්යානා මැඳුර අතහැර එක්තරා අභිනිෂ්ක‍්‍රමණයක යෙදුණු බව අප දන්නවා. දුම්රිය නැවතුම්පළේ ඔහුගේ මරණය සිදුවුණ මොහොතේත් ඔහු බිරිඳට තමන් දකින්නට ඉඩ නුදුන් බවත් ප‍්‍රකටයි. ඒත් පෞද්ගලික ජීවිතය ඛේදවාචකයක්ව තිබියදීත් තොල්ස්තෝයි කිසිවකුට කළ නොහැකි අයුරින් පේ‍්‍රමය ප‍්‍රතිනිර්මාණය කළා. ඩබ්.ඒ. සිල්වා අර තරම් අපූර්වාකාරයෙන් පේ‍්‍රමණීය හැ`ගුම් වචනයට නැගුවේ මෙවැනි පසුබිමකින් කියලා අපට හිතන්න බැරි ද? අපි එහෙම හිතන එක වැරදි ද?